ආත්ම සත්කාරය

විකිපීඩියා වෙතින්

ආත්ම සත්කාරය[සංස්කරණය]

ආත්ම සත්කාරය යනු තමාගේ සෞඛ්‍ය තත්වය නිසියාකාරව පාලනය කිරීමයි. සෞඛ්‍ය තත්වය නගා සිටුවීම , යථාතත්වයට පත් කිරීම , රෝග වලක්වා ගැනීම හා ප්‍රතිකාර කිරීම අරමුණු කරගෙන පුද්ගල‍යෙකු , පවුලක් හෝ ප්‍රජාවක සිදුකරනු ලබන ක්‍රියාකාරකම් මේ නම් වේ.

ආත්ම සත්කාරය යටතට පුද්ගලයකු තමාගේ හා තමාගේ පවුලෙහි ශාරීරික හා මානසික සුවතාවය පවත්වා ගැනීම පිණිස ගනු ලබන තීරණයන් අඩංගුවේ. ශාරීරික සුවතාවය පවත්වා ගැනීමට සිදුකරන ව්‍යායාම ආත්ම සත්කාරයකි. මීට අමතරව නිරෝගී ආහාර වේලක් ගැනීම , නිසි පරිදි ‍ඹෞෂධ භාවිතා කිරීම හා රෝග වලක්වා ගැනීම සඳහා හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමද අයත් වේ. සෞඛ්‍යයට අවධානමක් එල්ල කරන දුම් පානයෙන් වැලකීම සහ රෝග සුව වීමෙන් අනතුරුව රෝහලින් බැහැරව ගිය පසු තම සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කිරීමද ආත්ම සත්කාරයකි.

පුද්ගයින් ආත්ම සත්කාරය කරන අතර සෞඛ්‍ය වෘත්තිකයින් සහ විශේෂඥයින් මගින් පුද්ගලයකුගේ ආත්ම සත්කාරය වඩවා ගැනීම සඳහා උපකාර කරේ.


සංවර්ධනය වෙමින් පවතින රටවලට ආත්ම සත්කාරය ඉතා වැදගත්ය.එයට එක් හේතුවක් වන්නේ මෙම රටවල සෞඛ්‍ය සේවාවන් හි ඇති පීඩාකාරී තත්වයයි.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Self-care

"https://si.wikipedia.org/w/index.php?title=ආත්ම_සත්කාරය&oldid=470538" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි