Jump to content

ආර්ථික විද්‍යාඥ ඔගස්ට් කොම්ට්

විකිපීඩියා වෙතින්

ආර්ථික විද්‍යාව අධ්‍යයනය කිරීමට ආර්ථික විද්‍යාඥයින්  අධ්‍යයනය කරන්නැයි කියමනක් ඇත. ඒ අනුව ආර්ථික විද්‍යාව විෂය ක්ෂේත්‍රය තුළ වැදගත් වන ආර්ථික චින්තකයින් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී සොක්‍රටීස් ,ප්ලේටෝ, ඇරිස්ටොටල් ,ගේ පටන් තෝමස් ඇක්වයිනාස්, මිල්ටන් ෆ්‍රිඩ්මන්  ,හා පොල් ඒ සැමුවල්සන් දක්වා ආර්ථික චින්තකයින් ආර්ථික විද්‍යා විෂය  ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ඉටු කර ඇති මෙහෙය අසිමිතය. ඒ අනුව ඒ ආර්ථික  චින්තකයන්ගේ නාමාවලියේ ඇති තවත් එක් ආර්ථික විද්‍යාඥයකු වන ඔගස්ට් කොම්ට් පිළිබඳ ව මෙහිදී අවධානය යොමු කරමු.

ක්‍රිස්තු වර්ෂ 1798 පළමුවන මස 19 වන දින ප්‍රංශයේ දකුණු දිග ප්‍රාදේශයේ උපත ලැබූ ඔගස්ට් කොම්ට් අධ්‍යාපනය ලැබුවේ පැරිස් නුවර උසස් තාක්ෂණික ආයතනයකය. කුඩා කාලයේ සිටම ගණිතය හා ස්වාභාවික විද්‍යාවන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ මොහු පසුකාලීනව 1814 වර්ෂයේදී තරුණ පිරිස් සමග එකතු වී පාසල් පරිපාලනයට එරෙහිව කැරලි ගැසීම හේතු කොටගෙන තම ශිෂ්‍ය භාවය අහෝසි කර ගත් අතර පසු කාලීනව දේශපාලඥයකුගේ පෞද්ගලික ලේකම් වරයෙකු ලෙස සේවය කර ඇත.ඉන් පසු කාලයේ  එම තනතුරින් ද ඉවත්ව ආර්ථික විද්‍යා බහු තාක්ෂණික  ආයතනයකය සේවය කරන ලදි.ඔගස්ට් කොම්ට්  ව්සින්  වැදගත් කෘති කිහිපයක් රචනා කර ඇත.ඒවා අතර,

  1. system of positive philosophy
  2. plan of the scientific operation necessary for the reorganization of society
  3. course of positive philosophy

යන කෘති වැදගත් වන අතර ඉන් එහා ගොස් තවත් වැදගත් ලිපි ලේඛන රාශියක් රචනා කරන ලද ඔහු තම ඉදිරිපත් කිරිම් සෑම විටම ගවේෂණාත්මක හා විද්‍යාත්මක පදනමකින් ඉදිරිපත් කර ඇති අතර, එසේ  ඉදිරිපත් කිරිම නිසා  සාර්ථක නිගමන වලට එළබීමට එය වැදගත් වී ඇත.

ඔගස්ට් කොම්ට් පිළිබද අවධානය යොමු කිරිමේදි ඔහු ශුද්ධ විද්‍යාවෙන් ආභාෂය ලැබු ආර්ථික විද්‍යාඥයකු වන අතර එක් අවස්ථාවක ඔහු සමාජයද එක්තරා ආකාරයකින් ජීවියෙකුට සමකර ඇත.ඔගස්ට් කොම්ට් විසින් ප්‍රදාන සංකල්ප දෙකක් ඉදිරිපත් කරනු ලැබු අතර ඒවා.

  • ස්ථිතිකත්වය
  • ගතිකත්වය

            ලෙස හදුන්වා දීමට පිළිවන.

ඔගස්ට් යනු යථානුභූතවාදය පදනම් කර ගනිමින් අදහස්  ඉදිරිපත් කල ආර්ථික විද්‍යාඥයෙකු වන අතර ඔහු ඉදිරිපත් කළ තවත් අදහසක් වුයේ සමාජය වෙනස් වෙමින් විකාශනය වන බවයි.ඒ අනුව ඔහු එම විකාශනයේ විවිධ අවධි හා එම අවධි පිළිබඳවද  අදහස් දක්වන ලදි.ඒ අතර,

1. දේවවාදි යුගය.

  මෙම යුගයේ දි සරල ආර්ථික ක්‍රමයක ලක්ෂණ පැවතුණු අතර භාණ්ඩ හුවමාරු

ආර්ථිකයක් හා වැඩවසම් ක්‍රමයේ ලක්ෂණ පැවතුණු කාල සීමාවක් විය.

2. පාර භෞතික යුගය.

   මෙම යුගයේ දි ප්‍රධාන ලක්ෂණය වුයේ වැඩ වසම් ආර්ථිකයෙන් ක්‍රමයෙන් මිදිමයි.

3. යථානුභූත යුගය.

   මෙම ක්‍රමයේ ලක්ෂණය වුයේ කාර්මික ප්‍රබෝධයක් ඇති වූ කාල සීමාවයි.

කොමිට් විසින් මෙසේ අවධි තුනකට ආර්ථික විකාශනය පෙන්නුමි කලද ,මෙම යුග නිෂ්චිත වශයෙන්ම වෙන් කර හදුනාගැනීමට අපහසුය.සමස්ථයක් වශයෙන් අන් ආර්ථික විද්‍යාඥයින්ට සාපේක්ෂව ඔගස්ට් කොම්ට් විසින්  ආර්ථික විද්‍යාවේ උන්නතිය උදෙසා දක්වා ඇති දායකත්වය අඩු වන අතර ක්‍රි.ව.1857.09.05 පිළිකා රෝගයකින් ඔහු මරණයට පත් විය.