අම්බලන්ගොඩ සුනන්දාරාම මහා විහාරය

විකිපීඩියා වෙතින්
අම්බලන්ගොඩ සුනන්දාරාම මහා විහාරය ඝණ්ඨාර කුළුණ

මේ විහාරස්ථානය අම්බලන්ගොඩ දුම්රිය පොලේ සිට මීටර්‌ 200 ක්‌ පමණ නැගෙනහිරින්‌ පිහිටා ඇති අතර මහ පන්සල පාර ඔස්සේ එයට පිවිසිය හැකිය. නම්බිමුල්ල පේරුව තුළ පිසිටා ඇති මෙති විහාරස්ථානයට අයත් බිම්‌ ප්‍රමාණය අක්කර පහක්‌ පමණවේ. සම්ප්‍රදායානුකූලව විහාරස්ථානය අයන්වනුයේ විලේගොඩ, නම්බිමුල්ල, මහ අම්බලන්ගොඩ, (එඬඩේරමුල්ල ග්‍රාමය සහ පනියන්දුව ග්‍රාමයද අයත් වනුයේ මහඅම්බලන්ගොඩ පේරුවටයි.) පටබැඳිමුල්ල යන සතර පේරුවටයි. දායකගම පේරුව වශයෙන් හැඳින්වෙයි. මේ අනුව පැරණි කාලයේ සිටම විහාරස්ථානයේ දායක සභාව සමන්විත වනුයේ එකී සතර පේරුව නියෝජනය වන පරිද්දෙනි.