අප‍්‍රිකානු අමෙරිකානු සාහිත්‍යය

විකිපීඩියා වෙතින්

අප‍්‍රිකානු අමෙරිකානු සාහිත්‍යය එක්සත් ජනපදය ස්වාධීන රාජ්‍යයක් ලෙස නැගී ඒම පිළිබඳ අනාවැකි දැක්වූ පරිදි අප‍්‍රිකානු අමෙරිකානු සාහිත්‍යය සතුව ද සමාන දිගු ඉතිහාසයක් තිබේ.


ෆිලිස් වීට්ලි

ලුසී ටෙරී අප‍්‍රිකානු අමෙරිකානු සාහිත්‍යයේ පුරාණතම කෘතිය ලෙස සැලකෙන වර්ෂ 1746 රචිත "බාර්ස් ෆයිට්" (Bars Fight) හි කතුවරයා ය. මෙම පද්‍යය ජොසියා හොලන්ඩ‘ ගේ "බටහිර මැසෂුසෙට්'හි ඉතිහාසය" (History of western Massachusetts) 1855 එළි දකින තුරු ප‍්‍රකාශයට පත් වුයේ නැත. තව ද වර්ෂ 1760 බ‍්‍රිටන් හැමන් ගේ "The Narrative of the Uncommon Sufferings and Surprising Deliverence of Briton Hammon, Negro Man "හි ද පළ විය’ කිවිවරියක වූ ෆිලිස් වීට්ලි (1753-84) අමෙරිකානු නිදහස් උදාවට තෙවසරකට පෙර එනම් වර්ෂ 1773 දී තම ග‍්‍රන්ථය විවිධ විෂයයන්ට සම්බන්ධ කවි (Poems on various subjects) පළ කළාය. අප‍්‍රිකාවේ සෙනගල් හි උපත ලද වීට්ලි බලයෙන් අල්ලා ගත් පසු වයස අවුරුදු හතේ දී වහලියක ලෙස විකුණන ලදී. අමෙරිකාවට රැගෙන ආ පසු බොස්ටන් හි ව්‍යාපාරිකයෙකු ඇගේ හිමිකරු විය. ඇය ඉංග‍්‍රීසි කතා කළ අයෙකු නොවූව ද වයස අවුරුදු දහසයේ දී ඇය ඉංග‍්‍රීසි භාෂාව හැසිරවීමට සමත් විය. ඇගේ කවි අමෙරිකානු විප්ලවයේ කැපී පෙනෙන චරිතයන් හි පැසසුමට ලක් විය. ඒ අතර තමාට ගෞරවයක් ලෙස රචිත කාව්‍යයක් වෙනුවෙන් ජෝර්ජ් වොෂිංටන් ඇයට පෞද්ගලිකව ස්තුති කරන ලදී. එසේ තිබියදීත් බොහෝ සුදු ජාතිකයන් කළු ජාතික කාන්තාවක් මෙසේ ඥානවන්ත ලෙස කාව්‍ය රචනා කිරීම සම්බන්ධව විමතියට පත් වූහ. මෙහි පුතිඵලයක් ලෙස වීට්ලි හට අධිකරණය ඉදිරියේ තමන් අදාල කවි රචනා කළ බව සනාථ කිරීමට කරුණු දැක්වීමට සිදු විය. සමහර විචාරකයන් දක්වන පරිදි වීට්ලි මෙම නඩුව සාර්ථකව ජයග්‍රහණය අප‍්‍රිකානු අමෙරිකානු සාහිත්‍යයේ පළමු හඳුනාගැනීම ලෙස දක්වති.

ජුපිටර් හැමන් (1711-1806) තවත් මුල් කාලීන අප‍්‍රිකානු අමෙරිකානු කතුවරයෙක් විය. අමෙරිකාව තුළ ප‍්‍රසිද්ධියට පත් මුල්ම කළු ජාතික රචකයා ලෙස සැලකෙන හැමන් "ඇන් ඊවිනින් තෝට" (An Evening Thought: Salvation by Christ with Penitential Cries) යන කාව්‍ය 1761 මුල් කාලයේ මුද්‍රණයක ප‍්‍රකාශයට පත් කරන ලදී. 1778 දී ෆිලිස් වීට්ලි වෙනුවෙන් ස්තෝත‍්‍ර කාව්‍යයක් රචනා කරමින් එහි ඔවුන් බෙදා හදාගත් දයානුකම්පාව හා පොදු බැඳීම සාකචඡා කරන ලදී. 1786 දී නිව්යෝර්ක් ප්‍රාන්තයේ නීග්‍රෝවරුන් වෙත ඔහුගේ ප‍්‍රසිද්ධ කථාව ඉදිරිපත් කළේය. වයස අවුරුදු හැත්තෑ හයේ දී හැමන් එම කථාව ලීයූවේ ජීවිත කාලය පුරාම වහලෙකු ලෙස දිවි ගෙවමින් වන අතර එහි ඔහුගේ ප‍්‍රසිද්ධ උද්ධරණය වන "අපට ස්වර්ගයට යා හැකි වුවොත් අප කළු ජාතිකයන් වීම පිළිබඳව කිසිවෙක් හෝ වහලුන් වීම පිළිබඳව කිසිවෙක් අවලාද නොකරනු ඇත" (If we should ever get to Heaven, we shall find nobody to reproach us for being black, or for being slaves). හැමන් ගේ කථාව ක‍්‍රමික විමුක්තිය පිළිබඳ අදහසද ප‍්‍රවර්ධනය කළේ වහල්භාවය අවසන් කිරීමේ ක‍්‍රමයක් ලෙසිනි. මෙහිදී අදහස් වන්නේ ඇමෙරිකානු සමාජය තුළ වහල්භාවය මුල් බැස තිබීම නිසා ක්ෂණික විමුක්තිය ලඟා කර ගැනීම අපහසු බව හඳුනාගනිමින් හැමන් මෙම උපාය ප‍්‍රකාශ කළ බවය. හැමන් තම මරණය දක්වා වහලෙකු ලෙස ජීවත් විය. පසුකාලීනව ඔහු ගේ කථාව වහල්භාවයට එරෙහි වූ විවිධ කණ්ඩායම් විසින් නැවත මුද්‍රණය කරන ලදී.

විලියම් වෙල්ස් බ‍්‍රවුන් (1814-84) හා වික්ටර් සෙජොර් "Victor Séjour" (1817-74) මුල්කාලීන ප‍්‍රබන්ධ කෘති ප‍්‍රකාශයට පත් කරන ලද අප‍්‍රිකානු ඇමෙරිකානු කර්තෘවරුන්ය. සෙජොර් නව ඔර්ලන්තයේ (New Orleans) උපන් පසු වයස අවුරුදු 19 දී ප‍්‍රංශයට යන ලදී. එහිදී ඔහු "Le Mulâtre"( ලේ මුලාටෝ - The Mulatto) නම් වූ ප්‍රථම තම කෙටි කතාව 1837 දී ප‍්‍රකාශයට පත් කළේය. අප‍්‍රිකානු ඇමෙරිකානුවෙකු විසින් රචිත පළමු ප‍්‍රබන්ධය වූ මෙය ප‍්‍රංශ බසින් ලියවී, ප‍්‍රංශ සඟරාවක ප‍්‍රකාශයට පත් වූ අතර පසුකාලීන ඇමෙරිකානු සාහිත්‍යයට ආභාසය නොදුන් කෘතියකි. සොජොර් පසුකාලීන කෘතිවල දී අප‍්‍රිකානු ඇමෙරිකානු තේමාවන් නොකලේය. එනමුත් "බ‍්‍රවුන්” කථිකාචාර්යවරයෙකු, නවකථාකරුවෙකු පිටපත් රචකයෙකු හා ඉතිහාසඥයෙකු විය. දකුණු ඇමරිකානු රාජ්‍යයක වහලෙකු ලෙස උපත ලද බ‍්‍රවුන් උතුරට පලා ඒමෙන් පසු ඔහු විසින් රචිත "ක්ලෝටෙල් හෝ ජනාධිපතිවරයා ගේ දියණිය" (Clotel; or, The President's Daughter 1853) අප‍්‍රිකානු ඇමෙරිකානුවෙකු විසින් රචිත පළමු නව කතාව ලෙස සැලකේ. "තෝමස් ජෙෆර්සන්" ඔහු ගේ වහලියක වූ සැලී හෙමින්ග්ස්ගේ, දියණියකට පීතෘ වූ බවට එකල පැවති රාවයක් මෙම නව කතාවට පාදක වී තිබුණි. කෙසේ වූව ද එය එංගලන්තයේ ප‍්‍රකාශයට පත් වූ හෙයින් මෙම පොත එක්සත් ජනපදයේ ප‍්‍රකාශයට පත් වූ පළමු අප‍්‍රිකානු ඇමෙරිකානු නව කතාව ලෙස නොසැලකේ. ඒ වෙනුවට මෙම ගෞරවය හිමිවන්නේ උතුරේ නිදහස් කළු ජාතිකයන් ගේ දුෂ්කර දිවි පෙවෙත විස්තරානුකූලව ඉදිරිපත් කළ "හැරියට් විල්සන්" ගේ "ධමර භසට" (Our Nig - 1859) කෘතියටයී


සටහන්[සංස්කරණය]

| Early African American literature |}