ආවාට

විකිපීඩියා වෙතින්

ආවාට සෑදීම[සංස්කරණය]

මිනිසා හෝ ස්වභාවික හේතුවක් නිසා අධික ප්‍රවේගයක් ඇති වස්තුවක්, භූමියක ගැටීමෙන් ඇතිවන අවපාතය හේතුවෙන් ආවාට සෑදේ. ග්‍රහලෝක, චන්ද්‍රයන් හා සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් වස්තූන්ගේ මෙම ආවාට දැකිය හැකිය. මෙම ආවාට සෑදීම අධිප්‍රවේගය ඇති කුඩා වස්තූන් නිසා සිදු වේ. මෙම ආවාට විවිධ භ්‍රමණයන්ගෙන් හා හැඩයන්ගෙන් දැකිය හැකිය. නමුත් බොහෝ විට වෘත්තාකාර ආවාට දැකිය හැකිය. මෙම ආවාට සෑදීම් බොහෝමයක් චන්ද්‍රයා, බුධ, බ්‍රහස්පතිගේ කැලිස්ටෝ (Callisto) චන්ද්‍රයා හා ගැනීමේඩ් (Ganymede) චන්ද්‍රයාගේ ඇතුළු කුඩා චන්ද්‍රයන් හා ග්‍රාහකයන්ගේ දැකිය හැකිය. මෙයට හේතුව මෙම වස්තූන්ගේ ස්කන්ධය අඩු නිසා වායුගෝලයක් නොපිහිටීමයි. ආවාට ඇතිවීමට බලපාන හේතුව ග්‍රාහකයන් වැඩි වශයෙන් බලපාන්නේ පෘථිවිය, සිකුරු, අගහරු “යුරෝපා (Europe), ඉයෝ (Io), ටයිටන් (Titan)” චන්ද්‍රයන් වැනි විශාල වස්තූන්ටය. නමුත් මෙම වස්තූන්ට වායුගෝලයක් තිබීම හේතුවෙන් මෙම ග්‍රාහක අවශේෂ (erode) බවට පත් වේ. පොළොවට ළං වන්නා වූ ග්‍රාහක කැබලි ඇති කරන ආවාට වැලලීම හා භූ කම්පන ආදියේදී වෙනස් වීමට ලක් වේ. අතීතයේදී, එනම් වසර බිලියන 3.8 කට පෙර මෙම ග්‍රාහකයන්ගේ බලපෑම අධික විය. මේ හේතුවෙන් විෂ්කම්භය (Diameter) කි. මී. සියගණන් විශාල වූ ආවාට දැකිය හැකි විය. එතැන් පටන් ග්‍රාහක වල බලපෑම අඩුව තිබේ. එම යුගයෙන් පසු පෘථිවියට ඇති බලපෑම වසර මිලියනයකට, කි. මී. 20 ක විෂ්කම්භයක් ඇති ආවාට සෑදීමට තරම් ප්‍රබල ග්‍රාහක 1 – 3 ක පමණ විය. මෙම සාමාන්‍ය අගය සලකා බැලීමේදී පෘථිවිය මත තවමත් සොයාගැනීමට නොහැකි වූ ආවාට රාශියක් ඇති බව පැහැදිලි වේ. පෘථිවියේ සක්‍රීය තලය නිසා මෙම ආවාට ඉක්මනින් විනාශ වේ. එහෙත් දැනට ආවාට 170 ක් පමණ හඳුනාගෙන ඇත. මෙම ආවාටයන්ගේ විෂ්කම්භය කුඩා මීටර් ප්‍රමාණ වල සිට කි. මී. 300 තරම් විශාල පරාස දක්වා විහිදෙයි. මෙම ආවාට වල වයස මෑතක සිට වසර බිලියන 2 ක් දක්වා වේ. මෑතකදී හඳුනාගත් ආවාටයක් ලෙස 1947 රුසියාවේදී හමුවූ Sikhote – Alin ආවාටය නම් කළ හැකිය. නමුත් බොහෝ ආවාට වසර මිලියන 200 ට වඩා අළුත් වේ. පැරණි ආවාට විනාශ වීම ‍මීට හේතුවයි. මහද්වීප වල ස්ථායි වූ මධ්‍යයේත්, මුහුද යටත් ආවාට සොයාගෙන ඇත. මුහුදේ ආවාට මුහුදේ ගිලාබැසීම් හා භූචලන නිසා විනාශ වේ. එමෙන්ම මුහුදේ ආවාටයන් පරීක්ෂා කිරීමද ඉතා අපහසු වේ.


සටහන්[සංස්කරණය]

| Impact Crater |}

"https://si.wikipedia.org/w/index.php?title=ආවාට&oldid=470570" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි