අඳුරු ජාලය

විකිපීඩියා වෙතින්

අඳුරු ජාලය යනු විශ්ව විසිරි වියමනෙහි ඇති අඳුරුජාල (darknets) නම් ජාලවල අඩංගු අන්තර්ගතයන් ය. මෙය අන්තර්ජාලය තුලම පැවතියද ප්‍රවේශ වීම සඳහා විශේෂ මෘදුකාංග, වින්‍යාස හෝ අනුමැතිය අවශ්‍ය වේ. අඳුරු ජාලය හරහා පුද්ගලික පරිගණක ජාල වලට නිර්නාමික ලෙස ව්‍යාපාරික ගණුදෙනු වැනි දෑ හි නිරත විය හැක. මෙය ගැඹුරු ජාලයෙහි කුඩා කොටසක් වන අතර, සමහර අවස්ථාවලදී ගැඹුරු ජාලය යනුවෙන් අඳුරු ජාලය වැරදි ලෙස හඳුන්වයි. අඳුරු ජාලයද ගැඹුරු ජාලයෙහි අනෙකුත් කොටස් මෙන්ම සාම්ප්‍රදායික වෙබ් සෙවුම් යන්ත්‍ර මගින් සුචිගත නොකෙරේ. පරිගණක කිහිපයක් අතර ඇති කුඩා ජාල වලින් මෙන්ම Tor, Freenet, I2P සහ Riffle වැනි විශාල පොදු ජාල වලින් ද අඳුරු ජාලය සමන්විතය.

"https://si.wikipedia.org/w/index.php?title=අඳුරු_ජාලය&oldid=490255" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි