ඈන් අබේසේකර
Appearance
ඈන් අබේසේකර (උපතේ දී පෙළපත් නම්: අමරසේකර) (උපත: 1925 - ) ශ්‍රී ලංකාවේ පුහුණු පවුල් උපදේශිකාවක් සහ පුරෝගාමී පත්‍ර කලාවේදිනියකි. ඇය කොළඹ කාන්‍තා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. ලේක් හවුස් පත්‍ර සමාගමේ සිලෝන් ඩේලි නිව්ස් පුවත්පතේ කාන්තා පිටුවෙහි ප්‍රථම ලාංකික සංස්කාරකවරයා ඇය විය. 1947 සිට 1951 දක්වා එම සංස්කාරක ධූරය දැරූ ඇය 1951 වසරේ දී ලේක් හවුසියෙන් ඉවත් වී ස්වාධීන පත්‍ර කලාවේදියෙක් ලෙස කටයුතු කළා ය. 1984 දී ආරම් භ වූ ලංකා වුමන් පුවත්පත හරහා ඇය සිදු කළ උපදේශන සේවාව හේතුවෙන් ඇය දුක් ගන්නා නැන්දා (ඇගනි ආන්ටි) යන අන්වර්ථ නාමය ලැබී ය.
ශ්‍රී ලංකා කර්තෘ සංසදය මඟින් සංවිධානය කරන පුවත්පත් කලාවේදී විශිෂ්ටතා සම්මාන උලෙළේ පහළොස් වැනි සම්මාන සැසියේ දී (2014), ඇය පුවත්පත්කලා දීර්ඝ සේවා සම්මානයෙන් පුද කරනු ලැබිණි.