ආකලන බහු අවයවීකරණය

විකිපීඩියා වෙතින්

ආකලන බහු අවයවීකරණය නැතහොත් බහු ආකලනය හෝ දාම වර්ධන බහු අවයවීකරණය ලෙසින්ද හඳුන්වයි.

මෙහි n යනු බහු අවයවීකරණයේ ප්‍රමාණයයි
මෙහි n යනු බහු අවයවීකරණයේ ප්‍රමාණයයි

ඒ අසංතෘප්ත ඒක අවයව අණුවක්, වර්ධනය වන බහු අවයවික දාමයකට වරකට එක බැඟින් එකතු වීමේ (බහු අවයවීකරණය වීමේ) තාක්ෂණික ක්‍රමය නිසයි. එය පහත රසායනික සමීකරණයෙන් නිරූපණය කළ හැකිය.

ලක්ෂණ[සංස්කරණය]

ආකලන බහු අවයවීකරණය එකිනෙකට වෙනස් පියවර තුනකින් සිදුවේ.

  1. දාම ආරම්භය, සාමාන්‍යයෙන් ආරම්භයක අරුතෙන්ම රසායනික ක්‍රියාවලි ආරම්භ කිරීම සිදු කරයි. අපේක්ෂිත ආරම්භක යනු විස්ථායී කාණ්ඩය සහිත ඕනෑම කාබනික සංයෝගයක් විය හැකිය. උදා - ඇසෝ (-N=N-), ඩයිසල්පයිඩ් (-S-S-), හෝ පෙරොක්සයිඩ් (-O-O-) උදාහරණ දෙකක් වනුයේ බෙන්සොයිල්, පෙරොක්සයිඩ් හා AIBN ය.
  2. දාම ප්‍රචාරණය.
  3. දාම අවසානය, මෙය සිදු වන්නේ සංයෝජනයෙන් හෝ ද්විදාමකරණයෙනි. ඛණ්ඩක බහු අවයවීකරණයේ දී අවසානය සිදුවන්නේ මුක්ත ඛණ්ඩක සංයෝජනයෙන් වන අතර එය බහු අවයවීකරණ ක්‍රියාවලියේ අවසානය වේ.
  4. සමහරක් දාමවල පැති ප්‍රතික්‍රියා සිදු විය හැක. උදා - ඒක අවයවකට දාම හුවමාරුව, ද්‍රාවකයකට දාම හුවමාරුව හා බහු අවයවයකට දාම හුවමාරුව · සංගණන බහු අවයවීකරණයේ දී (පියවර - වර්ධන බහු අවයවීකරණය ලෙස ද හඳුන්වන) මෙන් නොව
  5. අඩු පරිවර්තනයක දී වැඩි අණුක භාර සහිත බහු අවයවික නිර්මාණය වේ.
  6. H2O වැනි කුඩා අණු මේ ක්‍රියාවලිය තුළ දී ඉවත් නොවේ.
  7. වර්ධනය වන දාමයට එකතු වන නව ඒක අවයව එයට සම්බන්ධ වන්නේ පහත දැක්වෙන ප්‍රතික්‍රියාකාරී ක්‍රියාකාරී කේන්ද්‍ර හරහාය.ඒ අනුව
  8. මුක්ත ඛණ්ඩක ආකලන බහු අවයවීකරණයේ දී මුක්ත ඛණ්ඩක
  9. කැටායනික හරහාත් ආකලන බහු අවයවීකරණයේ දී කාබො කැටායනය
  10. ඇනායනික හරහාත් ආකලන බහු අවයවීකරණයේ දී කාබො ඇනායනය හරහාත්,
  11. දායක බහු අවයවීකරණයේ දී කාබනික ලෝහ සංකීර්ණ හරහාත් මෙය සිදුවේ.
  12. ඒක අවයවයක අනුව පහත ඒවායින් එකක් විය හැකිය.
  13. එතිලීන් හෝ ඇසිටලීන් වැනි අසංතෘප්ත සංයෝග අසංතෘප්ත බව පෙන්වා ඒවා ප්‍රතික්‍රියාශීලී කරවයි. වයිනයිල් බහු අවයවිකය බලන්න.
  14. ඇලි චක්‍රීය සංයෝග, වළලු - විවෘත කිරීමේ බහු අවයවීකරණය බලන්න.
  15. දී ඇති විශේෂිත ප්‍රතිකාරක හා ප්‍රතික්‍රියා තත්ත්ව යටතේ ආකලන බහු අවයවීකරණය, සජීවී බහු අවයවීකරණයක් ලෙස සැලකේ. නිෂ්චිත උච්ඡ සීමාවකට වඩා වැඩි උෂ්ණත්වවලදී බහු අවයවීකරණය සිදු නොවේ.

සටහන්[සංස්කරණය]

| Addition polymerization |}

"https://si.wikipedia.org/w/index.php?title=ආකලන_බහු_අවයවීකරණය&oldid=517376" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි