අවර්ණ වර්ණ

විකිපීඩියා වෙතින්


ප්‍රබල වර්ණවත් බවක් නොමැති ඕනෑම වර්ණයක් ‘අවර්ණයක්’ ලෙස නම් වේ. පූර්ණ අවර්ණ ලෙස කළු , සුදු සහ සියළුම අළු පැහැයන් දැක්වෙන අතර ‘ආසන්න උදාසීන” වර්ණ වන දුඹුරු පැහැයන් සහ අඳුරු පැහැයන් ද එම ගණයේ වර්ණ වේ. මෙම වර්ණ ඕනෑම පාටකින් හෝ ඕනෑම ආලෝක තත්වයක තිබිය හැක.

පූර්ණ වර්ණ සුදු හෝ කළු සමග මිශ්‍ර කිරීමෙන්ද මෙම අවර්ණ නැතහොත් උදාසීන වර්ණ සාදා ගත හැකි අතර අනුපූරක වර්ණ දෙකක් මිශ්‍රකළ ද එම වර්ණ ලැබේ. වර්ණ න්‍යායේදී දැක්වෙන ආකාරයට යාබද වර්ණ සමගින් වැඩි දියුණු කළ හැකි හොඳම වර්ණ වන්නේ මෙම උදාසීන වර්ණවන අතර ඉන් අනතුරුව එම වැඩි දියුණු කළ වර්ණ අනුපූරක වර්ණවල පෙනුමට සමාන වේ. දීප්තිමත් රතුපැහැය අසල අළු වර්ණයක් ඇති නම් එය නිසැකවම කොළ පැහැයට හුරු පැහැයක් ගනී.

කළු සහ සුදු යන පැහැයන් දෙක සෑම වර්ණයක් සමග සංයෝජනය කළ හැකි සුවිශේෂී හැකියාවකින් යුතු පැහැයක් වේ. කළු පැහැයෙන් යම් පැහැයක දීප්තිමත් බව වැඩි කරන අතර සුදු පැහැය ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරයි.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Color_theory#Achromatic_colors

"https://si.wikipedia.org/w/index.php?title=අවර්ණ_වර්ණ&oldid=98466" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි