ආරම්භය හා භූ විද්යාිත්මක පරිණාමනය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ආරම්භය හා භූ විද්යා.ත්මක පරිණාමනය

හට ගැනීම


ස‍ඳෙහි ඇති වීම සඳහා යාන්ත්රිණ කිහිපයක් යෝජනා කර ඇත. ස‍ඳෙහි ඇති වීම සිදු වන්නට ඇත්තේ වසර බිලියන 4.527 + 0.010 පෙර එනම් සෞරග්ර හ මණ්ඩලය ඇති වීමෙන් වසර මිලියන 30-50කට පමණ පසුව බවට විශ්වාස කරයි.

විඛණ්ඩන සිද්ධාන්තය

මුල් කාලීන විශ්වාසයන් යෝජනා කළේ සඳ පෘථිවි කබලෙන් කේන්ද්රාරපසාරී බලය නිසා බිඳී ගිය කොටසක් බවයි. එලෙස එම කොටස ඉවත් වීම නිසා පැසිපික් සයුර සෑදී ඇති බවට එමඟින් කියවේ. කෙසේ නමුත් මෙම අදහස සඳහා පෘථිවිය අධික අවස්ථිති භ්රඇමණයක් තිබිය යුතු අතර එය ‍එසේ වුවද එම ක්රිසයාවලිය නිසා ස‍ඳෙහි කක්ෂය පෘථිවියෙහි සමක තලය ඔස්සේ ගමන් කළ යුතුය. එමනිසා මෙය සිදු විය නොහැක.

ග්ර්හණ සිද්ධාන්තය

වෙනත් විශ්වාසයන් කියා සිටින්නේ සඳ වෙනත් ස්ථානයක ඇති වී පසුව පෘථිවියෙහි ගුරුත්වය මඟින් ග්ර්හණය කරගෙන ඇති බවයි. කෙසේ නමුත් එවැනි යාන්ත්රුණයක් ක්රිහයාත්මක වීම සඳහා අවශ්ය වන තත්ව සේ ‍පිළිගැනෙන අසලින් ගමන් ගන්නා ‍ස‍ඳෙහි ශක්තිය විනාශ කිරීම සඳහා වූ ව්යායප්ත වූ පෘථිවි වායු ගෝලයක් යන තත්වය සිදු ‍විය නොහැකි දෙයකි.

සම - ඇති වීම් සිද්ධාන්තය

සම ඇතිවීම් කල්පිතය යෝජනා කර සිටින්නේ සඳ සහ පෘථිවිය එකම තැන දී එකම අවස්ථාවේ දී ආදි කල්පිත උපවයන තැටියෙන් ඇති වු බවයි. සඳ ඇති වී තිබෙන්නේ සූර්යා වටා අනෙකුත් ග්රඇහලෝක ඇති වූවා මෙන්ම ප්රො ටෝ පෘථිවිය වටකර තිබූ පදාර්ථවලිනි. සමහරෙක් යෝජනා කර සිටින්නේ එම කල්පිතය සඳෙහි ලෝහ යකඩ හායනය පැහැදිලි කිරීමට අපොහොසත් වන බවයි.

මෙම සියළු කල්පිතවල විශාල අඩු ලුහුඬුකමක් වන්නේ ඒවාට පෘථිවි චන්ද්ර පද්ධතියේ අධික කෝණික ගම්යසතාවයට හේතු ‍ඉදිරිපත් කිරීමට නොහැකි වීමයි. විශාල ගැටුම් සිද්ධාන්තය

වර්තමානයේ පවතින කල්පිතය වන්නේ පෘථිවි චන්ද්ර් පද්ධතිය නිර්මාණය වූයේ විශාල ගැටුමක ප්රතතිඵලයක් ලෙසින් යන්නයි. ප්රදමාණයෙන් අඟහරු තරම් වන (තෙයියා ලෙස හඳුන්වන) වස්තුවක් ප්රොතටෝ පෘථිවියෙහි ගැටී එමඟින් උපවයනය හරහා චන්ද්රායා නිර්මාණය වීමට ප්රතමාණවත් තරම් පදාර්ථ අවට කක්ෂයට එකතු විය. උපවයනය යනු ග්රරහලෝක වස්තු නිර්මාණය වීමේ ක්රි්යාවලියක් වන අතර විශාල ගැටුම් සියළු ග්රයහලෝකවලට පාහේ බලපෑම් එල්ල කර ඇත. මෙම විශාල ඝට්ටනය ආදර්ශණය කරන පරිගණක අනුහුරුකරණ චන්ද්රර පෘථිවි පද්ධතියේ කෝණික ගම්ය තාවයේ මිනුම්වලින් මෙන්ම චන්ද්ර හරයේ කුඩා ප්රෝමාණයෙන් ද යුක්තය. මෙම සිද්ධාන්තය සම්බන්ධ නොවිසඳූ ගැටළු වන්නේ ප්රොකටෝ පෘථිවියෙහි හා තෙයියා හි සාපේක්ෂ ප්රදමාණයන් හා සඳ නිර්මාණය වීමට මෙම වස්තු දෙකෙන් කෙතරම් ද්ර ව්ය දායක වුණි ද යන්නයි.

චන්ද්රු මැග්මා සයුර

විශාල ගැටුම් අවස්ථාවේ දී හා පසුව සිදු වූ පෘථිවි කක්ෂයේ වූ වස්තුවල නැවත උපවයනය වීම අතරතුර හටගත් විශාල ශක්ති ප්රපමාණයේ ප්රිතිඵලයක් ලෙස සඳෙන් විශාල කොටසක් ද්රරව බවට පත් වූ බව විශ්වාස කෙරේ. මෙම කාලයේ දී සඳෙහි ද්රකව බවට පත් වූ පිටත කොටස මැග්මා සයුර ලෙස හඳුන්වන අතර එහි ගැඹුර 500km සිට සම්පූර්ණ චන්ද්රප අරය දක්වාම විහිදෙන බවට ඇස්තමේන්තු කර තිබිණි.

මැග්මා සයුර සිසිල් වීමත් සමඟ එය ආංශිකව ස්පටීකරණය හා කොටස් බවට පත් වීම සිදු විය. එමඟින් ජ්යා මිතිකව එකිනෙකට වෙනස් කබොලකට හා මැන්ටලයකට මඟ පෑදීය. මැන්ටලයකට olivine, Clinopyroxene හා orthopyroxene යන ඛනිජවල අවලම්භනය වීමෙන් හා ගිල්වීමෙන් තැනී ඇති බවට විශ්වාස කෙරේ. මැග්මා සයුරෙන් ¾ක් පමණ ස්පටීකරණය වී අවසන් වූ විට Anorthite ඛනිජය එහි අඩු ඝනත්වය නිසා මතුපිට මතට අවලම්භනය වී හා පාවී කබොල සාදා ඇත.

මැග්මා සයුරෙන් අවසානයට ස්පටීකරණය වූ ද්රජව ‍ක‍බොල හා මැන්ටලය අතර පිරවුම බවට පත් වන්නට ඇත. එහි අසංඝත හා තාප නිපදවන මූලද්ර ව්යක අධික ප්ර්මාණයක් අඩංගු විය හැක. මෙම ජෛව රාසයනික සංරචකය KREEP (පො‍ටෑසියම් (K), පෘථිවියෙහි දුලභ මූලද්රඇව්යජ (REE) හා පොස්පරස් (P) ) ලෙස හඳුන්වන අතර සඳෙහි ළඟ පැත්තේ වූ Oceanus procellarum හා mare imbrium හි වැඩි ප්රයමාණයක් අයත් වන කුඩා භූ ගෝලීය ප්රතදේශයක් වන Procellarum KREEP terrane තුළ පිහිටා ඇති බව පෙනේ.




http://en.wikipedia.org/wiki/Moon#Origin_and_geologic_evolution