ආර්. ආර්. ඩබ්. රාජපක්ෂ

විකිපීඩියා වෙතින්

රාජපක්ෂ දේවගේ රණපාල විජයවර්ධන රාජපක්ෂ (1924-1966) යනු, ලාංකීය දේශපාලනඥයෙක් විය. ඔහු 1965 සිට 1966 දක්වා, දොඩන්ගස්ලන්ද සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විය. [1] රාජපක්ෂ මහතා දොඩන්ගස්ලන්ද කොට්ඨාශය සඳහා පළමුවෙන් තරග වැදුනේ මාර්තු1960 මහා මැතිවරණය සහ ජූලි 1960 මහා මැතිවරණය තුලදී වන අතර, එනමුදු එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ඒ. යූ. රොමානිස් විසින් පරාජය කරනු ලැබ ජූලි1960 මහා මැතිවරණයෙහිදීද යළි පරාජය කරනු ලැබීය. 1965 මහා මැතිවරණයට තරග වැදුනු ඔහු, රෝමානිස් පරාජය කොට ජය ගති. නිලය දරද්දීම 1966 වසරෙහිදී ඔහු මිය ගිය අතර, 1967 වසරෙහිදී පැවැත්වුනු අතුරු මැතිවරණයෙහිදී ඔහුගේ අනුප්‍රාප්තික ලෙසින් ඔහුගේ බිරිඳ ලෙටීෂියා රාජපක්ෂ පත්වූවාය.[2]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "හොන්. රාජපක්ෂ, රාජපක්ෂ දේවගේ රණපාල විජයවර්ධන, එම්.පී". parliament.lk. ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 7 නොවැම්බර් 2019.
  2. "හොන්. රාජපක්ෂ, දැදිගම දේවගේ ලිලියන් ලැටීෂියා (මිසිස්.), එම්.පී". parliament.lk. ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 7 නොවැම්බර් 2019.
"https://si.wikipedia.org/w/index.php?title=ආර්._ආර්._ඩබ්._රාජපක්ෂ&oldid=444710" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි