ආරක්ෂක උපක්‍රම (හමුදාමය)

විකිපීඩියා වෙතින්

හමුදා විද්‍යාවේදී ආරක්ෂාව යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රහාරයක් වැළැක්වීම හෝ ප්‍රහාරයකින් සිදුවන හානි අවමකර ගැනීමේ ක්‍රම වේදයයි. (උදා - සතුරා භූමිය අල්ලා ගැනීම වැළැක්වීම)

මේ අනුව කිසියම් පිරිසක් ඔවුන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින සතුරු පිරිසට ප්‍රහාර එල්ල කළහොත් එය ආරක්ෂක උපක්‍රමයක් ලෙස හැඳින්විය හැක. කෙසේ නමුත් මෙහිදී විවිධාකාර අර්ථ දැක්වීම් ලබාදීමේ හැකියාව පවතියි.

සාමාන්‍යයෙන් ආරක්ෂක පැළඳුම් සහ බංකර් යනාදිය ආරක්ෂක උපාංග ලෙස සැලකිය හැක. තවද, තුවක්කු සහ රොකට් ආදී ආයුධ වුවද කිසියම් පිරිසකගේ බලසීමාව තුළ ආරක්ෂක උපාංග ලෙස සැලකිය හැකි වන අතර එහිදී එම අවි දරන්නන් හට පහරදීමක් සිදු කළ හැක්කේ යමෙකු ඔවුන්ට පහරදීමට තැත්කරන විට පමණි. කෙසේ නමුත් ආයුධයක් එහා මෙහා ගෙන යා හැකි නමුත් එය ප්‍රහාරක උපාංගයක් ලෙස ද භාවිතා කළ හැකි වේ.

යුද්ධය අරමුණු කර ගෙන පිහිටුවා ඇති ආරක්ෂක අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු ද ආරක්ෂක උපාංග / ආයතන සැලකිය හැකි අතර මෙහිදී යුද්ධයෙහි සෘණාත්මක ලක්ෂණ මෙයට අයත් නොවෙයි. මේ ආකාර භාවිතයන් හේතුවෙන් බොහෝ හමුදාමය ගැටළු අන්තර්ගත කළ හැකි ලෙසට ආරක්ෂාව නම් යෙදුම පුළුල් වී ඇත.

ප්‍රති සබ්මැරීන ආරක්ෂිත නාවුක යුධ කටයුතු[සංස්කරණය]

ප්‍රති සබ්මැරීන යුධ කටයුතු සඳහා ඇතැම් නෞකාවන් විශේෂණයවී ඇත. සබ්මැරීන වේගය දෙවන ලෝක යුද්ධයේ අවසානයත් සමඟ (ජර්මනියේ XXI වර්ගයේ සබ්මැරීන බලන්න)ශීඝ්‍රයෙන් වැඩි වූ අතර ඒ සමඟ ආරක්ෂිත නෞකාවන් හා සබ්මැරීන අතර වේග පරතරය ද අඩු විය. එබැවින් ආරක්ෂිත නෞකාවන් වාණිජ යාන්ත්‍රණයක් මඟින් බල ගැන්වුණු සාපේක්ෂව අඩු වේගයක් සහිත යාත්‍රා වර්ගයක් බවට පත් නොවීය. Whitby class වැනි වඩා වේගවත් ආරක්ෂිත නෞකා ගොඩ නැංවීමට පශ්චාත් යුධ සමයේ දී කටයුතු යෙදිණි. එවැනි නැව් තුළ විචල්‍ය ගැඹුරු සෝනාර් වැනි වැඩි දියුණු කළ සෝනාර් උපකරණ අඩංගු වූ අතර ටොපීඩෝ වැනි විශේෂඥ ආයුධ ද ලිම්බෝ වැනි ඉදිරි විදුම් ආයුධ ද ASROC Ikara වැනි මිසයිල වාහක ප්‍රති සබ්මැරීන ටොපිඩෝවන් ද අඩංගු විය. මතුපිට සිට ගුවනට මෙන්ම මතුපිට සිට මතුපිටට ද විදිය හැකි මිසයිල මඟින් ප්‍රහාරක හා ආරක්ෂක හැකියාවන් පවත්වා ගැනීමට ඒවාට හැකි විය. (Sea Sparrow හෝ Exocet පිළිවෙලින්) එවැනි විශේෂඥ ASW(Anti Submarine Warfare) නෞකාවකට උදාහරණයක් නම් රාජකීය නාවික හමුදාවේ 22 වන ආකාරයේ ආරක්ෂිත නෞකාවයි.

ASW කටයුතු සඳහා එනම් විශේෂයෙන්ම බොහෝ නූතන ආරක්ෂිත නෞකාවන් ගොඩ බැස්සවීමේ පර්යන්තයක් හා හෙලිකොප්ටර ක්‍රියා කරවීම සඳහා අවශ්‍ය පහසුකම් අහස්යාත්‍රාංගනයක් සතුව ඇත. මේ මඟින් ආරක්ෂිත නෞකාවන් ද නොහඳුනන උප මතුපිට ගැටුම්වලට ලක් වීම නිශේධනය කරන අතර එබැවින් අවදානම් ප්‍රහාරයන් හා න්‍යෂ්ටික බල ගැන්වුණු මතුපිට යුධ නෞකාවන්ට වඩා වේගවත් නූතන සබ්මැරීන සඳහා විශේෂයෙන්ම උචිත වේ. හෙලිකොප්ටරය සැලසුම් කොට ඇත්තේ මව් නෞකාව ආරක්ෂිත දුරක පවතිද්දී මෙම අරමුණ ඉටුකර ගැනීම සඳහාය. මෙම ක්‍රියාව සඳහා sonobuoys වැනි විශේෂිත සංවේදයක් හෙලිකොප්ටරයේ සවි කර ඇත. ඊට අමතරව අවපාත සෝනාර් හා චුම්භක වෙනස් වීම් හඳුනාගන්නා උපාංග ටොපිඩෝ හෝ depth – chorges වැනි විභව අවදානම් හා මෙහෙයුම් නිශ්චිත ඉලක්ක හඳුනා ගැනීම සඳහා යොදා ඇත. පුවරු මත වූ රේඩාර් හා හෙලිකොප්ටර ක්ෂිතිජයෙන් එහා ඉලක්ක පරීක්ෂා කිරීමට යොදා ගත හැකිය. අවශ්‍ය නම් මතුපිට යුධ කටයුතු සඳහා යොදා ගැනීමට පෙන්ගුයින් හා sea skua වැනි නාවික මිසයිල සවි කළ හැකිය. වෙරළ හා නෞකාවන් අතර නෞභාරයන්, තැපැල් කටයුතු, මිනිසුන් ගෙන යාම වැනි කටයුතු සදහා යොදා ගත් ඩිංගි බෝට්ටු හා Jackstay Rig වැනි යාත්‍රාවල භාවිතයන් විශාල වශයෙන් ප්‍රතිස්ථාපනය කරමින් ගලවා ගැනීමේ කටයුතු සඳහා හෙලිකොප්ටරය භාවිතා වේ. හෙලිකොප්ටර භාවිතයෙන් ආරක්ෂිත නෞකාවට එහි ක්‍රියා පටිපාටියෙන් බැහැර නොවී වඩාත් වේගයෙන් හා අඩු අවදානමක් ඇතිව එවැනි කටයුතු සිදු කර ගත හැකිය.

http://en.wikipedia.org/wiki/Defense_%28military%29