අවකාශ විශ්ලේෂණය

විකිපීඩියා වෙතින්

සංඛ්‍යාන විද්‍යාවට අනුව අවකාශය විශ්ලේෂණය හෝ අවකාශ සංඛ්‍යානය යනු යම් වස්තුවක් ස්ථුල විද්‍යානුකූල ජ්‍යාමිතිකව හෝ භූ විද්‍යාත්මක ලක්ෂණ අනුව අධ්‍යයනයයි. මෙහි විවිධ ක්‍රම අඩංගු වන අතර එයින් බොහෝමයක්ම තවමත් සංවර්ධනය වෙමින් පවතියි. විවිධ වි‍ශ්ලේෂණ ක්‍රම භාවිතයෙන් මෙය විශ්වයේ පවතින විවිධ චක්‍රාවාට වල පිහිටීම අධ්‍යයනය කරන තාරකා විද්‍යාව වැනි පුළුල් විෂයක්ද, චිප සකස් කිරීමේදී ඉංජිනේරු විද්‍යාව, ස්ථාන හා ගමන් පථය සොයාගැනීමට භාවිතා වන සංකීර්ණ ඇල්ගොරිතම වැනි විවිධ අධ්‍යයන අංශ වල භාවිතාවේ. වඩාත් පටුව සැලකුවහොත් මෙය සාපේක්ෂ ව්‍යුහ විශේෂයෙන්ම භූ විද්‍යාත්මක දත්ත විශ්ලේෂණය සඳහා භාවිතාවේ. මෙම වාක්‍ය කණ්ඩ පරීක්ෂණයක එක් කොටසක භාවිතාවන යම් ක්‍රමවේදයක් හැඳින්වීමට යොදාගනී. භූ සංඛ්‍යානය මේ සඳහා නිදසුනකි.

විසිවන සියවසේ අගභාගය තෙක්ම අවකාශීය විශ්ලේෂණයේ ක්‍රමවේදයන් විධිමත් ලෙස නොපැවතුනි. අවකාශීය විශ්ලේෂණයේ ඉතිහාසය ඇතිවන්නේ සිතියම් ඇඳීම, සමීක්ෂණය වැනි අංශවලින් සුසැදි භූගෝල විද්‍යාවේ ආරම්භයත් සමඟය. නුතන අවකාශීය විශ්ලේෂණය විශාල දත්ත ප්‍රමාණයන් හා භූ විද්‍යාත්මක තොරතුරු පද්ධති, මෘදුකාංග, පරිගණක ආකෘති සැකසීමේ ප්‍රබලතාව වැනි කරුණු මත රඳා පවතී. අවකාශ විශ්ලේෂණය සඳහා භූගෝල විද්‍යාව, ජීව විද්‍යාව, ව්‍යංගන අධ්‍යයනය, සංඛ්‍යානය, භූගෝල තොරතුරු විද්‍යාව, දුර සංවේදනය, පරිගණක විශ්ලේෂණ වැනි ක්‍රම හඳුන්වා දී ඇත.

පැහැදිලි නිර්වචනය කරන ලද හෝ සම්පුර්ණව නොවිසඳුනු සංකිර්ණ ගැටළු රාශියක්ම අවකාශ විශ්‍ලේෂණයේදී මතුවේ. මේවා තවමත් පර්යේෂණ සඳහා මුලාශ්‍රව පවතී. මෙම ගැටළු වලින් මුලික ගැටළු වන්නේ අධ්‍යයනයට බඳුන්වන වස්තුවේ අවකාශීය පිහිටීම අර්ථ දැක්වීමයි. නිදසුනක් ලෙස මනුෂ්‍යයෙකුගේ සෞඛ්‍ය අධ්‍යයනය මඟින් එම පුද්ගලයා ජීවත් වන ස්ථානය මත පදනම්ව හෝ රැකියා ස්ථානය පදනම්ව, හෝ සතිය පුරා කෙරෙන ගමනාගමනය රේඛාවක් ලෙස පදනම් කරගෙන අවකාශීය ස්ථානය නිර්වචනය කළ හැක. මෙම තෝරාගැනීම් එකිනෙක මඟින් විශ්ලේෂණය භාවිතා කළ හැකි ක්‍රමවේදය හා එයින් ලබාගන්නා ප්‍රතිඵල කෙරෙහි සැලකිය යුතු බලපෑමක් එල්ල කරයි. අවකාශ විශ්ලේෂණයේදී මුහුණදෙන ගැටළු වන්නේ ගණිතමය දැනුමේ සීමා, පවතින සංඛ්‍යාන ක්‍රම, යොදාගන්නා කල්පිත හා පරිගණක මත පදනම් වු ගණනය කිරීම් වල ගැටළුය.

අවකාශය විශ්ලේෂණයේ භාවිතා වන ක්‍රමවේදය වර්ගීකරණයන් කිරීම අපහසුය. එයට හේතු වන්නේ විශාල පර්යේෂණ ක්ෂේත්‍ර පැවතීම, යොදා ගත හැකි මුලික ආරම්භයන්ගේ ඇති විවිධත්වය හා දත්ත වලට ලබාගත හැකි විවිධ ආකාරයි.

සටහන්[සංස්කරණය]

Spatial_analysis
"https://si.wikipedia.org/w/index.php?title=අවකාශ_විශ්ලේෂණය&oldid=471674" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි