ආර්ථික ක්‍රමය

විකිපීඩියා වෙතින්
A vegetable vendor in a marketplace.
ආර්ථික විද්‍යා අධ්‍යනය සඳහා පැවැත්වෙන වෙළඳපොලක්.

ආර්ථික ක්‍රමයක් යනු, හිමිකම හා ආර්ථික සම්පත් බෙදා හැරීම තීරණය කරණු ලබන හා සංවිධානය කරණු ලබන ක්‍රම වේදයන් සහ සම්මතයන් කාණ්ඩයකි. එක් අන්තයකින් සියලු සම්පත් පෞද්ගලික අංශයට හිමි වන අතර නිෂ්පාදනය පෞද්ගලික ව්‍යවසාය ව්‍යුහය මඟින් සිදු කරනු ලබයි. පෞද්ගලික රුචිය පමණක් අදහස් කළද සැමවිටම සමාජ රුචියම ප්‍රවර්ධනය කරමින් මෙය ඇඩම් ස්මිත් විසින් විස්තර කරන ලදී. අනෙක් අන්තයෙන්, අනෙකුත් සමාජ අරමුණු අතර ධනයේ විෂමතාවය අවම කිරීමේ අපේක්ෂාවෙන් යුක්ත, සියලු සම්පත් සඳහා පොදු හිමිකාරීත්වයක් පවතින, කාල්මාක්ස් හා වැල්දිමීර් ලෙනින් අනුගමනය කරනු ලබන, ශුද්ධ කොමියුනිස්ට්වාදයයි.

වෙනත් ආකාරයකින් දක්වතොත් සමාජයක් එහි නිෂ්පාදන හා පරිභෝජන තීරණ ගැනීම තුළින් සංවිධානාත්මක පිළියෙල කිරීම හා ක්‍රියාවලින්, ආර්ථික ක්‍රමය ලෙස අදහස් වේ. ආර්ථික ක්‍රමය නිර්මාණය කිරීමේ දි හා එහි වෙනස්කම් ඇති කිරීමේදී සැම සමාජයක් විකල්ප අරමුණු හා තීරණ අතරින් තේරීම් සිදු කරනු ලබයි. මේ බොහෝ අරමුණු, කාර්යක්ෂමතාවය, වර්ධනය, ස්වාධිනත්වය හා සමානත්වය වැනි ප්‍රියඋපදවන ඒවා ලෙස දැකිය හැකිය.

සමාජ ක්‍රමයේ කොටසක් ආර්ථික ක්‍රමය, සමාජ ක්‍රමයේම කොටසක් ලෙස සැලකිය හැකි අතර එහි දූරාවයික ලෙස නීති ක්‍රමය, දේශපාලන ක්‍රමය හා සංස්කෘතික ක්‍රමය යනාදියට සමාන වේ. ඇතැම් චින්තන, දේශපාලන ක්‍රම හා ඇතැම් ආර්ථික ක්‍රම, අතර නිරතුරුවම දැඩි සහසම්බන්ධතාවයක් පවතී. (උදාහරණයක් ලෙස කොමියුනිස්ට්වාදය යන පදයේ අර්ථය සලකන්න.) බොහෝ ආර්ථික ක්‍රම විවිධ අංශවලින් එකිනෙක මත ව්‍යාප්ත වේ. (උදාහරණයක් ලෙස "මිශ්‍ර ආර්ථිකය" යන පදය විවිධ ආර්ථික ක්‍රමවල අංග ඇතුළත් යයි තර්ක කළ හැකිය.) නොයෙක් අන්‍යෝන්‍ය බහිෂ්කාරක ධූරාවලී වර්ගිකරණද පවතී.

මූලික ආර්ථික ක්‍රම

මූලික හා පොදු ආර්ථික ක්‍රම නම්,

  • වෙළෙඳපල ආර්ථිකය (ධනවාදය වැනි බොහෝ නිදහස් ක්‍රම සඳහා පදනම)
  • මිශ්‍ර ආර්ථිකය (වෙළෙඳපල ප්‍රවේශයේ ඇතැම් ලක්ෂණ හා සැලසුම් ගත ප්‍රවේශයේ ඇතැම් ලක්ෂණ ඇතුළත් මැද පිළිවෙතක් අනූගමනය කරන ආර්ථික ක්‍රමය)
  • සැලසුම්ගත ආර්ථිකය (සමාජවාදය වැනි බොහෝ මැදිහත්වීම් සහිත ක්‍රම සඳහා පදනම)
  • සම්ප්‍රදායික ආර්ථිකය (පැරණිම හා සම්ප්‍රදායික ආර්ථික ක්‍රමය සඳහා සාමාන්‍ය පදය)
  • සහභාගීත්ව ආර්ථිකය (නව ආර්ථික ක්‍රමයකට මෑතකදී වූ යෝජනාව)

ආර්ථික ප්‍රශ්න සතුටුදායක ලෙස විසඳීම උදෙසා පිළිතුරු සැපයිය යුතු මූලික ප්‍රශ්න රාශියක් ඇත. උදාහරණයක් ලෙස හිඟකම මඟින් කුමක් නිපදවිය යුතුද, කෙසේ නිපදවිය යුතුද, කවුරුන් සඳහා නිපදවිය යුතුද වැනි මූලික ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුය. ආර්ථික ක්‍රමයක් යනු මෙම මූලික ප්‍රශ්නවලට පිළිතුරු දෙන මාර්ගයකි. විවිධ ආර්ථික ක්‍රම විවිධ ආකාරයෙන් මේවාට පිළිතුරු ලබා දෙයි.

ඇඩම් ස්මිත්ගේ දේශපාලන ආර්ථිකය[සංස්කරණය]

ද වෙල්ත් ඔෆ් නේෂන්ස් (The Wealth of Nations) ග්‍රන්ථයේ කතුවරයා වන ඔහු නව ආර්ථික විද්‍යාවේ මුලාරම්භකය ලෙස ද සැලකේ. භාණ්ඩ නිෂ්පාදනය හා බෙදා හැරීම සම්බන්ධව පුරාතනයේ සිටම විවිධ මති මතාන්තර පැවතුනත් එයට නියම අරුතක් එක් වුයේ ඇඩම් ස්මිත්ගේ “ද වෙල්ත් ඔෆ් නේෂන්ස් ” ග්‍රන්ථය තුළිනි. එහි පහත මතෘකා පිළිබඳවද ඇගයීමක යෙදේ.

දේශපාලන ආර්ථිකය, එය දේශපාලන විශාරද විද්‍යාවක් ලෙස සැලකේ. එහි එක් කොටසක් ලෙස මහ ජනතාවට තමන් විසින්ම ප්‍රතිලාබ ලබා ගැනිමටත්,අනික් කොටස ලෙස යටිතල පහසුකම සැපයීම මඟින් ඉහල ප්‍රතිලාබ ලැබීමටත් පුළුවන. ස්මිත් ඔහුගේ ග්‍රන්ථ වල යොදා ගත් මෙම “දේශපාලන අර්ථිකය ”යන වචනය 1870 න් පසුව ආර්ථික විද්‍යාව බවට පත් විය .

සටහන[සංස්කරණය]

Economic_systems
"https://si.wikipedia.org/w/index.php?title=ආර්ථික_ක්‍රමය&oldid=472144" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි