උතුරු අ'මෙරිකානු ස්වදේශිකයන්

විකිපීඩියා වෙතින්
(ඇමරිකාවේ මුල්ම ජනාවාසවීම් වෙතින් යළි-යොමු කරන ලදි)

උතුරු ඇමරිකානු ස්වදේශීය ජනතාවගේ භාෂා කුල

වසර 9,000 – 50,000 කට ඉහත බීරිං සමද්‍ර සන්ධිය හරහා සයිබීරියාවෙන් සංක්‍රමණය වූ ජනයාගෙන් අමෙරිකාවේ ස්වදේශීය ජනතාව පැවත එන්නේයැයි කියන මතය සමග , බීරිං සමුද්‍ර සන්ධි න්‍යාය ඉගෙන ගන්නවුන් එකඟ වෙති. නමුත් ඊට සම්බන්ධ කාලවකවානු හා ගමන් මාර්ග තවමත් විවිද විවාද වලට ලක් වේ. 2006 දී කරන ලද අධ්‍යයනයකින් (“ජර්නල් ඔෆ් කැලිෆෝනියා ඇන්ඩ් ග්‍රෙට් බේසින් ඇන්ත්‍රොපොලොජි” හි පළවීමට නියමිත) වාර්තා කෙරෙන්නේ ඇලස්කා දිවයිනෙන් සොයාගත් වසර 10,000 ක් පැරණි පොසිලමය දතක් ඇසුරින් කළ DNA පරීක්ෂණයකින් ටියෙරා ඩෙල් ෂියුගෝ , එක්වදෝර්, මෙක්සිකෝවේ සහ කැලිෆෝනියාවේ විසූ විශේෂ වෙරළබඩ ගෝත්‍ර සමග සම්බන්ධයක් හෙළිවන බවයි. මෙම පොසිලමය දතෙන් සොයා ගත් DNA ලක්ෂණ මෙම විශේෂ වෙරළබඩ ගෝත්‍රවලින් පමණක් සොයා ගෙන ඇති අතර ඇමරිකාවේ වෙනත් කිසිම ස්වදේශික ජන කොට්ඨාසයකින් මීට සංසන්දනාත්මක ලක්ෂණ සොයා ගෙන නැත. මෙම සොයා ගැනීම කියා පාන්නේ සංක්‍රමණ න්‍යායකි. එනම් අඩුම වශයෙන් එක් පුරාණ ජන කොට්ඨාසයක්වත් බෝට්ටු මගින් ඇමරිකාවේ බටහිර වෙරළ තීරය දිගේ දකුණට සංක්‍රමණය වී ඇත. කෙසේ වෙතත් DNA සමීක්ෂණ සහ ජීව විද්‍යාත්මක හා සංස්කෘතික සම්බන්ධ කිරීම් ( පීටර් එන්. ජෝන්ස්ගේ ග්‍රන්ථය - මුතුන්මිත්තන්ට ගෞරව දැක්වීම : බටහිර ඇමරිකාවේ සංස්කෘතික සම්බන්ධතා සහ සංස්කෘතික අනුවර්තනය ) වලට අදාල වෙනත් ප්‍රශ්න නිසා මෙම ප්‍රතිඵල නොපැහැදිලි විය හැක.

මෙම සංක්‍රමණවල එක් ප්‍රතිඵලයක් වූයේ සමාන භාෂා කතා කරන සමහර විට සමාන භෞතික ලක්ෂණද පෙන්ණුම් කරන - විශාල ජන කණ්ඩායම් උතුරු සහ පසුව මධ්‍යම හා දකුණු ඇමරිකාවේ විවිධ ප්‍රදේශවලට චලනය වීමයි. මෙම මිනිසුන් තම ගෝත්‍රවල එල්බ සිටී. අතරතුර පසුව ඔවුන් පොදු භූගෝලීය සම්භවය, භාෂාමය සමානකම් සහ පොදු ජීවන රටා සහිත විශාල සමාජ බවට පත්ව ඇති බව මානව විද්‍යාඥයින් සොයා ගෙන ඇත.

වසර 12,500 කට කාල නිර්ණනය කරන ලද චිලීහි මොන්ටි වර්ඩ් හි මනුෂ්‍යය වාසස්ථානයක් වූ නටබුන් වලින් පෙන්නුම් කෙරෙන්නේ බීරිං සමුද්‍ර සන්ධි සංක්‍රමණයට බඳුන් වූ මිනිසුන්ට පෙර ඇමරිකාවට ඇතුල් වූ මිනිස්සු දකුණු චිලී හි පදිංචිවී සිටි බවයි. අමෙරිකාව තුළ වේගවත් සංක්‍රමණ වලට ඔරු හරහා කෙරුණු වෙරළබඩ මුහුදු තරණය හේතු වූ බවට අදහසක් ඉදිරිපත් වී ඇත. තවද, මොන්ටිවර්ඩ් වලින් වසර 33,000 – 35,000 කාල නිර්ණය කළ තවත් ලේයරයක් හමු වී ඇත.

නූතනයේ සිදු වූ සංක්‍රමණය පිළිබඳව සාම්ප්‍රධායික මතය , දකුණු ඇමරිකාවෙන් සොයා ගත් මානව ශේෂ හමුවේ අභියෝගයට ලක්ව ඇත. ඒවාට වසර 30,000 ක හෝ ඊට පැරණි අතීතයක් පැවත ඇත. සමහර නූතන සොයා ගැනීම් (විශේෂයෙන් බ්‍රසීලයේ ලාගෝවා සැන්ටාහි ලුසියා කත ) බොහෝ ආසියාතික ලක්ෂ නොදරන අතර අප්‍රිකානුවන්ට , මෙලනීසියන් වරුන්‍ට සහ ඕස්ට්‍රේලියානු ආදි වාසිකයින්ට සමාන ලක්ෂණ දරයි. මෙම ඇමරිකානු ආදිවාසීන් පසුව වෙනත් ස්ථාන කරා යන්නට හෝ සයිබීරියානු සංක්‍රමණිකයන් විසින් ඇද ගන්නට හෝ ඇත. ඇමරිකා මහාද්වීපයේ දකුණු කෙළවරේ වූ ටියෙරා ඩෙල් ෂු යිගෝහි ෂුයිගියානු ජාතීන් , ඉහත කියූ ආදී වාසික ජනතාවගෙන් බිඳී ආවුන් යැයි අනුමාන කෙරේ. මෙම මුල් සංකුමණිකයන් සයිබීරියානු ජන ගලනයට පෙර බෝට්ටු මගින් මුහුදු මාර්ගයෙන් හෝ ආසියානු වෙරළ තීරය දිගේ උතුරට ගමන් කිරීමෙන් වයඹ දිගින් ඇමරිකාවට ඇතුල් වන්නට ඇත. මීට අදාල බොහෝ ප්‍රදේශ දැනට ජල ගලනය නිසා යට වී ඇති හේතුවෙන් ඉහත සිද්ධාන්තය අනුමාන වශයෙන් කළ එකකි. සමහර උගතුන්ගේ විශ්වාසය වන්නේ මුල් කාලීන ජනගහන පිළිබඳ සාක්ෂි ඊසාන දිග ආසියාවේ නොව ගිණිකොණ දිග ආසියාවේ වැසියන්ට සහ පැසිපික් දූපත් වාසීන්ට බොහෝ සමීප සමානකම් දක්වන බවයි.

යුරෝපියානු සබඳතා පුළුල් ලෙස ව්‍යාප්තවීමට පෙර ඇමරිකාවේ සමස්ත ජනගහනය අවම වශයෙන් මලියන 10 කත් උපරිම වශයෙන් මලියන 112 කත් පැවති බවට ගණනය කර ඇත. සමහර ලේඛකයින් , මෙම ජනගහන විවාදයේ මතවාදී මුක්කු ගැසීම් දකිති. උදාහරණයක් වශයෙන් පූර්ව කොළොම්බියානු ජනගහන සංගණන වාර්තා , යුරෝපයේ සහ අපරදිග ශිෂ්ටාචාරයේ ගුණ දොස් සොයන්නන් සමග තදින් දේශපාලනීයකරණය වී ඇති බව රොබට් රෝයල් කියා සිටියි. සමහර උගතුන් කියා සිටින්නේ බොහෝ ආදිවාසීන් පදිංචිව සිටියේ මධ්‍යම ඇමරිකාවේ හා දකුණූ ඇමරිකාවේ වන අතර එයින් ආසන්න වශයෙන් 10% ක් පමණ පදිංචිව සිටියේ උතුරු ඇමරිකාවේ බවද කියා සිටිති.


සොලුට්‍රියන් කම්පනයෙන් කියාසිටින්නේ ඇමරිකාව තුළට සිදු වූ ප්‍රාග් ‍ඓතිහාසික යුරෝපයේ සොලුට්‍රියන් සංස්කෘතියට අයත් ගල් ආයුධ තාක්ෂණය , ඇමරිකාවේ ක්ලෝවිස් ආයුධ තැනීමේ කලාවේ සංවර්ධනයට බලපෑමක් වූ බවයි. ආචාර්ය ඩෙනිස් ස්ටෑන්ෆෝඩ් (ස්මිත් සෝනියන් ආයතනය) සහ ආචාර්ය බ්රූස් බ්‍රැඩ්ලි (එක්සටර් විශ්ව විද්‍යාලය ) එම කල්පනයේ මූලික යෝජකයන් අතර වේ. මෙම කල්පනයට අනුව අයිස් යුගයේදී යුරෝපයෙන් උතුරු ඇමරිකාවට සංක්‍රමණය වූවෝ (සොලුට්‍රියන් සංස්කෘතියට අයත්) , ම ආයුධ තැනීමේ ක්‍රම හඳුන්වා දෙමින් , පසුව උතුරු ඇමරිකාවේ පැතිරුණූ ක්ලෝවිස් තාක්ෂණය සඳහා පදනමක් වූ බව කිය වේ. මෙම කල්පනය සත්‍යය යැයි පිළි ගැනෙන්නේ සොලුට්‍රියන් හා ක්ලෝවිස් ආයුධ තැනීමේ කලාවල විශේෂ සමානකම් තිබීම සහ ඇමරිනාවන් එරටට සංක්‍රමණය වූවැයි කිව හැකි පෙරදිග ආසියාව , සයිබීරියාව හෝ බෙරින්ජියාව යන ප්‍රදේශවලින්ද ක්ලෝවිස් තාක්ෂණය තිබූ බවට සාක්ෂ්‍ය සොයා ගැනීමට නැති වීම නිසයි.

අමෙරිකානු ඉන්දියානු පුරාවෘත්ත ඔවුන්ගේ ගෞරවනීය ජනයාගේ සම්භවයන්ගේ විවිධත්වය කියාපායි. සමහරු එහිම සිටියෝ වූහ. සමහරු දෙවියන් හෝ සතුන් විසින් මවන ලද්දෝ වූහ. සමහරු විශේෂ දිශාවකින් සංක්‍රමණය වූවෝ වූහ, තවත් සමහරුන් මුහුද හරහා පැමිණියෝ වූහ.

කර්තෘ සහ අමද්‍යප ක්‍රියාකාරිණී වයින් ඩෙලෝරියා කණිෂ්ඨ, තම ග්‍රන්ථ වන රෙඩ් අර්ත් හා වයිට් ලයිස්වල බීරිං සමුද්‍ර සන්ධි ගොඩබිම් මාර්ගය ප්‍රතික්ෂේප කරමින් කලින් සිටි තැනම සිටි සම්භවයක් ගැන කියවෙන මුඛ්‍ය ඉතිහාසයක් ගැන ප්‍රකාශ කර ඇත. ඩෙලෝරිකා නව පෘථීවි සංකල්පයක් පිළිගනිමින් කියා සිටින්නේ ස්වදේශික ඇමරිකානුවන් ඇත්ත වශයෙන්ම හට ගත්තේ ඇමරිකාවේ බවය.

උතුරු ඇමරිකානු ස්වදේශීය ජනතාවගේ භාෂා කුල

වසර 9,000 – 50,000 කට ඉහත බීරිං සමද්‍ර සන්ධිය හරහා සයිබීරියාවෙන් සංක්‍රමණය වූ ජනයාගෙන් අමෙරිකාවේ ස්වදේහීය ජනතාව පැවත එන්නේයැයි කියන මතය සමග , බීරිං සමුද්‍ර සන්ධි න්‍යාය ඉගෙන ගන්නවුන් එකඟ වෙති. නමුත් ඊට සම්බන්ධ කාලවකවානු හා ගමන් මාර්ත තවමත් විද විවිද වලට ලක් වේ. 2006 දී කරන ලද අධ්‍යයනයකින් (“ජර්නල් ඔෆ් කැලිෆෝනියා ඇන්ඩ් ග්‍රෙට් බේසින් ඇන්ත්‍රොපොලොගි” හි පළවීමට නියමිත) වාර්තා කෙරෙන්නේ ඇලස්කා දිවයිනෙන් සොයාගත් වසර 10,000 ක් පැරණි පොසිලමය දතක් ඇසුරින් කළ DNA පරීක්ෂණයකින් ටියෙරා ඩෙල් ෂියුගෝ , එක්වදෝර්, මෙක්සිකෝවේ සහ කැලිෆෝනියාවේ විසූ විශේෂ වෙරළබඩ ගෝත්‍ර සමග සම්බන්ධයක් හෙළිවන බවයි. මෙම පොසිලමය දතෙන් සොයා ගත් DNA ලක්ෂණ මෙම විශේෂ වෙරළබඩ ගෝත්‍රවලින් පමණක් සොයා ගෙන ඇති අතර ඇමරිකාවේ වෙනත් කිසිම ස්වදේශික ජන කොට්ඨාසයකින් මීට සංසන්දනාත්මක ලක්ෂණ සොයා ගෙන නැත. මෙම සොයා ගැනීම කියා පාන්නේ සංක්‍රමණ න්‍යායකි. එනම් අඩුම වශයෙන් එක් පුරාණ ජන කොට්ඨාසයක්වත් බෝට්ටු මගින් ඇමරිකාවේ බටහිර වෙරළ තීරය දිගේ දකුණට සංක්‍රමණය වී ඇත. කෙසේ වෙතත් DNA සමීක්ෂණ සහ ජීව විද්‍යාත්මක හා සංස්කෘතික සම්බන්ධ කිරීම් ( පීටර් එන්. ජෝන්ස්ගේ ග්‍රන්ථය - මුතුන්මිත්තන්ට ගෞරව දැක්වීම : බටහිර ඇමරිකාවේ සංස්කෘතික සම්බන්ධතා සහ සංස්කෘතික අනුවර්තනය ) වලට අදාල වෙනත් ප්‍රශ්න නිසා මෙම ප්‍රතිඵල නොපැහැදිලි විය හැක.

මෙම සංක්‍රමණවල එක් ප්‍රතිඵලයක් වූයේ සමාන භාෂා කතා කරන සමහර විට සමාන භෞතික ලක්ෂණද පෙන්ණුම් කරන - විශාල ජන කණ්ඩායම් උතුරු සහ පසුව මධ්‍යම හා දකුණු ඇමරිකාවේ විවිධ ප්‍රදේශවලට චලනය වීමයි. මෙම මිනිසුන් තම ගෝත්‍රවල එල්බ සිටී. අතරතුර පසුව ඔවුන් පොදු භූගෝලීය සම්භවය, භාෂාමය සමානකම් සහ පොදු ජීවන රටා සහිත විශාල සමාජ බවට පත්ව ඇති බව මානව විද්‍යාඥයින් සොයා ගෙන ඇත.

වසර 12,500 කට කාල නිර්ණනය කරන ලද චිලීහි මොන්ටි වර්ඩ් හි මනුෂ්‍යය වාසස්ථානයක් වූ නටබුන් වලින් පෙන්නුම් කෙරෙන්නේ බීරිං සමුද්‍ර සන්ධි සංක්‍රමණයට බඳුන් වූ මිනිසුන්ට පෙර ඇමරිකාවට ඇතුල් වූ මිනිස්සු දකුණු චිලී හි පදිංචිවී සිටි බවයි. අමෙරිකාව තුළ වේගවත් සංක්‍රමණ වලට ඔරු හරහා කෙරුණු වෙරළබඩ මුහුදු තරණය හේතු වූ බවට අදහසක් ඉදිරිපත් වී ඇත. තවද, මොන්ටිවර්ඩ් වලින් වසර 33,000 – 35,000 කාල නිර්ණය කළ තවත් ලේයරයක් හමු වී ඇත.

නූතනයේ සිදු වූ සංක්‍රමණය පිළිබඳව සාම්ප්‍රධායික මතය , දකුණු ඇමරිකාවෙන් සොයා ගත් මානව ශේෂ හමුවේ අභියෝගයට ලක්ව ඇත. ඒවාට වසර 30,000 ක හෝ ඊට පැරණි අතීතයක් පැවත ඇත. සමහර නූතන සොයා ගැනීම් (විශේෂයෙන් බ්‍රසීලයේ ලාගෝවා සැන්ටාහි ලුසියා කත ) බොහෝ ආසියාතික ලක්ෂ නොදරන අතර අප්‍රිකානුවන්ට , මෙලනීසියන් වරුන්‍ට සහ ඕස්ට්‍රේලියානු ආදි වාසිකයින්ට සමාන ලක්ෂණ දරයි. මෙම ඇමරිකානු ආදිවාසීන් පසුව වෙනත් ස්ථාන කරා යන්නට හෝ සයිබීරියානු සංක්‍රමණිකයන් විසින් ඇද ගන්නට හෝ ඇත. ඇමරිකා මහාද්වීපයේ දකුණු කෙළවරේ වූ ටියෙරා ඩෙල් ෂු යිගෝහි ෂුයිගියානු ජාතීන් , ඉහත කියූ ආදී වාසික ජනතාවගෙන් බිඳී ආවුන් යැයි අනුමාන කෙරේ. මෙම මුල් සංකුමණිකයන් සයිබීරියානු ජන ගලනයට පෙර බෝට්ටු මගින් මුහුදු මාර්ගයෙන් හෝ ආසියානු වෙරළ තීරය දිගේ උතුරට ගමන් කිරීමෙන් වයඹ දිගින් ඇමරිකාවට ඇතුල් වන්නට ඇත. මීට අදාල බොහෝ ප්‍රදේශ දැනට ජල ගලනය නිසා යට වී ඇති හේතුවෙන් ඉහත සිද්ධාන්තය අනුමාන වශයෙන් කළ එකකි. සමහර උගතුන්ගේ විශ්වාසය වන්නේ මුල් කාලීන ජනගහන පිළිබඳ සාක්ෂි ඊසාන දිග ආසියාවේ නොව ගිණිකොණ දිග ආසියාවේ වැසියන්ට සහ පැසිපික් දූපත් වාසීන්ට බොහෝ සමීප සමානකම් දක්වන බවයි.

යුරෝපියානු සබඳතා පුළුල් ලෙස ව්‍යාප්තවීමට පෙර ඇමරිකාවේ සමස්ත ජනගහනය අවම වශයෙන් මලියන 10 කත් උපරිම වශයෙන් මලියන 112 කත් පැවති බවට ගණනය කර ඇත. සමහර ලේඛකයින් , මෙම ජනගහන විවාදයේ මතවාදී මුක්කු ගැසීම් දකිති. උදාහරණයක් වශයෙන් පූර්ව කොළොම්බියානු ජනගහන සංගණන වාර්තා , යුරෝපයේ සහ අපරදිග ශිෂ්ටාචාරයේ ගුණ දොස් සොයන්නන් සමග තදින් දේශපාලනීයකරණය වී ඇති බව රොබට් රෝයල් කියා සිටියි. සමහර උගතුන් කියා සිටින්නේ බොහෝ ආදිවාසීන් පදිංචිව සිටියේ මධ්‍යම ඇමරිකාවේ හා දකුණූ ඇමරිකාවේ වන අතර එයින් ආසන්න වශයෙන් 10% ක් පමණ පදිංචිව සිටියේ උතුරු ඇමරිකාවේ බවද කියා සිටිති.


සොලුට්‍රියන් කම්පනයෙන් කියාසිටින්නේ ඇමරිකාව තුළට සිදු වූ ප්‍රාග් ‍ඓතිහාසික යුරෝපයේ සොලුට්‍රියන් සංස්කෘතියට අයත් ගල් ආයුධ තාක්ෂණය , ඇමරිකාවේ ක්ලෝවිස් ආයුධ තැනීමේ කලාවේ සංවර්ධනයට බලපෑමක් වූ බවයි. ආචාර්ය ඩෙනිස් ස්ටෑන්ෆෝඩ් (ස්මිත් සෝනියන් ආයතනය) සහ ආචාර්ය බ්රූස් බ්‍රැඩ්ලි (එක්සටර් විශ්ව විද්‍යාලය ) එම කල්පනයේ මූලික යෝජකයන් අතර වේ. මෙම කල්පනයට අනුව අයිස් යුගයේදී යුරෝපයෙන් උතුරු ඇමරිකාවට සංක1මණය වූවෝ (සොලුට්‍රියන් සංස්කෘතියට අයත්) , ම ආයුධ තැනීමේ ක්‍රම හඳුන්වා දෙමින් , පසුව උතුරු ඇමරිකාවේ පැතිරුණූ ක්ලෝවිස් තාක්ෂණය සඳහා පදනමක් වූ බව කිය වේ. මෙම කල්පනය සත්‍යය යැයි පිළි ගැනෙන්නේ සොලුට්‍රියන් හා ක්ලෝවිස් ආයුධ තැනීමේ කලාවල විශේෂ සමානකම් තිබීම සහ ඇමරිනාවන් එරටට සංක්‍රමණය වූවැයි කිව හැකි පෙරදිග ආසියාව , සයිබීරියාව හෝ බෙරින්ජියාව යන ප්‍රදේශවලින්ද ක්ලෝවිස් තාක්ෂණය තිබූ බවට සාක්ෂ්‍ය සොයා ගැනීමට නැති වීම නිසයි.

අමෙරිකානු ඉන්දියානු පුරාවෘත්ත ඔවුන්ගේ ගෞරවනීය ජනයාගේ සම්භවයන්ගේ විවිධත්වය කියාපායි. සමහරු එහිම සිටියෝ වූහ. සමහරු දෙවියන් හෝ සතුන් විසින් මවන ලද්දෝ වූහ. සමහරු විශේෂ දිශාවකින් සංක්‍රමණය වූවෝ වූහ, තවත් සමහරුන් මුහුද හරහා පැමිණියෝ වූහ.

කර්තෘ සහ නාකෝටා ඇක්ටිවිස්ට් වයින් ඩෙලෝරියා, Jr තම ග්‍රන්ථ වන රෙඩ් අත් හා වයිට් ලයිස්වල බීරිං සමුද්‍ර සන්ධි ගොඩබිම් මාර්ගය ප්‍රතික්ෂේප කරමින් කලින් සිටි තැනම සිටි සම්භවයක් ගැන කියවෙන මුඛ්‍ය ඉතිහාසයක් ගැන ප්‍රකාශ කර ඇත. ඩෙලෝරිකා නව පෘථීවි සංකල්පයක් පිළිගනිමින් කියා සිටින්නේ ස්වදේශික ඇමරිකානුවන් ඇත්ත වශයෙන්ම හට ගත්තේ ඇමරිකාවේ බවය.




References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Native_American_%28Americas%29#Original_peopling_of_the_Americas