අනුෂ්කා ෂර්මා

විකිපීඩියා වෙතින්
අනුෂ්කා ෂර්මා
අනුෂ්කා ෂර්මා (2012)
උපත1 මැයි 1988 (1988-05-01) (වයස 35)
නිවහනමුම්බායි, ඉන්දියාව
ජාතිකත්වයඉන්දියානු
අධ්‍යාපනයබැංගලෝර් විශ්වවිද්‍යාලය
රැකියාව
  • නිළියක
  • චිත්‍රපටි නිෂ්පාදිකා
සක්‍රීය වසර2007–වර්තමානය තෙක්

අනුෂ්කා ෂර්මා (1988 මැයි 1) යනු ඉන්දීය චිත්‍රපට නිළියක හා නිෂ්පාදකවරියක වේ. හින්දි සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිණියක වන ඇය ෆිල්ම්ෆෙයාර් සම්මානලාභිනියකද වේ.

1988 වසරේ මැයි මස පළමුවන දින අයෝධ්‍යාහී උපත ලබන අනුෂ්කා හැදීවැඩෙන්නේ බැංගලෝරය තුලයි. 2007 වසරේදී මෝස්තර නිරූපණ ශිල්පී වෙන්ඩල් රොඩ්රික්ස්ගේ නිරූපිකාවක් ලෙස සහභාගී වන ඇය පසුව වෘත්තීය වශයෙන් ඒ පිළිබඳව හැදෑරීමට මුම්බායි වෙත සංක්‍රමණය වූ අතර එහිදී යශ් රාජ් චිත්‍රපටහී හඬ පරික්ෂණයකට සහභාගීව, සිය ප්‍රථම සිනමා පටය වූ රබ් නෙ බනා දි ජෝඩිහී (2008) ශාරුක් ඛාන් සමග රංගනයේ යෙදීමට අවස්ථාව හිමිකර ගත්තාය. එම චිත්‍රපටයෙහි අනුෂ්කා විසින් සිදුකල රංගනය උදෙසා 2008 වසර සඳහා පැවැත්වූ ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලදී ඇය හොඳම නිළිය වශයෙන්ද නාම නිර්දේශයට ලක් වූවාය. පසුව 2010 වසරේදී තිරගත වූ බද්මාෂ් කම්පණි සහ බෑන්ඩ් බාජා බාරත් යන චිත්‍රපටි සඳහාද රංගනයෙන් දායක වූ ඇය, බෑන්ඩ් බාජා බාරත් සිනමාපටය වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලදී දෙවන වරටත් හොඳම නිළිය ලෙස නාම නිර්දේශයට ලක් විය.

2012 වසරේ තිරගත වූ ජබ් තක් හේ ජාන් චිත්‍රපටියෙහි අනුෂ්කා විසින් සිදුකල වාර්තා චිත්‍රපටි නිෂ්පාදිකාවකගේ චරිතය වෙනුවෙන් ඇය එම වසරේ ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලදී හොඳම සහය නිළිය ලෙස සම්මානයට පාත්‍රවිය. මීට අමතරව ඇය විසින් රංගනයෙන් දායක වූ ලේඩීස් වර්සස් රිකී බාහ්ල් (2011), මාතෘ කි බිජ්ලී කා මන්ඩෝලා (2013) හා බොම්බේ වෙල්වට් (2015), යන සිනමාපට විචාරකයින් අතර අවධානයට හා වාණිජ වශයෙන් සාර්ථකත්වයටද පත්විය. එසේම අනුෂ්කා දායක වූ 2014 වසරේ නිකුත් වූ පීකේ චිත්‍රපටිය එම කාලය තුල ඉන්දියානු චිත්‍රපටියක් විසින් හිමිකරගත් වැඩිම ආදායමක් වාර්තා කිරීමට සමත් විය. අනුෂ්කා හා ඇගේ සහෝදරයා විසින් 2014 වසරේ නිෂ්පාදනය කරන ලද අපරාධමය සිනමා පටයක් වූ එන්එච්10 (2015) චිත්‍රපටියෙහි ප්‍රධාන චරිතය අනුෂ්කා විසින් සිදු කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=අනුෂ්කා_ෂර්මා&oldid=404233" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි