අභ්‍යවකාශ ගමන්වල ඉතිහාසය

විකිපීඩියා වෙතින්
ගොනුව:Konstantin Tsiolkovsky 1934.jpg
සියොල්කොවිස්කි “මනුෂ්‍ය අභ්‍යවකාශ ගමන්වල පියා”

තාත්වික අභ්‍යවකාශ ගමන් පිළිබඳ තාත්වික යමක් යෝජනා කිරීමේ ගෞරවය හිමිවනුයේ “කොන්ස්තන්තියන් සියොල් කොවිස්කිටය” ඔහුගේ සුප්‍රසිද්ධ ග්‍රන්ථය වූ ප්‍රතික්‍රියමය යෙදුම් උපක්‍රමය මගින් අන්තරීක්ෂ අවකාශය ගවේෂණය කිරීම” 1903 දී ප්‍රකාශයට පත් විය. නමුත් මෙම න්‍යායාත්මක ග්‍රන්ථය රුසියාවෙන් පරිබාහිර අභ්‍යවකාශ ක්ෂේත්‍රයක් තුළට වැඩි බලපෑමක් එල්ල කළේය.

1919 දී රොබට් එච්. ගොඩාඩ් විසින් ප්‍රසිද්ධ කරන ලද “සීමාන්තික උසකරා පිවිසුමට ක්‍රමවේදයක්” නැමති පත්‍රය සමග අභ්‍යවකාශ ගමන් ඉන්ජිනේරු තාක්ෂණය අතින් සිදුවිය හැකිදෙයක් බවට පත්විය.

ද්‍රව ඉන්ධන රොකට්ටු සඳහා විසර්ජන නැසින්න පිළිබඳව වූ ඔහුගේ යෙදුම් අන්තර් ග්‍රහලෝක චාරිකා ප්‍රායෝගික කිරීමට බොහෝ සේ දායක විය. මෙම ප්‍රකාශන පත්‍රය පසුකලෙක අභ්‍යවකාශ ගමන්වල ප්‍රබල භූමිකාවක් රඟ පෑ හර්මන් ඔබර්ත්ට සහ වර්නර් වොන් බ්‍රවුන්ට බොහෝ සේ බලපෑවේය.

අභ්‍යවකාශයට පිවිසි ප්‍රථම රොකට්ටුව 1942 ඔක්තෝබර් 03 වැනි දින පරීක්ෂණ ගමනක යෙදුන ජර්මාණු V – 2 රොකට්ටුවේ මූලාකෘතියකි. පෘථිවිය වටා කක්ෂගත වූ ප්‍රථම කෘත්‍රීම චන්ද්‍රිකාව වූ ස්පුට්නික් -1 චන්ද්‍රිකාව සෝවියට් රුසියාව විසින් 1957 ඔක්තෝබර් 04 වැනි දින ගුවන්ගත කරන ලදී.

ප්‍රථම මනුෂ්‍ය අභ්‍යවකාශ ගමන වොස්ටෝක් -1 විය . 1961 අප්‍රේල් 12 වැනි දින ගුවන් ගත කෙරුණු මෙම යානය මගින් රුසියානු ගගනගාමී යූරි ගගාරින් පෘථිවිය වට‍ා එක් වටයක් ගමන් ගත්තේය.

තවමත් අභ්‍යවකාශයට පිවිසීමට යොදා ගන්නා ප්‍රායෝගික ක්‍රමවේදය රොකට්ටුවයි. කෙටිදුර ඉහිලුම් ජෙට්යානා වැනි අනෙක් තාක්ෂණයන් තවමත් ඊට පියවර ගණනක් පසුපසින් සිටී.