ආගමන නීතිය

විකිපීඩියා වෙතින්

ආගමන නීතිය අනුවෙන් හැඳින්වෙන්නේ ජාතික රජයක් සිය රටට පිටතින් පැමිණෙන්නන් කෙරෙහි ක්‍රියාවට නංවන්නාවූ ප්‍රතිපත්තීන්ය.

විදේශික පුරවැසියන් සම්බන්ධ ආගමන නීති පුද්ගලයින්ගේ පුරවැසිභාවය වැනි නෛතික තත්වය හා සම්බන්ධ ජාතිකත්ව නීතිය හා සම්බන්ධිතය. ආගමන නීති රටින් රටට වෙනස් වෙයි. එමෙන්ම කාළයෙන් කාළයට පවත්නා දේශපාලන තත්වය අනුවද එය වෙනස්විය හැක. එය එක් කාළයක නව සංක්‍රමණිකයන් පුළුල් ලෙස ඇතුලත් කරගන්නා තත්වයක සිට නව සංක්‍රමණිකයන් තදින්ම බැහැර කරන තත්වයක් දක්වා වෙනස්විය හැක.

රටක පුරවැසියන් සම්බන්ධයෙන් බලපවත්වන්නාවූ ආගමන නීති ජාත්‍යන්තර නීතිය මඟින් නියාමනය කරනු ලබයි. එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය සෑම රටක්ම සිය පුරවැසියන්ට සිය රටට ඇතුල්වීමට අවසර දියයුතු බවට දක්වා සිටියි.

සමහර රටවල් සිය රටට ඇතුල්වීමේ අයිතිය හා ඇතුල්වූ පසු නැවතී සිටිය හැකි කාළ සීමාව පාලන කටයුතු සඳහා සම්බන්ධවීමේ අයිතිය වැනි අයිතීන් සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක කරයි. බොහෝ රටවල සංක්‍රමණිකයින්ට එරට පුරවැසියන් බවට පත්වීමේ ස්වභාවිකකරණ ක්‍රියාදාමයක් ඇතිකරන්නාවූ නීතීන් පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=ආගමන_නීතිය&oldid=471954" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි