ආන්තිකවාදය - Marginalism

විකිපීඩියා වෙතින්

Marginalism හෙවත් ආන්තිකත්වය / ආන්තිකවාදය යන ආර්ථික විද්‍යාව තුල ආන්තික සංකල්ප භාවිතා කිරීමයි. ආන්තිකත්වය පිළිබඳ කේන්ද්‍රික සංකල්පය සම්බන්ධ වන්නේ ආන්තික උපයෝගීතාවය සමඟයි. නමුත් ඇල්ෆඩ් මාෂල් (Alfrad Mashall) ගේ මඟපෙන්වීම අනුගමනය කල ආන්තිකවාදීන් (මේ පිළිබඳව හදාරණ ආර්ථික විද්‍යාඥයින්) පිරිවැය විස්තර කිරීමේදී ආන්තික භෞතික ඵලදායීතාවය යන සංකල්පය මත තවදුරටත් දැඩිව රඳා පැවතුනි. එමෙන්ම බ්‍රිතාන්‍ය ආන්තිකවාදයෙන් මතුවූ නව සාම්ප්‍රදායිකත්වය මඟින් උපයෝගීතාවය යන සංකල්පය අත්හල අතර විශ්ලේෂණයේ වඩාත් ප්‍රධාන වන මූලික භූමිකාව ලෙස ආන්තික ආදේශන අනුපාතය පිළිබඳව අනුපාතය යොමු කරවන ලදී.


වැදගත් ආන්තික සංකල්ප[සංස්කරණය]

Marginality

තීරුවක් හෝ මායිමක් ලෙස මෙය සංකල්පනාත්මකව හැඳින්විය හැකිය. ඕනෑම තනි පුද්ගලයකු සහා ආන්තිකත්වය යන්න ඔවුන්ගේ හෝ ඇයගේ සම්පන්නතාවන් සමඟ සම්බන්ධ වේ. මෙම සම්පන්නතාව බොහෝ දෑ මඟින් තීරණය වන අතර ඊට භෞතික නීතීන් (ශක්ති ආකාරයෙන් පරිවර්තනය විය හැකි ආකාරවලට බාධා කරන යන්න) ස්වභාවධර්මයේ සිදුවීම් / හදිසි සිදුවීම්/ (මෙමඟින් ස්වභාවික සම්පත්වල පැවතීම තීරණය කරනු ලබයි.) සහ පුද්ගලයා විසින් තනිව හෝ අනෙකුත් පුද්ගලයින් විසින් ගනු ලැබූ අතීත තීරණවල ප්‍රතිඵල යනාදීය ඇතුලත් වේ.

ආන්තික වටිනාකමක් යන දී ඇති සුවිශේෂි නිරෝධයන් රඳවා ගනු ලබන / ග්‍රහනය කරගෙන සිටින වටිනාකමකි. මෙම නිරෝධයන් වල විශේෂිත අඩුවීමක් හෝ තද කිරීමක් නිසා බලපෑමට ලක්වන වෙනසක් ආන්තික වෙනසක් ලෙස හැදින්වේ.

නවසාම්ප්‍රදායික ආර්ථික විද්‍යාඥයින් සාමාන්‍යයෙන් උපකල්පනය කරන්නේ ආන්තික වෙනස්කම් වල ඉතාමක් කුඩා හෝ සීමිත බවයි. (මෙම උපකල්පන මගින් විශ්ලේෂණයේ ශක්තිමත් භාවය අඩු කළ ද හික්මවිය හැකිබව ඉහළ නංවනු ලබයි.


Margina / Use / ආන්තික භාවිතය[සංස්කරණය]

භාණ්ඩයක හෝ සේවාවක ආන්තික භාවිතය යන ආර්ථිකව සහේතුක / තාර්කික කාරකයක් මගන් දී ඇති වැඩි වීමක් ඇති කරනු ලබන විශේෂිත භාවිතයයි. නොඑසේනම් දී ඇති අඩු වීමකට ප්‍රතිචාරීව අත්හල භාණ්ඩ හෝ සේවාවල විශේෂිත භාවිතයයි.

විස්තරාත්මකව ආන්තික වාදයෙන් ප්‍රකාශ කරන්නේ (Descsriptive Marginallsm) විවිධ අපේක්ෂිත ප්‍රතිඵලයන්ට බලපෑ හැකි විශේෂිත ආකාරයෙන් අතර වන තෝරා ගැනීමයි. ඒවා පාලනය කරන්නේ මෙම විශේෂිත ප්‍රතිඵල අතර පවතින වෙනස්කම් වලිනි.විධායක (Prescrittive) ආන්තික වාදයෙන් ප්‍රකාශ කරන්නේ එවැනි තෝරා ගැනීමක් එසේ පාලනය කළ යුතු බවයි.



Reference: http://en.wikipedia.org/wiki/Marginalism

"https://si.wikipedia.org/w/index.php?title=ආන්තිකවාදය_-_Marginalism&oldid=471751" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි