ආර්ථික භූගෝල විද්‍යාව
ආර්ථික භූගෝල විද්‍යාව යනු පෘථිවිය මත ආර්ථික කටයුතු සඳහා වෙන්කර ඇති ප්‍රදේශවල පිහිටීම හා ව්‍යාප්තියයි. සමීක්ෂණ ක්‍රමවේදය මගින් මෙය ඉතා හොඳින් පැහැදිලි කර ඇත. නව්‍ය සම්භාවය යුගයේ (Neoclassical) විසු ඇල්ෆ්‍රඩ් වෙබර් (Alfred weber) ද මේ පිළිබඳව සඳහන් කර ඇත. 1970 සිට මෙම නව්‍ය සම්භාව්‍ය යුගයේ අදහස් වෙනස් වී මාක්ස්වාදි ආර්ථිකයක් ඇතිවීමත්, සීඝ්‍ර ආර්ථික දියුණුවත් නිසා ආර්ථික භූගෝල විද්‍යාව ඇති විය. මෙයට සමාජීය, ආර්ථික, සහ වර්ග බිම් යොදා ගැනීමද අදාළ විය.
ආර්ථික භූගෝල විද්‍යාව, භූගෝල විද්‍යා විෂයේ ප්‍රධාන තැනක් ගනී. පෝල් ක්රැග්මන්, ජෙෆරිසම යන ආර්ථික විද්‍යාඥයින් මේ පිළිබඳව සදහන් කර ඇත. ක්රැග්මන් මෙ විෂය "නව ආර්ථික භූගෝල විද්‍යාව" නමින් හදුන්වන්නේ මෙහි අන්තර්ගතයෙන් ජාත්‍යන්තර වෙළෙදාම සහ වෙළෙදාම කෙරෙන ආකාරය (සමාජීය වශයෙන්) පැහැදිලි වන නිසාය. තවද මෙම විෂය මගින් කර්මාන්තපුර පිහිටා ඇති ස්ථාන, ආර්ථික සම්බන්ධතා, ප්‍රවාහනය,ජාත්‍යන්තර වෙළෙදාම නිෂ්චල දේපල (Real estate), නව ගොඩනැගිලි, ආචාර ධර්ම (Ethics), පවුල් සම්බන්ධතා, නාගරීකරණ ආර්ථික වර්ධනය සහ පරිසර සහ ආර්ථිකය අතර ඇති සම්බන්ධතාවය යන කරුණු විශ්ලේෂණය වේ.
ඉතිහාසය
[සංස්කරණය]ආර්ථික භූ විද්‍යාවේ ඉතිහාසයට ආර්ථික විද්‍යාවෙන් බලපෑම් එල්ල වී ඇත. වසර 2000 කට පමණ පෙර ලියන ලද Strabo ගේ Geographika හි ආර්ථික ක්‍රියාකාරකම්වලදී පෘථිවි අවකාශීය වත්කම් අධ්‍යයනය කෙරී ඇත. ක්‍රි.පු. 4 වැනි සියවසට අයත් Qin ප්‍රාන්තයේ චීන සිතියම් 7 ක් මගින් මෙය අභියෝගයට ලක්වී ඇත. භූ විද්‍යාවේ පාරිසරික නියතවාදය ඉදිරිපත් වූ කාලවකවානුවේදී (පසුකාලීනව විවේචනයට ලක්විය) Ellswort හා Huntintou ගේ දේශගුණික නියති වාදයේ බලපෑම්ද ඊට බලපෑම් ඇති කරන්නට සමත් විය.
Jnon Hein ricu vontnuenen හා Alfred weser යන න්‍යායවාදීන්ගේ වටිනා දායකත්වයක් ලැබිණ. බලපෑ වෙනත් න්‍යායන් වන්නේ Walter christaller ගේ මධ්‍ය පිහිටීම් වාදය හා විද්‍යාඥයන් එක්කළ හරය හා පරිධිය පිළිබද අදහස්ය.
Fred K. Schaefer ගේ භූ විද්‍යාත්මක අතිරේඛ වාදය පිළිබඳ ලිපිය ආර්ථික භූ විද්‍යාව කෙරෙහි විශාල බලපෑමක් එල්ල කළේය. ඇමෙරිකානු මධ්‍ය වාර්ෂික වාර්තාවේ (ඇමෙරිකානු භූ විද්‍යාඥ සංසදයේ) ප්‍රකාශයට පත් ඔහුගේ “ක්‍රමානුකූල ගවේෂණයක්” හා ප්‍රාදේශීයවාදයේ තත්ත්ව පරීක්ෂාව ඊට හේතු විය. ආර්ථික භූ විද්‍යාඥයින්ගේ බාල පරපුර මෙම විෂය විද්‍යාවක් ලෙස හදුන්වාදීමට අපේක්ෂා කළ අතර ඔවුන්ට මෙය විප්ලවීය වෙනසක් විය. එබැවින් මෙය ප්‍රමාණාත්මක ක්‍රම සමීක්ෂණවලදී භාවිතා වන්නට විය. මෙකල ප්‍රසිද්ධ භූ විද්‍යාඥයින් වන්නේ
විලියම් ගැරිසන්, බ්‍රයන් බෙරි, වැලිඩෝ ටොබ්ලරි, පීටර් හැගම්, විලියම් බෙන්ග් ආදීන්ය.
නූතන භූ විද්‍යාඥයින් ප්‍රාදේශීය වාදය හා අවකාශීය විශ්ලේෂණය (භූ තොරතුරු පද්ධතිවල ආධාරයෙන්) වෙළෙදපොළ සමීක්ෂණය, ප්‍රවාහන භූ විද්‍යාව, භූමි හෝ වතු මිල ශක්‍යතාවය, ප්‍රාදේශීය හා ගෝලීය සංවර්ධනය සැලසුම් කිරීම, අන්තර් ජාල භූ විද්‍යාව, emanopractituton භූ විද්‍යාව, erastomarkenotation භූ විද්‍යාව ආදී ක්ෂේත්‍රවලට නැඹුරු තාවයක් දක්වයි.