අන්තර් නිවේශණය

විකිපීඩියා වෙතින්

ගණිතමය විශ්ලේෂණය යන ගණිතමය උප ඒකකයේ අන්තර්නිවේශණය යනු, දන්නා දත්ත ලක්ෂ්‍යවල විවික්ත කුලක පරාසයක් තුළ නව දත්ත ලක්ෂ්‍ය ගොඩ නැංවීමේ ක්‍රමවේදයයි. ඉංජිනේරු විද්‍යාවේ දී හා විද්‍යාවේ දී අයෙකුට සාම්පල මඟින් හෝ පර්යේෂණ මඟින් ගත් දත් ලක්ෂ්‍ය විශාල සංඛ්‍යාවක් ඇති අතර ඔහු එම දත්ත ලක්ෂ්‍යවලට සමීපව ගැලපෙන පරිදි ශ්‍රිතයක් ගොඩ නැංවීමට උත්සාහ කරයි. මෙය වක්‍ර අනුසීහුම හෝ ප්‍රතිපායන විශ්ලේෂණය ලෙස හඳුන්වයි. අන්තර් නිවේෂණය වක්‍ර අනුසීහුවෙහි විශේෂ කොටසක් වේ. ශ්‍රිතය හරියටම දත්ත ලක්ෂ්‍ය තුළින් යා යුතුය. අන්තර්නිවේෂණයට සමීපවම සම්බන්ධ වන වෙනත් ප්‍රශ්නයක් වන‍්නේ සංකීර්ණ වූ ශ්‍රිතයක් , සරල ශ්‍රිතයක් අනුසාරයෙන් සන්නිකර්ෂණය කිරීමයි. අපි ශ්‍රිතය දන්නා මුත්, එය ගණනය කිරීමට සංකීර්ණ වැඩි යයි සිතන්න. එවිට අපට සංකීර්ණ ශ්‍රිතයේ දන්නා දත්ත ලක්ෂ්‍ය කිහිපයක් ගෙන , එම දත්ත ලක්ෂ්‍ය අන්තර්නිවේෂණය කර සරල ශ්‍රිතයක් ගොඩ නැංවීමට උත්සාහ කළ හැක. සරල ශ්‍රිතය යොදා ගෙන නව දත්ත ලක්ෂ්‍ය ගණනය කිරීමේ දී අපට මුල් ශ්‍රිතය භාවිතා කිරීමේ දී ලැබෙන ප්‍රතිඵලවලට සමානව ප්‍රතිඵල නොලැබේ. නමුත් ගැටලුවේ වසම හා සරලකරණයට යොදාගත් අන්තර් නිවේෂණ ක්‍රමය මත දෝශය අවම විය හැක. “කාරක අන්තර් නිවේෂණය” ලෙස හඳුන්වන අතිශයින් වෙනස් ආකාරයක අන්තර්නිවේෂණයක් ද ගණිතයේ ඇති බව පැවසිය යුතු වේ. කාරක අන්තර් නිවේෂණය පිළිබඳ ආදි සම්භව්‍ය ප්‍රතිඵල , රෙයිස් - තෝරික් ප්‍රමේයය හා “මාර්සින් කිවිච්” ප්‍රමේයය වේ. තවත් අපර ප්‍රතිඵල බොහොමයක් ද වේ.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Interpolation

"https://si.wikipedia.org/w/index.php?title=අන්තර්_නිවේශණය&oldid=472698" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි