අම්රපාලි (රූපවාහිනී කතාමාලාව)

විකිපීඩියා වෙතින්
(ආම්රපාලි (රූපවාහිනී කතාමාලාව) වෙතින් යළි-යොමු කරන ලදි)

අම්රපාලි යනුවෙන් හැඳින්වෙන්නේ රවි කෙම්මු විසින් අධ්‍යක්ෂණය කරන ලද 2002දී විකාශය වූ ඉන්දියානු ඓතිහාසික රූපවාහිනී මාලා නාට්‍යයකි.[1][2] ක්‍රි.පූ. 600දී ඉන්දියාව නිරූපණය කෙරුණු මෙය විශාල අයවැයක් (රුපියල් මිලියන 100ක) සහිතව සැලසුම් කෙරුණු කථාවකි. 2002 ජූනි 30 සිට සෑම ඉරිදා දිනකම පෙ.ව. 11:00ට දූර්දර්ශන් ජාතික නාළිකාව ඔස්සේ මෙය විකාශය විය.

මෙම කථාවේ ප්‍රධාන චරිතය වන්නේ අම්රපාලි නැමැති යුවතියයි. රාජ්‍යයේ වස්තුවක් ලෙස නම් කරනු ලදුව ඇයට ඉහළ තත්ත්වයක් හිමිවන නමුත් ඇගේ කාර්යාභාරය වන්නේ පුරුෂයන් සතුටු කිරීමයි.[3][4] පුවත් සමුළුවක දී කෙම්මු පැවසූයේ අම්රපාලී පිළිබඳ හමුවන්නේ තොරතුරු ස්වල්පයක් බවත්, ඇගේ කථා පුවත මුළුමණින්ම හමුවන්නේ බෞද්ධ සාහිත්‍යයෙන් පමණක් බවයි.

අම්රපාලි කථාපුවත මුලින් කථාංග 104කින් යුතුව නිර්මාණය කිරීමට සැලසුම් කෙරිණි. මෙහි රංගන ශිල්පීන් 39 දෙනාගේ සහායට 500ක කණ්ඩායමක් දායක වූ අතර, අශ්වයින් 25ක්, හස්තීන් කිහිප දෙනකු සහ ආරක්ෂක නිලධාරීන් 25ක් ද විය.[5][6]

දකුණු ඉන්දියාවේ සහ වෙනත් ප්‍රදේශවල ප්‍රදර්ශනය පිණිස මෙම කතාමාලාව භාෂා ගණනාවකින් හඬකවන ලදී. කෙසේනමුත්, 2002 වර්ෂයේ පසුකාලයේ දී, සැලසුම් කළ අවසන් වීමේ දිනයට බොහෝ පෙර කතාමාලාව අවසන් කෙරුණේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මඳ වීම හේතුවෙනි.

කථාපුවත[සංස්කරණය]

අම්රපාලී කථාවට පසුබිම් වන්නේ පුරාතන වෛශාලි නගරයයි. එමගින් දිගහැරෙන්නේ රූමත්, අහිංසක දැරියක වන අම්රපාලි වැඩුණු ස්ත්‍රියක බවට පත්වන ආකාරයයි.[7] ඇගේ දෙමාපියන් විසින් අත්හැර දමනු ලදුව, අම්රපාලීව මහානාමන් විසින් සොයාගනු ලබන්නේ අඹ ගසක් මුල සිටියදී ය. ඔහු ඇයව වෛශාලිය අසල වූ සිය ගම්මානය වෙත රැගෙන යන අතර, එහි දී ඇය හැදී වැඩෙයි. ඇය හර්ෂ් නමැත්තකු සමග ප්‍රේමයෙන් බැ‍ඳෙයි.

කුතුහලයෙන් යුතුව ඇය වෛශාලිය වෙත ගමන් කරන්නේ සෑම වසර සතකටම වරක් වෛශාලියෙහි නව ජනපද කල්‍යාණිය අභිෂේක කරවන ෆැල්ගුනි උත්සවය නැරඹීමටයි. මෙම පදවිය පිරිනැමෙන්නේ රාජධානියේ වඩාත්ම රූමත් සහ දක්ෂ තරුණියටයි. අනුතරුව එම තැනැත්තියට පුරුෂයනට විනෝදය ගෙනදෙන්නියක ලෙස සේවය කිරීමට සිදුවේ.

උත්සවය වෙත යන ගමන අම්රපාලීගේ දිවිය වෙනස් කරයි. සිදුවීම් මාලාවකින් පසුව බීමත් වන ඇය ජනපද කල්‍යාණිය තේරීමේ තරගයට ඉදිරිපත් වන රූමතියන් කණ්ඩායම අතරට මැදි වෙයි. පසුව කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන ඇය, ජනපද කල්‍යාණිය තේරීමේ තරගය අවලංගු කිරීමට ප්‍රයත්න දරයි. කෙසේනමුත් එහි දී ඇයට ඇගේ ප්‍රියයන් මෙන්ම නිදහස ද අහිමි වේ. අවසානයේ ඇය බුදු දහම වැළඳගන්නී ය.

චරිත නිරූපණය[සංස්කරණය]

නිෂ්පාදනය[සංස්කරණය]

මෙහි ප්‍රධාන චරිතය වන අම්රපාලීගේ චරිතය නිරූපණය කරන ලද්දේ ශිල්පා ෂින්දේ විසිනි. ඇගේ නම නිර්දේශ කරන ලද්දේ ශ්‍රී අෂ්ටවිනායක් සිනේ විෂන් ලිමිටඩ්හි සේවය කළ ඇගේ සොයුරා විසිනි. 2002 ඔක්තෝබරයේ දී ශිල්පා කතාමාලාව හැරගියේ නිෂ්පාදකයා සමග වේතනය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් නිසායි. මේ වනවිට කථාංග 22ක් රූගත කොට තිබිණි. අනතුරු‍ව ඇගේ චරිතය නිරූපණය සඳහා පූජා භාර්ති යොදාගැනිණි.[8]

මෙම කතාමාලව නිර්මාණය කරන ලද්දේ DVR ෆිල්ම්ස් ආයතනය විසින් වන අතර ඉදිරිපත් කරන ලද්දේ එල්. ආර්. එන්ටර්ප්‍රයිසස් ආයතනය විසිනි. මෙය රචනා කරන ලද්දේ බී. එම්. ව්‍යාස් විසින් වන අතර නිෂ්පාදනය ධිලින් මෙහ්තා සහ ඩී. වෙන්කටේස්වරා රාඕ විසින් සිදුකරන ලදී.[9][10][11][12] කතාමාලාව විකාශය වීමට පෙර මුලින් නිර්දේශ වූ අධ්‍යක්ෂ විජේ පාණ්ඩේ වෙනුවට රවී කෙම්මු යොදාගැනිණි.[13]

සම්මාන[සංස්කරණය]

අම්රපාලි රූපවාහිනී කතාමාලාව 2002 ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන උළෙලේ දී ප්‍රවර්ග කිහිපයක් ය‍ටතේ සම්මාන හිමි කරගත්තේ ය:[14][15]

  • හොඳම මිත්‍යාමය/ඓතිහාසික කතාමාලාව - ඩී. වෙන්කටේශ්වර් රාඕ/ ධිලින් මෙහ්තා
  • හොඳම කලා අධ්‍යක්ෂණය - ජයන්ත් දේශ්මුඛ්[16]
  • හොඳම වස්ත්‍ර - මාලා දේයි
  • හොඳම සිනෙමාරූපණය - මහේෂ් තල්කඩ්

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "The Sunday Tribune - Spectrum - Television". Tribuneindia.com. 2002-07-21. සම්ප්‍රවේශය 2014-02-02.
  2. "Indiantelevision dot com's interview with TV Director Ravi Kemmu". Indiantelevision.com. 2002-07-03. සම්ප්‍රවේශය 2014-02-02.
  3. "The Hindu Business Line : A rarity called professionalism". Thehindubusinessline.in. 2002-09-16. සම්ප්‍රවේශය 2014-02-02.
  4. "The Sunday Tribune - Spectrum". Tribuneindia.com. සම්ප්‍රවේශය 2014-02-02.
  5. "An artiste set to dazzle". The Hindu. 2002-07-11. සම්ප්‍රවේශය 2014-02-02.
  6. "Indiantelevision dot com's Breaking News : 'Aamrapali' on lookout for overseas takers". Indiantelevision.com. 2002-12-05. සම්ප්‍රවේශය 2014-02-02.
  7. "Inside programming: On the sets of Aamrapali". Indiantelevision.com. සම්ප්‍රවේශය 2014-02-02.
  8. https://web.archive.org/web/20130921055721/http://www.mid-day.com/entertainment/2002/oct/34908.htm. 21 September 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 September 2013. {{cite web}}: Missing or empty |title= (help); Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  9. "Another historical serial on DD". The Hindu. 2002-07-15. සම්ප්‍රවේශය 2014-02-02.
  10. "The Hindu Business Line : Here's something different". Thehindubusinessline.in. 2002-07-08. සම්ප්‍රවේශය 2014-02-02.
  11. "The Tribune, Chandigarh, India - Nation". Tribuneindia.com. 2002-06-30. සම්ප්‍රවේශය 2014-02-02.
  12. "Inside programming: On the sets of Aamrapali". Indiantelevision.com. සම්ප්‍රවේශය 2014-02-02.
  13. "Straight Answer - The Times of India". Timesofindia.indiatimes.com. 2002-07-12. සම්ප්‍රවේශය 2014-02-02.
  14. "GR8! TV Magazine - THE INDIAN TELEVISION ACADEMY AWARDS, 2002". Gr8mag.com. සම්ප්‍රවේශය 2014-02-02.
  15. "Southern Spectrum TV awards". The Hindu. 2002-09-26. සම්ප්‍රවේශය 2014-02-02.
  16. "Filmzone | Jayant Deshmukh". Filmzone.in. සම්ප්‍රවේශය 2014-02-02.

බාහිර සබැඳි[සංස්කරණය]