ඇමඩෝ ඇවගාඪරෝ

විකිපීඩියා වෙතින්

ඇමඩෝ ඇවගාඪරෝ

ඇමඩෝ ඇවගාඪරෝ උපත ලැබුවේ ඉතාලියේ මියුරින්හි පියඪමොන්ට් නම් වංශවත් පවුලකටය. ඔහුගේ උපන් දිනය 1776 අගෝස්තු 9 වන දිනය. ඔහු වඩා ප්‍රචලිත වන්නේ මෞලික ස්කන්ධය හා ඇවගාඪරෝ නියමය වැනි විද්‍යාවේ සොයාගැනිම්වලටය. ඔහුට කරන ගෞරවයක් ලෙස ද්‍රව්‍ය (පරමාණු, අණු හෝ අයණ) මෞලයක ඇති ද්‍රව්‍යය ප්‍රමාණය ඇවගාඪරෝ අංකය ලෙස හදුන්වයි.

1811 දී ඔහු මෞලික ස්කන්ධ වල සාපේක්ෂ ස්කන්ධයන් සොයන්නේ කෙසේද පිළිබදවත් ඇවගාඪරෝ කල්පිතයන් සදහන් කරමින් ලිපියක් පල කලේය. මෙය ප්‍රංශ සගරාවක් වන ජුවර්නල් ඩි ෆිසික්ස්, ඩි වයිමි එම් ඩි හිස්ටොරී නැචුරෙල්" සගරාවට යොමු කරන ලදි.

1820 දී ඔහු මියුරින් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිලිබද මහාචාර්යවරයකු බවට පත්විය. ඔහුගේ පෞද්ගලික ජීවිතය පිළිබදව වැඩි සදහනක් දක්නට නොලැබේ. එනමුත් ඔහු ෆෙලිසිටා මාසේ සමග විවාහ වූ බවත් දරුවන් 6 දෙනෙක් ලද බවත් පැවසේ.

ඇවගාඪරෝ මහජන උපදේශන පිළිබද රාජකීය සුපිරි කවුන්සිලයේ සාමාජිකයකුද වේ. ඔහු විශ්වවිද්‍යාලය තුල සංඛ්‍යානය, කාලගුණ විද්‍යාව හා බර හා මිනුම් පිළිබද ධුරද ‍ෙහබවිය.

ඔහු සොයාගත් ඇවගාඪරෝ අංකය පලමුව ජර්මන් ජාතික ජෝන් ජෝසප් ලෝෂ්මිඩ්ට් විසින් ගණනය කරන ලදී. මෙය ලෝෂ්මිඩ්ට් අංකය ලෙස ජර්මන් කතාකරන රටවල් වල හදුන්වයි.

"https://si.wikipedia.org/w/index.php?title=ඇමඩෝ_ඇවගාඪරෝ&oldid=471714" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි