අශ්ලීලත්වය

විකිපීඩියා වෙතින්

තත්කාළයේ පවත්නා ලිංගික සදාචාරයට පටහැනි ප‍්‍රකාශනයන් (වචන, රූප, කි‍්‍රයාවන්) හැඳින්වීම සඳහා බොහෝවිට නෛතික සන්දර්භය තුල යොදාගනු ලබන යෙදුම වන්නේ අශ්ලීලත්වය යන්නයි.

ලංගික ද්විතීයික අරුත්වල විධිමත් හා අවිධිමත් දීඝ කාලීන භාවිතයක් පැවතියද මෙම වචනය තවමත් ‘ජුගුප්සාජනක’ යන අර්ථය පමණක් නොව ‘අශුභ’ වැනි අර්ථයක්ද දරා සිටියි. ‘ලාභලැබීමේ අශ්ලීලත්වය’, ‘යුද්ධයේ අශ්ලීලත්වය’ වැනි යෙදුම් තුලින් මේ බව ගම්‍ය වෙයි. එය හුදෙක් ‘දේවාපහාසය’ හෝ තහංචිය, අවිනීත, පිළිකුල් ජනක හෝ පුගුප්සාජනක යන අර්ථය හැඟවීම සඳහාද එය යොදාගනු ලබයි.

මෙම අර්ථකථනය සංස්කෘතියෙන් සංස්කෘතියට, එකම සංස්කෘතියේ විවිධ ප‍්‍රජාවන් අතර මෙන්ම එම ප‍්‍රජාවන් තුල එක් එක් පුද්ගලයා අනුවද වෙනස්විය හැක. බොහෝ සංස්කෘතීන් අශ්ලීල ලෙස සැලකිය යුත්තේ කුමක්ද යන්න අර්ථදැක්වීම පිණිස නීති සම්පාදනයකොට ඇත. එමෙන්ම මෙකී අර්ථනිරූපනයන් යටතේ අශ්ලීල ලෙස හඳුනාගනු ලබන දේ මර්ධනය කිරීම සඳහා වාරණයන්ද කි‍්‍රයාත්මක කරනු ලබයි. මෙයට සාමාන්‍යයෙන් අසභ්‍ය යැයි හැඳින්වෙන දේ අයත්වන අතර එය ඊටම සීමා නොවීමටද හැක. මේ ආකාරයෙන් වාරණය විසින් ප‍්‍රකාශනයේ නිදහස සීමා කරනු ලබන අතර අශ්ලීත්වය පිලිබඳ නෛතික අර්ථකථනයක් නිර්මාණය කිරීම සිවිල් නිදහස පිලිබඳ ප‍්‍රයුක්තියක් වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=අශ්ලීලත්වය&oldid=472237" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි