ඇක්සුමයිට් අධිරාජ්‍යය

විකිපීඩියා වෙතින්
ඇක්සුමයිට් අධිරාජ්‍යය

ක්‍රි.පු 1 වැනි සියවසේ සිට ජාත්‍යන්තර වෙළෙදාමේ පුරෝගාමියෙකු වූ ඇක්සුමයිට් රාජ්‍යය එම සියවසේ අගභාගය වන විට ඉස්ලාම්වරු වෙළෙදාමේදී නැගීසිටීමත් සමඟ අඩාල විය.

අප්‍රිකා මහද්වීපයේ ඊසාන දිගින් වූ ඉතියෝපියාව හා එරිත්‍රියා රාජ්‍යයන් මැදිකොට වු ඇක්සුම් අධිරාජ්‍යය පුරාණ ඉන්දු-රෝම මුහුදු වෙළෙඳ මාර්ගයේ වැදගත් කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකිණි.

ක්‍රි.පු 1 වැනි සියවසේදී ලියැවුණු "Periplus of the Erythraean Sea” කෘතියේ සඳහන් පරිදි ඇක්සුම් අධිරාජ්‍යය ඇත්දත් අපනයනය සඳහා මහත් ප්‍රසිද්ධියක් උසුලා ඇත. එම කෘතියේ වැඩිදුරටත් සඳහන් වන්නේ එකල මෙම අධිරාජ්‍යය සොස්කේල්ස් (Zoscales) නම් පාලකයෙක් යටතේ පාලනය වූ බවයි. මොහු ඇක්සුම් රාජ්‍යයට අමතරව රතු මුහුද ආශ්‍රිත වූ ඇඩියුලිස් (Adulis) හා ඇවලයිට්ස් (Assab) නම් වරායන් දෙකද පාලනය කර ඇත.

ඇක්සුම් රාජ්‍යය වඩාත් වැදගත් වීමට එහි පිහිටීම මහත් සේ ඉවහල් වේ.ඊට හේතුව නම් මෙම අධිරාජ්‍යය ඉන්දු-රෝම මුහුදු වෙළෙඳ මාර්ගයේ පිහිටීමයි. ක්‍රි.ව 100 පමණ වන විට මෙම මුහුදු වෙළෙඳාම වඩාත් දියුණු තත්ත්වයකට පත්වීම ඇක්සුම් රාජ්‍යයට වාසි දායක විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇක්සුම් රාජ්‍යය යටතේ පාලනය වුණු ඇඩියුලස් වරාය අප්‍රිකානු අපනයනයන් සඳහා භාවිතා වුණු ප්‍රධානතම නැව්තොට බවට පත්විණි.

ක්‍රි.පූ 1 පමණ වන විට ඇඩියුලස් වරාය පිහිටි කියෝපයිට් නම් භූමි ප්‍රදේශයද ඇක්සුම් රාජ්‍යයට ඈදා ගැනුණු අතර දෙවන හා තෙවන සියවස වන විට රතු මුහුදෙන් දකුණු භූමි ප්‍රදේශය දක්වා ඇක්සුමටයිට් අධිරාජ්‍යය විහිදී තිබිණි.


සටහන්[සංස්කරණය]

Axumite_Kingdom