Jump to content

ආහාර ඉංජිනේරු ශිල්පය

විකිපීඩියා වෙතින්
ජර්මනියේ පාන් කර්මාන්ත ශාලාවක්

ආහාර ඉංජිනේරු ශිල්පය යනු ආහාර නිෂ්පාදනය කිරීම හා සැකසීමේ ක්‍රියාවලිවලට සම්බන්ධ ඉංජිනේරු ශිල්පයයි. කෘෂිකාර්මික ඉංජිනේරු ශිල්පයේ යෙදීම් හා ආහාර ද්‍රව්‍ය සඳහා වූ රසායනික ඉංජිනේරුමය න්‍යායන්ද මීට ඇතුළත් වන නමුත් ඒවාට පමණක් සීමා නොවේ. නමුත් ශාක හා සතුන්ගේ ජානමය වැඩි දියුණු කිරීම ආහාර ඉංජිනේරුවරයෙකුගේ කාර්යයක් නොවේ.

ආහාර ඉංජිනේරු ශිල්පය යනු ඉතා පුළුල් පරාසයක් සහිත ක්‍රියාවලියකි.එහි දැනුම් හා ක්‍රියාවලි අතර පහත ඒවා වේ.

  • ආහාර නිපදවීම සඳහා යන්ත්‍ර හා ක්‍රියාවලි සැලසුම් කිරීම
  • ආහාර නිෂ්පාදනයේ දී ආහාර ආරක්ෂා කිරීමට හා සංරක්ෂණය කිරීමට ක්‍රම සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම
  • ආහාර නිෂ්පාදනය පිළිබඳ වූ ජෛව තාක්ෂණික ක්‍රියාවලි
  • ආහාර ඇසුරුම් ද්‍රව්‍ය තෝරා ගැනීම හා සැලසුම් කිරීම
  • ආහාර නිෂ්පාදනයේ තත්ත්ව පාලනය
"https://si.wikipedia.org/w/index.php?title=ආහාර_ඉංජිනේරු_ශිල්පය&oldid=471987" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි