ඇරමීන් වරුන්ගේ ඉතිහාසය

විකිපීඩියා වෙතින්


ඇරමීන් වරුන්ගේ ආරම්භය තාමත් හරිහැටි සොයාගෙන නැහැ. ඔව්න් ගැන සඳහන් වල සාක්ෂ යම් පමණක් වත් ඇත්තේ මෙසපොතේමියානු ශිලා ලේඛන වලයි. ඇරම් නම් නමට මුල්ම සඳහනක් දෙන්නේ ඇක්කඩ් හි නාරම් සින්(ක්‍රි.පූ.2250). නමුත් පඬිවරු මේ ගැන එකඟවන්නේ නෑ. ඇරම් නම් පුද්ගලයෙක් හෝ තැනක් ගැන මුල්ම සඳහනක් ඇත්තේ මාරි හි(ක්‍රි.පූ.1900) ලේඛන වල.

ක්‍රි.පූ. 14 වන සියවස[සංස්කරණය]

නෝමන් වරු සැමවිටම මධ්‍ය නැගෙනහිර ප්‍රදේශයේ අනාගතය වී සිටියා. නමුත් කාළගුණ බලපෑම් හා අසල්වැසි ජනවද වල බලපෑමත් සමග ඔවුන්ගේ සංඛ්‍යාව වෙනස් වෙමිනුයි පැවතුනේ. අවසාන ලෝකඩ යුගයේ දැඩි වියළි බවත් සමග නාගරික ජනාවාස ඉවත් වී ගොස් නෝමන් ජීවන රටාව ප්‍රදේශය පුරා ව්‍යාප්ත වුනා. ක්‍රි.පූ 14 වන සියවසේ මුල් කාලයේදි ඊශ්‍රායලයෙන් විශාල ප්‍රදේශයක් ඇරමීන් වරුන් විසිනුයි පාලනය කලේ. බයිබලයේ Book of Judges ට අනුව එය වසර 9ක් පමණ වෙනවා. ඉන් පසු ඔතිනෙල් විසින් චුෂාන් රිෂාතිම් ගේ හමුදාවන් පරාජය කරනවා.

ක්‍රි.පූ. 12වන සියවස[සංස්කරණය]

මුල් වරට ටිග්ලාත්-පිලෙසරි හි ලේඛන හෙළි කරන ආකාරයට ඇහල්ම් ඇරමීන්වරු සහ ඊට ටික කලකට පසු ඇහලම් ඇසසියිරියන් පුරාවෘත වලින් ඉවත්වී යනවා. ඒ සමග ඒ වෙනුවට අරමු සහ ඇරිමි ඇරමීන්වරු පැමිණෙනනවා.