ඇපලෝ චන්ද්‍ර ගොඩ බෑමේ වංචා පිළිබඳ සිද්ධාන්තය
Jump to navigation
Jump to search
ඇපලෝ චන්ද්‍ර ගොඩබෑමේ වංචා කිරීම් පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්නන් කියා සිටින්නේ ඇපලෝ චන්ද්‍ර ගොඩ බෑමේ සියලු හෝ සමහරක් කොටස් නාසා හා අනෙකුත් ඊට අයත් සංවිධානවල සාමාජිකයන් විසින් ව්‍යාජ ලෙස රූ ගත කළ බවයි. සමහරක් කණ්ඩායම් හා තනි පුද්ගලයන්ට විවිධ මට්ටමේ උසස් සිද්ධාන්ත ඇති අතර පහත ඒවා ද ඒවාට ඇතුළත් වේ.
- ඇපලෝ ගඟනගාමීන් සඳ මත පා තැබුවේ නැත.
- නාසා හා අනෙකුත් සංවිධාන ඡායාරූප, චිත්‍රපටි, සම්ප්‍රේෂණ හා පාෂාණ සාම්පල ඇතුළත් සාක්ෂි නිෂ්පාදනයෙන්, විනාශ කිරීමෙන් හෝ වෙනස් කිරීමෙන් සැලසුම් සහගතවම මහජනයා මුලාවට ලක් කර ඇත.
- වර්තමානය දක්වාම නාසා හා අනෙක් අය අඛණ්ඩව මෙම කුමන්ත්‍රණයට ක්‍රියාකාරීව සහභාගී වේ.
බොහොමයක් විචාරකයින් මෙම වංචා කිරීම පිළිබඳ ප්‍රකාශ කිරීම් නිෂ්ප්‍රභා කරන ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර ඇත. ගෝල්අප් සංවිධානය මඟින් 1999 දී සිදු කරන ලද මත විමසුමෙන් පැහැදිලි වූයේ ඇමරිකානු මහජනතාවගෙන් 89%ක් චන්ද්‍ර ගමන නියම එකක් සේ සැලකූ බවත් 6%ක් එලෙස නොසැලකූ බවත් 5% ක් කිසිදු තීරණයකට නොඑලඹුණු බවත්ය.