ආයතනික සමාජ වගකීම

විකිපීඩියා වෙතින්

ආයතනික සමාජ වගකීම (CSR, ආයතනික විඥානය, ආයතනික පුරවැසිබව, ආයතනික කාර්ය ඵලය, හෝ තිරසාර වගකිව යුතු ව්‍යාපාරය ලෙසින්ද හැඳින්වෙයි) යනු [1] ව්‍යාපාර ආකෘතියට සමසම්බන්ධ කොට ඇති හා ආයතනික ස්වරූපයක් ගන්නාවූ ස්ව-යාමනයකි.

ප්‍රවේශවීම්‍[සංස්කරණය]

ප්‍රවේශවීම්‍( ළඟාකර ගැනීම්‍)

සංස්ථාමය සමාජ වගකීම සඳහා යුරෝපීය මහාද්වීපික හා පුරාතන සම්‍භවයක් ඇති අයගේ ප්‍ර‍වේශයක් වෙනසක් සමහර විස්තර විචාරකයින් හඳුනාගෙන ඇත. යුරෝපයේදී සංස්ථාමය සමාජ වගකීම පිළිබඳ සාකච්‍ඡාව ( විමසීම ) ඉතා විෂම ජාතික ‍වේ.

ප්‍රජා මූලික සංවර්ධන ව්‍යාපෘතිවල සංස්ථාමය සමාජ වගකීම සඳහා ප්‍ර‍ වේශය පුළුල් ලෙස පිළිගනිමින් පවතී. මෙහදී තෙල් පදන‍ෙම් දකුණු අප්‍රිකානු මල් මිටියාවතට පත්වීම දැක්විය හැකිය. මෙහි ඔවුන් ප්‍රජාවගේ ළමුන්ට අධ්‍යයන සඳහන් වැඩිහිටියන්ට නව නිපුණතා වර්ධනය සඳහන් අධ්‍යයන මධ්‍යස්ථානයන් ස්ථාපිත කර ඇත. වෙළඳපොළ ගොඩනැගිල්ලක් හරහා ප්‍රජාව සමග සම්‍බන්ධ වීම ක්‍රමානුකූල සාදාරණ වෙළඳාම්‍ මිලට ගැනීම සහතික කිරීම මගින් මාර්ක් සහ ස්පෙන්සර් මෙම ප්‍රජාව තුළ සක්‍රීයව කටයුතු කරයි. වැඩිහිටියන් සඳහා අධ්‍යාපන පහසුකම්‍ස්ථාපිත කිරීම මෙන්ම HIV/AIDS අධ්‍යයන වැඩසටහන් බොහෝ දුරට මීට ඇති විකල්ප ප්‍ර‍වේශ ‍වේ. සංස්ථාමය සමාජ වගකීම්‍වැඩසටහන්වලින් වැඩි ප්‍රමාණයක් අප්‍රිකා‍‍වේ ස්ථාපිත කර ඇත. ප්‍රදේශීය සංවිධානවලට ආධාර දීම හරහා සංවර්ධනය වන රටවල දිළිඳු ප්‍රජාවන්ට උපකාර කිරීම සංස්ථාමය සමාජ වගකීමට ඇති වඩා පොදු ප්‍රවේශයකි. මෙම ප්‍ර‍වේශය ප්‍රාදේශීය පුද්ගලයින්ගේ නිපුණතා මත ගොඩනැගීම සිදු නොවීමත් අනික් අතට ප්‍රජා මූලික සංවර්ධන ව්‍යාපෘති සමාන්‍යයෙන් දිගුකල් පවතින සංවර්ධනයක් සඳහා මග පෑදීමත් නිසා බොහෝ සංවිධාන මෙම ප්‍ර‍වේශයට කැමැත්තක් නොදක්වයි.


විගණනය හා වාර්තාකරණය

හොඳ ව්‍යාපාර පුරවැසිභාවයක් පෙන්වීමට, ආයතනවලට වාර්තා සංස්ථාමය සමාජ වගකීම්‍වාර්තා කරන නිර්ණායක හා ප්‍රමිතීන් ද අතුළුව සැකසිය හැකිය.

v ජොන් ඒල්නිංස්ටන්ගේ Triple bottom line වාර්තාකරණය මත පදනම්‍වන ගිණුම්‍කටයුතු පිළිබඳ AA1000 ප්‍රමිතිය. v ගෝලීය වාර්තාකරණය මූලික වූ අඛණ්ඩව වාර්තාකරණ නිර්ණායක v Verite ගේ අධීක්ෂණ නිර්ණායකයන් v සමාජීය ගිණුම්‍කටයුතු පිළිබඳ ජාත්‍යයන්තර SA 8000 ප්‍රමිතිය v Green Globe සහතික කිරීම, ප්‍රමිතය v ISO 14000 පාරිසරික කළමනාකරණ ප්‍රමිතිය v එක්සත් ජාතීන්ගේ ගෝලීය ගිවිසුම සමාගම්‍

“වර්ධනය වන සන්නි‍ෙව්‍දනය” ආකාරයේ වාර්තාකරණයට ඉදිරිපත් වනු ලැබීය. ගිවිසු‍ෙම්‍විශ්වීය මූලධර්ම සමාගම ඉටුකිරීම / සපුරාලීම පිළිබඳ COP වාර්තාව විස්තර කරයි. v ගිණුම්‍කරණය හා වාර්තාකරණය සඳහා අන්තර්ජාතික ප්‍රමිති පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය කණ්ඩායම

සාර්ථක කාර්යක්ෂමතා , සංස්ථාමය වගකීම වාර්තා කිරීම සහ සංස්ථාමය පාලනය අනාවරණය පිළිබඳ උපදෙස් ලබාදෙයි. FTSE කණ්ඩායම

සමාගම්‍සංස්ථාමය සමාජ වගකීම ඉටුකිරීම පිළිබඳ ඇගයීමක් වන FTSE Good Index ප්‍රකාශයට පත් කිරීම.

සමාජීය හා පාරිසරික ඉටුකිරීම පිළිබඳ අර්ථවත් මැනීමක් අපහසු වුවත් සමහර ජාතීන්ට සංස්ථාමය සමාජ වගකීම්‍වාර්තාකරණය අවශ්‍ය කරයි. බෙහෝ ආයතන දැන් අඛණ්ඩව පර හිතකාමී සංවර්ධනය හා සංස්ථාමය සමාජ වගකීම්‍ගැටලු ආවරණය වන පරිදි බාහිරව විගණනය කරන ලද වාර්ෂික වාර්තා පිළියෙළ කරයි. ( Tipple Bottom Line වාර්තා )

නමුත් මෙම වාර්තාව සැකැස්මෙන් විධියෙන් හා වගකීම්‍ක්‍රම‍ෙව්‍දයන් පුළුල් ලෙස වෙනස් ‍ වේ. ( එකම කර්මාන්තය තුළ පවා ) වි‍වේචකයින් මෙම වාර්තා බොරුවට සහාය පෑමක් පමණක් ලෙස ඉවත් කරයි. නිදසුනක් ලෙස ඒන්රන් “වාර්ෂික සංස්ථාමය වගකීම්‍වාර්තාව” හා දුම්කොළ සමාග‍ෙම් සාමාජ වාර්තා දැක්විය හැකිය.

භව්‍ය ව්‍යාපාර ප්‍රතිලාභ[සංස්කරණය]

සංවිධානයක ස්වභාවය අනුව CSR වාසියේ ප්‍රමාණය වෙනස් ස්වරූපය ගනු ලැබේ. මුල්‍යමය වාසි වලින් ඔබ්බට කිය හැකි වාසි පිළිබඳ උපදෙස් ලබා දෙන මුද්‍රිත ලිපි විශාල සංඛ්‍යාවක් තිබුණත් එය සංඛ්‍යාත්මක ලෙස ප්‍රකාශ කිරීම අපහසු කාර්යයකි. (උදා- ඩේමින්ගේ ඒකක 14 - සමබර ලකුණු කාඩ් පත ) Orlizy, Schmist සහ Rynes සමාජ වාතාවරණය, ව්‍යාපාරික කටයුතු සිදුකරන ආකාරය සහ මුදල් කටයුතු සිදුකරන ආකාරයන් අතර සම්බන්ධතාවයක් දුටුවහ. කෙසේ වුවත් යම් ව්‍යාපාරයක් සිය CSR උපාය මාර්ගයන් වැඩි දියුණු කරන අතරදී කෙටිකාලීන මුල්‍ය වාසි ලැබීමට අදහස් නොකරණු ඇත.

යම් සංවිධානයක යොදා ගන්නා CSR පිළිබඳ අර්ථකතනය එහි කොටස්කරුවන්ගේ බලපෑම, CSR වෙනුවෙන් පෙනීසිටින කණ්ඩායමේ අදහස, පරිත්‍යාග ලබා ගැනීමට ගන්නා උත්සාහයන් හා ස්වේච්ඡා කණ්ඩායම් වල ක්‍රියාකාරිත්වය මත වෙනස්වේ. CSR යම් සංවිධානයක මහජන සම්බන්ධතා, ව්‍යාපාර සංවර්ධන, ප්‍රජා සමබන්ධතා පිළිබඳ දෙපාර්තමේන්තුවට ඇතුළත් විය හැකිය. එසේ නොමැති නම් ceo වට බලපාන වෙනම දෙපාර්තමේන්තුවකට ඇතුළත් කොට විශේෂ තීන්දු දීම සෘජුවම මණ්ඩලයට යැවිය හැකිය. සමහර සමාගම් කණ්ඩායමක් හෝ වැඩසටහනක් නොමැතිවම CSR ආකාරයේ අගයන් පමණක් යොදා ගනිමින් කටයුතු කරනු ඇත.

යම් සමාගමක CSR කටයුතු පහත සඳහන් උපකල්පන එකක් හෝ කීපයක් මත රඳා පැවතිය හැක.

මානව සම්පත්[සංස්කරණය]

CSR වැඩසටහනක් තරඟකාරී උපාධීධාරී ශිෂ්‍ය වෙළඳපොල අවස්ථාවකට බඳවා ගැනීමේ හා රඳවා ගැනීමේ අධාරකයක් ලෙසද තබාගත හැකිය. හැකියාව ඇති ඉල්ලුම්කරුවන් නිතර ආයතනයේ CSR පිළිවෙත ගැන විමසන බැවින් අවබෝධකරගත හැකි පිළිවෙතක් තිබීම වාසියක් විය හැකිය. විශේෂයෙන් සේවක මණ්ඩලය ප්‍රජා සේවා කටයුතු, අරමුදල් තර කිරීමේ කටයුතු හා වැටුප් ඉපයීම් කටයුතු වල යෙදෙන විට ආයතනය පිළිබඳව අවබෝධය වැඩි දියුණු කර ගැනීමට ද CSR ඉවහල්වේ.

අවදානම් කළමනාකරණය[සංස්කරණය]

විශාල සමාගමක අවදානම් කළමනාකරණය ඉතා වැදගත් උපාය මාර්ගයකි. දශක ගණනාවක් තුළ අත්කරගත් ව්‍යාපාරික කීර්තිය දූෂිත විෂම කටකතාවක් හෝ වාතාවරණික හදිසි සිදුවීමක් නිසා පැය කීපයකින් බිඳ වැටිය හැකිය. මෙවැනි සිදුවීම් නිසා උසාවි, ජනමාධ්‍ය, රාජ්‍ය පාලකයන්, ආයතනයක අඛන්ඩ පවත්වා ගැනීම් අධ්‍යයනය කරන නිලධාරීන් ආදී අංශ වල අනවශ්‍ය අවධානයක් ඇතිවේ. “ සැමවිටම නිවැරදි දේ කිරීමේ ” සංස්කෘතියක් සිය ආයතනය තුළ ඇති කර ගැනීමෙන් අවදානම් පිටු දැකිය හැකිය.


වෙළෙඳනාම ප්‍රභේදනය[සංස්කරණය]

ව්‍යාපාරිකයන් බහුලව සිටින වෙළඳපොලක් සහිත සමාගම් නිතරම සිය භාණ්ඩ හා සේවා සඳහා අද්විතීය වෙළඳාම් තත්වයක් පවත්වා ගැනීමට දැඩි උත්සාහයක යෙදෙති. එමගින් පාරිභෝගිකයාට තරඟකාරී මනසින් යුතුව සිය නාමය වෙන් කොට තබා ගැනීමට හැකියාවක් ලැබේ. CSR මඟින් කැපීපෙනෙන සදාචාර අගයන් මත පදනම්වී ඇති පාරිභෝගික විශ්වාසය ගොඩ නැගීමෙහිලා වැදගත් භූමිකාවක් ඉටු කළ හැකිය. The Co-operative Group සහ The Body Shop වැනි සුවිසල් වෙළඳ නාමයන් ගොඩනැගී ඇත්තේ සදාචාර අගයන් මතය. ව්‍යාපාරික සේවා ආයතනයකට සිය අවංකත්වය හා උසස්තම සේවාව මඟින් ඇති කරගන්නා කීර්තිය තුළින් මහත් වාසි අත් කර ගත හැකිය.

විවේචනාත්මක‍ විශ්ලේෂණය[සංස්කරණය]

සංස්ථාමය සමාජ වගකීම බෙහෝ බහුජාතික සංවිධානවල උපක්‍රමශීලී සැලසුම්‍ක්‍රියාවලිය තුළ ඇත. සමාජ වගකීම පසු පස ඒ හරහා පවතින මානව හා පාරිසරික වගකීම සැඟවුණු ‍ෙච්‍තනාවක් මත ක්‍රියාත්මක වන්නක්ද ස්ව ඇල්ම ( වාසිය) අවබෝධය නැතිනම් ව්‍යාපාරය ඉක්මවා පවතින ඇල්ම ( වාසිය ) යන්න බොහෝ විවාදයට හා වි‍වේචනයට භාජනය වී ඇත.

කොටස්කරුවන් තෘප්තිමත් කිරීමට ලාභ ලැබීමට නිෂ්පාදනයක් කිරීම හෝ සේවාවන් සැපයීමට සමාගම්‍මූලිකව වෙන වෙනම බැඳීසිටින්නේද ( වගකියන්නේද ) යන්න සමහර වි‍වේචකයින් වාද කරයි. මිල්ටන් ෆ්රයිඩ්‍මන් හා අනෙකුත් අය පවසන්නේ ( වාද කරන්නේ ) ව්‍යාපාර කාර්යයේ සමාජ වගකීම සඳහා ඉවක් නොමැති බවයි. මෙම වි‍වේචකයින් පෙන්වා දෙන්නේ සමාගම්‍නීතිය ( සංස්ථා නීතිය ) අනුව සංස්ථා‍වේ ලාභය අඩුවන ඕනෑම ක්‍රියාකාරකමක් සිදු කිරීමෙන් සංස්ථා‍වේ අධ්‍යක්ෂකවරුන් වැළකී සිටීමයි. ( ලාභය අඩු වන කටයුතු කිරීම අධ්‍යක්ෂකවරුන්ට තහනම්‍වීමයි. )

අනෙකුත් වි‍වේචකයින් වාද කරන්නේ හොඳ ඵලදායී ක්‍රියාමාර්ගවල සමාගම නියැලීමෙන් අනෙක් ඒවා ප්‍රතික්ෂේප කිරීමත් ඒමගින් සමාජීය වශයෙන් හා පාරිසරික වශයෙන් වගකියන සමාගමක් ලෙස තම ප්‍රතිරූපය සකසා ගැනීමත්ය. එය නිදහස් වෙළඳ පොළට බාධාකරන නැතිනම්‍සමාගමක් ස්වාර්ථය ලුහුබැඳ යෑම මගින් වන සමාජ හා පාරිසරික හානිවල බලපෑම පාලකයාට රජයේ කාර්භාරය කල්තියා නැවැත්වීමට මාන බැලීමක් යැයි අනෙකුත් වි‍වේචකයින් තවමත් වාද කරයි.

විවාදාත්මක ව්‍යාපාරික අභිප්‍රාය ( පෙළඹුම්‍හේතු)

සමහර වි‍වේචකයින් විශ්වාස කරන්නේ සංස්ථාමය සමාජ වගකීම්‍වැඩසටහන් බොහෝ විට සංස්ථාවල ප්‍රධාන කටයුතු තුළින් ඇති වන සදාචාරමය ප්‍රශ්නවලින් පොදු මහජන අවධානය වෙනතකට හැරවීමට බොහෝ විට උත්සාහ කරන බවයි. ‍ෙම අන්දමට චෝදනා ලබා සිටින සමාගම්‍අතර ප්‍රධානතම සංස්ථාමය සමාජ වගකීම්‍වාර්ථා සපයන බ්‍රිතාන්‍ය ඇමෙරිකානු දුම් කොළ සමාගම හා ඛනිජ තෙල් යෝධයා වන බ්‍රිතාන්‍ය ඛනිජ තෙල් සංස්ථාව ‍වේ. මෙය එහි පාරිසරික අංග පිළිබඳ ක්‍රියාකාරකම්‍හා ඉහළ රූපසටහන් ප්‍රචාරක ව්‍යාපාර සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.


ස්වාර්ථ / ස්ව වාසිය

සමහර වි‍ෙව්‍චකයින් වැදගත් වන්නේ සමාගම්‍සමාජ ව්‍යාපෘති සිදු කරන්නේ වානිජ ප්‍රතිලාභ සඳහන් රජය පොදු මහජනතාව අතර ඔවුන්ගේ කීර්තිය වැඩිකර ගැනීමටත්ය. ඔවුන් ස්වාර්ථ මත කටයුතු කරන සංස්ථා ලාභ වැඩිකර ගැනීමට මුළුමණින්ම තැත් කිරීමට හේතු කීපයක් යෝජනා කර ඇති අතර සමස්තයක් ලෙස සමාජ ප්‍රතිලාභ දියුණු කිරීමට අපොහොසත් ‍වේ. ඔවුන් උදාහරණ පෙන්වා දෙනවා එක් අතකින් සංස්ථාමය සමාජ වගකීම්‍ ප්‍රතිපත්ති වර්ධනයට බොහෝ වේලා ගත කළ පවත්වාගත හැකි සංවර්ධනයක් සඳහා කැපවුණු අනෙක් අතින් පැන නැගෙන ව්‍යාපාර ප්‍රතිපත්ති පිළිබඳ හෙළිදරව්‍කිරීම්‍වලට හාණි පැමිණිනු සමාගම්‍නැත.

උදාහරණයක් ලෙස මැක්ඩොනල්ඩ්‍සමාගම සදාචාර විරෝධී ව්‍යාපාර ප්‍රතිපත්තීන් පිළිබඳ සංස්ථාමය සමාජ වගකීම්‍ව්‍යාපාරයේ නියැලෙන්නන්ගේ දැඩි වි‍ෙව්‍චනයට ලක් වූ අතර මැක්ලිබල් නඩු‍වේදී විනිසුරු ( නඩුකාරයා) රෝජර් බෙල් විසින් ගත් තීරණය අනුව සේවකයින්ට හොඳින් නොසැලකීම , නොමඟ යවන සුළ්‍ර ප්‍රචාරය කිරීම්‍සහ අනවශ්‍ය ලෙස සතුන්ට වද හිංසා කිරීම්‍පිළිබඳ සත්‍ය බවට ස්ථිර විය.

‍‍ෙම් හා සමානවම තෙල් සමාගමද තම සංස්ථාමය සමාජ වගකීම්‍ප්‍රතිපත්ති ඉතා ප්‍රසිද්ධ කළ සමාගමක් වූ අතර ඒ පිළිබඳ වාර්තාකරණයේද ප්‍රමුඛයෙකු විය. නමුත් 2004 වසරේදී එහි තෙල් සංචිත පිළිබඳ සාවද්‍ය වාර්තා කිරීම හේතුවෙන් දැඩි හෙළා දැකීමකට පාත්‍ර වූ අතර ඒ මගින් එහි කීර්තිනාමයට හානි වූ අතර වංචා සහගත ක්‍රියාවට දඩ නියම විය. මෙය සිදු වූ අවස්ථා‍වේ සිට ෂෙල් පදනම ලෝකය හරහා විවිධ ව්‍යාපෘතිවලට සම්‍බන්ධ වූ අතර අප්‍රිකාව හරහා මල් හා පළතුරු වගා කරන ප්‍රජාවන් 3 න් එක්සත් රාජධානියේ මාර්ක් හා ස්පෙන්සර් සමාගමට හවුල් වීම ඇතුළත්ය.

මෙම වි‍වේචකයින් සාමාන්‍යයෙන් යෝජනා කරන්නේ සමාගම්‍සමාජීය වගකීමකින් යුතු ආකාරයට කටයුතු කරන්නේදැයි තහවුරු කිරීමට ‍ස්වේච්ඡා පියවරවලට වඩා ආණ්ඩුව ශක්තිමත් වීම, ජාත්‍යන්තර නීති රීති අවශ්‍ය කරන බවයි.

මෙහි අන්තර් ගත අනෙකුත් විශේෂ ආකල්ප / අදහස්

  • හොඳින් නීති රීති නොපවතින රටවල සමාගම්‍ඇත්තෙන්ම සේවකයින්ගේ සුභසාධනයට, පරිසරයට එතරම්‍සැලකිල්ලක් නොදක්වන අතර සේවකයින් දැඩි ලෙස වැඩෙහි යොදවමින් අඩු වැටුපට නිෂ්පාදන කටයුතු කරන ආයතනවලට ඊට අවස්ථාව ලැ‍ෙබ්‍.
  • සමාගම්‍ඔවුන් ලබන බලපෑම සඳහා වන මුළු පිරිවැය නොගෙවයි. උදාහරණයක් ලෙසට පිරරිසිදු කිරීම්‍වැය සාමාන්‍යයෙන් සමාජය මත පැට‍වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස සමාජ, පාරිසරික සුභසාධක වියදමෙන් සමාග‍ෙම් ලාභ ද වැඩි ‍වේ.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Corporate_social_responsibility

  1. D Wood, 'Corporate Social Performance Revisited' (1991) 16(4) The Academy of Management Review
"https://si.wikipedia.org/w/index.php?title=ආයතනික_සමාජ_වගකීම&oldid=341697" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි