ඇත්කඳ රජමහා විහාරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

'ඇත්කඳ රජමහා විහාරය'

කුරුණැගල දිස්ත‍්‍රික්කයට මානික්‍යයක් බදු වු එම නඟර මධ්‍යයේ ඇතුඟල පාමුල පිහිට මෙම ස්ථානයට ළඟා වීම සඳහා මහනුවර මාර්ගයේ සිට මීටර් 150 ක් පමණ ගමන් කළ යුතු වේ. අතිතයේ මෙම නඟරය හස්ති ශෛල්‍යපුර ලෙස හඳුන්වා දී ඇත. මෙම විහාරය අවට ප‍්‍රධාන ගල් කඳුවැටි කිපයක් ඇත. එනම් ඉබ්බාගල, ආදාගල , අංගංගල , එළුගල , කුරුමිණියාගල , යක්දෙස්සාගල ආදි වශයෙනි.අතීතයේ ඉන්දියාවේ කුරුරට සිට පැමිණී ඉන්දියානුවන් පදිංචි වී සිටි නිසා කුරුණෑගල ලෙස මෙම ප‍්‍ර‍්‍රදේශයේ හැදින් වු බවද ඇතැම්හු පවසති.මහින්දාගමනයට පෙර සිටම මෙම ප‍්‍රදේශයේ ආදිවාසීන්ගේ ජනාවාස වූ බව ද ඔවුන් සූර්ය වන්දනාව කල බවද පැවසේ. මහින්දාගමනයෙන් පසු දෙවන පෑතිස්ස රජුගේ නියමයෙන් ඒ රජුගේ මයිලනුවෙකු වු සූරතිස්ස නම් රජතුමා ( ක‍්‍රි.පූ. 187 - 177 ) වකවානුවේ දී මෙම විහාරය කරවූ බව පැවසේ. මෙහි පිහිටි බෝධි වෘක්ෂය අනුරාධපුර යුගයට අයත් වේ. එසේම 1වන අග‍්‍රබෝධ් රජතුමා ක‍්‍රි.ව. 571 - 604 වකවානුවේ දී මෙම විහාරයට ප‍්‍රාසාදයක් ඉදිකරවා දුන් බව පැවසේ. එහි නටඹුන් ද අනුරාධපුර යුගයට අයත් සෙල්මුවා පිළිම දෙකක් ද දක්වට ඇත. ඒවා පිරියම් කරවා වර්ණගන්වා ඇත. මෙම විහාරයේ ප‍්‍රධාන ලෙන සමඟ තවත් කුඩා ලෙනක් ඇත. ඒ අනුව මෙම විහාරය ලෙන් විහාර ඝනයට අයත් වේ. මෙම ලෙන් විහාර දෙකෙහිම වියන් චිත‍්‍ර දර්ශනිය ලෙස සත් සතිය නිරූපනය කර ඇත. බිතු සිතුවම් මඟින් මහින්දගමනය- ප‍්‍රජාපතී ගෝතම්යගේ කඨින චිවර පූජාව- රජගහ නුවර පිඩුසිඟා වැඞීම ආදීය සිතුවම් කර මෙම විහාරස්ථානය තුළ පුරාවස්තු රැසක් ඇත. ඒ අතර විශේෂිත පාෂාණ වර්ගයකින් සාදන ලද ඩබරාව හෙවත් ජල පෙරනය වැදගත් තැනක් ගනී. එමෙන්ම මෙම විහාරයේ තැන්පත් කර ඇති ජාතක කතා පොත් වහන්සේ නම් ග‍්‍රන්ථය ඇතුපිට තබා පෙරහරින් නඟරය වටා ප‍්‍රදක්ෂිණා කිරීම සිරිතකි. එය දඹදෙණියේ රජකළ පණ්ඩිත පරාක‍්‍රමභාහු රජතුමාගේ රාජ නියෝගයකි. ( ක‍්‍රි.ව. 1302 - 1326 * එමෙන්ම ක‍්‍රි.ව. 1815 න් පසු කුරුණැගල උසාවියේ නඩු කටයුතු වල දී මෙම විහාරයට පැමිණි සාක්ෂිකරුවන් උසාවි නිලධාරීන් ඉදිරිපිට දී ජාතක කතා පොත් වහන්සේට අතතබා දිව්රීමේ සිරිතක් පැවති බව කොඞ්රින්ටන් සහ ජෙරන් ඬේව් යන පුර විදඥයන් ගේ ලේඛණ වල සඳහන් වේ. ඇත් කඳ විහාරයට අයත් ගලේ බණ්ඩාර දේවාලය තුළ එම දෙවියන්ට අයත් ඇඳුම් ආ- යිත්තම් තැන්පත් කර ඇත. මෙම ගලේ බණ්ඩාර දෙව්යන් ජීවමාන ප‍්‍රාදේශීය දේව සංකල්පයකි. කුරුණෑගල අගනුවර යුගයේ කුරුණෑගල රජකළ දෙවන බුවනෙකභාහු රජුට සහ සිය මුස්ලිම් ජාතික බිසවකට දාව උපන් වත්හිමි බුවනකබාහු හෙවත් තුන්වන බුවනෙකභාහු කුමරු කුමන්ත‍්‍රණයක් මඟින් ඝාතනය වීමත් සමඟ මෙම ගලේ බණ්ඩාර දේව සංකල්පය ආරම්භ වි ඇත.දෙවන බුවනෙකබාහු රජුගේ ඇවෑමෙන් ඔටුන්න හිමි කුමරු ලෙස සිටි මුස්ලිම් ජාතික බිසවට උපන් වත්හිමි බුවනෙකබාහු කුමරුට රජකම උරුම වීමත් සමඟ අමාත්‍යවරු සහ වන්නි බුවනෙකබාහු කුමරු කුමන්ත‍්‍රණයක් සිදුකර යාගයක් සුදානම් කරවා ඇතුගල මුදුනේ රැුහැනින් එල්වන ලද යාග මණ්ඩපය සූදානම් කරවා පවත්වා මධ්‍යම රාත‍්‍රියේ දී රජු යාග මණ්ඩපයේ සිටිද්දීම රැුහැන කපා වත්හිමි රජු ඇතුගල පාමුල හෙලා ඝාතනය කරවා ඇත. අනතුරුව ප‍්‍රදේශයේ ජිවත් වූ මුස්ලිම් බ්සවගේ ඥාතීන් සහ වත්හිමි බුවනෙකබාහු කුමරුගේ හිතවතුන් ඇතුගල පාමුල තිබූ රජුගේ මල සිරුරු භූමිදානය කර එම ස්ථානයේම දේවාලයක් ඉදිකර පුදසිරිත් ඉටුකර තිබේ. ඒ අනුව අද දක්වාම ප‍්‍රදේශයේ මුස්ලිම් සිංහල බැතිමතුන් ද මෙම ගලේ බණ්ඩාර දේවාලයේ පුද පූජා වලට සහභාගී වනු දක්නට ලැබේ. රත් සදුන් ලීයෙන් කරන ලද අඩි 2ක්පමණ උසින් යුතු වූ ගලේ බණ්ඩාරදේව ප‍්‍රථිමාවක් ද මෙම දේවාලයේ තැන්පත් කර ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ඇත්කඳ_රජමහා_විහාරය&oldid=284290" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි