ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්

විකිපීඩියා වෙතින්
ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්
Astrid Lindgren
උපතඇස්ට්‍රිඩ් ඇනා එමිලියා එරික්සන්
14 නොවැම්බර් 1907(1907-11-14)
විමර්බි, ස්මලන්ඩ්, ස්වීඩනය
විපත28 January 2002(2002-01-28) (වයස 94)
ස්ටොක්හෝම්, ස්වීඩනය
වෘත්තියකතුවරියක
භාෂාවස්වීඩන්
ජාතිකත්වය ස්වීඩනය
කාලසීමාව1944
ප්‍රභේදයළමා කථා ප්‍රබන්දක, තිර රචක
සංගණ්‍ය ප්‍රණාමය(න්)Hans Christian Andersen Award ලෙඛනය වෙනුවෙන්
1958
Right Livelihood Award
1994

ඇස්ට්‍රිඩ් ඇනා එමිලියා එරික්සන් (1907 නොවැම්බර් 14– 2002 ජනවාරි 28) යනු ස්වීඩන් ජාතික කතුවරියක් සහ තිරරචන ලේඛිකාවකි. ළමා කථා රචිකාවියක් ලෙස ජනප්‍රසාදයට ලක්වූ ඇගේ ග්‍රන්ථ ලොව පුරා මිලියන 144 කට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි වී තිබෙයි. 2013 මැයි වන විට, ලොව වැඩිම පරිවර්ථන ගණනකට ලක්වූ ග්‍රන්ථ කතුවරු අතරින් 18 වන ස්ථානය ඇයට හිමිවී තිබෙයි.[1][2]

ජීවිත කතාව[සංස්කරණය]

ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් 1924 දී ගන්නා ලද ඡායාරූපයක්

ඇස්ට්‍රිඩ් හැදී වැඩුනේ විමර්බි (Vimmerby), ස්මලන්ඩ් (Småland) හී නස් (Näs) වලයි. ඇගේ ග්‍රන්ථ බොහොමයකට පාදක වී තිබෙන්නේ ඇගේ එම ළමා කාලයේ මතකයන් හා සිදුවීම් වේ.

ඇස්ට්‍රිඩ් ගේ මාපියන් වූවේ සැමුවෙල් ඔගස්ට් එරික්සන් සහ හනා ජොන්සන් දෙපලයි. ඇයට සහෝදරියන් දෙදෙනකු සහ එක් සහෝදරයෙකු සිටියහ. ඇගේ එම සහෝදරයා පසු කලෙක ස්වීඩන පාර්ලිමේන්තුවේ සාමාජිකයෙක් බවටද පත්විණි.

පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් අනතුරුව ඇස්ට්‍රිඩ්, විමර්බි වල පුවත්පත් කාර්යාලයක සේවය කල අතර එහිදී එහි ප්‍රධාන සංස්කාරක අතින් ඇය ගැබ්බර වූවාය. ඔහු ඇයව විවාහ කරගැනීමට කැමැත්ත පල කලද එය ප්‍රතික්ෂේප කල ඇස්ට්‍රිඩ් ස්ටොක්හෝම් වෙත සංක්‍රමණය වූවාය. එහිදී ඇය යතුරු ලිවීමට සහ ලඝු ලේඛනය කිරීමට ඉගෙන ගත්තාය. මේ කාලයේ කෝපන්හේගන් තුලදී සිය ප්‍රථම පිරිමි දරුවා, ලාර්ස් (Lars) බිහිකල ඇස්ට්‍රිඩ්, ඔහුව හදා වඩා ගැනීමට පවුලකට භාර දෙන ලදී.

කොතරම් අගහිඟකම් ඇතිවූවත්, ඇස්ට්‍රිඩ් සිය දරුවා අතනොහරිමින් අවසානයේ දරුවා හදාවඩා ගැනීමට දුන් පවුලෙන් නැවතත් දරුවා ඇය වෙතට ලබා ගන්නා ලදී.

1931 දී, ඇස්ට්‍රිඩ් රැකියාව කල ස්ථානයේ ප්‍රධානියා වූ ස්ටුවර් ලින්ඩ්ග්‍රෙන් (Sture Lindgren (1898–1952)) සමග විවාහ වුනු අතර 1934 දී ඔහුට දාව දෙවන දරුවා වූ කරින් (Karin) ඇය බිහි කලාය.

1941 දී ඔවුහු ඩලගටන් (Dalagatan) හි නිවාසයකට සංක්‍රමණය වූ අතර, වයස අවුරුදු 94 දී, එනම් 2002 වසරේදී ඇස්ට්‍රඩ් මිය යන තුරුම වාසය කලේ එම නිවසෙයි.[3]

මිය යාමට වසර කිහිපයකට පෙර ඇස්ට්‍රිඩ් අන්ධභාවයෙන් පෙළුනාය.

වෘත්තිය දිවිය[සංස්කරණය]

ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්, 1994දී , රයිට් ලයිව්ලිහුඩ් සම්මානය (Right Livelihood Award) ස්වීඩන් පාර්ලිමේන්තුවේදී ලැබුවාය.

කතුවරියක් වීමට පෙර ඇස්ට්‍රිඩ් මාධ්‍යවේදිනියක් සහ 1993 ස්වෙඩිෂ් ග්‍රෝන් ප්‍රී හී ලේකම්වරියක ලෙස සේවය කලාය.

1944 දී Rabén & Sjögren විසින් පැවැත්වනු ලැබූ ලේඛක තරඟයක දෙවන ත්‍යාගය ඇස්ට්‍රිඩ්ගේ Britt-Marie lättar sitt hjärta (Britt-Marie unburdens her heart) නවකථාව වෙනුවෙන් හිමිවිය. ඉන් වසරකට පසු එම තරඟයේම Rabén & Sjögren ප්‍රථම ත්‍යාගය ඇගේ Pippi Långstrump (Pippi Longstocking) නවකථාව සඳහා හිමිවිය. එම නවකථාව මේ වන විට ලොව පුරා භාෂා 60 කට පමණ පරිවර්ථනය වී තිබේ.

1956 දී, ඇස්ට්‍රිඩ් ගේ Mio, min Mio (Mio, My Son) නවකථාවේ ජර්මානු සංස්කරණය ඉහල ඇගයීමකට පාත්‍ර විය.[4][5] 1956–1975 කාලය තුල ග්‍රන්ථ 16 ක් පමණ ඇස්ට්‍රිඩ් රචනා කලාය.[6]

1958 වසරේදී, ඇස්ට්‍රිඩ්Rasmus på luffen (Rasmus and the Vagabond) ග්‍රන්ථය වෙනුවෙන් දෙවන Hans Christian Andersen Medal ඇගයීම් සම්මානය ලබා ගත්තාය.[7][8]

දරුවන්ගේ සහ සතුන්ගේ අයිතීන් වෙනුවෙන් ඇය කල සේවය නිසා 1994 දී, ඇස්ට්‍රිඩ්ට Right Livelihood Award සම්මානය පිරිනැමුණි.

බුහුමන් සහ සමරු[සංස්කරණය]

විස්බි Kneippbyn හි ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්ගේ ප්‍රතිනිර්මාණය

1967 දී, එනම් ඇස්ට්‍රිඩ් ගේ 60 වන උපන් දිනය දා, Rabén & Sjögren විසින් "ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් සම්මානය" නමින් සාහිත්‍ය සම්මානයක් වාර්ෂිකව ස්වීඩන් ජාතික ළමා කතුවරු වෙනුවෙන් ඇති කරන ලදී. එම ත්‍යාගය ස්වීඩන් ක්‍රෝනර් 40,000, පමණ වටිනාකමකින් යුක්ත වෙයි.

ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් ගේ මරණයෙන් අනතුරුව එරට රජය විසින් "ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් අනුස්මරණ සම්මානය" නමින් ස්වීඩන් ක්‍රෝනර් මිලියන 5 ක මුදල් ත්‍යාගයක්, ළමා හා තරුණ සාහිත්‍යය වෙනුවෙන් පිහිටුවන ලදී.

ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් ගේ සත්‍ය අත් පිටපත් එකතුවක් ස්ටොක්හෝම් හී Kungliga Biblioteket රාජකීය පුස්ථකාලයේ තැම්පත් කර ඇති අතර, එම පුස්ථකාලය 2005 වසරේදී යුනෙස්කෝවේ ලෝක උරුම ලැයිස්තුවට ඇතුලත් විය.

2011 අප්‍රියෙල් 6 දින, බෑන්ක් ඔෆ් ස්ව්ඩන් ප්‍රකාශයක් කොට කියා සිටියේ, ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් ගේ රුව සහිත ක්‍රෝනර් 20 ක වටිනාකම සහිත බැංකු නෝට්ටුවක් 2014–15 කාලය තුල මුදා හරින බවයි.[9]

"ඇස්ටරොයිඩ් ලින්ඩ්ග්‍රෙන්"[සංස්කරණය]

1978 දී සෝවියට් තාරකා විද්‍යඥයෙකු වූ Nikolai Stepanovich Chernykh විසින් හඳුනාගත් ඇස්ටරොයිඩයක්, "3204 Lindgren" ලෙස නම් කරන ලදී.[10] මෙම නම් කිරීම ගැන අදහස් දක්වමින් ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් කියා සිටියේ මින් පසු ජනතාව මා "ඇස්ටරොයිඩ් ලින්ඩ්ග්‍රෙන්" ලෙස හඳුන්වනු ඇත කියායි.

"ඇස්ට්‍රිඩ් ගේ දිය උල්පත"[සංස්කරණය]

ඇස්ට්‍රිඩ් ගේ දිය උල්පත
ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් කෞතුකාගාරය
ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් මිහිදන් කල ස්ථානය

ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් සිහිවීම පිණිස ඇගේ ළමා කල නිවහනට යාබදව "Källa Astrid" ("ඇස්ට්‍රිඩ් ගේ දිය උල්පත) නමින් පොකුණක් නම් කර ඇත.[11]


වර්ථමානයේ ඇස්ට්‍රිඩ් ගේ ළමා කල නිවහන පොදු ජනතාව වෙත දැකබලාගත හැකි ලෙස විවෘත කොට ඇති අතර[12] ඇස්ට්‍රිඩ් ගේ දිය උල්පතට මීටර 100 ක් පමණ දුරින් ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් කෞතුකාගාරයද පිහිටුවා ඇත. ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් මිහිදන් කල "ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් වර්ල්ඩ්" (Astrid Lindgrens World) උද්‍යානයද ඒ ආශ්‍රිතවම ඉදි කොට තිබේ.


රචනා කල ග්‍රන්ථ[සංස්කරණය]

අතිශය ජනප්‍රියත්වයට පත් වූ ග්‍රන්ථ[සංස්කරණය]

ඉංග්‍රීසි භාෂාවට පරිවර්ථනය වූ ග්‍රන්ථ[සංස්කරණය]

  • A Calf for Christmas
  • Brenda Helps Grandmother
  • The Children of Noisy Village
  • The Children on Troublemaker Street
  • Christmas in Noisy Village
  • Christmas in the Stable
  • Circus Child
  • The Day Adam Got Mad
  • Dirk Lives in Holland
  • The Dragon With Red Eyes
  • Gerda Lives in Norway
  • Emil and the Bad Tooth
  • Emil and His Clever Pig
  • Emil Gets into Mischief
  • Emil in the Soup Tureen
  • Emil's Little Sister
  • Emil's Pranks
  • Emil's Sticky Problem
  • The Ghost of Skinny Jack
  • Happy Times in Noisy Village
  • I Don't Want to Go to Bed
  • I Want a Brother or Sister
  • I Want to Go to School Too
  • Kati in America
  • Kati in Italy
  • Kati in Paris
  • Lotta
  • Lotta's Bike
  • Lotta's Christmas Surprise
  • Lotta's Easter Surprise
  • Lotta Leaves Home
  • Lotta on Troublemaker Street
  • Markos Lives in Yugoslavia
  • Marje
  • Marje to the Rescue
  • Matti Lives in Finland
  • Mirabelle
  • Mischievous Martens
  • Mischievous Meg
  • Most Beloved Sister
  • My Nightingale Is Singing
  • My Swedish Cousins
  • My Very Own Sister
  • Nariko-San, Girl of Japan
  • Noby Lives in Thailand
  • Rasmus and the Vagabond; also Rasmus and the TrampRasmus på luffen, 1956, filmed in 1955 and 1981 (below)
  • The Red Bird
  • The Runaway Sleigh Ride
  • Scrap and the Pirates
  • Sea Crow Island
  • Siva Lives on Kilimanjaro
  • Simon Small Moves In
  • Springtime in Noisy Village
  • That's Not My Baby
  • The Tomten
  • The Tomten and the Fox
  • The World's Best Karlson

චිත්‍රපට[සංස්කරණය]

ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් ගේ කෘති ඇසුරින් නිපදවූ චිත්‍රපට ලැයිස්තුව.[13][14] බොහොමයක් චිත්‍රපට ස්වීඩනයේත්, රුසියාවේත් නිපදවා ඇත.

  • Mästerdetektiven Blomkvist (1947) – අධ්‍යක්ෂණය: Rolf Husberg
  • Pippi Långstrump (1949) – අධ්‍යක්ෂණය: Per Gunwall
  • Mästerdetektiven och Rasmus (1953) – අධ්‍යක්ෂණය: Rolf Husberg
  • Luffaren och Rasmus (1955) – අධ්‍යක්ෂණය: Rolf Husberg
  • Rasmus, Pontus och Toker (1956) – අධ්‍යක්ෂණය: Stig Olin
  • Mästerdetektiven Blomkvist lever farligt (1957) – අධ්‍යක්ෂණය: Olle Hellbom
  • Alla vi barn i Bullerbyn (1960) – අධ්‍යක්ෂණය: Olle Hellbom
  • Bara roligt i Bullerbyn (1961) – අධ්‍යක්ෂණය: Olle Hellbom
  • Vi på Saltkråkan (1964) – අධ්‍යක්ෂණය: Olle Hellbom
  • Tjorven, Båtsman och Moses (1964) – අධ්‍යක්ෂණය: Olle Hellbom
  • Tjorven och Skrållan (1965) – අධ්‍යක්ෂණය: Olle Hellbom
  • Tjorven och Mysak (1966) – අධ්‍යක්ෂණය: Olle Hellbom
  • Skrållan, Ruskprick och Knorrhane (1967) – අධ්‍යක්ෂණය: Olle Hellbom
  • Malysh i Karlson (1968) – අධ්‍යක්ෂණය: Boris Stepantsev
  • Pippi Långstrump (1969, සංස්කරණය 1968–69 TV series) – අධ්‍යක්ෂණය: Olle Hellbom
  • Här kommer Pippi Långstrump (1969, සංස්කරණය 1968–69 TV series) – අධ්‍යක්ෂණය: Olle Hellbom
  • Karlson vernulsya (1970) – අධ්‍යක්ෂණය: Boris Stepantsev
  • På rymmen med Pippi Långstrump (1970) – අධ්‍යක්ෂණය: Olle Hellbom
  • Pippi Långstrump på de sju haven (1970) – අධ්‍යක්ෂණය: Olle Hellbom
  • Emil i Lönneberga (1971) – අධ්‍යක්ෂණය: Olle Hellbom
  • Nya hyss av Emil i Lönneberga (1972) – අධ්‍යක්ෂණය: Olle Hellbom
  • Emil och griseknoen (1973), Emil and the Piglet – අධ්‍යක්ෂණය: Olle Hellbom
  • Världens bästa Karlsson (1974) – අධ්‍යක්ෂණය: Olle Hellbom
  • Priklyucheniya Kalle-syschika (1976) – අධ්‍යක්ෂණය: Arūnas Žebriūnas
  • Bröderna Lejonhjärta (1977) – අධ්‍යක්ෂණය: Olle Hellbom
  • Du är inte klok, Madicken (1979) – අධ්‍යක්ෂණය: Göran Graffman
  • Madicken på Junibacken (1980) – අධ්‍යක්ෂණය: Göran Graffman
  • Rasmus på luffen (1981) – අධ්‍යක්ෂණය: Olle Hellbom
  • Peppi Dlinnyychulok (1982) – අධ්‍යක්ෂණය: Margarita Mikaelyan
  • Ronja Rövardotter (1984) – අධ්‍යක්ෂණය: Tage Danielsson
  • Emila nedarbi (1985) – අධ්‍යක්ෂණය: Varis Brasla
  • Alla vi barn i Bullerbyn (1986) – අධ්‍යක්ෂණය: Lasse Hallström
  • Mer om oss barn i Bullerbyn (1987) – අධ්‍යක්ෂණය: Lasse Hallström
  • Mio, min Mio (1987) – අධ්‍යක්ෂණය: Vladimir Grammatikov
  • Kajsa Kavat (1988) – අධ්‍යක්ෂණය: Daniel Bergman
  • The New Adventures of Pippi Longstocking (1988) – අධ්‍යක්ෂණය: Ken Annakin
  • Godnatt herr luffare! (1988) – අධ්‍යක්ෂණය: Daniel Bergman
  • Allrakäraste syster (1988) – අධ්‍යක්ෂණය: Göran Carmback
  • Ingen rövare finns i skogen (1988) – අධ්‍යක්ෂණය: Göran Carmback
  • Gull-Pian (1988) – අධ්‍යක්ෂණය: Staffan Götestam
  • Hoppa högst (1988) – අධ්‍යක්ෂණය:Johanna Hald
  • Nånting levande åt Lame-Kal (1988) – අධ්‍යක්ෂණය: Magnus Nanne
  • Peter och Petra (1989) – අධ්‍යක්ෂණය: Agneta Elers-Jarleman
  • Nils Karlsson Pyssling (1990) – අධ්‍යක්ෂණය: Staffan Götestam
  • Pelle flyttar till Konfusenbo (1990) – අධ්‍යක්ෂණය: Johanna Hald
  • Lotta på Bråkmakargatan (1992) – අධ්‍යක්ෂණය: Johanna Hald
  • Lotta flyttar hemifrån (1993) – අධ්‍යක්ෂණය: Johanna Hald
  • Kalle Blomkvist – Mästerdetektiven lever farligt (1996) – අධ්‍යක්ෂණය: Göran Carmback
  • Kalle Blomkvist och Rasmus (1997) – අධ්‍යක්ෂණය: Göran Carmback
  • Pippi Långstrump (1997, animated) – අධ්‍යක්ෂණය: Clive Smith
  • Pippi i Söderhavet (1999, animated) – අධ්‍යක්ෂණය: Paul Riley
  • Karlsson på taket (2002, animated) – අධ්‍යක්ෂණය: Vibeke Idsøe

මූලාශ්‍ර[සංස්කරණය]

  1. UNESCO's statistics on whole Index Translationum database
  2. FAQ at Astrid Lindgren official site (in Swedish)
  3. Source – Steinar Mæland
  4. "Deutscher Jugendliteraturpreis". Arbeitskreis für Jugendliteratur e.V. (DJLP).
    "German Children's Literature Award". English Key Facts. DJLP. Retrieved 2013-08-05.
  5. Preisjahr "1956". Database search report. DJLP. Retrieved 5 August 2013. See "Kategorie: Prämie". The Happy Lion by Louise Fatio and Roger Duvoisin won the main Children's Book award (Kategorie: Kinderbuch).
  6. Personen "Lindgren, Astrid". Database search report. DJLP. Retrieved 5 August 2013.
  7. "Hans Christian Andersen Awards". International Board on Books for Young People (IBBY). Retrieved 5 August 2013.
  8. "Astrid Lindgren" (pp. 24–25, by Eva Glistrup).
    "Half a Century of the Hans Christian Andersen Awards" (pp. 14–21). Eva Glistrup.
    The Hans Christian Andersen Awards, 1956–2002. IBBY. Gyldendal. 2002. Hosted by Austrian Literature Online. Retrieved 31 July 2013.
  9. The Riksbank | Sveriges Riksbank, http://www.riksbank.com/templates/Page.aspx?id=46685, ප්‍රතිෂ්ඨාපනය 2014-01-17 
  10. Dictionary of Minor Planet Names – p.256
  11. [https://web.archive.org/web/20100828140019/http://www.kindaposten.se/article/articleview/23590/1/13/ සංරක්ෂණය කළ පිටපත 2010-08-28 at the Wayback Machine "Källa Astrid” på Astrids källa "Astrid's Wellspring [source of inspiration] in Astrid's Wellspring."] Kinda-Posten සංරක්ෂණය කළ පිටපත 2009-11-12 at the Wayback Machine (in Swedish)
  12. Vălkommen Till Astrid Lindgrens Năs
  13. Films based on Astrid Lindgren stories (in Swedish)
  14. Astrid Lindgren at IMDb

භාහිර සබැදි[සංස්කරණය]