ආර්ථික විද්‍යාවේදී ඵලදායීතාවය

විකිපීඩියා වෙතින්

ඵලදායීතාවය[සංස්කරණය]

නිෂ්පාදන ක්‍රියාවලියක, යෙදවුම් ඒකකයක් වෙනුවෙන් ලබන නිමවුම් ප්‍රමාණය මිණුම් ආර්ථික විද්‍යාවේදී ඵලදායීතාවය ලෙස සලකනු ලබයි. උදාහරණයක් ලෙස, ශ්‍රම ඵලදායීතාවය යනු ශ්‍රම පැයකට, එනම් යෙදවුමකට ලබන නිමවුමේ අනුපාතයයි. ඵලදායීතාවය නිෂ්පාදනයේ තාක්ෂණික හෝ ඉංජිනේරු කාර්යක්ෂමතාවය මනින මිනුමක් ලෙස හෝ සමහරවිට නිමවුමක ප්‍රමාණාත්මක මිනුමක් ලෙස ඇතිවිය හැකිය. නිපදවනු ලබන භාණ්ඩයේ වටිනාකම හා භාවිතාකළ යෙදවුම්වල පිරිවැය යන දෙකම සැලකිල්ලට ගන්නා බෙදා හැරීම් කාර්යක්ෂමතාවයේ මිනුම්වලින් ඵලදායීතාවය වෙන්කර දක්වනු ලැබේ. එසේම නිමවුම මගින් ජනිත කරනු ලබන අයභාරයද, යෙදවුම් භාවිතය හා බැඳුණු වියදමද, අතර වෙනස සලකනු ලබන, ලාභදායීත්වයෙන්ද, ඵලදායීතාවය වෙන්කර දැක්විය හැකිය.

ආර්ථික වර්ධනය හා ඵලදායීතාවය[සංස්කරණය]

ආර්ථීක වර්ධනයේ අංග (සාරි 2006)

නිෂ්පාදනය හා පරිභෝජනය අනුව ආර්ථික ක්‍රියාකාරකම් හඳුනාගත හැකිය. නිෂ්පාදනය යනු, විවිධ භෞතික හා අභෞතික නිෂ්පාදන යෙදවුම් ඒකාබද්ධ කොට පරිභෝජනය සඳහා භාණ්ඩ හා සේවා නිපදවීමේ ක්‍රියාවලියයි. නිෂ්පාදන යෙදවුම්, නිෂ්පාදනය ක්‍රියාවලිය තුළ ඒකාබද්ධ කිරීමේ ක්‍රමය තාක්ෂණය ලෙස හැඳින්වේ. තාක්ෂණය, යෙදවුම් හා නිමවුම් අතර ශ්‍රිතාත්මක සම්බන්ධය විස්තර කරන නිෂ්පාදන ශ්‍රිතයක් මගින් ගණිතමය ලෙස දැක්විය හැකිය. නිෂ්පාදන ශ්‍රිතය, නිෂ්පාදන කාර්‍යඵලයන් දක්වන අතර ඵලදායීතාවය එහි මිනුම වේ.

නිෂ්පාදන ශ්‍රිතය භාවිතයෙන්, ආර්ථික වර්ධනය සරලව විස්තර කළහැකිය. ආර්ථික වර්ධනය යනු ආර්ථික ප්‍රජාවක් විසින් ලඟාකර ගන්නා නිෂ්පාදනයේ ඉහළ යාමකි. එය සාමාන්‍යයෙන් ජාතික නිෂ්පාදනයේ වාර්ෂික ඉහළ යාමේ ප්‍රතිශතය මගින් දක්වනු ලබයි. ආර්ථික වර්ධනය සාධක දෙකක් මගින් තීරණය කරනු ලබන හෙයින් වර්ධනයේ සංඝටක පිළිබඳව සාකච්ඡා කිරීම වැදගත් වේ. මේ සංඝටක නම්, නිෂ්පාදන යෙදවුම් ඉහළයාම සහ ඵලදායීතාවය ඉහළයාමයි.

රූප සටහන මගින් ආර්ථික වර්ධන ක්‍රියාවලියක් පෙන්නුම් කරයි. එය පැහැදිලි කර ඇති අයුරින්, රූප සටහනේ පෙන්වාඇති ප්‍රමාණ විශාල කර දක්වා ඇත. පළමු හා දෙවන ආසන්න වර්ෂ වල ක්‍රියාවලිය සමාලෝචනය කිරීමෙන්, නිෂ්පාදනය T1 සිට T2 දක්වා ඉහළ ගොස් ඇතිබව ප්‍රත්‍යක්ෂ වේ. සෑම ශ්‍රිතයක්ම අදාළ වර්ෂයේ අංකය මගින්, එනම් එක හා දෙක ලෙස, නම් කර වර්ෂ දෙකේම නිෂ්පාදන ශ්‍රිත රූප සටහනකින් විස්තර කළ හැකිය. නිෂ්පාදනය ඉහළයාම තුළ, ඊට හේතුවූ සංඝටක දෙකම හඳුනා ගැනීමට පිළිවන. ඒ නිෂ්පාදන යෙදවුම් ඉහළයාම මගින් ඇතිවූ වර්ධනය සහ එලදායීතාවය ඉහළයාමෙන් ඇතිවු වර්ධනයවේ. යෙදවුම් ඉහළයාමෙන් ඇතිවූ වර්ධනයේ ලක්ෂණය නම් යෙදවුම් හා නිමවුම් අතර සම්බන්ධතාවය නොවෙනස්ව පැවතීමයි. නිෂ්පාදන ශ්‍රිතය විතැන්විමට අනුරූප වර්ධනය, ඵලදායීතාවය ඉහළයාම මගින් ජනිතවේ.

මේ අනුව නිෂ්පාදන ශ්‍රිතය විතැන්වීම සහ එහි ප්‍රථිඵලයක් ලෙස යෙදවුම් නිමවුම් සම්බන්ධය වෙනස්වීම ඵලදායීතාවය ඉහළයාමක ලක්ෂණයයි. සාමාන්‍යයෙන් මුළු ඵලදායීතා ශ්‍රිතය පහත සඳහන් පරිදි ලියනු ලබයි.

මුළු ඵලදායීතාවය = නිමවුම් ප්‍රමාණය/ යෙදවුම් ප්‍රමාණය

මේ ශ්‍රිතයට අනුව, යෙදවුමේ හා නිමවුමේ වෙනස්වීම, ප්‍රමාණාත්මක හා ගුණාත්මක වෙනස්කම් ඇතුළත්ව මැනිය යුතුවේ. (ජෝගෙන්සන් සහ ග්රිලිචස් 1967) ප්‍රායෝගිකව, විවිධ යෙදවුම් හා නිමවුම් සාධකවල සාපේක්ෂ මිල හා සාපේක්ෂ ප්‍රමාණ වෙනස්වීමෙන්, ප්‍රමාණාත්මක හා ගුණාත්මක වෙනස්කම් ඇතිවේ. නිමවුම් හා යෙදවුම්වල ගුණාත්මක වෙනස්කම් දැක්වීමට, මුළු ඵලදායිතා ශ්‍රිතය පහත සඳහන් පරිදි ලිවිය හැකිය:

මුළු ඵලදායීතාවය = නිමවුම්වල ගුණාත්මකභාවය හා ප්‍රමාණය/ යෙදවුම්වල ගුණාත්මකභාවය හා ප්‍රමාණය

සටහන්[සංස්කරණය]

Productivity