Jump to content

ආහාරයෙන්ම නිරෝගී වෙමු

විකිපීඩියා වෙතින්

දවසට කෑම වේල් පහකි. ප්‍රධාන වේල් තුනක් - උදේ, දවල්, හවස - සහ අතුරු වේල් දෙකක් - පෙරවරුවේ මැද, පස්වරුවේ මැද - යනුවෙනි. මේ වේල් පහට මොන මොනවා හරි ගැනීම - ඇතැම් විට පොහොසත් විදියට ගැනීම දැනුමක් අනුව කළ යුතු දෙයක් බව දැන් දැන් කතාබහට ලක් වී ඇත්තේ පවුලේ අය භාජනය වී සිටින විවිධ රෝග නිසා පවුලේ ආහාර වේල වැරදි බවට හැඟීමක් ඇති වී තිබීම නිසයි. එය ඇත්තකි, අපේ ආහාර වේල වැරදිය. අනවශ්‍ය බොහෝ දේවල් අපේ ආහාර වේලේ අඩංගුය. ඒ නිසා අපේ ආහාර වේල රෝගී එකක් බව කීවොත් ඔබ එකඟ වනවා ඇත. ඒ හින්දා වෙන්න ඇති කාන්තා පිරිමි කවුරුත් දැන් හරි දේ කුමක්ද යන්න සොයන්නට පෙළඹී තිබේ. ඇත්තටම හරි දේ මොකක්ද?

ඒ හරි දේ:

1) මන්දපෝෂණය පිටුදකින එකක් විය යුතුය

2) අධික තරබාරුකම ඇති කරන එකක් නොවිය යුතුය

3) දොස් (වාතය, පිත, සෙම) කෝප කරන එකක් නොවිය යුතුය

4) නිදන්ගත රෝග අවුස්සන එකක් නොවිය යුතුය

5) සුවඳින්, පෙනුමෙන්, රසින් ප්‍රිය උපදවන එකක් විය යුතුය; කොටින්ම

6) ඖෂධයක්ම විය යුතුය

තව ටිකක් පැහැදිලි කරනවා නම් ශරීරය හරියට මෝරටර් රථයක් වැනිය. එය බල ගන්වන ඉන්ධනයක් තිබිය යුතුය. එමෙන්ම යම් දුරක් දුවලා ආවහම ඒක සිසිල් කරන ක්‍රමයක් තියෙන්නත් ඕනා. ගෙවුණු තැන් පිළිසකර කරන්නත් ඕනා. ශරීරයටත් මේ වගේ ඉන්ධන බලයක් සපයන්න ඕනා. මේ බලය සපයන කෑම බීම වැඩි හරියක් ගුණයෙන් උෂ්ණාධිකයි. ඒවා නොගෙන හැරියොත් අපේ ශරීරය කම්මැලි වී දුබලව වැහැරෙන වෙන එක වළක්වන්න බැහැ. ඒ එක්කම ඇඟ සිසිල් කරන කෑම බීම ගන්නත් ඕනා. ගෙවී ගිය කොටස් අළුත්වැඩියාවට වැදගත් වන මාංශ ජනක ධාතු සහ විටමින් ඛනිජ යන දෙවර්ගයත් ගන්න අවශ්‍යයි. මේක සමබරව කරන්නේ කොහොමද? එක් එක් ආහාර වර්ගය ගැන වෙන වෙනම සොයමින් කරුණු රැස් කරන එක තරමක් දුෂ්කර කාර්යයක් අද දවසේ. පැරැන්නන් කළේ කොහොමද? මොකක්ද ඒ රහස?

ඒ රහස මේකයි:

1) අපි උයන සකසන ආහාර පාන පුළුල් විවිධත්වයක් ඇතුව හදන්න ඕනා. අද එක ව්‍යංජනයක් හැදුවානම් ආයි තව සති දෙකකටවත් ඒක හදන්න එපා. විවිධ කෑම ජාතිවලින් ගන්න. එතකොට සමබරතාවය යම් පමණකට ආරක්ෂා වෙනවා.

2) ආහාරය හදන උයන ක්‍රමයේත් විවිධත්වයක් තියෙන්න ඕනා. එකම ක්‍රමයට හදන කොට අරුචිය ඇති වෙනවා.

3) සතියකට දවසක්වත් නිරාහාරව ඉන්න ඕනා. උදේ හිට හැන්දෑ වෙනකම් හිටියාම ඇති. එතකොට මේද තැන්පත්වීම - කොලෙස්ටරෝල් තැන්පත්වීම වැනි දේ සිදුවන්නේ නැහැ.

4) උදේට තරමක් බර ආහාර වේලක් ගන්න ඕනා. දවල් දවසේ වැඩ කරන කොට ඒකට අවශ්‍ය ශක්තිය සපයන්න පුළුවන් ආහාරයක් - ටිකක් පිටි සහිත ආහාරයක් - ගැනීම හොඳයි.

5) පෙරවරුවෙ මැද 10 ට විතර මොනව හරි විකලා - බොන්න යමක් - හදන එක සිරිතක්. කැවිල්ලක් සහ රස්නෙ පිට පානයක් සුදුසුයි. දවල් එක විතර වෙනකම් වැඩ කරන්න පුළුවන් එතකොට.

6) දවල්ට හොඳ සම්පූර්ණ ආහාර වේලක් අවශ්‍යයි. පස්මාළු සහිත නම් වඩාත් හොඳයි. පස්මාළු මොනවද කියලා කියල දෙන්නම්.

7) පස්වරුවේ මැද හවස 4 ට විතර ඇඟ නිවන පානයක් ගන්න එක හොඳයි. කැවිල්ලක් අවශ්‍ය නැහැ. පැණි රස අඩුවෙන් කහට රස වැඩියෙන් ඇති පානයක් සුදුසුයි. සිරප් වගේ හදන බීම එපා. හරියට ඉරමුසු තැම්බුවා වගේ බීමක් ඇති. හකුරු ටිකක් එක්ක සුදුසුයි.

8) රෑටත් හොඳ පස්මාළු සහිත ආහාර වේලක් සුදුසුයි. රෑට බඩගින්නේ නිදා ගන්න එක සුදුසු නැහැ. සැහැල්ලු ආහාර කතා පැරැන්නන් අතර තිබුනේ නැහැ. ඇඟ ගෙවී ක්ෂය වී යන ක්‍රම නොවෙයි තිබුනේ. හැම විටම වැඩ කරන කෙනා රෝගියෙක් - ගිලන්පස ගන්නා ක්‍රමයක් තිබුනේ.

9) විශේෂ ලෙඩක් නැත්නම් මස් ආහාරයට ගන්න එපා. ලෙඩක් ඇතොත් හරි කවුරුවොත් පිළිගැන්වුවොත් හරි මස් කෑවට කමක් නැහැ. නිතර පාවිච්චිය සුදුසු නැහැ. පවුලේ කවුරු හරි දුර්වල වගේ පේනවා නම්, වැඩෙන වයසේ පොඩි දරුවන්ට දෙන්න අවශ්‍ය නම්, ඒ නැතත් රස හොයන අය ඉන්නවා නම් මාළු කොපමණ ගත්තත් කමක් නැහැ. ඒ හොඳටම ඇති.

10) පැවිදි උතුමන්ට, කාර්යාල සේවකයන්ට, ගැබිණි මව්වරුන්ට ගැලපෙන පරිදි වෙනස් කරගන්න වෙනවා.

"https://si.wikipedia.org/w/index.php?title=ආහාරයෙන්ම_නිරෝගී_වෙමු&oldid=470575" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි