ඊජිප්තුවේ IIIවන ආර්සිනෝයි

විකිපීඩියා වෙතින්
(ආර්සිනෝයි III තියා ෆිලොපේටර් වෙතින් යළි-යොමු කරන ලදි)
ආර්සිනෝයි III තියා ෆිලොපේටර්
ඊජිප්තුවේ රැජින
උපතක්‍රි.පූ. 246–245 පමණ
මරණයක්‍රි.පූ. 204
වල්ලභයාටොලමි IV
දරුවන්ටොලමි V එපිෆේනස්
සම්පූර්ණ නාමය
ආර්සිනෝයි III තියා ‍ෆිලොපේටර්
රාජවංශයටොලමයික
පියා‍ටොලමි III
මවබෙරෙනිස් II

ආර්සිනෝයි III ෆිලොපේටර් (පුරාතන ග්‍රීක: Ἀρσινόη ἡ Φιλοπάτωρ; අර්ථය "පියාට ආදරය කරන ආර්සිනෝයි", ක්‍රි.පූ. 246/245 – 204) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ විසූ රැජිනකි (ක්‍රි.පූ. 220 – 204). ඇය IIIවන ටොලමි සහ IIවන බෙරෙනිස්ගේ දියණිය වූවා ය.[1]

ක්‍රි.පූ. 220 ඔක්තෝබර් මස අග සිට නොවැම්බර් මුල දක්වා කාලය තුළ ඇයව ඇගේ සොයුරා වූ IVවන ටොලමි හට විවාහ කර දී තිබේ. ඇය රාජ්‍ය පාලනය සඳහා ක්‍රියාකාරීව දායක වූ අතර, අවම වශයෙන් බලවත් අමාත්‍ය සොසිබියස් පවා ඇයට ඉඩ දී තිබේ. ක්‍රි.පූ. 217 රැෆියා සටනේ දී මහා ඇන්ටියෝකස් සමග යුධ වැදීමට ඇය විසින් පාබල සහ අශ්වා‍රෝහක හමුදා මෙහෙයවා තිබේ. ඇය Vවන ටොලමිගේ මව වූවා ය. ක්‍රි.පූ. 204 ග්‍රීෂ්ම ඍතුවේ දී මාලිග ක්‍රමන්ත්‍රණයකින් ඇයව ඝාතනය කෙරුණේ ඇගේ සැමියාගේ මරණින් මඳ කලකට පසුවයි.[2] ඉරටොස්තීනිස් විසින් රචනා කරන ලද ආර්සිනෝයි නැමැති අත්පිටපත මෙම රැජින පිළිබඳ මතක සටහනක් ලෙස සැලකේ. පුරාතන විද්වතුන් රැසක් මේ පිළිබඳ සඳහන් කොට තිබුණ ද, වර්තමානයේ එය දක්නට නැත.

පෙළපත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ඩොඩ්සන්, ඒඩන් සහ හිල්ටන්, ඩියෑන්; ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. තේම්ස් ඇන්ඩ් හඩ්සන්. 2004. ISBN 0-500-05128-3.
  2. ආර්සිනෝයි III සංරක්ෂණය කළ පිටපත 2011-07-16 at the Wayback Machine ක්‍රිස් බෙනට් විසිනි.

සැකිල්ල:AncientEgypt-bio-stub