ආර්.එල්. ස්පිට්ල්

විකිපීඩියා වෙතින්
(ආර්. එල්. ස්පිට්ල් වෙතින් යළි-යොමු කරන ලදි)
රිචඩ් ලයනල් ස්පිට්ල්
උපත1881 දෙසැම්බර් 09
මියගිය දිනය1969 සැප්තැම්බර් 03
ජාතිකත්වයලාංකික
උගත් ශාස්ත්‍රාලයරාජකීය විද්‍යාලය, කොළඹ,
ලංකා වෛද්‍ය විද්‍යාලය
රැකියාවශල්‍ය වෛද්‍ය

දොස්තර රිචඩ් ලයනල් ස්පිට්ල්, සීඑම්ජී, සීබීඊ, එෆ්ආර්සීඑස් (පොදුවේ හැඳින්වෙන්නේ දොස්තර ආර්. එල්. ස්පිට්ල් ලෙසිනි) (දෙසැම්බර් 9, 1881 – සැප්තැම්බර් 3, 1969) ලාංකීය වෛද්‍යවරයෙක්, ස්වභාව විද්‍යාඥයෙක් සහ ගත් කතුවරයෙක් විය. ඔහු වැදි ජනතාව පිළිබඳ අග්‍රගණ්‍ය විශේෂඥයන් අතුරින් එක් අයෙකි.

අධ්‍යාපනය සහ වෘත්තීය දිවිය[සංස්කරණය]

වෛද්‍ය ෆෙඩ්‍රික් ජෝර්ජ් ස්පිට්ල් (පසු කාලීනව ලංකා සෞඛ්‍ය සේවයේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියෙක් ලෙසද කටයුතු කළ) හට දාව තංගල්ලේදී උපත ලැබූ ආර්. එල්. ස්පිට්ල් මහතා කොළඹ රාජකීය විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය ලැබීය. පසුව ලංකා වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වූ ඔහු ඉන් 1905 දී Licentiate in Medicine and Surgery උපාධිය සමත් විය. ඉන් අනතුරුව ඔහු රාජ්‍ය වෛද්‍ය සේවයට එක්වූ අතර සිය උසස් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීම සඳහා බ්‍රිතාන්‍යයට යවන ලදී. එහිදී සිය බද්ධ ඩිප්ලෝමාව 1908 දී නිමා කළ ඔහු 1909 දී රාජකීය ශල්‍ය වෛද්‍යවරුගේ විද්‍යායතනයේ ආශ්‍රිත සාමාජිකත්වය (FRCS) ලබා ගත්තේය.

1910 දී නැවත ලංකාව්ට පැමිණි ඔහුට කොළඹ මහ රෝහලේ තෙවැනි ශල්‍ය වෛද්‍ය තනතුරට පත්වීම ලැබිණි. පසුව ජ්‍යේෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයෙක් මෙන්ම කොළඹ වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කළ ඔහු 1935 දී විශ්‍රාම ගත්තේය.

කතුවරයෙකු ලෙස[සංස්කරණය]

ස්වභාව විද්‍යාඥයෙක් ලෙස වෛද්‍ය ස්පිට් මහතා ලංකාවේ වනාන්තර වල බොහෝ සංචාර වල නිරත විය. ඔහු එම සංචාර වලදී තුරුලතා පිළිබඳව මෙන්ම ලංකාවේ ආදිවාසීන් වන වැද්දන් ගැනද අධ්‍යයනයේ නිරත විය. වෛද්‍ය ස්පිට්ල්ගේ එම අධ්‍යයන ඔහුව එවකට ඉතා අඩුවෙන් ලොව තේරුම් අරගෙන සිටි වැදි ජනතාව පිළිබඳ විශේෂඥයෙකු බවට පත් කළ අතර ඔහු සිය අධ්‍යයන කටයුතු උපයෝගී කරගෙන ග්‍රන්ථ කිහිපයක්ම රචනා කළේය. ඔහුගේ නිර්මාණ අතර නවකතා, කාව්‍ය එකතූන් මෙන්ම පර්යේෂණ ග්‍රන්ථද වෙයි.

ග්‍රන්ථ නාමාවලිය[සංස්කරණය]

නවකතා[සංස්කරණය]

  • වයිල්ඩ් වයිට් බෝයි
  • වයිල්ඩ් සිලෝන්
  • Savage Sanctuary
  • Far-off Things
  • Where the White Sambhur Roams
  • Vanished Trails
  • Brave Island (1966)

පද්‍ය එකතූන්[සංස්කරණය]

  • Leaves of the Jungle

වෛද්‍ය පොත්[සංස්කරණය]

  • අ බේසිස් ඔෆ් ස'ජිකල් හාඩ් ව'ක්
  • Framboesia Tropica
  • Essentials of Surgery

පවුල් දිවිය[සංස්කරණය]

වෛද්‍ය ස්පිට්ල්, එවකට ලංකාවේ සිටි වඩාත් ගෞරවනීය වෛද්‍යවරයන්ගෙන් එක් අයෙකු වූ වෛද්‍ය W G වැන් ඩොර්ට් මහතාගේ දියණිය වී ක්ලැරිබෙල් ෆ්‍රාන්සස් වැන් ඩොර්ට් මෙනෙවිය හා විවාහ විය.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ආර්.එල්._ස්පිට්ල්&oldid=630068" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි