අභ්‍යාවකාශ තරගය - සංවිධානය, අරමුදල් සහ ආර්ථික බලපෑම

විකිපීඩියා වෙතින්

අභ්‍යවකාශ ගවේෂණයට අවශ්‍ය අති විශාල පිරිවැය හේතුවෙන් ජාතික අභ්‍යවකාශ ඒජන්සි බිහිවුනි. මෙහි විද්‍යාත්මක හා කාර්මික අවශ්‍යතා අරමුණු කරගත් වැඩසටහන් සංවර්ධනය කිරීමට ඇමරිකා එක්සත් ජනපදය හා සෝවියට් දේශය ක්‍රියාත්මක වුහ.

1958 ජුලි 29 දින ජනාධිපති අයිසන් හොවර් විසින් ජාතික ගගනගාමී හා අභ්‍යවකාශ පනතට අත්සන් තැබූ අතර ජාතික අභ්‍යාවකාශ යාත්‍රා විද්‍යා සහ අභ්‍යාවකාශ පරිපාලන ය (National Astronautics and space Act/NASA) පිහිටු වනු ලැබීය. 1958 ඔක්තෝබර් පළවෙනිදා අරඹන ලද නාසා ආයතනය සතුව විද්‍යාගාර 4 ක් ද 46 ක් වයසැති රජයේ ආකාශ යාත්‍රා විද්‍යා ඒජන්සියේ (NACA) සේවකයින් 8000 ක් ද සිටියහ. ඇමරිකානු ඩොලර් මිලියක 5 ක මුලු අයවැකයට ක්‍රියාත්මක වූ (NACA) ඒජන්සිය වසරක‍ට ඩොලර් මිලියන 5 ක අයවැයක් සහිත NASA ආයතනය බවට හැරිණි. ඇප‍ලෝ යානාව චන්ද්‍රයා මතට ගොඩබැස්වීම NASA ආයතනයේ සාර්ථකත්වයට ප්‍රධානම හේතුව වූ අතර ඒ සදහා ‍ඩොලර් බිලියන 20 – 25 ක් පමණ වැය වුනි.

විශ්වාසදායී සංඛ්‍යාලේඛන වල හිගකම නිසා ඇමරිකානු සහ සෝවියට් දේශයේ අභ්‍යාවකාශ වියදම සංසන්දනය කිරිමට අපහසු ය 1989 වසරේ දී සෝවියට් දේශය විසින් රූබල මිලියන 6.9 ක් අභ්‍යාවකාශ වැඩසටහන් සදහා වැය කල බව එරටින් වාර්තා විය.

සෝවියට් දේශයේ අභ්‍යාවකාශ වෑයම සදහා රට අභ්‍යන්තරයේ ඇතිවුනු විරුද්ධවාදීකම් බලපාන්නට විය. NASA වැනි සංවිධානයක් එවකට සෝවියට් දේශයේ බිහිවී තිබුනේ නැත. විද්‍යාව සමග දේශපාලනය ඕනෑවට වඩා සම්බන්ධ වීම නිසාත් එකිනෙකාගේ පෞද්ගලික මතිමතාන්තර නිසාත් සොව්ය‍ට් දේශයේ අභ්‍යාවකාශ දියුණුව කඩාකප්පල් වුනි. 1964 දී අභ්‍යාවකාශ යානා නිර්මාණය කිරිමේ වැඩසටහන් 30 ක් විවිධ නිරමාණකරුවන් ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරුණි. කෙසේ නමුත් ඇමරිකාව සමග කරට කර සටනක් ගෙනයාටම සොව්යට් දේශයට නැවතත් අවස්තාවක් ලැබුනු අතර 1974 දී එනර්ජියා නමැති ව්‍යාපෘතිය මගින් ඇමරිකානු අභ්‍යාවකාශය ෂටලය වැනිම ෂටලයක් (බියුරාන් ෂටලය) නිර්මාණය කිරිමට ඔවුන්ට හැකි වුනි.

සෝවියට් දේශය ක්‍රියාත්මකවුයේ ආර්ථික වාසියක් ද ඇති වය. ඇමරිකානු ආර්ථික ය ලොව පළමු තැන ගත් අතර සෝවියට් ආර්ථිකයට හිමිවුයේ දෙවෙනි ස්ථානනයි. අභ්‍යවකාශ තරගය සදහා වැය වුනු විශාල ආර්තික පිරිවැයද 1970 අගභාගය සහ 1980 අතර ඇති වූ ‍සෝවියට් ආර්ථිකයේ බිද වැටීමට දායක වූ බවත් ආර්ථිකය බිද වැටීමට එක් හේතුවක් බවත් ඇතැමි නිරීක්ෂකයින් විසින් පෙන්වා දෙන ලදි.