ඇමරිකානු උපදේශන සංගමය

විකිපීඩියා වෙතින්
ඇමරිකානු උපදේශන සංගමය
සංස්ථාපනය1952
මූලස්ථානයඇලෙක්සැන්ඩ්‍රියා, ඇමරිකා එක්සත් ජනපදය
Sue Pressman
Main organ
Counseling Today
වෙබ් අඩවියcounseling.org

ඇමරිකානු උපදේශන සංගමය උපදේශක කටයුතු සඳහා වෙන් වූ ලාභ නොලබන වෘත්තීමය සංගමයකි. එය ලෝකයේ වෘත්තීමය උපදේශකයන්ගෙන් සැදුම්ලත් විශාලතම සංගමයයි.

ඉලක්කය[සංස්කරණය]

ඇමරිකානු උපදේශක සංගමයේ මූලික ඉලක්කය වනුයේ වෘත්තීමය උපදේශකයින් බිහි කිරීමෙන් සමාජයේ ජීව ගුණය වැඩි දියුණු කිරීමය. මීට අමතරව උපදේශන සේවාවේ වැඩි දියුණු කිරීම සහ මිනිසාගේ ගරුත්වය හා විවිධත්වය පවත්වා ගැනීමට ද උපකාරී වේ.

ඉතිහාසය[සංස්කරණය]

මෙය මුලින්ම ඇරඹුණේ 1952 , ඇමරිකානු පුද්ගල හා මග පෙන්වීම් සංගමය නමිනි. මෙය ජාතික වෘත්තීය මග පෙන්වීම් සංගමය, උපදේශනය හා මග පෙන්වීම් සඳහා ජාතික සංගමය , ගුරුවරු පුහුණුව සඳහා ශිෂ්‍ය සංගමය සහ ඇමරිකානු පාසල් පුද්ගල සංගමයේ එකතුවකි. මෙය 1983 සිට පුද්ගල උපදේශන සහ දියුණුව සඳහා වූ ඇමරිකානු සංගමය ලෙස වෙනස් විණි. 1992 ජුලි 1 දා සිට ඇමරිකානු උපදේශන සංගමය ලෙස නම වෙනස් විණි.

වොෂින්ටන් නුවරට සමීපව ඇලෙක්සැන්ඩ්‍රියාවේ මෙහි මූලස්ථානය පිහිටා ඇත. මෙම සංගමය පුද්ගල රහසිගතභාවය සහ විශ්වාසය පවත්වා ගැනීම නිසා උපදේශකයින්ට තම සේවාදායකයින් සහ සිසුන්ට වැඩි දුරටත් ඔවු‍න්ගේ ප්‍රශ්නවලට උපකාරී වීමට හැකි වී ඇත. මෙම ඇමරිකානු උපදේශන සංගමය මගින් යුරෝපය , ලතින් ඇමරිකාව, පිලිපීනය වර්ගින් දූපත් ඇතුළු රටවල් 50කට තම සේවාව ලබා දී ඇත. මීට අමරතව මෙයට පද්ධති 19ක් සහ ශාඛා 56 ක් අන්තර්ගතය. මෙම සංගමය විවිධ සංගම් භා ඒකාබද්ධ වෙමින් තම සාමාජිකයින්ගේ අවශ්‍යතා වැඩි දුර සපුරාලීමට උපකාරී වේ.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඇමරිකානු_උපදේශන_සංගමය&oldid=510076" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි