අන්තර්ක්‍රියාකාරී රූපවාහිනී

විකිපීඩියා වෙතින්

ඉදිරි දශකයේදී අප රූපවාහිනි (TV) නරඹන්නේ කෙසේද යන්න තීරණය කරන සාධකය වන්නේ රූපවාහිනියෙන් පෙන්වන දෑය.ඒ අනුව අන්තර්ක්‍රියාවද වෙනස්වීමට බොහෝ ඉඩ ඇත. උදාහරණ ලෙස අපට වඩා අවශ්‍ය වන්නේ ක්‍රීඩා ද, ප්‍රවෘත්ති ද, චිත්‍රපට ද යන්න තීරණය කිරීම දෑක්විය හැකිය.


ඒ හා සමානව, ප්‍රචාරණ කෙරෙන වෙළඳ භාණ්ඩ හා සේවා පිළිබඳව වැඩි තොරතුරු ලබා ගැනීමටද ,ඒවා මිලදී ගැනීමටද ඇති හැකියාව වැඩිවිය හැකිය. මෙය ටීකොමර්ස් (tcommerce) හෝ රූපවාහිනි වෙළඳාම (television commerce) ලෙස හඳුන්වයි. මෙය වෙබ් අඩවි හා ජංගම දුරකථන ආයතන, රූපවාහිනි ආයතන සමඟ සාමූහිකව කටයුතු කිරීමට ගනු ලැබූ පියවරක් ලෙස සැලකිය හැකිය. මේවනවිට මෙය බහුජන සංසිද්ධියක් බවට පත්වෙමින් ඇත. (මෙවන් අන්තර්ක්‍රියා රූපවාහිනි වැඩසටහන්වලට දායක වන රූපවාහිනී, සහභාගී වන රූපවාහිනි (participation TV) ලෙස හඳුන්වයි. GSN හා TBS ඒවායේ කොටස් වේ. මෙවන් බහුකාර්යයන් දැන් මහා පරිමාණයෙන් සිදුකෙරේ. එනමුත් අනිකුත් ආකාරයේ අන්තර්ක්‍රියාන්හි නිරත රූපවාහිනී වැඩසටහන් හා සැසඳීමේදී රූපවාහිනිය මත ද්විතියික අන්තර් ක්‍රියාවට ගැලපීමට ස්වයංක්‍රිය සහය ඉතා අඩු හෝ නොමැති තරම්ය. සමහරුන් මෙය අන්තර්ක්‍රියා රූපවාහිනියකට වඩා "වෙබ්-දියුණුකල" රූපවාහිනී නැරඹිමක් ලෙස හඳුන්වයි. ඉදිරි මාස හෝ අවුරුදු කීපය තුළදී රූපවාහිනියක් හා පරිගණකයක් යන දෙකම අවශ්‍ය නොවීමටද ඉඩකඩ ඇත. මක්නිසාදයත් එම දෙකම එකම යන්ත්‍රයක් තුළ අන්තර්ක්‍රියා මෙවලමක් ලෙස නිර්මාණය වී ඉදිරි පරම්පරාව අතට පත්විය හැකි නිසාය. මිල අධික වීම හා අන්තර් ක්‍රියාවලියේ ඇති අඩුපාඩු නිසා තවමත් මෙම යන්ත්‍ර ඇමරිකානු නිවෙස්වල භාවිතයට නොගැනේ.


බොහෝ අය මූලිකවම සිතන්නේ දුරස්ථ පාලකයක් අතැතිව එකම රූපරාමුවක අන්තර් ක්‍රියාව සිදුකළ හැකි බවයි. නමුත් නැනෝ ගේමින්ග් (Nano Gaming) වැන් ද්වි-රූපරාමු විසඳුම් ද පවතී. නැනෝ ගේමින් වල දෙවන රූප රාමුව, පුද්ගලික පරිගණකයක් වන අතර එය වෙබ් අඩවි අයැදුමකට සම්බන්ධ කර ඇත. වෙබ් අයැදුම රූපවාහිනි සම්ප්‍රේෂණයට හෝ සාමාන්‍ය වෙබ් අඩවි සහායකයන්හි අඩංගු දෑ වලට ගලපා හෝ තිබිය හැකිය. මෙම ගැලපීම දත්ත ලෙසින් හෝ ක්‍රීඩා (games) වැඩසටහන් ආකාරයක් විය හැකිය. සමහර ද්වි-රූප රාමු අයැදුම් ජංගම දුරකථන වැඩසටහන් සමඟ ගැලපීමෙන් අන්තර් ක්‍රියාව සිදු කිරීමට ඉඩදේ‍.


මෙවන් සේවා "වර්ධිත රූපවාහිනි (Enhanced TV) " ලෙස හැඳින්වුවද, මෙම වචනය වැරදිව භාවිත කිරීම, කාලයට නොගැලපීම නිසා භාවිතයෙන් ඉවත් වී ඇත. (සමහර ආයතන හා මාධ්‍යය විසින් ඕනෑවටත් වඩා "අන්තර් ක්‍රියා රූපවාහිනි (interactive TV )" වර්ණනා කිරීම නිසා, ඒ වෙනුවට "වර්ධිත රූපවාහිනි " යන වදන, 90 දශකය මැද භාගයේදී භාවිතයට එක්විය.)


බොහෝ ඇමරිකානු රූපවාහිනි සම්ප්‍රේෂක ජාල මඟින් සැලකිය යුතු තරම් යහපත් මට්ටමේ පවතින ද්වි-රූප රාමු විසඳුම්, විශේෂ ප්‍රසිද්ධ වැඩසටහන් සඳහා පිරිනමා තිබේ. අද වනවිට, ද්වි-රූප රාමු අන්තර් ක්‍රියා රූපවාහිනි, " ද්වි - රූප රාමු" (කෙටියෙන්) නමින් හෝ "ගැලපූ රූපවාහිනි (Synchronized TV) නමින්ද හඳුන්වයි.එමෙන්ම සමහර ආයතන වලට ලබාදෙන තාක්ෂණික උදව් යටතේද ඇමරිකානු ජාතික සම්ප්‍රේෂකයන් විසින් මෙම රූපවාහිනී බෙදා හරී.

රූපවාහිනී වැඩසටහන් අන්තර්ගතය සමඟ අන්‍යෝන්‍යය ක්‍රියාව[සංස්කරණය]

Digital TV set-top box

අන්‍යෝන්‍යය ක්‍රියා රූපවාහිනී නිපදවීම ඉතා දුෂ්කර කාර්යයකි. මෙහි සිද්ධාන්තය වන්නේ වැඩසටහනක් ප්‍රේක්ෂකයාගේ ආදානය (input) මත පදනම්ව වෙනස්කිරීමේ හැකියාවයි. වඩා දියුණු තත්වයක් වන්නේ ප්‍රේක්ෂකයාට තිර රචනයන් හා වැඩසටහනේ අවසානයට බලපෑම් කිරීමට හා තෝරාගැනීම් කිරීමට හැකියාව ලැබීමයි. උදාහරණයක් ලෙස ප්‍රේක්ෂකයන්ට ජංගම දුරකථන පණිවිඩයක් මඟින් ප්‍රචාරකයන්ට තමන්ට අවශ්‍යවන අවසානය දැනුම් දීම ලබාදිය හැකිය. එම පණිවිඩය මඟින් අවසානය තීරණය කිරීමේ හැකියාව ප්‍රේක්ෂකයන්ට ලැබේ.

සරල ආකාරයේ ‍අන්‍යෝන්‍ය ක්‍රියා වැඩසටහන් වන්නේ ඡන්ද විමසීම්, ප්‍රශ්න, විවේචනාත්මක වැඩසටහන්ය. මේවා මඟින් ප්‍රේක්ෂකයන් සෘජුව සම්බන්ධ වීමේ ප්‍රවණතාවය වර්ධනය වෙයි.

දැනට ලොව අනිකුත් රටවලට සාපේක්ෂව ඇමරිකාව මෙම අන්තර් ක්‍රියා රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනයෙන් පසුපසින් සිටියි. මීට හේතුව වී ඇත්තේ ඇමරිකාවේ වාණිජමය රූපවාහිනී ආණ්ඩුව මඟින් පාලනය නොවීමයි.

ඇමරිකානු වෙළඳපල තුළ දියුණු අන්‍යෝන්‍ය වැඩසටහන් නිෂ්පාදනය කරන්නන් වන්නේ වාණිජමය ප්‍රචාරකයන් හා අනිකුත් වැඩසටහන් සපයන්නන්ය. මෙම නිෂ්පාදනයන් හේතු ගණනාවක් නිසා සීමිත වී තිබේ. ඒවා නම් ගණුදෙනු කරුවන්ගේ අවශ්‍යතා පමණක් ඉටුකල යුතුවීම, ආයෝජකයන්ට හොඳ ප්‍රතිලාභ ලබාදිය යුතුවීම හා මෙම වැඩසටහන් ප්‍රේක්ෂකයන් කරා ගෙනයාමේ අභියෝග වැනි කරුණුය.

ඊට අමතරව ඇමරිකානු වැඩසටහන් සපයන්නන් හා මෙහෙයුම් කරුවන් පවතින යටිතල පහසුකම් හා ව්‍යාපාර මොඩල සමඟ තරඟ කලයුතු වීමද ප්‍රධාන ගැටළුවකි. සැටලයිට් හා කේබල ප්‍රචාරකයන්ට අන්තර්ක්‍රියාවන් යොදා ගැනීමට බලතල ඇති අතර එස