ආපසු ජෙරුසලමට ව්‍යාපාරය

විකිපීඩියා වෙතින්
(ආපසු ජෙරුසලමට වෙතින් යළි-යොමු කරන ලදි)

ආපසු ජෙරුසලමට ව්‍යාපාරය (චීන:传回耶路撒冷运动 ඉංග්‍රීසි:Back To Jerusalem movement ) යනු චීනය හා ජෙරුසලෙම "අතර" ජීවත් වන සියළුම බෞද්ධ, හින්දු, සහ මුස්ලිම් ජනතාව වෙත ධර්මදූතයන් යැවීම සඳහා චීන ඇදහිලිවන්තයන් විසින් චීනයෙහි ඇරඹුනු ක්‍රිස්තියානි ධර්මදූත ව්‍යාපාරී මෙහෙයුමකි. [1] ඔවුන් විශ්වාස කරන්නේ ආපසු ජෙරුසලමට ව්‍යාපාරය යනු චීනයෙහි සිට ජෙරුසලෙම දක්වා සියළු රටවල්, නගර සහ ජන වාර්ගික කණ්ඩායම් වෙත ශුභාරංචිය දේශනාකොට අදහන්නන්ගේ මිත්‍රත්වයන් ගොඩනැගීමට දෙවියන්වහන්සේ වෙතින් චීන සභාව ලද කැඳවුමක් ලෙසිනි.[2] මෙය ආරම්භ කරන ලද්දේ 1920 දීය. නමුත් කොමියුනිස්ට් පාලනයේ බලපෑම් නිසා මෙම සංවිධානයට දශක කිහිපයක් රහසිගතව පැවතීමට සිදු විය. ඔවුන්ගේ ඉලක්කය වන්නේ අවම වශයෙන් මිශනාරි දූතයන් 100,000 ක් දෙනා සේද මාවත ඔස්සේ චීනයේ සිට මධ්‍යධරණී මුහුද දක්වා යැවීමෙන් රටවල් 51 ක් ආගමට හරවා ගැනීමයි.

සටහන්[සංස්කරණය]

  1. ඇයික්මාන්, ඩේවිඩ් (2003). ජීසස් ඉන් බීජිං. රෙජ්නරි ප්‍රකාශන. ISBN 978-0-89526-128-1. p. 196
  2. හැටවේ, පෝල්. බැක් ටු ජෙරුසලෙම්: ත්‍රී චයිනීස් හවුස් චර්ච් ලීඩර්ස් ෂෙයා දෙයා විෂන් ටු කම්ප්ලීට් ද ග්‍රේට් කමිෂන්. (p. x) ISBN 1-884543-89-8

බාහිර සබැඳි[සංස්කරණය]