ආදම්ගේ ගඟ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ආදම්ගේ ගඟ (බ්‍රිටිෂ් කොලොම්බියනා) වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

ආදම්ගේ ගඟ
පහළ ආදම්ගේ ගඟේ සැමන් මසුන්
රට කැනඩාව
පළාත බ්‍රිටිෂ් කොලොම්බියා
Source මොනාශී කඳුවැටිය
Mouth
Length 177 km (110 mi) (ඇතුළුව ආදම්ගේ විල )
Basin 2,860 km2 (1,104 සතරැස් සැත)

ආදම්ගේ ගඟ (Adams River) කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ පිහිටා ඇති ප්‍රාසර් ගංගාවේ අතු ගංගාවකි. උතුරට වෙන්නට මොනාශී කන්දෙන් ආරම්භ වෙන මෙම ඉහළ ආදම් ගංගාව, දකුණු දෙසට නැඹුරුව ගලා බැස, අවසානයේ ආදම්ගේ විලට ලඟා වෙයි. පහළ ආදම් ගංගාව විලේ දකුණු අන්තයෙන් ආරම්භ වී ශුස්වප් විලේ ( Shuswap Lake) කෙළවරම බටහිර අන්තයෙන් ගලා බසියි. මෙම ගඟ දකුණු ඇමරිකාවේ ඇති සොක්අයි (sockeye) නම් සැමන් මසුන්ගේ ඉතා වැදගත් අභිජනනය ප්‍රදේශයකි. ඔක්තෝම්බර් මස මැද භාගයේදී ගංමෝය අද්දරට මසුන් මිලියන ප්‍රමාණයකින් එකතු වේ. සෙක්වෙම්පෙක් (Secwepemc) ගම්මාන විසින් ගංගාවේ කරන ලද කැනීම් වලින් පෙනෙන්නේ සැමන් මසුන් ඇල්ලීම පිලිබඳ එම ප්‍රදේශයේ දීර්ඝ කාලීන සම්ප්‍රදායයි. අතීතයේදී මෙම ගංගාව ලී කොටන් ප්‍රවාහනය සදහා වැදගත් ජල ප්‍රවාහණය මාධ්‍යයක් විය.

ගමන් මඟ[සංස්කරණය]

ආදම් ගංගාවේ උඩු දිය මීටර 2000ක් උන්නතාංශ ගත වූ නම් නොකළ ග්ලැසියර වන අතර, ඒවා කොලොම්බියා කඳු වල මොනාශී කඳු වැටියේ ඊශාන දිශාවට වන්නට පිහිට ඇත. ගඟේ ඉහළ කොටස දළ වශයෙන් දකුණින් හා නිරිත දිගින් තෙත් බිම් හරහා ගලා බසින අතර ටුම් ටුම් හා මිකා යන කුඩා විල් දෙක පසු කරයි. එය විටෙක ඇල්ලක් ආකාරයෙන්ද ගලා බසින අතර ටුම් ටුම් අල්ලේ පහත ඇති මහා ජල කන්ද මතින් බැස යයි. එම ප්‍රදේශ වලදී ගඟේ බැස්ම කිලෝමීටරයට මීටර 5 දක්වා පහත බසියි. කිලෝමීටර 94ක් ගමන් කල පසු ශුස්වැප් කඳුකරයට අවතීරණ වීමත් සමග ගංගාව ආදම්ගේ විලේ උතුරු දෙසට පිවිසේ.

ආදම්ගේ ගඟ එහි උතුරු දකුණු අක්ෂය ඔස්සේ දළ වශයෙන් කිලෝමීටර 72ක් වෙයි. එමෙන්ම උපරිම ගැඹුර මීටර 457ක් වන අතර ලෝකයේ ගැඹුරුම විල් අතරින් 24 වන ස්ථානය ගනියි. පහළ ගංගාව නික්මෙන්නේ ගඟේ පහලම දකුණු අන්තයෙන් වන අතර කිලෝමීටර 11ක පටු නිම්නයක් ඔස්සේ ගමන් කරයි.එය අවසානයේ ස්කුයිලක්ස් ජනතාව ජීවත් වන ශුස්වැප් විලට ගලා බසියි.ආදම්ගේ විලේ සිට ශුස්වැප් විල තෙක් ගමනේදී පහළ ආදම් ගඟේ උන්නතාංශය මීටර 60කින් පහළ බසියි.

අතු ගංගා[සංස්කරණය]

උඩු ගංගාවට අයිති අතු ගංගා :

  • ඔලිවර් අතු ගංගාව
  • ඩඩ්ජන් අතු ගංගාව
  • සන්සෙට් අතු ගංගාව
  • ෆිෂර් අතු ගංගාව

ආදම්ගේ විල හා පහළ ආදම් ගඟ පෝෂණය වන්නේ :

  • කැයෙන් අතු ගංගාව
  • සින්මක්ස් අතු ගංගාව
  • මොමිච් ගංගාව
  • බෙයා අතු ගංගාව
  • ගෝල්ඩ් අතු ගංගාව

ඉතිහාසය[සංස්කරණය]

ජනයා ආදම් ගංගා නිම්නයේ ජීවත් වන්නේ දීර්ඝ කාලයක සිටය.1977දී ප්‍රාදේශීය රජයෙන් කරන ලද අධ්‍යයනකින් පහළ ගංගා නිම්නයේ බුද්ධ වර්ෂ 2000 සිට ජනාවාස තිබු බවට සාක්ෂි හමු වී ඇත.අධික ලෙස සැමන් මාළුන් සිටීම ගංගාව වැදගත් ආහාර ප්‍රභවයක් බවට පත් කර ඇති අතර එහි විසූ මුල් ජනයාට එය වෙළද භාණ්ඩයක්ද විය. මානව වංශ ලේඛක ජේම්ස් ටේට් වාර්තා කරන අන්දමට ආදම් ගඟ අසල Secwepemc ජනයාගේ "Sxste'lln" නමින් හැදින්වූ උප ජන කොට්ටාසයක් ජීවත් වී ඇත.ඔවුන් දැන් හඳුන්වන්නේ "Adams Lake Indian Band" යන නමිනි. Sxste'lln ජනතාව ග්‍රීස්මයේ සහ සීත ඉර්ර්තුවේ පහළ ගඟ මුව දොර හා චෙස් හි කුඩා ගඟ ආසන්නයේ කඳවුරු බැඳ ගත්හ. 1960 ගංගාවේ නමම ඇති සෙල්-හවුට්-කෙන් ප්‍රධානියා Sxste'lln ජන කොට්ඨාශයේ නායකයා විය.වසුරි වසන්ගත රෝගයෙන් ඔහු ඇතුළු 200කට වඩා ඔහුගේ ජනතාව 1862දී මිය ගියෝය.

ආදම් ගංගා දැව කර්මාන්ත ශාලාව[සංස්කරණය]

බෙයාර් නම් වූ කුඩා ගඟේ දිය ආර, c.1910

පරීක්ෂකයන්, මිනින්දෝරුවන් හා වැද්දන් මෙම ස්ථානය පසු කර ගියත් පළමු මහා පරිමාන කර්මාන්තය වුයේ යුරෝපීයන් ආරම්භ කල දැවකර්මාන්තයි. පරිණත දැව සපයන්නෙකු වූ ජේ.පී.මැක්ගොල්ඩ්රික් 1909දී ආදම්ගේ ගංගා දැව කර්මාන්තශාලාව පිහිටුවන ලදි. ඔහු උඩු සහ පහත් ගංගා මෙන්ම සානු ප්‍රදේශ වලද දැව කර්මාන්තය සදහා අවසර ලබා ගත්තේය. මැක්ගොල්ඩ්රික්ගේ කර්මාන්තය බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ ප්‍රථම ප්‍රධාන කාර්මික මෙහෙයුම ලෙස හැදින්විය හැකිය.

උඩු ගඟේ කඳවුරු බැඳි අතර දැව කර්මාන්තය ආශ්‍රිත කටයුතු ආරම්භ කෙරුනේ ටුම් ටුම් ගගෙනි. කපන ලඳ දැව ගඟ පහලට යැවුණු අතර ඒවා බූමරංග මගින් පහලට ආදම් විලේ පහලට ඇදගෙන ගියේය. ඉන්පසු එම දැව කොටන් පහළ ගඟ හරහා චේස් හි දැව මෝලට ගෙන යන ලදී. පහළ ගංගාවේ පිටවාන අසල "කැලතෙන වේල්ලක්" 1908දි තනන ලදී. මෙම වේල්ල ආදම්ගේ ගංගාවේ ජල මට්ටම ඉහළ නැංවීමට උපකාරී වේ. ඇති තරම් දැව වේල්ලට ඉහලින් ගොඩ ගැසෙන විට දොරටු විවර වන අතර එහි ප්‍රතිපලයක් ලෙස ඇති වූ ගංවතුරෙන් මෙම දැව ශුස්වැප් විලට ගෙන යයි.

පහත් ගංගා කොටසට ඉහලින් ඇති සානුවේ සිට කොට කඳන් ගෙන යාම සඳහා, දැව කර්මාන්ත ශාලාව විසින් දිය ආරවල් නොහොත් දිය පීලි කිහිපයක්ම ඉදි කරනු ලැබීය. මේවා ඉදි කරනු ලැබුවේ ලී ද්‍රෝනිකා සාදා ඒවාට ජලය පිරවීමෙනි. මේවා අධාරයෙන් කොටන් කඳන් ඉවුරේ පහළ කෙලවරට ගෙන එන ලදීය. මේවායින් විශාලම ප්‍රමාණයක් තිබුනේ බෙයාර් ක්‍රීක් නම් දිය ආර ප්‍රදේශයේය.මෙය මැසි කිහිපයකින්ම සමන්විත අතර උස මීටර් 25ක් පමන විය. ඒ අතරම මෙය මසකට මීටර් 3,000,000 (අඩි 9,800,800) පමණ වූ කොට කඳන් ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමට තරම් ධාරිතාවකින් යුක්ත විය.අදාළ ප්‍රදේශයන්හි දැව කඳන් කපා අවසාන කිරීමෙන් අනතුරුව මෙහි සැකිල්ල ගලවා ඉවත් කරන ලදී. කෙසේ නමුත් දැව කැපීම තවමත් මේ ප්‍රදේශයන්හි සිදු වුවත්වර්තමානයේදී දැව ප්‍රවාහනයට ආදම් නදිය භාවිත නොවෙයි.

පරිසර විද්‍යාව[සංස්කරණය]

ඉහළ ආදම් ගඟේ රතු දේවදාර ගසක් කපා හෙළමින් , c.1910

වෘක්ෂලතා[සංස්කරණය]

ගංදිය ආශ්‍රිත පරිසර පද්ධතිය ළැව්ගිනි හා වන ආශ්‍රිත ක්‍රියාකාරකම් වලට නතුව සංශ්රේනිත අවධියේ පවතියි. ගංගාව විවිධාකාර වූ වෘක්ෂලතා කලාප හරහා ගමන් කරයි. උඩු ගංගා දියෙහිදී සෙඩාර් හෙම්ලොක් කලාපය හරහා ගමන් කරයි. මේ වනාන්තර බ්‍රිටිෂ් කොලොම්බියානා වනාන්තර වලට සමාන අතර අවුරුදු 1000කටත් වඩා පැරණි ගස් වලින් යුතු වේ. මේ ගස් දුර්ලභ පාසි විශේෂ වලින් යුක්ත වන අතර එම විශේෂ අයිස් යුගයේ සිට වදවී යාමේ තර්ජනයට මුහුණ දී ඇති ඒවා වීමද විශේෂත්වයකි.

උඩු ගඟේ පිටාර තැන්න තෙත් බිම් විශේෂ වලින් යුක්ත වන අතර පතනශීලී ගස් වර්ගයක් වන බ්ලැක් කොට්න් ශාකය, පඳුරු වශයෙන් වැඩෙන බ්ලැක් ට්වින්බෙරි ශාකය, රෙඩ් ඔසියර් ඩෝග්වුඩ් ශාකය හා පොන්ඩරෝසා පයින්, එංගල්මන් ස්ප්රුස්, ඇල්පින් ෆර් යන ශාක වලින්ද සමන්විත වෙයි. ගංගා මෝදර අසල පරිසරය පශු කර්මාන්තය, ගොවිතැන ආදී මිනිස් ක්‍රියාකාරකම් නිසා වෙනස් වී ඇත.

සත්ත්ව ප්‍රජාව[සංස්කරණය]

සොක්යේ සැමන්[සංස්කරණය]

ආදම් ගඟේ සොක්යේ නම් සැමන් විශේෂය එහි බිත්තර දැමුවත් අවසානයේ දකුණු තොම්සන් ගඟ හරහා ෆ්රේසර් ගඟට ගොස් එතනින් පැසිෆික් සාගරයට යයි. අවුරුදු 3ක් ජෝජියා සමුද්‍රසන්ධිය ආශ්‍රිත සාගරයේ ජීවත් වන අතර ආක්ටික් සාගරය, ඇලස්කා හා අල්යුටියන් දූපත් පසු කරයි. ඉන්පසු යලි ආදම් ගංගාව වෙත පැමිණෙන්නේ කිලෝ මීටර 4000ක සංචාරය නිම කරමිනි. දින 14ක් තුලදී ඔවුන් උඩුගම් බල යන අසීරු ගමන නිමා කරන්නේ ජවසම්පන්න ජල ස්තර හරහාද ගමන් කරමිනි. මේ කාල සීමාව තුලදී ඔවුහු නිරාහාරව සිටිති.නමුත් ඔවුන් පෙර ග්‍රීෂ්ම සමය තුල ඇති තරම් ආහාර ඔවුන්ගේ සිරුරු තුල ගබඩා කර තබා ගත් නිසා එය ප්‍රශ්නයක් නොවේ. මෙම අවස්ථාවේදී සැමන් මසුන් විශේෂ රතු පැහැයකින් යුතු වන අතර පිරිමි මසුන්ටත් මොල්ලියක් වැනි පිටක් හා කලහකාරී නැවුණු මුඛයක් පිහිටයි. ඔවුන් යලි ඔවුන්ගේ උපන් ගංගාවට නැවත පැමිණීම සම්පුර්ණයෙන්ම වටහා ගත නොහැකි වුවත්, ඔවුන්ගේ ආඝ‍්‍රාණ පද්ධතිය මෙහිදී මෙහෙයක් සිදු කරනවා විය හැකිය. නදියේ බොරළු පොලව සැමන් මසුන්ගේ ජීවන චක්‍රයට රුකුල් දෙයි.උෂ්ණත්වය හා ජලයේ PH අගයද සොක්අයි මසුන්ට හොඳින්ම ගැලපෙයි.ශුස්වැප් විල "පෙර පාසල් විල" ලෙස ජීව විද්‍යාවේ හදුන්වන්නේ එය කුඩා සැමන් මසුන්ට හොඳ ආහාර ප්‍රභවයක් නිසාමය.

ආදම්ගේ ගඟේ සොක්අයි මසුන් බිත්තර දමමින්

ප්‍රධාන දිවුම්[සංස්කරණය]

"ආදම් ගඟේ දිවුම්" යන සංසිද්ධිය සෑම වසරකම සිදුවන්නක් නමුත්, සෑම අධික අවුරුද්දකදීම එම අගය ඉතා ඉහළ අගයක් ගනු ලබයි. මෑතකදී ප්‍රධාන වශයෙන් මෙය සිදු වූවේ 2010 වසරේදීයි. කැනඩාවේ මත්ස්‍ය සහ සාගර සම්පත් දෙපාර්තමේන්තුවට අනුව 1913 වර්ෂයෙන් පසු විශාල ලෙස සොක්යේ නම් සැමන් විශේෂය සංක්‍රමණය කරනු ලැබුවේ 2010 වර්ෂයේදී ෆ්රාසෙර් නදියටය. එම සඳහන් වූ ප්‍රමාණය ඇස්තමේන්තු ගත ආකාරයට මිලියන 34ක ප්‍රමාණයකි. කෙසේ නමුත් 3,866,000ක ප්‍රමාණයක මසුන් බිත්තර දැමීම සඳහා ආදම්ගේ ගංගාව වෙත නැවත පැමිණෙයි. මෙලෙස වාර්තාගත ලෙස මසුන්ගේ නැවත පැමිණීමට පැහැදිලි හේතුවක් හෝ සම්මුතියක් පෙනෙන්නට නැත. සයිමන් ෆ්රේසර් විශ්වවිද්‍යාලයේ ජීවවිද්‍යාඥ ජෝන් රෙනොල්ඩ්ස් ග්ලෝබ් ඇන්ඩ් මේල් පුවත්පතට පවසා තිබුනේ සැමන් මසුන් ගණන පුරෝකථනය කිරීම විද්‍යාඥයවරයෙකුට වුවත් අසීරු බවයි.

අනෙකුත් සත්ත්ව ප්‍රජාවන්[සංස්කරණය]

ආදම්ගේ ගංගා නිම්න භූමියේ කොටළු මුවන් විශාල වශයෙන් දක්නට ඇති අතර කුඩා රංචු වශයෙන් සිටින සුදු වලිග මුවන්,කළු වලසුන් ජල ආශ්‍රිතව දක්නට ලැබෙයි. වලස් ජනගහනයේ සැලකිය යුතු තරම් වැඩි වීමක් දක්නට ලැබෙන්නේ, ඔවුන් අසල පිහිටි නිම්න බද ප්‍රදේශ වලින් පැමිණ බිත්තර දමන සැමන් මසුන් අල්ලා ආහාරයට ගැනීමට පෙළඹෙන නිසාය. උඩු ගංගා නිම්නයේ ගෝනුන් සුලබ වන අතර, ගඟේ උද කොටසේ අළු පාට වලස් වාසස්ථාන බහුලව දැකිය හැක. බීවරයන්, මුගටියන් හා දිය බල්ලන් වැනි ජලචර සත්වයන්ද දක්නට ලැබෙයි.

මෝයකටහි කැනඩා පාත්තයන් හා හංසයන් සුලබය. ගෝල්ඩන් අයි, වල තාරවුන්, කොළ පියාපත් ඇති සේරුන්ද දක්නට ලැබෙයි. හිස මුඩු රාජාලින් හා මුහුදු උකුස්සන් දක්නට ලැබෙන අතර ඔවුන්ගේ කූඩු මැරුණු දේවදාර රුක් මුදුන් හා කළු කොටන්වුඩ් තුරු මුදුන් මත සාදා ගෙන ඇත.

සංරක්ෂිත ප්‍රදේශ[සංස්කරණය]

ආදම්ගේ ගඟ හෙක්ටයාර් 5,733 වූ ඉහළ ආදම් ගඟේ ප්‍රාදේශීය උද්‍යානය හරහාද, රොඩ්රික් හේග් බ්‍රවුන් ප්‍රාදේශීය උද්‍යානය හරහාද ගලා බසියි. එය සැමන් මසුන් බැලීම සදහා අඩිපාරක් හා වේදිකාවක් තනා දෙයි. රොඩ්රික් හේග් බ්‍රවුන් ප්‍රාදේශීය උද්‍යානයට 2010දී සංචාරකයන් 160,000කගේ පැමිණීමක් වාර්තා වී ඇත. හේග් බ්‍රවුන් යනු වන සංරක්ෂකයෙක්, ලේඛකයෙක් පමණක් නොව ජාත්‍යන්තර පැසිෆික් සැමන් ධීවර කොමිසමේ සාමාජිකයෙක්ද විය.

මුලාශ්‍ර[සංස්කරණය]

1. "Lakes at a Glance: Deepest Lakes". ලෝක විල් ජාලය. 2. "2010 Late Run Sockeye Salmon Preliminary Escapement Estimates". ධීවර හා සාගර කටයුතු අමාත්‍යාංශය.කැනඩාව.


ඛණ්ඩාංක: 50°54′N 119°33′W / 50.900°N 119.550°W / 50.900; -119.550

"https://si.wikipedia.org/w/index.php?title=ආදම්ගේ_ගඟ&oldid=391313" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි