ඇමෙරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යපාරය-වෙන්කොට සැළකීම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

(1896) ප්ලෙසි එරෙහිව ෆර්ගියුසන් නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් "වෙනස් වූවත් සමාන" මතය යටතේ මහජන ප්‍රවාහණ සේවාවලදි වෙනස් කොට සැළකීමේ රජයේ ආඥාව පිළිගන්නා ලදි. විසිවෙනි ශත වර්ෂයේ ශ්‍රේෂ්ඨාධිකරණය අප්‍රිකා අමෙරිකානුවන්ගේ ඡන්ද බලය අහිමි කළ රාජ්‍ය ව්‍යවස්ථා (ප්ලෙසි සමග 1915 ගින් එදිරිව එක්සත් ජනපද නඩුවේදී මෙන්) ආපසු හැරවීම ආරම්භ කළ අතර දකුණු ජනපද විසින් පොදු ජීවිතයේ සහ පෞද්ගලික ජීවිතයේ සෑම අංශයකම වාගේ කාවද්දා තිබුණු වෙනස් අන්දමින් සැළකීම අනුමත කළේය.

එම තීරණයට එරෙහිව අදහස් දැක්වූ එකම විනිශ්චකාරයාවූ හාර්ලන් අනාවැකියක් ප්‍රකාශ කළේය.

"සිවිල් සමාජයේ පාලනය සම්බන්ධ රෙගුලාසි ලෙස සුදු මිනිසුන්ට සහ කළු මිනිසුන්ට එකම බස් රථයක ගමන් කළ නොහැකිය යනුවෙන් රජයකට නීති පැන විය හැකිනම් එහි නගරවල පාරවල් පාවිච්චි කිරීම සම්බන්ධව සුදු මිනිසුන්ට පාරවල්වල එක පැත්තකුත් කලු මිනිසුන්ට අනික් පැත්තත් පාවිච්චි කිරීම ක්‍රමවත් නොකරන්නේ මන්ද? සමාන පදනමක් මත ප්‍රසිද්ධ පාරවල්වල රථවලින් එකට ගමන් ගන්නා සුදු හා කළු මිනිසුන්ට එක සමානව දඬුවම් නොකරන්නේ මන්ද"

අධිකරණය ඉක්මණින් පාසැල් වෙන්කිරීම අනුමත කිරීමට ප්ලෙසි (Plessy) ව්‍යාප්ත කළේය. පෞද්ගලික ආයතනයක් වූ බෙරියා කොලිජියේ සුදු සහ කළු ළමුන් ඒකාබද්ධ කොට ඉගැන්වීම තහනම් කළ කෙන්ටුකි ව්‍යවස්ථාව බෙරියා කොලෙජ් එදිරිව කෙන්ටුකි 211 යු.එස් 45 (1908) නඩුවෙන්ද අනුමත කරන ලදි. බොහෝ ජනපද විශේෂයෙන් දකුණේ ජනපද ඔවුන්ට අවශ්‍ය සීමා කිරීමේ නීති ක්‍රියාත්මක කිරීම සඳහා සාමාන්‍යයෙන් විලියම් ක්‍රෝ නීති නමින් හැඳින්වෙන ප්ලෙසි සහ බෙරියා තීරණ උපකාර කර ගන්නා ලදි. එම ජිම් ක්‍රෝ නීති මගින් අප්‍රිකා - අමෙරිකානුන් සඳහා නිර්මාණය කළේ දෙවැනි ස්ථානයයි.

බොහෝ මහ නගර සභා සහ කුඩා නගරවල කුලී රථවල සුදු මිනිසුන් සමග ගමන් කිරීමටද, එකම දොරටුවකින් ගොඩනැගිල්ලකට ඇතුළු වීමටද අප්‍රිකානු - ඇමෙරිකානුන්ට අවසර නොලැබුනි. ඔවුන්ට ජලය පානය සඳහා වෙනම උල්පත් සහ වෙනම විවේකාගාර විය. එමෙන්ම වෙනම සුසාන භූමි, වෙනම පාසැල් සහ දිව්රීම සඳහා වෙනම බයිබලයක් පාවිච්චි කිරීමට පවා සිදු විය. මහජන පුස්තකාල වලට සහ ආපන ශාලාවලට ඔවුන් වැද්ද නොගන්නා ලදි. බොහෝ උද්‍යාණ ඔවුනට තහනම් කරන ලද්දේ "නීග්‍රෝවරුන්ට සහ බල්ලන්ට අවසර නැත" යනාදී දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීමෙනි. එක්තරා නාගරික සත්ව උද්‍යාණයක් මෙම තත්වය කෙතරම් දුරට ගෙන ගියේද කියතොත් එයට ඇතුල් වීමට වෙනම වේලාවල් යොදා තිබුනි.

විශේෂයෙන් දකුණු ප්‍රදේශවල ජාති වශයෙන් වෙන් කිරීමේ ප්‍රතිපත්ති වඩාත් දරුණු විය. සුදු මිනිසෙකු පැමිණෙන විට කලු මිනිසුන් පාරෙන් මග හැර ඔහුට ඉඩ දිය යුතු විය. කළු මිනිසෙකුට සුදු කාන්තාවක් දෙස එක එල්ලේ බැලිය නොහැකි විය.කලු මිනිසුන්ට හා ගැහැණුන්ට අමතන ලද්දේ ටොම් සහ ජේන් යන නම් වලිනි. සුදු මිනිසුන් කලු මිනිසුන් හැඳින්වීම සඳහා කුමන වියේ සිටි කලු මිනිසෙකුට වුවද යොදන ලද්දේ "Boy" යනුවෙනි. ගැහැණුන්ට "Girl" යනුවෙනි. බොහෝ විට "නිගර්" නැතහොත් "කලර්ඩ්" (නීග්‍රෝ නැතහොත් කල්ලා) යනුවෙන් පටබැඳි නම් කියා කතා කරන ලදි.

උතුරේ මීට වඩා අඩු තත්වයක් කරා වෙනසක් සිදු වෙමින් පැවතියේය.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/American_Civil_Rights_Movement_%281896-1954%29#Segregation