ආර්ථික විද්‍යා තර්කනය
ආර්ථික විද්‍යාව සමකාලීන කේෂත්‍රයක් ලෙස බරපතල තර්ක විලාසයක් මත රඳා පවතී. අනෙක් න්‍යායන්ට වඩා විස්තර කිරීමේ හැකියාව අතින් වඩාත් සරල, ඵළදායී හා විශ්වසනීය වන න්‍යායන් ක්‍රමවත්ව සකස් කිරීම මෙහි අරමුණු වලට ඇතුලත් වේ. මෙහිදී පැහැදිලි කිරීමට ඇති විචල්‍යයේ සම්බන්ධතාවයන් වෙන්කර ගැනීම සඳහා විශ්ලේෂණය සැමවිටම සරල ආකෘතියකින් ආරම්භ කරණු ලබයි. එසේම, "අනෙකුත් දෑ ස්ථාවරයි" යන උපකල්පනය මගින් විශ්ලේශණයේ සංකීර්ණ බව අඩු කල හැකිය. උදාහරණ ලෙස, මුදල් ප්‍රමාණවාදී න්‍යාය මගින්, අනෙකුත් දෑ ස්ථාවරව පවතින විට මිල මට්ටම හා මුදල් සැපයුම අතර සම්බන්ධතාවයක් ඇතැයි උපන්‍යාස කරයි. දළ දේශීය නිෂ්පාදිතය සඳහාවන මිල දර්ශකය හා මුදල් සැපයුමේ මිණුමක් වැනි ආර්ථික තොරතුරු භාවිතා කරල ගොඩ නගනලද මෙම න්‍යාය පරීක්ෂා කල හැකිය. පාලිත පරීක්ෂණයක් නොකරනවිට, වෙනත් ආකාරයේ පැහැදිලි කිරීම් වලටද ඉඩහැර අනෙකුත් විචල්‍ය වල බලපෑම සඳහා ගැලපීමට ආර්ථික මිථික ක්‍රම මගින් ඉඩ සලසාදෙයි. ඉතාම මෑතකදී ආර්ථික විද්‍යාවේ පර්යේෂණ ක්‍රම භාවිතය‚ ආර්ථික විද්‍යාවේ සමහර ස්වභාවික විද්‍යාවල පෞරාණිකව සටහන් වුනු මුහුණුවරට අභියෝග කරමින්‚ විශාල ලෙස පුළුල් විය.
සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යා ආකෘති වල තර්කනයේ විවරණයන් මගින්, න්‍යාය සම්බන්ධතා නිරූපනය කිරීම සඳහා ද්විමාණ ප්‍රස්තාර භාවිතා කරණු ලබයි. සාමාන්‍යකරණයේ ඉහළ තලයකදී පෝල් සැමුවෙල්සන්ගේ ආර්ථික විශ්ලේෂණයේ පදනම (1947) ප්‍රත්‍යක්ෂමූල දත්ත මගින් නිශ්ප්‍රභා කලහැකි‚ අර්ථවත් ආර්ථික විද්‍යා සිද්ධාන්ත පරීක්ෂා කිරීමට‚ ගණිතමය ක්‍රම යොදාගන්නේ කෙසේදැයි පෙන්වා දෙන ලදී. එවැනි අදහස් න්‍යාය පරීක්ෂා කිරීම සඳහා අවකාශ ලබාදෙයි.
ඇතැම් පුද්ගලයන් ගණිතමය ආර්ථික විද්‍යාව ප්‍රතික්ෂේප කරයි. සරල තර්කයකට ඔබ්බෙන් වන ඕනෑම දෙයක් ආර්ථීක විශ්ලේෂණයට අනවශ්‍යය හා නුසුදුසු වේ යයි ඔස්ට්‍රියානු ආර්ථික විද්‍යා ගුරුකුලය තර්ක කරයි. සැබෑ ලෝකයේ සංසිද්ධීන් විස්තර කිරීමේ කල්පිත නිගාමී ක්‍රමය ඇතලත්ව තවමත් ආර්ථික විද්‍යාව විශිෂ්ඨ සමුච්චිත සූතකරණ සංකල්ප හා ක්‍රම යොදා ගනී. දෙවැන්නට උදාහරණයක් ලෙස ආර්ථික විද්‍යා අන්තරාය ලෙස ඇතැම්විට හඳුන්වන ආර්ථික විද්‍යා නොවන ක්ෂේත්‍ර කරා සූක්ෂම ආර්ථික විද්‍යාව විස්තාරණය කිරීම දැක්විය හැකිය.