ඇනිමි

විකිපීඩියා වෙතින්


ඇනිමි යනු ‘සජීවීකරණය’ යන්නට යෙදෙන ඉංගී‍්‍රසි වචනයේ කෙටි කිරීමකි. ජපානයේ මෙම වචනය පොදුවේ සජීවීකරණ රූප හැඳින්වීම සඳහා යොදාගනු ලැබූවද ඉංගී‍්‍රසි භාෂාවේදී එය යොදාගනු ලබන්නේ සජීවීකරණයේ එක් උපකුලකයක් වන ජපානයේ නිෂ්පාදනය වන සජීවීකරණයන් සඳහාය.

ඇනිමි සාම්ප‍්‍රදායිකව අතින් අඳිනු ලැබූවද පසුගිය වසර කිහිපය තුල පරිගණක සහාය සහිත තාක්‍ෂණයන් ප‍්‍රචලිත වී ඇත. ඒවා රූපවාහිනී වැඩසටහන් මාලා, චිත‍්‍රපට, වීඩියෝ කී‍්‍රඩා සහ අන්තර්ජාලය පදනම් කරගත් නිකුත් කිරීම යනාදියට ඇතුලත්ව ඇති අතර ප‍්‍රබන්ධයන්ගේ සියලූම ෂානරයන් නියෝජනය කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=ඇනිමි&oldid=472767" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි