ඇම්බන්
Jump to navigation
Jump to search
ව්‍යාජ කඳ කොළ පැහැතිය.එහි රතු පාටට හුරු දම් පාට පැල්ලම් ඇත. ව්‍යාජ කඳ මීටර් 4-4.5 උස් වන අතර පත්‍ර කඳ මීටර් 0.3-1 උස්ව වැඩේ. කඳ විශාල ලෙස මහත් නොවේ. පත්‍ර නටුව පිටතට වක් වී ඇත. පත්‍රයේ මැද නාරටිය කොළ පැහැතිය. පත්‍ර තලයේ උඩ පෘෂ්ඨය තද කොළ පාටය, යටි පෘෂ්ඨය ලා කොළ පාටය. ඇවරි කිට්ටුකවන් ඇහිරී ඇත. කෙසෙල් මුහය රෝස පාටය. කෙසෙල් ගෙඩියේ මදය රසවත්ය, පිටි සහිතයි. මෙම කෙසෙල් කැනක ඇවරි 9 -10 ක් ලබාගත හැකිය. ගෙඩියක් සෙ.මී. 16 - 18 පමණ දිග වන අතර පරිධිය සෙ.මී. 1.4 - 1.6 පමණ වේ. මෙම කෙසෙල් ප්‍රභේදය ඉදුණු විට කහ පැහැයට හැරේ. කැනේ මැද නාරටිය කොළ පැහැතිය. කැනක බර කි.ග්‍රෑම් 15-18 ක් පමණ වේ. මෙම කෙසෙල් ප්‍රභේදයට වෙළඳපොලෙහි සාමාන්‍ය වටිනාකමක් පවතී.