අප්‍රිකානු-ඇමරිකානු සාහිත්‍යය

විකිපීඩියා වෙතින්
Phillis Wheatley

අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යයේ අන්තර්ගතය සකස් කරන ලද්දේ අප්‍රිකානු ඇමරිකානු පෙලපතේ රචකයින් විසිනි. මුලාර්ම්භයේ ප්‍රභේදයන් අනුසාරයෙන් 18 වැනි ශතවර්ෂයේ ුඅග භාගයේදී රචකයින් වන 'ෆිලිස් විටලි' සහ 'ඔලියුඩා ඉක්අහෝ' වහල් ජනතාවයේ කතන්දර සහ පුනරැදයන් තුලින් ඉහල ලකුණු ප්‍රමාණයක් ලබා ගනිමින් අදත් 'ටොන් මොරිසන්' ‍'මයා ඇන්‍ඩලෝ' සහ ‍'වෝල්‍ටර් මොස්ලි' වැනි කතුවරයන් ඇමරිකාවේ ප්‍රධාන ලේඛකියින් අතර ශ්‍රේනිගත වි සිටි. ප්‍රවෘත්තින් සහ වාද පද අතරින් විශාල වශයෙන් ඇමරිකානු සමාජය තුල, අප්‍රිකානු ඇමරිකානුවන්ගේ කාර්යභාරය, සංස්කෘතිය, වර්ගවාදය, වහල් බව සහ සමානාත්මතාවය අප්‍රිකානු ඇමෙරිකාවනු සාහිත්‍යය ත්‍රලින් ගවේෂණය විය. අධයාත්මික දේශනා, ශුභාරංචි සංගිතය, බ්ලු සංගිතය සහ රැප් වැනි වාචික ආකාරයෙන්, අප්‍රිකානු ඇමරිකානු රචක නිතිගත කිරීමට මහගු ලෙස උපකාර විය.

ඇමරිකානු සමාජය තුල අප්‍රිකානු ඇමරිකානුවනට හිමි ස්ථානය අවරුදු ගණනාවක් තුල වෙනසකට භාජනය වී ඇති අතර අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යයේ කේන්ද්‍රය වී ඇත. 'සබ්ජර්න් ඔෆ් ස්ලේව් නැරටෙම්වස්' හි සදහන් කර ඇති ආකාරයට ඇමරිකානු සිවිල් යුද්ධයට පෙර අප්‍රිකානු ඇමරි‍කානු සාහිත්‍යය මුලික වශයෙන් ඉලක්ක ගිත වුයේ වහල් ජනතාවයග් ප්‍රශ්න පිළිබදවය. 20 වැනි හතවර්ෂ‍යත් සමගම ඩබ්ලිව්. ඊ.බී ඩ්‍රබොයිස් සහ බ්‍රකර් ටී වොශින්ග්ටන් වැනි ලේඛකයින්ගේ ග්‍රන්ථ මගින් ඇමරිකන් ජනපදයේ වර්ගවාදය පිළිබිද හැගීම් අභියෝග කරනවාද හෝ සතුටු කරනවාද ය්න්න පිළිබද තර්ක ඉදිරිපත් කළේය. ඇමරිකන් සිවිල් ව්‍යාපාර තුළින් රිචඩ් රයිට් සහ ග්වෙන්ඩොලින් බ්‍රාක්ස් වැනි කතුවරැන් ජාතිවාද වෙන් කිරිම් පිළිබිදව හා කථා දේශානුරාගය පිළිබද රචනා කළේය. ඉතා ඉහළ අලෙවියක් සහ සම්මානය දිනු අලෙක්ස් හාලි විසින් රචිත 'ද සාග ඔෆ් ඇමරිකන් ෆැමිලි' ඇලිස් වෝකර් විසින් රචිත ද කලර් පර්ෂල් බ්ලවස් විසින් රචිත 'ටෝනි මැරිසන් ' යන ග්‍රන්ථ මගින්, වර්තමානයේ අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය, ඇමරිකානු සාහිත්‍යයේ වැදගත් කොටසක් බවට පිළිගෙන තිබේ.

මෑතකාලීන ඉතිහාසය[සංස්කරණය]

70 දශකයේ මුල්භාගයේදී අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍ය කෘතීන් සඳහා විශාල වශයෙන් ත්‍යාග හා සම්මාන පිරිනැමිණ. ඒ සමඟම ඇමෙරිකානු විද්වත් සමාජය විසින් අප්‍රිකානු-ඇමෙරිකානු සාහිත්‍ය නීත්‍යානුකුල සාහිත්‍ය ප්‍රභේදයක් ලෙස පිළිගැණුනි.

සිවිල් අයිතිවාසිකම් හා වෙනත් කළු ජාතික සංවිධානයන් ආශ්‍රයෙන් බිහිවුණු කළු ජාතික කලා සංගමය (Black Arts Movement) මඟින් මෙම අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍ය ප්‍රභේදය අර්ථ දක්වා විග්‍රහ කරන්නට විය. එසේ කළ කතුවරුන් අතර ප්‍රබන්ධ රචකයන් වූ ටොන් ටොරිසන් සහ ඇලිස් වෝකර් මෙන්ම ‍කාව්‍ය රචක ජේම්ස් එම්මානුවෙල් මූලික තැනක් ගනිති. එරට උසස් තත්ත්වයේ ප්‍රකාශකයෙකු විසින් මුද්‍රිත ප්‍රථම කළු ජාතික ග්‍රන්ථ මාලාව වූ "Dark Symphony: Negro Literature in America" (ඇමරිකාවේ නිග්‍රෝ සාහත්‍යය) කෘතීන් සැකසීමත් සමඟ ජේම්ස් එමානුවෙල් ආප්‍රිකානු-ඇමෙරිකානු සාහිත්‍ය අර්ථ කථනයේ ප්‍රධාන පියවරක් ඉදිරියට තැබුවේය. එලෙස ඇරඹි සාහිත්‍යයේ ජනප්‍රිය ගද්‍ය මාලාවන් ලෙස, ද රෝයි ජේම්ස් සහ ලැරිනිල් සැකසූ Black fire; An anthology of Afro- American writing හා ස්ටර්ලින් බ්‍රවුන්, ආතර් ඩයස් සහ යුලිසිස් ලී සැකසූ The Negro caravan හැඳින්විය හැක.

මේ අතරතුර ටෝනි මොරිසන් ද කළු ජාතික සාහිත්‍ය කලාවේ සහ කළු ජාතික කතුවරුන්ගේ දියුණුව උදෙසා කටයුතු කළාහ. 1960 සිට 1970 දශකය තෙක් ඇය Random House ප්‍රකාශනයන්හි සංස්කාරක ලෙස ටෝනි කාඩ් බාම්බරා හා ගුරිලි ජෝන්ස් වැනි කළු ජාතික කතුවරුන්ගේ කෘති සැකසුවාය. 20 වැනි සියවසේ සිට ප්‍රධානතම කළු ජාතික කතුවරුන්ගේ කෘති සැකසුවාය. පසුව ඇය 20 වැනි සියවසේ සිටි ඇය ප්‍රධානතම කළු ජාතික කතුවරියක ලෙස ප්‍රචලිත වූවාය. 1970 දී මුද්‍රණය වූ The Bluest Eye ඇගේ ප්‍රථම කෘතිය විය. ඇය විසින් රචිත සම්මාන ලාභි කෘතීන් ලෙස Beloved සහ The song of solomon හැඳින්විය හැක. ටෝනි මොරිසන්, සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනු ප්‍රථම අප්‍රිකානු ඇමෙරිකානු කා‍න්තාවයි.

1970 දී කවියකු හා නවකතා රචකයෙකු වූ ඇලිස් වෝකර් ලියූ ගද්‍ය මාලාවකින් සෝරා නිලි හුස්ටන් සහ ඇගේ නවකතාවක් වූ Their Eyes were watching God ග්‍රන්ථය නැවතත් ඇගයීමට ලක්වන්නට විය. එසේම 1982 දී ඇය විසින් රචිත පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලද The colour purple නවකතාව පසුකලෙක ස්ටීවන් ස්පිල්බර්ග් විසින් අධ්‍යක්ෂිත චිත්‍රපටයක් ලෙස ජනප්‍රිය වුණි. 70 දශකයේදී අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍ය කෘතීන් එරට වැඩියෙන්ම අලෙවි වූ පොත් ලැයිස්තුවට ද එක් විය. එසේ එක්වූ පළමු කෘතියක් ලෙස ඇලෙක්ස් පෝලි රචනා කළ Roots The saga of an American Family හැඳින්විය හැක. එම කෘතිය සඳහා පුලිට්සර් සම්මානය පිරිනැමුණු අතර පසු කලෙක රූපවාහිනී ටෙලි නාට්‍යයක් ලෙස ද ජනප්‍රිය වුණි. හේලි විසින් රචිත තවත් කෘතියක් ලෙස The Autoviography of Malcolm X" හැඳින්විය හැක.

නූතන ඉතිහාසයේ සිටි තවත් වැදගත් කළු ජාතික කතුවරුන් ලෙස ගේල් පෝන්ස්, රෂීඩ් ක්ලාක්, ඉෂ්මයෙල් රිඩ්, ජමැයිකා කින්කේඩ්, රැන්ඩාල් කේතන් සහ ජෝන් රඩ්ගාර් වයිස්මන් නම් කළ හැක.

එලෙසම ජනාදරයට පත් කළු ජාතික පද්‍ය රචකයන් ලෙස මායා ඇන්ජලෝ, රීටා ඩව්. සයිරස් කැසල්ස්, තිලියාස් මෝස් සහ නටාෂා‍ට්‍රෙත්වේ හැඳින්විය හැක. එසේ‍ම න්ටොසාකේ ෂේන්ජ්, එඩ් බුලින්ස්, සුසැන් ලොරි පාක්ස්, එඩ්වර්ඩ් ජෝන්ස් හා ඕගස්ට් විල්සන් නූතන ඉතිහාසයේ ප්‍රධාන කළු ජාතික නාට්‍ය රචකයන් වේ.

නූතන යුගයේ තරුණ අප්‍රිකානු ඇමරිකානු ගත් කතුවරුන් ලෙස එඩ්වඩ් ඩන්ට්කට්, ඩේවිඩ් ඇන්තනී ඩර්හැම්, ටයරි ජෝන්ස්, මැන් ජොන්සන්, සිසි පාකර් හා කොල්සන් වයිට් හෙඩ් හැඳින්විය හැක. අදටත් පවතින ලෙස අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍ය ප්‍රබන්ධ විශේෂයක් කිරීමෙහි ලා කටයුතු කළ පුරෝගාමියා ලෙස 1950 හා 1960 දශකයන්හි රහස් පරික්ෂක කථාමාලාවක් ලියූ චෙස්ටර් හයිම්ස් හැඳින්වේ. ඔහුපසු කලෙක ජනප්‍රිය අපරාධ පරික්ෂණ නවකාතාවක් ලියූ වෝල්ස්ටර් මො‍ස්ලි හා හියු හොල්ටන් වැනි කතුවරුන් සඳහා මග පාදා දුනි.

විද්‍යා ප්‍රබන්ධ කල්පිතයන් මෙන්ම ත්‍රාස්‍යජනක සාහිත්‍ය ප්‍රභේදයන් උදෙසා ද කළු ජාතික කතුවරුන් දායක වී ඇත. සැමුවෙල් ආර්. ඩෙලනි, ඔක්ටේවියා ඊ. බට්ලර්, ස්ටිව් බාන්ස්, ටනනාර්ව් ඩියු රොබට් ෆ්ලෙමින්, බ්‍රැන්ඩන් මාසි, චාර්ල්ස් ආර්. සෝන්ඩර්ස්, ජෝන් රිඩ්ලි, ඩෝන් එම්, ෆෝසෙ‍් ෂේර් තෝමස් හා නොලෝ හොප්කින්සන් එවැනි කතුවරුන් කිහිප දෙනෙකි.

අවසන් වශයෙන් ගත් කල අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍ය එක්තරා රූපවාහිනී වැඩසටහනකින් ද වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනා ඇත. එනම් ඔප්ර් වින්ෆ්‍රි (Operh winfreey) වැඩසටහනේ "Oprah's Book club විශේෂාංගය හේතුවෙනි. අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍ය කෘතීන් විශාල ගණනකට ඉහල ජනප්‍රියතාවයක් ලබා දීමට ඇය දායක වී ඇත.

තේමාවන් සහ ගති ලක්ෂණ[සංස්කරණය]

එක්සත් ඇමරිකා ජනපදයේ අප්‍රිකානු ‍පෙළපතින් ජීවත් වන ජනතාවගේ ලේඛන මඟින් අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍ය පුළුල් ආකාරයෙන් අර්ථ දැක්විය හැකිය. කෙසේ වුව ද අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යය ද අප්‍රිකානු ඇමෙරිකානු ඉතිහාසය සහ ජීවිතයන් මෙන්ම විවිධත්වයක් උසුලයි. මෙයින් ප්‍රකාශ වන්නේ අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යය සාමාන්‍යයෙන් පදනම් වී ඇත්තේ එක්සත් රාජධානියේ සිටින කළු ජාතික ජනතාවගේ ඇතැම් කැමැති තේමාවන්ට අනුව යන්නය. මෙයින් ගම්‍ය වන තේමාවන් වන්නේ අති විශාල ඇමෙරිකානු සමාජය තුල අප්‍රිකානු ඇමෙරිකානු වාගේ කාර්ය භාරය සහ ඇමෙරිකානූවෙක් වීමේ අර්ථය වැනිදේය. ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, ඇල්බර්ට් ජේ. රොබෙටෝ මෙසේ පවසා තිබේ. අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යය ඇතුළුව සෑම අප්‍රිකානු ඇමෙරිකානු ඉගැන්වීමක්ම මෙම රාජ්‍ය තුළ අප්‍රිකානු ඇමෙරිකානු පැවැත්මෙහි ගැඹුරු අර්ථය ප්‍රකාශ කරයි. මෙම පැවැත්ම ජාතියේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය ඇතුළු සෑම දෙයක්ම, සෑම විටම විභාග කර ඇත. ඒ ආකාරයෙන් අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යය පිබිදීම මඟින් කළු ජාතිකයන්ගේ ප්‍රශ්න කතාබහට ලක්විය. ඔවුන්ගේ නිදහසේ හා සමානාත්මතාවයේ ගැටළු මෙන්ම, ඇමෙරිකානූ සංස්කෘතිය, ආගම, වහල් බව, නිවසේ ප්‍රශ්න සහ නොයෙක් තේමාවන් එහි අඩංගු විය.

අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යය යුදෙව්වන්ගේ විසිරී යෑමේ සාහිත්‍යය සහ අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යය යන ඉතා වැදගත් ශාඛාවන්ගෙන් සමන්විත වේ. මේවා සඳහා අප්‍රිකානු යුදෙව්වන්ගේ උරුමයන්ගේ ආභාෂය ලැබී ඇත. මීට අමතරව අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යය බොහෝ පශ්චාත් යටත් විජිත සාහිත්‍යයන්ගෙන් වෙනස් වන බව, සුළු ජාතික කණ්ඩායමක් විසින් ලියා තිබිණි යැයි පවසමින් පඬිවරයන් සුවිශේෂී රේඛාවක් නිර්මාණය කර ඇත. නමුත් පශ්චාත් යටත් විජිත වාදී රාජධානිය තුළ අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යය පවතී.


අප්‍රිකානු ඇමෙරිකානු සංගීතය, බ්ලුස් සහ ‍රැප් යන ඒවායින් සමන්විත වෙමින් ඉතා පොහොසත් කාව්‍යයකට හිමිකම් කියනු ලබයි. ස්වර සංක්‍රමණය, ශබ්දලංකාරය සීතාවක පුනරාවරණය භාවිතා වන අප්‍රිකානු ඇමෙරිකානු ක්‍රිස්තියානු දේශනා සම්ප්‍රදායන් තුළ ද වාචික කාව්‍යය දක්නට ලැබේ. අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යය -කාව්‍යන් විශේෂයෙන් රචනා කර තිබෙන නමුත් ගද්‍ය තුළ ද මේ සෑම ආකාරය යකම වාචික කාව්‍යයන් ඇතුළත් වීමේ ප්‍රභල සම්ප්‍රදායක් ඇත.

කෙසේ වෙතත් මෙම ගති ලක්ෂණ සහ තේමාවන් අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යයේ බොහෝ මට්ටම් වල තිබෙන අතර මේවා ප්‍රභේදයන්ගේ අතිශය අර්ථ දැක්වීම් නොවන අතර මේවා ප්‍රභේදයන් තුළ සෑම කටයුත්තකම අන්තර්ගත නොවේ. මීට අමතරව අප්‍රිකානූ ඇමෙරිකානූ සාහිත්‍යය විශ්ලේෂණය කිරීමට බාහිර සාහිත්‍යය න්‍යායන් යොදා ගැනීමට ප්‍රතිවිරෝධයක් ඇත. අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යයේ අති විශේෂ පඬිවරයෙක් වන කනිෂ්ඨ හෙන්රි ලුවිස් ගේටස් මෙසේ ප්‍රකාශ කර තිබේ. මාගේ ආශාව වුයේ, අනෙක් සම්ප්‍රදායන් ගෙන් ලබා ගත් සාහිත්‍යය න්‍යායන් කියවීම හෝ විශ්ලේෂණය කරනවාට වඩා කවි සම්ප්‍රදායන්ට තමන්ගේ ස්වභාවය හා වෙනත් කාර්යයන් පිළිබඳ කථා කිරීමට ඉඩ සැලැස්වීමය.

සිවිල් අයිතිවාසිකම් සංග්‍රාමික යුගය[සංස්කරණය]

පළමුවන ලෝක සංග්‍රාම සමය තුළ අප්‍රිකානු ඇමෙරිකානුවන් විශාල වශයෙන් සංක්‍රමණය වීමට පටන් ගත් අතර දෙවන ලෝක යුද්ධ සමය තුළ එය උපරිම විය. මෙම මහා සංක්‍රමණ කාලය තුළ, කළු ජාතින් වර්ගවාදය හා දකුණු ඇමරිකාවේ තිබූ ඉඩප්‍රස්ථා හිඟකම් අතහැර චිකාගෝ වැනි උතුරු ප්‍රදේශයන්හී පදිංචි විය. එහිදී ඔවුන්ට කම්හල් වල හා වෙනත් ආර්ථික අංශවල රැකියා ලැබුණි.


රිචඩ් රයිට්ස්,කාල් වෙච්මන් විසින් 1939 දී ඡායරූපගත කරන ලදී.

එම කාලය තුළ බලවත් කළු ජාතිකයෙකු වූ ටොලම් රෙනෙයිඩන්ස් මෙම සංක්‍රමණය වූ කළු ජාතික ප්‍රජාවට නිදහසක් ලබා දුන් අතර නාගරික සංස්කෘතිය නඟා සිටුටවීමටද දායක විය. 1940 ගණන් වල 50 ගණන් මෙන්ම 60 ගණන් වල කළු ජාතික රචකයන්ගේ හැගීම් වලට තදින්ම බලපෑම් ඇති කල ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් සංවිධානයේ නැගී‍ම, මෙම සංක්‍රමණයන්ට උදව් විය. වර්ගවාදය හා ඔවුන් කොටු කර තැබී‍ම නැවැත්වීමට කළු ජාතිකයන් ගත් පියවර නිසා අලුත් කළු ජාතිවාදයක් හට ගත්හ. මේ අතර කළු ජාතික රචකයන් ද මෙම සිද්ධිය පිළිබඳව ඔවුන්ගේ පොත්පත් වල සටහන් කිරීමට උත්සහ කළහ.

එසේ කිරීමට උත්සහ කළ ප්‍රථම රචකයා ජේම්ස් බොල්ඩ්මින් වු අතර ඔහුගේ පොත් වල 'ජාතිය හා ලිංගිකත්වය' පිළිබඳව සඳහන් විය.ගැඹුරු පෞද්ගලික කථා රචකයෙකු වන බෝල්ඩ්වින් විසින් ලියන ලද ගෝ ටෙල් ඉන් ද මවුන්ටන් යන කෘතිය මිනිසුන් අතරට ගියේ 'කළු ජාතිකයෙකු හා සමලිංගික වීම' ලෙසය.බෝල්ඩ්වින් විසින් ආසන්න වශයෙන් පොත් 20 ක් පමණ රචනා කර ඇති අතර, 'අන්ඩර් කන්ට්‍රින් සහ 'ද වයර් නෙක්ස්ට් ටයිම් ඒවා අතරින් සම්භාව්‍ය කෘති කීපයකි.

චිකාගෝහි කළු ජාතිකයන් තමුන්ට පිළිගැනීමට වෙහෙස වූ ආහාර ගැන බිගර් තොම්ස්ගේ කථාව පිළිබිඹු කරන 'නේට්ව් සන් (1940) නවකථාවෙන් ජනතාව අතරට ගිය රයිට්, බෝල්ඩ්වින් ගේ මිත්‍රයෙකු මෙන්ම අනුගාමිකයෙකුද විය. බෝල්ඩ්වින් විසින් රයිට් හඳුන්වන්නේ තම ජිවිතයේ දුටු විශිෂ්ඨතම කළු ජාතික රචකයා ලෙසය.රයිට්ගේ තෝමස් ඔෆ් අ නේට්ව් සන්"' නැමති නවකථාව පිළිබඳ බෝල්ඩ්වින් බොහෝ පැහැදී සිටියහ.නමුත් 'නැට්වයිගේ පුතා' නවකතාවේ එන ඇදහිය හැකි චරිත වල ඌනතාවයත්, මානසික සංකීර්ණභාවය විවේචනයත් එවර්බොඩි ප්‍රොටෙස්ට් "නවකථාවේ එන චරිත හේතු කරගෙන ඔවුන‍්ගේ මිත්‍රත්වය බිඳ වැ‍ටුණි. ඔහු අතින් ලියැවුණූ වෙනත් පොත් වුයේ, තමන් විසින් ලියන ලද 'බිලැක් බෝයි' 91945) හා වයිට් මැනි ලිසන් (1957) යන ඒවාය.

1993 දී නැෂනල් බුක්' සම්මානයෙන් පිදුම් ලද ඉන්විසිබල් මෑන් යන නවකථාවෙන් රැල්ෆ් එලිසන් මිනිසුන් අතරට ගිය විශ්ෂ්ඨ නවකතා රචකයෙකි. නමුත් ඔහුට තවත් නවකථාවක් ඔහුගේ ජීවිත කාලය තුල ලියා සම්පුර්ණ කිරීමට නොහැකි විය. 'ඉන්විසිබල් මෑන් යන කෘතියෙන් ලැබුණු ජනප්‍රියත්ව‍ය ඔහුගේ ලේඛන ඉතිහාසයේ තම ස්ථානය රැක ගත්තේය. 1999 දී එලින්සන් මරණයට පත්විය. ඒ සමඟම පසුව අවුරුදු 40 ක් පුරාවට ඔහු විසින් ලියූ පිටු 2000 කට වඩා වැඩි 'ජුන්ටින්ත්' යන දෙවන නවකථාව කොටස් කර එළි දක්වන ලදී. 2008 වර්ෂයේදී ඔහු විසින් ලියන ලද අත්පිටපත් සියල්ලද එකතු කර 'ද ඩේමස් ‍බිෆෝ ද ශුමින්" යන නමින් එළි දක්වන ලදී.

ඇමෙරිකාව තුළ සිවිල් අයිතින් සඳහා නැගී සිටි කාලයේ කළු ජාතික ලේඛිකාවන් බිහි විය.ඒ 1999 දී ඔහු විසින් ලියන ලද 'ඇනි ඇලන් නැමති කාව්‍යය සදහාය. 'පුලිට්සර් සම්මානයෙන් පිදුම්ලද ප්‍රථම අප්‍රිකානු ඇමරිකානුවා වූයේ ග්වෙන්ඩොලින් බ්‍රෘක්ස් ය. නිති ජියොවානි සහ සෝනියා සැන්චස් 1950-1960 වර්ෂ වල ජනප්‍රිය වූ තවත් ලේඛකයින් ‍දෙදෙනෙකි.

කාගෝවෙහි ජීවත් වූ දුප්පත් කළු ජාතික පවුල් පදනම් කර ගනිමින් 'ලොරොන් හැන්ස්බරි ' විසින් ලියූ 'අ රෙයිසින් ඉන් ද සන් ' නාටකය එම කාලය තුල රටවැසියන්ගේ අවධානයට ලක් විය. 1959 දී එම නාටකයට 'නිව් යෝක් ඩ්‍රාමා ක්‍රිටික්ස් සර්කල්' සම්මානය හිමි විය. 'ඇමිරි ඔරාක' යනු අවධානය දිනාගත් තවත් නාටක රචකයෙකි. ඕන් බ්‍රෝඩ්වේ නම් මතභේදයට තුඩු දුන් නාටකය රචනා කළ රචකයාගේ 'බැරැකා' සංගිතය හා කවි මෑත කාලයේදී විචාරකයන් අතර පවා ප්‍රසිද්ධියට පත්ව ඇත.

මහජන ව්‍යාපාර වල නායකයන් විසින් ලියන ලද මානව අයිතිවාසිකම් පිළිබඳ පොත් හා රචනා වල වැදගත්කම වෙනත් කිසිදු රචනාවකට සමාන කළ නොහැකිය. මාර්ටින් ලුතර් කිං ගේ කණිෂ්ටයාගේ ලෙටර් ෆ්‍රෙච් ඔර්වින්ග්හැම් ජේල් මේ සඳහා ප්‍රමුඛ උදාහරණයකි.


අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍ය සහ එහි සාහිත්‍යමය ආධිපත්‍යය බිඳදැමීම[සංස්කරණය]

ඇමරිකානු ඉතිහාසය තුරාවටම අප්‍රිකානු ඇමරිකානුවන් දැඩි වර්ග බේදයකට ලක්ව සිටී. අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යයේ මුල් අවදියේ, එම අත්දැකීම් වලින් පෙලඹවුණු කළු ජාතික ලේඛකයින්, තමන් ද සුදු ජාතික කතුවරුන්ට සම බව සමාජයට විදහාපාන්නට විය. එනම්, හෙන්රි ලුවිස් ගේට්ස් (කනිෂ්ට) පවසන පරිදි, කළු ජාතික සාහිත්‍යයේ මූලික අරමුණ වන්නේ කළු ජාතිකයන් හට ලිඛිත සම්ප්‍රදායයක් නොමැති හෙයින් ඔවුන් අයත් පහත් සංස්කෘතියකටැයි යනුවෙන් පවතින යන මතය බිඳ දැමීමයි.

කෙසේ වුවද, ‍කළු ජාතික ගත් කතුවරුන් තම හැකියාවන් ‍විදහා දක්වමින් එම සාහිත්‍යමය ආධිපත්‍යය බිඳ දැමීමත් සමඟම ඇමරිකානු එක්සත් ජනපදයේ සාහිත්‍යමය සම්ප්‍රදායයන් ද වෙනස් විය.

මෙම මතධාරී විද්වතුන් පවසන ආකාරයට ලේඛන කලාව සුදු ජාතික පුරුෂයින්ට පමණක් යෝග්‍ය වූ ක්‍රියාකාරකමක් ලෙස එකල සමාජයේ පිළිගත් සම්ප්‍රදායක් විය . නමුත් එම පිළිගැනීම, එපැවති සාහිත්‍යමය ආධිපත්‍යයත් සමගම බිඳ දැමීමට අප්‍රිකානු හා ඇමරිකානු කතුවරුන්ට හැකිවූයේ අප්‍රිකානු ජන ජීවිතය හා වාචික සම්ප්‍රදායයන් තම කෘතින් වලට සංයුක්ත කිරීමෙනි. මෙසේ අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය, දේශපාලන හා සංස්කෘතිකමය විමුක්තිය උදෙසා මෙවලමක් ලෙස භාවිතා වු ආකාරය (විශේෂයෙන් ඩබ්ලියු.ඊ.බී.ඩුබොයිස් මඟින්) දශක ගණනක් පුරා ප්‍රකාශයට පත්වී ඇත.

අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍ය - වහල් කතාන්දර[සංස්කරණය]

tiny globe
ටොනී මොරිසන්

'සබ්ජන්' අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යයේ 19 ශතවර්ෂයේ මැද භාගයේ ආරම්භ වු වහල් කතාන්දරයකි. 'අන්කල් ටොම්ස් කැබින්' වැනි ග්‍රන්ථ තුළින් සාහිත්‍යයේ ඇති පැති දෙකක් කරා වහල් මතවාද වේගයෙන් පැතිරුණ අතර, මෙයින් දුෂ්ට වහල් බව අවලංගු කරවන දර්ශන නිරූපණය වන අතර දක්ෂිණ ලේඛකයින් වන 'විලියම් ග්ලිමෝ සිම්ස්, වයිට්' විසින් රචිත 'ඇන්ට් ටොම්' සාහිත්‍යය මඟින් පෙර වහල් බවේ අදහස් නිරූපණය විය.


සත්‍යය යථාර්ථය පෙන්නුම් කිරීමට පුරාණ වහලුන් වන 'හැවියන් ජෙකොබ්ස්' සහ 'ෆ්‍රෙඩ්රික් ඩග්ලස්' කතුවරයන් විසින් වහල් කතාන්දර රචනා කළ අතර, ඒවා අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය මුඛය ප්‍රතිෂ්ඨාවට පත් විය. හය දහසකට පමණ අධික උතුරු ඇමරිකානු සහ කැරේබියානු පුරාණ වහලුන් ඔවුන්ගේ ජිවිතවල විස්තර රචනා කළ අතර ඒවායින් 15 ක් පමණ ග්‍රන්ථ ලෙස ප්‍රකාශ විය.


වහල් කතාන්දර ප්‍රධාන වශයෙන් කාණ්ඩ 3 කට ගොනු කළ හැක. ධාර්මික, විමුක්තියේ කතාන්දර, සටන අවලංගු කිරිමට පොළඹ වන කතාන්දර, වැඩි දියුණුවේ කතාන්දර, තමන් විසින් රචනා කරන ලද හැඟීම් මහත් සේ ගෙන දෙන නිසා සටන අවලංගු කිරිමට ලියු කතාන්දර බොහෝ ප්‍රකට විය. අප්‍රිකානු ඇමරිකාවේ 19 වන ශතවර්ෂයේ රචනා අතුරින් සාහිත්‍යමය රචනා ලෙස මෙම 'ඔටෝග්‍රැෆි' යන හැමියට් ජේකොබස් (1861) ගේ 'ඉඩන්ටස් ඉන් ද ලයි‍ෆ් ඔෆ් අ ස්ලේව් ග්ර්ල්' (Incidents in the life of a slave girl) හැඳින්වේ.


අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය විචාරය[සංස්කරණය]

වසර ගණනාවක් පුරා අප්‍රිකානු ඇමරිකානුවන්ගේ සාහිත්‍යය පිළිබඳව විවේචනයන් එල්ල වී ඇත්තේ අප්‍රිකානු ඇමරිකානුවන්ගේ සමාජ තුළිනි. කළු ජාතිකයන්ගේ ධනාත්මක බව කළු ජාතිකයන්ගේ සාහිත්‍යයෙන් නිරූපණය නොවන බවට ඇතැමුන් විවේචනය කරනු ලබයි.


මෙම සෞන්දර්යය ක්ෂේත්‍රයේ ඝට්ටනය සහ ජාතිවාදී දේශපාලනයේ පටන් ගැන්ම පිළිබඳ අර්ථ කථනයක් ඩබ්ලිව්. ඊ.ඩී. ඩ්‍රබොයිස්ගේ එන්. ඒ. ඒ. සී. පී. ප්‍රකාශනයේ ඇතුලත් වේ. ‘ ද ක්‍රයිසිස්’ විසින් 1921 දී “අප විසින් පවසන හොඳම සහ උසස් සැම දෙයක්ම අපට කිව යුතු චිත්‍ර කලාව සහ ප්‍රතිචාරක කටයුතු ස්ථාවර එකක් බව’ සඳහන් කළේය. 1996 දී ‘භාෂා ශුද්ධ වාදිනියකගේ විලාපය නොසලකා කලාව ප්‍රමාණාත්මක විය යුතු බව’’ පවසමින් මෙයට තවත් යමක් එක්කළේය. සාහිත්‍යය අප්‍රිකානු ඇමරිකානුවන්ගේ දේශපාලන නිදහස් අරගලයේ ආයුධයක් වූ බව ඩ්‍රබොයිස් සහ ‘ද කුයිසිස්’ හි කතෘ නිත්‍ය වශයෙන්ම පවසා තිබේ.

Frederick Douglass

‘ඩු බොයිස්‍’ ගේ කලාවේ ප්‍රචාරාත්මක හරය පිළිබඳ ඇදැහීම හොඳින්ම පිළිබිඹු වූයේ 1928 දී ඔහු අප්‍රිකානු ඇමරිකානු කතෘ ‘ ක්ලොරස් මැක්ගේ’ ඉතා හොඳින් අලෙවි වූ ‘හෝම් ටු හාර්ලම්’ නවකතාවට විරුද්ධ වීමෙනි. ‘ඩු බොයිස්’ ට නවකතා ඍජුව ලිංගිකත්වය සහ ‘හාර්ලම්ං හි සඳහන් රාත්‍රි ජීවිතය පිලිබඳ වචන දක්වමින් ‘පියුරියන්ට් ඩිමාන්ඩ්’ හි සුදු ජාති ක පාඨකයින්ට සහ ප්‍රකාශයකින් වන ‘ලයිසන්ශස්නස්’ නිරුපණය වන කළු ජාතිකයන්‍ආයාසන කරනු ලැබුවේය. තවද ‘ඩ්‍රයිබොස්’ මෙසේ ප්‍රකාශ කළේය. ‘හෝම් ටු හාලන්’ හි බොහෝ කොටස් මට පිලිකුල ඇති කළේය. තවද අපවිත්‍ර දේ පිළිබඳ මට හැගෙන්නේ. ස්නානයෙන් ඉවත් කළ යුතු දේ වශයෙනි. 1929 දී ද 'බ්ලැකර් ද බෙරි ' කෘතිය වොල්ස් තර්මන් ප්‍රකාශයට පත් කල පසු නැවතත් මෙම දොස් පැවරීම අනෙක් කළු ජාතික සමාජයට ඉදිරිපත් කලේය. ඩර්ටි ලොන්ඩ්‍රි’ සංස්කෘතිය ප්‍රකට කිරීමට අකමැති වූවන් උමතුවට පත් කරමින් ලා පැහැති සහ කළු ජාතික සම අතර පුර්ව මතයන්, මෙම නවකතාවේ කේන්ද්‍රගත වී තිබුණි.


ස්වභාවයෙන්ම අප්‍රිකානු ඇමරිකානු ලේඛකයින් සෑම කළු ජාතිකයන්ගේම සාහිත්‍ය නිර්මාණ ප්‍රචාරණය වීම පිළිබඳ එකග නොවූ අතර ඒ වෙනුවට සාහිත්‍ය තුළින් මිනිස් ජිවිතය පිළිබඳ සත්‍ය ප්‍රකාශ විය යුතු බව සඳහන් කළේය. ‘ලැන්ග්ස්ටන් හියුජැසං 1926 ද නිරෝ ආටිස්ට් ඇන්‍ඩ් රේශල් මවූන්ටන්' රචනා කරමින් මෙම ප්‍රකාශනය සඳහන් කළේය. කළු ජාතික කලාකරුවන්, කළු හෝ සුදු ජාතික ප්‍රජාව කුමක් සිතුවත්, ඔවූන් පිලිබඳව නිදහසේ ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වූ බව පැවසිය.

ඇලිස් වෝකර් විසින් රචනා කල ද 'කලර් පර්පල්' නවකථාවේ අසාධාරණ ලෙස කළු ජාතිකයන් වෙත දොස් පැවරීම මගින්, කළු ජාතිකයින් ඔවුන් වෙතම දොස් පවරා ගැනිමේ සංසිද්ධියක් මෑතකදී ඇති විය. මීට අමතරව අප්‍රිකානු ඇමරිකානු කතෘ චර්ල්ස් ආර් ජෝන්සන්ගේ ’ ඔක්ස්හර්ඩින් ටේල් නවකතාව හඳුන්වා දුන් අවස්ථාවේ වෝකර්ගේ නවකතාවේ අප්‍රිකානු ඇමරිකානු පිරිමින් පිලිබඳ ඍණාන්විත නිරූපණය කිරීමට විවේචන එල්ල විය. එසේ විවේචනය කරනු ලැබුවේ විශ්වාසයෙන් මුසාවාදය හා දර්ශනය හමුවන ස්ථානය ප්‍රකාශ වී ඇත්තේ කුමන ග්‍රන්ථයෙන් ද යන්න තීරණය කිරීමට මග පාඨකයින්ට ඉඩ හරිමි යන්න ප්‍රකාශ කිරීමෙනි. පසු කාලිනව ග්‍රන්ථයේ වියදම් නිෂ්ප්‍රභා කළේය.

ඇලිස් වෝකර්' විසින් රචිත 'ද කලර් පර්පල්'[සංස්කරණය]

අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යයේ අන්තර්ගතය සකස් කරන ලද්දේ අප්‍රිකානු ඇමෙරිකානු පෙලපතේ රචකයින් විසිනි. එම සාහිත්‍යයේ 18 වැනි ශතවර්ෂයේ අග භාගය නියෝජනය කළ රචකයින් විසින් නව නිර්මාණයන්ගේ වස්තු විෂය සදහා වහල් ජනතාවගේ කතන්දර සහ පුනරුදයන් යොදාගත් නිසා ඔවුන් සමාජයේ ඉහළ පිළිගැනීමකට ලක්විය. එවැනි වස්තු විෂයන් යොදාගත් 'ටොන් මොරිසන්' ‍'මයා ඇන්‍ඩලෝ' සහ ‍'වෝල්‍ටර් මොස්ලි' වැනි කතුවරයන් අදටත් ඇමෙරිකාවේ ප්‍රධාන ලේඛකයින් අතර ඉහළස්ථානයක් හිමිකරගෙන සිටී. එම අවධියේ එසේ සමාජ් පිළිගැනීමට ලක්වූවන් අතර ෆිලිස් විටලි සහ ඔලියුඩා ඉක් අහෝ වැනි රචකයින් තැනක් ගනු ලබයි. ඇමෙරිකානු සමාජය තුළ, අප්‍රිකානු ඇමෙරිකානුවන්ගේ කාර්යභාරය, සංස්කෘතිය, වර්ගවාදය, වහල් බව සහ සමානාත්මතාවය ආදී අංශ පිළිබඳව ගවේෂණය කර ඇත්තේ අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යය තුළිනි. අධ්‍යාත්මික දේශනා, ශුභාරංචි සංගිතය, බ්ලු සංගිතය සහ රැප් සංගීතය වැනි වාචික අංග, අප්‍රිකානු ඇමෙරිකානු රචනා නීතිගත කිරීමට මහඟු දායකත්වයක් සපයා ඇත.

ඇමෙරිකානු සමාජය තුළ අප්‍රිකානු ඇමෙරිකානුවන්ට එතෙක් හිමිව තිබූ ස්ථානය වෙනසකට භාජනය වූයේ එරට සාහිත්‍යයේ කේන්ද්‍රය බවට අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යය පත්වීමයි. 'සබ්ජර්න් ඔෆ් ස්ලේව් නැරටෙම්වස්' හි සඳහන් කර ඇති ආකාරයට ඇමෙරිකානු සිවිල් යුද්ධයට පෙර අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යයේ මුලික ඉලක්ක ගීතවල වූයේ වහල් ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව කතා කිරීමය. 20 වැනි ශතවර්ෂයත් සමඟම ඩබ්ලිව්. ඊ.බී ඩ්‍රබොයිස් සහ බ්‍රකර් ටී වොශින්ග්ටන් වැනි ලේඛකයින්ගේ ග්‍රන්ථ මගින් ඇමෙරිකන් ජනපදයේ වර්ගවාදය පිළිබඳ හැගීම් අභියෝගයට ලක් කරනවාද එසේ නැත්නම් සතුටු කරනවාද යන්න පිළිබඳ තර්ක ඉදිරිපත් කළේය. ඇමෙරිකන් සිවිල් ව්‍යාපාර තුළින් රිචඩ් රයිට් සහ ග්වෙන්ඩොලින් බ්‍රාක්ස් වැනි කතුවරුන් ජාතිවාදය විනාශකිරීමත්,දේශානුරාගයත් මුල්කරගෙන රචනා ඉදිරිපත් කළේය. ඉතා ඉහළ අලෙවියක් සහ සම්මාන දිනු ඇලෙක්ස් හාලි විසින් රචිත 'ද සාග ඔෆ් ඇමෙරිකන් ෆැමිලි' ඇලිස් වෝකර් විසින් රචිත ද "කලර් පර්පල් " බ්ලවස් විසින් රචිත 'ටෝනි මැරිසන් ' යන ග්‍රන්ථ මගින්, වර්තමානයේ අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යය, ඇමෙරිකානු සාහිත්‍යයේ වැදගත් කොටසක් බවට පිළිගෙන තිබේ.

ඇමෙරිකානූ සාහිත්‍යයේ බැල්කණිකරණය[සංස්කරණය]

මෙම අදහස් නොසලකා ඇතැම් සංස්කෘතික ශාස්ත්‍රාල සහ බුද්ධිමතුන් ඇමෙරිකානූ සාහිත්‍යය දශක ගණනාවක් සාහිත්‍ය‍යේ කොටසක් හෝ යුධ සංස්කෘතිය සාහිත්‍යට ව්‍යාප්ත වූ බවට විවාද කළෝය. විචාරකයින්ට අනුව එක්සත් රාජධානියේ දේශපාලිනක අනන්‍යතාව සහ ලෝකයේ අනෙක් කොටස් වල බලපෑම නිසා සාහිත්‍යය තුලට ගෙන ඒමට විරුද්ධ වන්නේ එමගින් කාන්තාවන් පිළිබඳ කාන්තාවන්ට ලිවිය හැක්කේ කාන්තාවන්ට හා කළු ජාතිය පිළිබඳව ලිවිය හැක්කේ කළු ජාතිකයින්ට පමණනක් බව අදහස් වන නිසාය.

ජනතාව මෙය මුළු මනුෂ්‍ය ස්වභාව සාහිත්‍යයට ගවේෂණය කිරීමේ හැකියාව සීමා කර ඇතැයි පැවසීම සහ විනිශ්චයකරුවන් පෙළපතට අනුව පමණක් ජනවාර්ගික ලේඛයින් බවට පාඨක වූ කණ්ඩායමට ජනතාව විරුද්ධ විය. මෙම විචාරකයින් මේ විනිශ්චයට විරුද්ධ වූ අතර, රැල්ෆ් එලිසන්ස් විසින් රචිත ඉන්විසිනබල් මෑන් හි චරිතය අදෘෂ්‍යමාන බැවින් මිනිසුන් දක්න්නේ මෙය කළු මිනිසෙකුට වඩා යමක් නොවන බවය. අනෙක් අය ජනවාර්ගික පාඨක වූ සාහිත්‍යයන්ට විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බවට විවේචනය කරනු ලබයි. උදාහරණයක් ලෙස පළමු අප්‍රිකානු ඇමෙරිකානු පුස්තකාල සම්මේලනයේ උපදේශක හා සම්මානනීය කලාකරුවා වන රොබට් හේඩ්න් වරක් මෙසේ පැවසිය. (ජෑස් සංගීතය පිළිබඳ ඩියුක් එලින්ග්ටන්ගේ අර්ථකතනය අනුවාදනය කරමින්) කළු සාහිත්‍යය කියා යමක් නොමැත. ඇත්තේ හොඳ සහ නරක සාහිත්‍යයයි සහ එපමණයි.

කණ්ඩායම් ගවේෂණය සහ ජනවාර්ගික ගති විද්‍යාව මනුෂ්‍යා තේරුම් ගැනීමට නැඹුරු කරවන බවට යෝජකයින් විරුද්ධ වූ අතර පෙරාතුව සම්පුර්ණ ජනතා කණ්ඩායම් ඇමෙරිකානූ සාහිත්‍යයේ නැතිකම හෝ නොසලකා හරින ලදී.

පොදු එකගතාව වූයේ නව අප්‍රිකානු ඇමෙරිකානූ සාහිත්‍යය ප්‍රභේදයක් නිසා ඇමෙරිකානූ සාහිත්‍යය ප්‍රභේදයක් නිසා ඇමෙරිකානූ සාහිත්‍ය කැඩි බිදී නොගිය බවය. ඒ වෙන්වට ඇමෙරිකානූ සාහිත්‍යයේ නිරුපණය වූයේ, එක්සත් රාජධානියේ වැඩි වන විවිධත්වය සහ ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ විවිධත්වයක් පෙන්නුම් ‍කලේය. (අන්දරේ. 1997, මැකේ 2004) බොහෝ අප්‍රිකානු ඇමෙරිකානූ කතුවරයන් සහ අනෙක සුළු ජාතික ලේඛකියන් නිරන්තරයෙන් ඉහළ අලෙවියක් ඇති ලැයිස්තුගත වීම යන කරුණු මගින් මෙම දර්ශනයට සත්‍යය වූයේය. ඔවුන්ගේ සහිත්‍යය තම ජනවර්ගයා කෙරෙහි පමණක් ආයාචනා කලේ නම් මෙය විය නොහැකි වන්නට තිබුණි.

සටහන්[සංස්කරණය]

African American literature African American criticism
[1]