ආරක්ෂාව පරීක්ෂණාගාර අනතුරු

විකිපීඩියා වෙතින්

98% සාන්ද්‍රණය සහිත සල්ෆියුරික් අම්ල බිදු මගින් විදු කඩදාසියක් ක්ෂණයෙන් දියවී යයි

සල්ෆියුරික් අම්ලයේ විඛාදක , ක්‍රියාවලිය එය ජලයත් සමග දක්වන අධික තාපදායක ප්‍රතික්‍රියාව හේතුවෙන් වේගවත් වේ. සල්ෆියුරික් අම්ල නිසා සිදුවන පිලිස්සීම් අනෙකුත් ප්‍රබල අම්ල (උදා : හයිඩ්‍රක්ලෝරික් අම්ලය) මගින් සිදුවන පිලිස්සීම්වලට වඩා ප්‍රබලය. කෙසේද යත් පිලිස්සීම්වලට අමතරව ජලය සමග දක්වන අධික තාපදායක ප්‍රතික්‍රියාව නිසා ජනිතවන තාපයෙන් ශරීර පටකවලට හානි පැමිණේ. සාන්ද්‍රණයෙන් ඉහළ සල්ෆියුරික් අම්ලය පිළියෙල කිරීම ඉතා අනතුරු සහිත වේ. නමුත් සාමාන්‍ය විද්‍ය‍ාගාර භාවිතයට ගන්නා තනුක කරන ලද (ආසන්න වශයෙන් (1M, 10%) සල්ෆියුරික් අම්ලයට වුවද කඩදාසියක් අගුරු කිරීමට එය නියමිත ස්වරූපය යම් කාලයක් ලබා දුන් විට හැකිය. 1.5M ට සම හෝ වැඩි ද්‍රාවන විඛාදක වශයෙන් නම් කිරීමටත් 0.5 ත් 1.5ත් අතර ද්‍රාවණ උත්ප්‍රේරක වශයෙනුත් නම් කළ යුතුය. සධුම සල්ෆියුරික් අම්ලය (ඔලියම්) පාසල්වල භාවිතයට නිර්දේශ කොට නොමැති අතර එයට හේතු වී ඇත්තේ එය උපද්‍රව සහිත බැවිණි. සමට මෙන්ම අනෙකුත් විඛාදක පෘෂ්ඨයකට සල්ෆියුරික් අම්ල බිදු වැටුණු විට ප්‍රථමාධාර වශයෙන් විශාල ජල ප්‍රමාණයක් මගින් විනාඩි 10 හෝ 15 හොදින් සේදීම මගින් පිලිස්සුම් ස්ථානය සිසිල් කර ගැනීමෙන් අම්ලය නිසා සිදුවන පිලිස්සීමෙනුත් , දෙවන වශයෙන් සිදුවන අනතුරු වලින් ආරක්ෂා වීමත් සිදුවේ. සල්ෆියුරික් අම්ලය වැටුනු ඇදුම් ඉවත් කොට ඊට යටින් ඇති හම හොදින් සේදිය යුතුය.

තනුක කිරීමේදී පිටවන අධික තාපය නිසා මෙම ක්‍රියාවලිය අනතුරු සහිත විය හැක. අත්‍යාවශ්‍යයෙන් අම්ලය ජලයට එක් කිරීම හැර අන් ක්‍රමයක් භාවිතා නොකළ යුතු අතර ඒ මගින් ජලයේ අධික තාප ධාරිතාව ප්‍රයෝජනයට ගත හැක. සාන්ද්‍ර අම්ලයට ජලය එක් කළහොත් සල්ෆියුරික් අම්ලය එයරසෝල අයුරින් විසිරී යා හැක. එසේම එය පිපුරුමක් දක්වා යා හැක. 6M (35%) ට වැඩි ද්‍රාවණ පිළියෙල කිරීම ඉතා අනතුරු සහිතය. පිට කරන තාපය මගින් තනුක අම්ලය නැටීමට පවා ප්‍රමාණවත්ය. ඒ සදහා යාන්ත්‍රික මිශ්‍ර කිරීමක් හා බාහිර සිසිලනයක් (උදා අයිස් බදුනක්) අත්‍යවශ්‍යය.

කාර්මික අනතුරු

සල්ෆියුරික් අම්ලය දැවෙනසුළු නොවූවත් , අපතේ යාමක් නිසා ලෝහ සමග ක්‍රියා කොට හයිඩ්‍රජන් වායුව මුදාලිය හැක. අම්ල එයරසෝල හා වායුමය සල්ෆර් ඩයොක්සයිඩ් මුදාලීම. සල්ෆියුරික් කර්මාන්තයේ ප්‍රධාන අනතුරු 2ක් වේ.

සල්ෆියුරික් අම්ලය විඛාදකයක් ලෙස නොසලකන අතර එහි ඇති ප්‍රධානතම අවධානම වනුයේ සම සමග ස්පර්ශ වීම නිසා සිදුවන පිලිස්සීම් හා එහි එයරසෝල ආශ්වාස කිරීමත්ය. ඉතා අධික සාන්ද්‍රණයෙන් යුත් එයරසෝලවලට නිරාවරණය වූ විට ඉතා අධික වේදනාවක් ඇස්වලට , ශ්වසන ප්‍රදේශයට හා ශ්ලේෂ්මල පටලයට දැනිය හැක. තව දුරටත් නිරාවරණය වීම නිසා ‘පල්මෝනරි එඩීමා’ නම් තත්වයට පත් විය හැක. අඩු සාන්ද්‍රණවලට බොහෝ කලක් නිරාවරණය වීම නිසා වාර්තා වන්නේ දන්ත විඛාදනයයි. මෙය සියලු ක්ෂේත්‍රවල දැකිය හැක. දීර්ඝ කාලයක් පැවති ශ්වසන ප්‍ර‍දේශයට ඇතිවිය හැකි අවදානම පිළිබද තීරණයක් ගැනීම 1997 වන තෙක් අවිනිශ්චිතව පැවතුණි. ඇමරිකා එක්සත් ජනපදයේ සල්ෆියුරික් අම්ලය සදහා නීතියෙන් අවසර ලද නිරාවරණ මට්ටම (permissible exposure limit [PEL]) 1mg/m3 කි. අනෙක් රටවලද මෙම නිරාවරණ මට්ටම සමානය. සිත්ගන්නා සුළු දෙයක් වනුයේ සල්ෆියුරික් අම්ල අධිග්‍රහනය විටමින් B12 ඌනතාවයට Vitamin B12 deficiency මග පාදන අතර එය මද සරු භාවයට හේතුවේ.

සුසුම්නාව මෙම හේතු නිසාවෙන් නිතර හානියට ලක්වන අතර නමුත් දෘෂ්ටික ස්නායුවෙහි මයලීන් අඩු වීම , අත්සන ඉවත් වීම හා ගලයෝසිය සිදුවේ.


නීතිමය සීමා කිරීම්

අන්තර්ජාතික වාණිජ සල්ෆියුරික් කර්මාන්තය , එක්සත් ජාතීන්ගේ තහනම් ගණුදෙනු මත්ද්‍රව්‍ය හා මනෝ ව්‍යාදික ද්‍රව්‍ය ගණුදෙණු සංගමය United Nations Convention Against Illicit Traffic in Narcotic Drugs and Psychotropic Substances මගින් 1988 සිට පාලනය කරනු ලබයි. එහි සල්ෆියුරික් අම්ලය II වන ලැයිස්තුවේ සදහන් වනුයේ ‍මනෝව්‍යාදික ද්‍රව්‍ය තැනීමට නිරතුරුව භාවිතා වන රසායනික ද්‍රව්‍යයක් ලෙසිණි.

ඇමරිකා එක්සත් ජනපදයේ සල්ෆියුරික් අම්ලය II වන ලැයිස්තුවේ අන්තර්ගත කොට ඇති අතර එය අත්‍යාවශ්‍ය හා පුරෝගාමි රසායන ද්‍රව්‍යයක් ලෙස පනතට එකග වන පරිදි සකසා ඇත. සල්ෆියුරික් අම්ල ගණුදෙණු , ප්‍රවාහන , අපනයන හා ආනයන කටයුතු ඇමරිකානු ඹෟෂධ වලංගුභාවය පිළිබද අධිකාරයේ බලපෑම යටතේ සිදු කරයි.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Sulphuric_acid#Safety