ආරක්ෂක අනතුරැ ඇගවීම් ප්‍රතිවිපාක

විකිපීඩියා වෙතින්


ප්‍රතිවිපාක ආරක්ෂක අනතුරැ ඇගවීම්

විවිධ ස්තාන වල විවිධ ආරක්ෂක අනතුරැ ඇගවීම් සිදුවී තිබුණත් මධ්‍යම ලංඩනයට පිටත කිසිම ත්‍රස්තවාදී සිදුවීමක් වාර්තා නොවිණි. එඩින්බර්ග්, බ්‍රිග්ටන්, කවෙන්ට්‍රි, සවුත්හැම්ටන්, පොර්ට්ස්මවුත් හා ඩාලිංටන් තිබු සැක කටයුතු පාර්සල් කිහිපයක් සීමීත පිපිරවීම් කර විනාශ කර දමන ලදී. බ්‍රිතාන්‍යය පුරා ආරක්ෂාව ඉතා ඉහළ මට්ටමකින් ක්‍රියාත්මක විය. වෙනත් බොහෝ රටවල්ද ත්‍රස්ත අනතුරැ සංඥා පිළිබද අවධානය වැඩි කරන ලදී. (උදා : කැනඩාව, ඇ.එ.ජ ප්‍රංශය හා ජර්මනිය ) විශේෂයෙන් එම අනතුරැ ඇගවීම පොදු ප්‍රවාහන කටයුතු වලට වැඩි අවදානයක් යොමු කර තිබුණි. එක් අවස්ථාවක ඇමරිකා අණදෙන නිළධාරින් විසින් ලංඩනය මග හැර සිටින ලෙසට තම හමුදාවන්ට අණ දෙන ලදී.

සැගවී සිට වෙඩි තබන පොලිස් කණ්ඩායම් අල් - කයිඩා සැකකරැව්න පිළිබද අවධානයෙන් සිටි බවට වාර්තා විය. එමෙන්ම රහස්සන්සද්ධ කණෟඩායම් වෙත ඕනෑඹ ත්‍රස්තයෙක් බෝම්බ රැගෙන යනවා හෝ යටත් වීමට අකමැති වන්නේ නම් හෝ වෙඩි තැබීමට ද අයිතිය ලැබී තිබුණි. තහවුරැ නොවු වාර්තාවකින් කියවුනේ ලංඩනයේ කැනරි වාර්ෂ් හි බෝම්බයකින් සන්නද්ධ වු පුද්ගලයෙකු ප්‍රහාරයක් එල්ල කිරිමට ප්‍රථම වෙඩි තබන ලද බවයි. 


ප්‍රවාහන හා දුරකතන අවහිරතා

වොඩෆෝන් ( Vodafone) වාර්තාකරන්නේ තම ජංගම දුරකතන ජාල ධාරිතාව උදෑෂන 10 වන විට අත් කර ගෙන සිටි බවත් හදිසි ඇමතුම් සදහා වැඩි අවස්තාවක් ලබා දීමට කටයුතු කිරිම සිදුවු බවතිය. වෙනත් ජංගම දුරකතන ජාලද සබදතා බිද වැටීම් පිළිබද වාර්තා කර ඇත. BBC උපකල්පනය කරනු ලබන්නේ දුරකතන පද්ධති කටයුතු ආරක්ෂක සේවා මගින් නවත්වා දැම ුබවත් රමගින් අපේක්ෂා කරන ලද්දේ ජංගම දුරකතනය මගින් බෝම්බ පිපිරවීමට ඇති අවස්ථා වළක්වා ලීම බවතිය. මෙම විකල්පය අවධානයට ලක් කල ද කඩින් කඩ සබදතා ගිලිහි යාමට හේතුව ව්නනේ ජංගම හා ස්ථාවර දුරකතන ප්‍රමාණය ඉක්මවා භාවිතා කිරිම නිසා ඇතිවුවක් බවයි.



එදින දවසේ වැඩි ප්‍රමාණයක් ලංඩනයේ පොදු ප්‍රවාහන සේවාව, භුගත උමං දුම්රිය පද්ධතිය වසා තැබීමෙන් කලාප 1 බස් රථ ජාලය වසා තැබීමත් සහ රසල් චතුරස්‍රය හිස් කිරිම නිසා දැඩි අවහිරතාවයකට පත්වී ඇත. එදිනට ප.ව 4 වන විට බස් සේවය නැවත ආරම්භ කරන ලදී. එමෙන්ම ප්‍රධාන දුම්රිය පොළවල් ද ඊට ටික වේලාවකට පසු නැවත සේවා ආරම්භ කරන ලදී.

සංචාරක ගංගා යාත්‍රා සේවාවන්ද මගින් අධික ද්‍රම්රිය  හා බස් රථ වෙනුවට විකල්පයක් ලෙස ක්‍රියාත්මක කරන ලදී. දහස් ගණන් ජනතාවක් තම නිවෙස් බලා පයින් ගමන් කිරිම හෝ ළගම පිහිටා තිබු කලාප 2 බස් රථ හෝ දුම්රිය පොළ වෙතට ගමන් කළහ. අනතුර සිදුවු දුම්රිය පොළවල් හැර අනෙක් දුම්රිය පොළවල් තම සුපුරැදු කටයුතු ඊළග උදැසන වන විට ආරම්භ කළත් සමහර දිනපතා රාජකාරියට  පිටත්ව යන්නවුන් එදින රාජකාරියෙන් බැහැරව උන්හ. 

කිංග්ස් ක්‍රොස් දුම්රිය පොලේ බොහෝ කටයුතු සිදු නොවු අතර ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ශාලා හා රැදි සිටින ප්‍රදේශ අනතුරින් තුවාල ලැබුවන්ට ප්‍රතිකාර කිරිමසදහා ක්ෂණික රෝහල් බවට පත් කර තිබුණී. උප නාගරික දුම්රිය සේවාව පමණක් තම ප්‍රවාහන කටයුතු සදහා දුම්රිය පොළ ප්‍රයෝජනයට ගන්නා ලදී. (ජුලි 9වන දින විට සේවාවන් සම්පුර්ණ යතා තත්වයට පත්කරන ලදී) සතියක් පුරා පැවති යථා තත්වයට පත් කිරිම් සහ පරියේෂණ කටයුතු සදහා ˝කිංග්ස් ක්‍රෝස් සෙන්ට් පැන්ක්‍රාස් උමං දුම්රිය මාර්‍ගයේ මෙට්‍රොපොලිටන්ට් දුම්රිය පීල්ල පමණක් විවෘතව තබන ලදී. වික්ටෝරියා දුම්රිය මං තීරැව ජුලි 8වන දා නැවතත විවෘත කරන ලදී. කිංස්ක්‍රොස් වලට ආසන්නයේ පිහිටි ශාන්ත පැන්ක්‍රාස් දුම්රිය පොළ බ්‍රහස්පතින්දා සවස්වන විට වසා දමන ලදී.

ජුලි 25 වන දා වන විටත් පිකාඩිලි දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කර නොතිබු අතර ( ආර්නෝස් ග්‍රෝච් හා හයිඩ් පාක් කෝනර් අතර එහා මෙහා යෑම සිදු නොවීය)  හැම්ස්මිත්  හා සිටිලයින් (හැමස්මිත් හා පැඩිංග්ටන් අතර පමණක් දුම්රිය වාර ක්‍රියාත්මකවිය.) සහ සර්කල් දුම්රිය මාර්ගය ද ජුලි 25 වන තෙක් යථා තත්වයට පත්කර නොතිබුණී. මෙට්‍රොපොලිටන්ට් මාර්ගයද ජුලි 25 දින සිට මුවර්ගේට් හා ඇල්ඩිගේට් දක්වා සේවාවන් ආරම්භ කරන ලදී. හැමර්ස්මිත් හා සිටි ලයින් සේවාවන්ද වයිට්චැපල් හා බේකර් වීධී අතර තම ගමන් වාර තදබද කාල සීමාවන් තුළ ක්‍රියාත්මක කරන ලදී. බොහෝ උඹං දුම්රිය සාමාන්‍යය පරිදි ක්‍රියාත්මක විය. 

අගෝස්තු 08වන දින හැමර්ස්මින් හා සිටි ලයින් අතර සේවාවන්ද සාමාන්‍යය තත්වයට පත් කරන ලදී. සර්කල් ලයින් සේවාවන් ඒ වන විටත් ක්‍රියාත්මක නොවු නමුදු සර්කල් ලයින් දුම්රිය පොළවල් වෙනත් වෙනත් දුම්රිය මාර්ග මගින් සේවා සපයන ලදී. පිකඩලි ලයින් සේවාව අගොස්තු 04වන විට යථා තත්වයට පත්කරන ලදී.