අනන සූත්‍රය

විකිපීඩියා වෙතින්

අණන සූත්‍රය[සංස්කරණය]

චත්තාරිමානි ගහපති සුඛානි අධිගමනීයානි, ගිහිනා කාම භොගිනා කාලෙන කාලං සමයෙන සමයං කතමානි චත්තාරි අÀථි සුඛං, භොග සුඛං , අනන සුඛං, අනවජ්ජ සුඛන්ති’ති

අණන සූත්‍රයේ දී බුදුරජාණන්වහන්සේ විශේෂයෙන් ගිහි පින්වතුන්ගේ ජීවිතයට සම්බන්ධකර ගන්න ඕන කාරණා හතරක් පෙන්නුම් කරනවා. චත්තාරිමානි, ගහපති සුඛානි .... ගෘහපතිය, ගිහියෙකු විසින් වරින් වර සමයෙන් සමයට අවස්ථාවෙන් අවස්ථාවට, තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගත යුතු, තමන්ගේ ජීවිතයට එකතු කරගත යුතු කරුණු හතරක් තිබෙනවා. “කතමානි චත්තාරි, ඒ කාරණා හතර මොනවා ද? අÀථි සුඛං, භොග සුඛං, අනන් සුඛං, අනවජ්ජ සුඛං, මේ පාලි පාඨයෙන් කියන කරණු හතරේ අදහස කුමක් ද? කාම භෝගී ජිවිතයක් ගත කරන ගිහි පින්වතුන් විසින් මෙන්න මේ කරුණු හතර තමන්ගේ ජීවිතය හා සම්බන්ධ කර ගත යුතුයි.

අÀථි සුඛය. මට දැහැමින් සෙමින් උපයා සපයා ගන්නා ලද වස්තුවක් ධනයක් තිබෙනවා කියලා යම් කිසි කෙනෙකුට සතුටු විය හැකි නම්, ලෞකික වශයෙන් ගිහියෙකු ලබන උසස් සතුටක්. මම දැහැමින් සෙමින් ජීවත් වෙන්නේ. මට ධාර්මිකව උපයා ගත් වස්තුවක් තිබෙනවා කියා සතුටු විය හැකියි. ඒක හැම දෙනාටම ලබන්න බැහැ. භෝග සුඛය. මම ධාර්මිකව ජීවත් වෙමින් දැහැමින් සෙමින් අඹුදරුවන් පෝෂණය කරමින් දාන ධර්මාදී පින්කම්වලත් යෙදෙනවා කියන සතුට යම් කිසි කෙනෙකුට ලබන්න පුළුවන් නම් ඒක ලෞකික ජීවිතයේදී ගිහි පින්වතුන් විසින් ලබන සංතෝස අතරින් තවත් එකකි.

අණන සුබය, මම කිසිම කෙනෙකුට ස්වල්ප වශයෙන් හෝ විශාල වශයෙන් හෝ ණයක් නැහැ. ණය නැති ජීවිතයක් මා ගෙවනවා කියන සතුට හැම කෙනෙකුටම ලබන්න බැහැ. ඒ සතුට යම්කිසි කෙනෙකුට තිබෙනවා නම් එය ගෘහස්තයෙක් වශයෙන් ලැබිය හැකි ඉතා වැදගත් සතුටක්, අනවජ්ජ සුඛය. මම නිවැරැදිව ජීවත්වෙන කෙනෙක්. මගේ කයින් කෙරෙන කටයුතු නිවැරදියි. මගේ වචනයෙන් කෙරෙන කටයුතු නිවැරදියි. මම සිතන සිතුවිලි ක්‍රමය නිවැරදියි කියලා යම්කිසි කෙනෙකුට ධර්මානුකූලව හිතලා සතුටු වෙන්න පුළුවන් නම් ගිහියෙක් වශයෙන් ලැබිය හැකි උපරිම සතුට එයයි.

මේ සංතෝෂ හතර ගිහි පින්වතුන් වශයෙන් ඔබ හැම දෙනාම ලබාගත යුතුයි. දැන් අපි මේක තව පොඩ්ඩක් විස්තර වශයෙන් බලමු. අද වර්තමාන සමාජය තුළ ජීවත් වන ගිහි පින්වතුන්ගේ ජීවිතය දෙස බලන්න. ඔය පින්වතුන් අතර කී දෙනෙකුට මේ පළවෙනි සංතෝෂය ලබා ගන්න පුළුවන්ද? මේ අÀථි සුඛය කියන්නේ මම ධාර්මිකව ජීවත් වෙන කෙනෙක්, ධාර්මිකව හම්බ කළ වස්තුවයි, ධනයයි මට තියෙන්නේ කියන මේ සතුට ලබන්න අපේ බෞද්ධ පින්වතුන් අතර කී දෙනෙකුට පුළුවන්ද?

හොඳට මේ පින්වතුන් හිතලා බලන්න බුදුරජාණන්වහන්සේගේ ධර්මය ඕනෑම කෙනෙකුගේ ජීවිතයට සම්බන්ධ කරගැනීමට පුළුවන් , සම්බන්ධ කරගන්නා ප්‍රමාණයෙන් සතුටු වන්න පුළුවන්, ඒ ලබන සංතෝෂය තුළින් සුඛිත, මුදිත, වාසනාවන්ත, භාග්‍යවන්ත පසුතැවිලි නොවන ජීවිතයක් ගතකරන්නට හේතු වෙනවා. බුද්ධ දේශනාව ජීවිතයට සම්බන්ධ කර ගන්නවා නම්, සමහර අය කථා කරනවා බුදුරජාණන්වහන්සේ නිවන් මග ගැනත්, දුකෙන් නිදහස් වෙනහැටිත් පමණයි දේශනා කරලා තිබෙන්නේ. ලෞකික ජීවිතය සකස් කර ගන්නා හැටි දේශනා කරලා නැහැ කියලා. බුද්ධ ධර්මය දන්නේ නැති අය, බුද්ධ ධර්මයෙන් පෝෂණයක් ලබා ගත්තේ නැති අය තමයි එහෙම කල්පනා කරන්නේ.

විශේෂයෙන් අන්‍යාගම්කාරයෝ, බුදුරජාණන්වහන්සේගේ ධර්මය ගැන නොයෙකුත් විධියෙන් විරෝධය පාන, වාද විවාද කරන, ප්‍රකාශන කරන ලියවිලි දමන සමහර අය කියනවා බුදුරජාණන්වහන්සේගේ ඔය ධර්මයෙන් දේශනා කරලා තියෙන්නේ නිස්සාර පැත්ත, අසුභ පැත්ත, දුක්ඛ දායක පැත්ත පමණයි කියලා. ඒකේ කිසිම සත්‍යතාවයක් නැහැ. ධර්මය දන්න අය දන්නවා බුදුරජාණන් වහන්සේ යථාර්ථවාදීව ඇත්ත ඇති හැටියටත්, තියෙන දේ තියෙන හැටියට ත්, නැති දේ නැති හැටියට ත් සැප සැප හැටියට ත්, දුක දුක හැටියට ත් දේශනා කරලා තිබෙනවා කියලා.

දැන් අපි බොහොම සරල දෙයක් ගනිමු. උන්වහන්සේ දේශනා කරලා තිබෙනවා හොඳට කෑම්බීම්, ඇඳුම් පැළඳුම් , යාන වාහන, භව භෝග, සැප සම්පත් තිබෙනවා නම් ඒ තැනැත්තාගේ ජීවිතය හරිම හොඳ සැපවන්ත ජීවිතයක් කියලා. එහෙත් උන්වහන්සේ දේශනා කරනවා ඒවා අස්ථිරයි. ඒවා අනිත්‍යයි, ඒවා දුකට පත් වෙනවා. ඒ නිසා ඒවායේ ඇලිලා ගැලිලා වෙලිලා කටයුතු කරන්නේ නැතිව ඉන්ඔබ්බට යාමට කටයුතු කරන්න කියලා. බලන්න කොච්චර වැදගත් කියමනක් ද කියලා ඒ. විශේෂයෙන් සිඟාලෝවාද, ව්‍යග්ඝපජ්ජ, මංගල, පරාභව, වසල ආදී වශයෙන් මේ කියන හුඟක් දේශනා වලින් කියවෙන්නේ ගිහි ජීවිතය සැපවත් කර ගන්න හැටි, වාසනාවන්ත කර ගන්නහැටි, නිවැරදිව ජීවත් වන හැටි. ඒ අතරින් අප කථා කරන මේ “ අණන සුත්‍රය” හරිම වැදගත් එකක්.

අත්ථි සුඛං

අද මිනිස්සුන්ගේ ප්‍රධාන තේමාව මුදල් හම්බ කිරීමයි. ඉඳුරන් පිනවීමයි. ඒක හොඳින් බැරිනම් නරකින්හරි කර ගන්නවා.

ඉතිං ඒ අය කල්පනා කරනවා ඒ වෙලාවට නෝට්ටු කොළ අතට එනවා නම් ඩොලර් අතට එනවා නම්, ඊට වඩා සතුටක් නැහැ කියල. දන්නේම නැහැ මෙන්න දරුවෙක් අසනීප වෙනවා. තමන්ට අසනීපයක් හැදෙනවා. පවුලේ කෙනෙකුට අසනීපයක් වෙනවා ඒවාට බේත් හේත්, වෛද්‍ය පහසුකම් සොයාගෙන ගියාම අර හම්බ කළ මුදල වගේ එහා ගුණයක් යනවා. තමන්ට කොතනකින්වත් සතුටු වෙන්න තැනක් නැහැ. මා හිතන විධියට පින්වතුනි යම් කිසි කෙනෙක් බුද්ධ දේශනාවේ සඳහන් වන ප¼ඤ්චසීල ප්‍රතිපත්තිය ජීවිතයට අරගෙන හිතට එකඟව කටයුතු කරනවා නම් සුගතියට යනවා කියන එක ඉතාම සුළු දෙයක්, නිදා පිබිදියාක් මෙන් සුගතියේ උපදින්න පුලුවන්. භාවනා කරලා නොවෙයි. මහා පරිමාණයෙන් පින්කම් කරලා නොවෙයි පින්වතුනි, පන්සිල් රැකලා.

ඉතිං අද නූතනයේ ජීවත් වන අය මේ පන්සිල් කියන ඒවා බොහෝම පහත් කොට සලකනවා. ශික්‍ෂාපද ටිකක් කියනවා නිකන් ඉන්නවා. සමහර විට ඒ වේලාවෙම ශීලය ඉවරයි. ඉතින් එම නිසා යම් කිසි කෙනෙකුට හිතෙනවා නම් කොච්චර ලස්සනද බලන්න. කොච්චර සුවදායකද බලන්න මම හම්බ කරලා තියෙන ධනය ධාර්මිකයි. මම ධාර්මිකව ධනය හම්බ කරලා ජීවත් වෙනවා මට තිබෙන වස්තුව ධාර්මිකයි කියලා අවංකවම හිතන්න පුළුවන්නම් ඒ තැනැත්තාට කොච්චර සතුටක් ලබන්න පුළුවන්ද?

අපේ පරණ මිනිස්සු, කෘෂිකාර්මික රටක් වෙච්ච මේ රටේ ජීවත් වෙච්ච මිනිස්සු මොන තරම් සංතෝෂයෙන් හිටියාද? අද මහල්, දෙමහල්, තෙමහල්, සිව් මහල්, විසි තිස් මහල් හදාගෙන ගොඩනැගිලි ගහලා තියෙනවා. නොයෙක් විධියේ සුඛෝපභෝගී භාණ්ඩවලින්, යාන වාහන වලින් අපේ රට පිරිලා තියෙනවා. නමුත් අද මිනිසුන්ට නැත්තේ මොකක්ද සංතෝෂය, අද මිනිසුන්ට සතුට නැහැ. ඔවුන්ට ඇතිවන මානසික පීඩාවලට බෙහෙත් නැහැ. මානසික පීඩා නිසා සිය පණ හානිකර ගන්නවා. අනුන්ගේ ජීවිත නැති කරලා දානවා.

බුදුරජාණන්වහන්සේ තරම් කාලීන ධර්ම දේශනා කළ උත්තමයෙක් මේ ලෝකෙ කොහේවත් නැහැ. ශත වර්ෂ විසිපහක් එහාටත්, අදටත් හෙටටත් මේ ධර්මය වලංගුයි, පින්වතුනි, මේ බුද්ධාන්තරය තිබෙන තෙක්ම මේ ධර්මය වලංගුයි. ඒ නිසා මේ කාලීන බණ කියලා අමුතු බණක් නැහැ. මේ ධර්මය හැමදාටම සර්වකාලීනයි, සර්වකාලිකයි. ඒ නිසා අපි මහන්සි ගන්නට ඕන ධාර්මිකව ධනය හම්බ කරන්නට, මේ පළවෙනි සංතෝසය ටිකක්වත් අපේ ජීවිතවලට ලබා ගත්තේ නැත්නම් අපේ ජීවිතවල ජයග්‍රහණයක් නැහැ. අපේ ජීවිත පරාදයි , සත්ව වෙළඳාමෙන්, අවි ආයුධ වෙළඳාමෙන්, මස් මාංශ වෙළඳාමෙන්, වස විෂ වෙළදාමෙන්, මත්පැන් වෙළඳාමෙන් ඒ වගේම නොයෙකුත් ආකාරයේ කටයුතුවලට දරුවන් විකිණීමෙන් ධනය හම්බ කරනවා නම් ඒ ජීවිතයේ කිසිම සාර්ථකත්වයක් නැහැ.

සමහර අය පහසුවට කියලා සත්ව ගොවිපළවල් ඇති කරනවා. ඉතින් ඒවායින් ලබන ධනය පින්වතුනි කිසිසේත් ම ධාර්මික නැහැ. මේවා පින්වතුනි කවුරුවත් කරන දේවල් නොවෙයි. වැරදි විධියට නම් ක්‍රියාව කරන්නේ ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය නරක එකක්මයි.

භෝග සුඛය

දෙවැන්න “භෝග සුඛය”යි. මම ධනය හම්බ කරලා තියෙන්නේ ධාර්මිකවයි. මව්පියන් පෝෂණය කරනවා. ඒ ධනයෙන්, ශාසනික වශයෙන් දාන මානාදී පින්කම් කරනවා, දුගී මගී යාචකාදීන්ට දන් දෙනවා. මම හම්බ කරන ධනය අතහැර දමා යන්න සිද්ධ වෙනවා. මරණින් මතු අහිමි වන ධනය සසරට පරලොවට ගෙන යන්න පුළුවන් විධියේ කටයුතුවලත් යෙදෙනවා කියලා පුදුමාකාර සතුටක් ලබනවා. ඒ විධියට මේ ජීවිතයෙන් පුදුමාකාර සතුටක් ලබන්න පුළුවන්. මෙන්න තථාගතයන්වහන්සේ දේශනා කොට වදාළ නිවැරදි සංතෝෂය ලබන ක්‍රමය. නමුත් බහුතරයක් සංතෝෂය ලබන්නේ වෙන වෙන දේවල් කරලා. ඒවායේ ප්‍රතිඵල එනකොට මොකද වෙන්නේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වය බැහැගෙන යනවා. දුර්වර්ණ වෙනවා. ප්‍රෙසර් එක කියනවා. පිළිකාවක් කියනවා. වකුගඩු රෝගයක් කියනවා. පෙනහළු නරක් වෙලා කියනවා. තව නොයෙකුත් රෝගාබාධ ඇති වෙනවා ලෙඩ වෙලා දුක් විඳලා අකාලයේ මරණයට පත් වෙනවා.

මේකෙ මූල බීජය මොකක්ද කියලා හොයල බැලුවොත් නරක් වෙච්ච මානසික තත්ත්වයයි හේතුව, මනස නරක් වීමයි. නූතනයේ වෛද්‍යවරු ප්‍රකාශ කරනව මිනිසුන්ට හැදෙන අසනීපවලින් සියයට අසූවක්ම මනස නරක් වීමෙන් මනස විකෘති වීමෙන් කියලා. පින්වතුනි, මෙච්චර රෝගීන් ඇති වෙන්න හේතුව, ලෙඩරෝග බහුල වෙන්න හේතුව මොකක්ද, මනස විකෘති වීමේ හේතුව නිසයි.

මම නම් කියන්නේ ලෝකෙ කොහේ බැලුවත් අපට පේනවා බොහොම නරක ක්‍රමයක්, නරක රටාවක් වර්ධනය වේගෙන එන හැටි, දියුණු නොදියුණු කියලා නැහැ හැම රටකම පාහේ මහා මාරාන්තික උවදුරු ස්වාභාවික විපත්. බලන්න මේ ඊයේ පෙරේදා ඇමෙරිකාව දිහා සිද්ධ වෙච්ච දේ. පසුගිය දවස්වල අපේ රටට සිද්ධ වුණාටත් වැඩිය භයානක ඛේදවාචකයක්. එච්චර ධනවත් රට පවා අද අනෙක් අයගෙන් ආධාර ගන්න තත්ත්වයට පැමිණ තිබෙනවා. මේක පින්වතුනි නිකන් ප්‍රවෘත්තියක් විතරක් නොවෙයි යම් කිසි රහසක් අපට මේකෙන් කියා දෙනවා.

ස්වභාව ධර්මයට විරුද්ධ වුණොත්, අධර්මවාදී වුණොත්, බලවත් වුණොත්, ස්වභාව ධර්මයට පුළුවන් මේ ලෝකය නැති කරන්න කියන සංඥාවකුත් ඒ තුළින් අපට ලබා දෙනවා. දැන් අපේ රට ගැන කථා කරනවා. අප දන්න තරම් කාලයක කලින් ස්වභාවික විපත් සිදු වුණා කියලා මතක් කරන්න පුළුවන්ද, කලින් සිදු වුණා කියලා කියනවා. නමුත් අපි දන්නේ නැහැ. මේ රටේ ස්වාභාවික විපත් ගැන එච්චර ආරංචියක් නැහැ. භූ චලන ගැන, දැඩි සුළි සුළං වගේ දේවල් ගැන ආරංචියක් නැහැ.

මේ ස්වභාව ධර්මය පවා කුපිත වෙන්නේ මොකද? පින්වතුනි, මිනිසුන්ගේ මනස නරක් වීමෙන්, ස්වභාව ධර්මය පවා හොඳ වෙන්නේ මොකද, මිනිසුන්ගේ මනස හොඳවීම නිසයි. ඒ නිසා මේ මනුෂ්‍යයා හදන එක තරම් ලොකු දෙයක් මේ ලෝකේ තවත් නම් නැහැ පින්වතුනි, නමුත් ලෝකයේ නොසළකා හැරලා තියෙන්නෙ මොකක්ද? මිනිසා හදන එක. ඒ අය කරන්නේ මොකක්ද? මේ මනුෂ්‍යයාගේ මනස තව තවත් විකෘතිවෙන විධියට , ආවේග වැඩි වන විධියට ඕන කරන දේවල් සපයා දෙනවා. ඇසට, කණට, නාසයට, දිවට, ශරීරයට ඒවා ලබා දෙනවා. දැන් ඇමෙරිකාදී රටවල් බොහොම කැළඹීමට පත්වෙලා ඉන්නවා. මේ අනාගත පුරපුර ගැන.

ඒ අය පුදුම විධියට ප්‍රචණ්ඩත්වයට පත්වෙලා. බොහොම සැඩ වෙලා. අම්මලා තාත්තලා හඳුනන්නේ නැතිව සමාජයේ විකෘති ආශාවන්ගෙන් පෙළෙන අය බවට පත්වෙලා. ඉතින් ඒ අය මොකද මේ කියලා හේතු හොයලා බලනවා. ඒ ගැන හොයන්නේ විද්‍යාඥයෝ , නමුත් අපේ රටේ ඇත්තෝ ඒවාට හේතු සොයන්නේ නැහැ. තව තවත් ඒක වර්ධනය කරන්න කටයුතු කරන බව නම් පේනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ දැහැමින් ජීවත්වීම තරම් ලෝකයට යහපතක් කරන්න පුලුවන් දෙයක් තවත් නැහැ.

තමන්ට යහපතක් වෙන දෙයක් තවත් නම් නැහැ. ඒ මොකද පින්වතුනි, තමන්ටත් යහපතක්, අනුන්ටත් යහපතක්, ඒ නිසා සිදුවෙනවා, ධාර්මිකව ජීවත් වෙමින්, ධාර්මිකව අඹු දරුවන් පෝෂණය කරමින් දාන ධර්මාදී පින්කම්වල යෙදෙනවා නම් ඒ තැනැත්තාට මේ භෝග සුඛය කියන සැපයත් ලබන්න පුලුවන්. මේක පරලොවදී ලැබෙන දෙයක් නොවෙයි . පරලොව ගියාම මරණින් මත්තේ ලැබෙන දෙයක් නොවෙයි. මේ ජීවිතයේදීම ලබන්න පුළුවන් ඉතා හොඳම තෘප්තියක් අපි හොඳට කල්පනා කරලා බැලුවොත්.

අණන සුඛය

තුන්වැන්න “අනන සුඛය”යි. මොකක්ද මේ අනන සුඛය කියන්නේ ණය නැති සැපය. තමන් කිසිම කෙනෙකුට කිසිම ආයතනයකට ස්වල්ප වශයෙන් හෝ විශාල වශයෙන් හෝ ණයක් නැත්නම් ණය තුරුස්වලට බැඳිලා නැත්නම් ඒ තැනැත්තාට කොච්චර සතුටක්ද? පින්වතුනි, දැන් අපි සමාජ රටාව දිහා කල්පනා කරලා බැලවොත් පුද්ගලයා තවත් කෙනෙකුට, පිරිසකට ණය වෙනවා. ඒ වගේම අපේ රට තවත් ලෝකයේ රටවලට ණය වෙනවා. මේ විධියට ණය කියන එක සාමාන්‍ය දෙයක්.

නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා ණය වීම කියන එක හොඳ දෙයක් නොවෙයි. ණයට ගන්නවා කියන එක හොඳ දෙයක් නොවෙයි. ණය ගෙවා ගන්න බැරි වුණොත් ඒකෙන් ලැබෙන විපාකය හොඳ විපාකයක් නොවෙයි. මේ පින්වතුන්ලාට ප්‍රයෝජනවත් වන, මා අසා තිබෙන කථාන්තරයක් කෙටියෙන් මතක් කරලා දුන්නොත් හොඳයි කියලා මට මතක් වුණා. කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ ආදි කර්‍ත¡ෘ අපගේ නායක හාමුදුරුවන් වහන්සේ එක්තරා කාලයක බුරුම දේශයේ ඉන්න කාලේ උන්වහන්සේ අහලා තිබුණ කථාවක් මේක. අද තරම් බුරුමය ඒ කාලේ දියුණු තත්ත්වයක තිබිලා නැහැ. පහළ බුරුමේ ඉඳලා තිබෙනවා වෙළෙන්දෝ දෙන්නෙක් එකට වෙළඳාම් කළා. මේ අය හාල් වෙළදාමයි කළේ.

වෙළඳාම කරගෙන යනකොට මේ දෙන්නාගෙන් එක්කෙනෙක් එයාගේ ක්‍රියාකලාපය නරක්වීම නිසා බැහැගෙන බැහැගෙන ගියා. ව්‍යාපාරය බැහැගෙන ගිහිල්ලා දිළින්දෙක් බවට පත් වුණා. බොහෝම අමාරුවෙන් ජීවත්වන තත්ත්වයට පත්වුණා. ඉතින් මේ වෙළෙන්දා මොකද කරලා තිබෙන්නේ එදා වේල පිරිමසා ගන්න බැරි නිසා හාල් නැලියක් ණයට අරන් තිබුණා. සමහර විට මේ තැනැත්තා දිළින්දෙක් වෙන්න කලින් නිකනුත් හාල් දෙන්න ඇති. නමුත් දැන් හාල් නැලියක් ණයට අරගෙන තිබෙනවා. ඉතින් මේ දෙන්නා වෙන වෙනම මොන මොන කර්ම කළාද කියලා අපි දන්නේ නැහැ. මේ පුනර්භවය පිළිබඳව කියවෙන හරිම වැදගත් සිදුවීමක්. හාල් නැලිය ණයට ගත්ත මේ තැනැත්තාට ඒ ණය ගෙවා ගන්න බැරි වෙලා තිබෙනවා.

අද හැටියට කල්පනා කළොත් මිලියන, බිලියන ගණනින් ණය වෙන්නේ ලෝකයාට , අපේ මිනිස්සු ණය වෙන්නේ ලක්‍ෂ කෝටි ගණනින් ආයතනවලට, පුද්ගලයන්ට, හාල් නැලියක් ණයට ගත්ත මේ පුද්ගලයා අවසාන වෙනකම් ගෙවා ගන්න බැරිවුණා. මේ මනුෂ්‍යයා මැරුණයින් පසුව නැවතත් ඒ රටේම එක්තරා ප්‍රදේශයක ඉපදිලා තිබෙනවා. ඉතින් යමක් කමක් තිබුණ පවුලක ඉපදුණා. නමුත් කථා කරන්න සුදුසු වයසෙත් මේ ළමයා කථා කරන්නේ නැහැ. ඉතින් අපේ රටේ වගේම බුරුමෙත් තිබෙනවා ඔය නොයෙකුත් විධියේ යාතු කර්ම නොයෙකුත් විධියේ ශාස්තර කාරයෝ පසු පස්සේ යන එක. නොයෙකුත් විධියට ස්තෝත්‍ර කරන එක ඒ රටේත් තිබෙනවා.

ඉතින් මේ අම්මා තාත්තා දෙන්නා දරුවා අරගෙන හැම තැනම ගියා නමුත් ඒ අය මේකට මොකුත් කියන්නේ නැහැ. මේ ළමයාට ලෙඩක් නැහැ රෝගයක් නැහැ අපලයක් නැහැ කියලා කියනවා. එක දවසක් අම්මා කුස්සියේ වැඩ කර කර ඉන්නකොට මේ ළමයා ළඟට ඇවිල්ලා හාල් නැලියක්, හාල් නැලියක් කියලා වචනයක් කියලා තිබෙනවා. අම්මා අර සේරම පැත්තක දාලා අර ළමයා වඩාගෙන එළියට ගිහිල්ලා ළමයා සිපගෙන අනේ පුතේ කථා කරන්න. අනේ පුතේ කථා කරන්න කියලා බැගෑපත් වුණා. නමුත් මේ ළමයා කථා කළේ එච්චරයි. ආයේමත් දවස් කීපයක් ගත වුණාම කියලා තිබෙනවා එක්තරා මුදලාලි කෙනෙකුගේ නමක්. ඒ විතරක් නොවෙයි වරින්වර මේ ළමයා තොරතුරු ටික ටික කිව්වා.

එයා මගේ යාලුවෙක්. අපි එකට ගණුදෙනු කළා. ආදි වශයෙන් ඉතින් මේ අම්මා ඇවිටිලි කරලා තියෙනවා පුතේ අපි හාල් නැලියක් නෙමෙයි හාල් කරත්තයක් දෙන්නම් පුතාට හොඳට කථා කරන්න කියලා. ඒ නිසා මේ ළමයා තව තව විස්තර කිව්වා.

පසුව මේ බෞද්ධ මව්පියෝ දෙපළ කරත්තයක හාල් ගෝනි කීපයක් පටවාගෙන තවත් තෑගි භෝග රැගෙන ළමයාත් නංවාගෙන ඔය කියපු ප්‍රදේශයට අහගෙන අහගෙන ගියා. කරත්තෙන් බැස්සා විතරයි මේ ළමයා ගිහිල්ලා අර වයසක මනුෂ්‍යයාගේ අතට තට්ටු කරලා නම කියලා කථා කරලා තියෙනවා. ඒ වෙලාවේ මේ තැනැත්තා තරමක් නොසන්සුන් වුණා. මේ කුඩා ළමයෙක් තමන්ට නම කියලා කථා කිරීම පිළිබඳව. ඉතින් අම්මා තාත්තා බැගෑපත් වුණා පුතාට සැර වැර කරන්න එපා අපේ දරුවා අපි නොදන්නා මොනවා හරි දෙයක් කියනවා. ඒ නිසා ඔබතුමාට අපි තෑගි භෝග ගෙනාවා.

දිගින් දිගට මේ ළමයා තොරතුරු කීවාම අර තැනැත්තා පිළිගත්තා තමන් සමග එකට වෙළඳාම් කළ පුද්ගලයාගේ පුනර්භවය කියලා. අර ගෙනා බඩු බාහිරාදිය සියල්ලම ඒ පුද්ගලයාට දීලා ළමයත් අරගෙන මව්පියෝ යන්න ගියා. එදා ඉඳලා ළමයා හොඳට කතා කරනවා. මේක පොතේ එන එකක් නොවුණත් අපට පේනවා මේක සත්‍ය සිද්ධියක් බව. මෙයින් අපේ හිතට ගත යුත්තේ කුමක්ද? ණය වීම කියන එක බොහොම භයානකයි. අපේ මිනිස්සු මේවා ගණන් ගන්නේම නැති දේවල්.

තවත් සිද්ධියක් ලංකාවේ දී අවුරුදු තිහකට හතළිහකට ඉහත දී සිදුවුණා. එය කොළඹ කෙසෙල් කැන් මාර්කට් එකේ ඉඳලා තිබෙනවා. දෙමළ මුදලාලි කෙනෙක් එක්ක ගණු දෙනු කරන සිංහල මුදලාලි කෙනෙක්. කොහොම හරි මේ දෙමළ මුදලාලිගෙන් යම් කිසි ණයක් අරගෙන තිබෙනවා සිංහල මුදලාලි. ඒක ගෙවා ගන්න බැරි වුණා. ඔන්න මූලික අවස්ථාව, මේ සිංහල මුදලාලි මළායින් පස්සේ පුතා මොකද කරන්නේ. තාත්තා ගැන තොරතුරු අහන්න තැන් තැන්වල ගිහිල්ලා තිබෙනවා.

මෙහෙම තැනකට ගියායින් පස්සේ මම හිතන්නේ ඉන්දියාවේ වෙන්න ඕනෑ කියලා තියෙනවා තාත්තාගේ පුනර්භවය තියෙන්නේ ඔය රටේම යි කියලා. උතුරුකරයේ යාපනයේ, වැඩිදුරටත් තොරතුරු කථා කරනකොට තාත්තා මනුෂ්‍ය ආත්මයක් ලබා නැති බවත් තිරිසන් ආත්මයක් ලබාගෙන මුදලාලි කෙනෙකු ළඟ ඉන්න බව ඔහු කොළඹට කෙසෙල් කැන් ප්‍රවාහනය කරන අහවල් ඉසව්වේ ඉන්න බවත් කියවුණා. හඳුනා ගන්නේ කොහොම අපේ තාත්තා කියා ඇහුවාම, ඔබ ගියාම ඒ තිරිසන් සත්වයා ඔබව පුතා බව හඳුනා ගනියි කියා කිව්වා. හැබැයි බැරිවෙලාවත් එයා එතැනින් ඉවත් කරගෙන ගෙදර ගෙනියන්න හිතන්නවත් එපා කියලත් කිව්වා.

ඉතින් මේ පුතා තාත්තාට පුදුම ළෙන්ගතුකමක් තිබුණා. මේ කියපු තැනට කෝච්චියෙනුයි යන්න තිබුණේ. මේ ළමයා කෝච්චියෙන් ගිහිල්ලා ලොකු කෙසෙල් ඇවරි දෙක තුනකුත් දාගෙන ඔය කියපු තැනට හොයා ගෙන හොයා ගෙන ගියා. ගිහින් අර මුදලාලිට කිව්වා මෙහෙම කෙනෙක් බලන්න ආවා කියලා. මුදලාලි හිතලා තියෙන්නේ විකුණන්න ගෙනියන්න මිලට ගන්න ආවායි කියලා. ගේ පිටුපසට ගිහින් බැලුවායින් පස්සේ ගාල් කරලා ඉන්නවා විශාල ගොන් නාම්බෙක්. මේ තරුණයා දැක්කා විතරයි උඩ පැනලා කෑගහලා නොයෙකුත් විදිහේ දේවල් කරලා ඇඳුනුම්කම අඟවලා තිබෙනවා. ළඟට ගියායින් පසු අත ලෙවකන්න පටන් ගත්තා.

පුතා කෙසෙල්කැන් ඇවරිය මේ සතාට දුන්න. පුතාගේ සැකය සන්සිඳුණා මේ තාත්තා තමයි කියලා. ඉතින් මේ ළමයාට අර ශාස්තර කාරයා කියපු දෙය අමතක වුණා මේ සතාව දුටුවම. සෑහෙන මුදලකුත් ළඟ තිබුණ නිසා මුදලාලිත් සමග කථා කරගෙන ලොකු මුදලක් දීලා මේ සතාව අරගෙන කෝච්චියට ගොඩ කරගෙන කොහොම හරි ගෙනිහිල්ලා තියෙනවා. මේකව කෝච්චියෙන් අරගෙන සුළු වේලාවකදී මැරිලා තියෙනවා. පුතා ලොකු ශෝකයකින් මේ සතාව අරගෙන ගිහින් මිහිදන් කරලා තියෙනවා.

මේවා පින්වතුනි මේ රටේදී සිද්ධ වුණ දේවල්. නමුත් අපි මේවා ගණන් ගන්නේ නැති තැනට අද ඇවිල්ලා තියෙනවා. නමුත් අපි කාගෙන් හරි රුපියල් දාහක් ණයට අරගන ගෙවාගන්න බැරිව මරණයට පත්වුණොත් සමහර විට කෝටි ගණනින් තමයි ණය ගෙවන්න වෙන්නේ. හාල් නැලියට වන්දි ගෙවන්න වෙච්ච හැටි අපි දන්නවා. බලන්න දැන් ඔය ඉන්නවා නිවෙස්වල දාසකම් කරන මිනිස්සු ඔවුන් මැරිගෙන වැඩ කරනවා. සතුන් ඉන්නවා උන්ගෙන් වැඩ ගන්න එකේ ඉවරයක් නැහැ. මේවා ඇත්ත වශයෙන්ම බැලුවොත් සියයට වැඩි ප්‍රමාණයක් ණය තුරුස් වෙච්ච ණය තුරුස් ගෙවා ගන්න බැරිව සිදුවුණ දේවල්, තිලෝගුරු බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ණය නොවි ජීවත් වෙන්න. යම් යම් අවස්ථාවල ණය වෙන්න සිද්ධ වෙයි.

නමුත් අපි කොහොම හරි ඒ ණය ගෙවන්න ඕනි. ඒ ණය ගෙව්වේ නැත්නම් ඒ ණය ගෙවන්නේ කවුද? තමන්ගේ පවුලේ කෙනෙක් නොවෙයි. ඒක ගෙවන්න වෙන්නේ තමන්ටමයි. ඒ නිසා ලෞකික වශයෙන් ජීවත්වන ගිහි පින්වතුන්ලාට මේ අණන සුඛය ඉතාම වැදගත් දෙයක්. අද අපි බැලුවොත් ඇත්ත වශයෙන්ම සමාජ ජීවන රටාව සකස් වෙලා තිබෙන්නේ ණය මතයි. ණයෙන් තොරව ජීවත්වන කෙනෙක් සොයා ගන්න බොහොම අමාරු තත්ත්වයකට තරම් ණය කියන එක සාමාන්‍ය දෙයක් වෙලා. එම නිසා ණය නැති සැපය පරලොවදී ලබන එකක් නොවෙයි. මෙලොවදීම ලබන එකක්.

අනවජ්ජ සුඛං

අත්ථි සුඛං, භෝග සුඛං, අණන සුඛං හතර වෙනි එක අනවජ්ජ සුඛං, ඒක අර තුනටම වඩා වැදගත් වෙනවා. නිවැරදිව ජීවත්වෙනවා කියන සංතෝෂය.

කයෙන් වැරදි නොකිරීමත්, වචනයෙන් වැරදි නොකිරීමත්, සිතෙන් වැරදි නොකිරීම ත්, කියන මේ තුන් දොර සංවර කරගන්න පුළුවන් නම් ඒක තමයි මේ මනුෂ්‍ය ජීවිතයක් ලබා ගත්ත කෙනෙක් විසින් ලබා ගන්න තියෙන ඉහළම සතුට කියලා මට කියන්න පුළුවන්. මේ ජීවිතයට පමණක් ඒක සීමා වෙන්නේ නැහැ. සාංසාරික ජීවිතයටත් උපකාරි වෙනවා. බෞද්ධයෙක් වශයෙන් සාංසාරික ගමන කොට කර ගන්නත් හේතු වෙනවා. මොකක්ද මේ තුන්දොර සංවර කරගැනීම, එච්චර අමාරු දෙයක් නොවෙයි.

කය වචනය සංවර කර ගන්නවා කියන එක. මිනිස්සු හිතට ගත්තොත්, ඕනකම් කළොත්, එච්චර දෙයක් නෙවෙයි. කය වචනය සංවර කරගන්නවා කියන එක. මිනිස්සු හිතට ගත්තොත් ඕනෑකම් කළොත්, එච්චර අමාරු දෙයක් නොවෙයි. සතුන් මැරිමෙන්, සොරකම් කිරීමෙන්, කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකින්න බැරිද? මේ වැරදි තුනෙන් වළකිනවා නම් පින්වතුනි කෙනෙකුගෙ ජීවිතය කොයි තරම් ගෞරවනීයද ? කොච්චර පිරිසිදු ද ඒ ජීවිතය. අද අපි සාමාන්‍යයෙන් සතුන් කියනකොට පොඩි සතුන් ගණන් ගන්නේ නැහැ.

ඒ වගේම මසට සතුන් මරණවා. බිත්තර පාවිච්චි කරනවා. අපි ඇත්ත වශයෙන්ම කල්පනා කරලා බැලුවොත් මේ මිහිපිට ජීවත් වන සෑම කෙනෙකුටම මනුෂ්‍යයෙකුට පමණක් නොවෙයි. තිරිසන් සතෙකුට පමණක් නොවෙයි. කුරා කුහුඹුවාට පවා ජීවත්වීමේ අයිතිය තිබෙනවා. හොඳට කල්පනා කරලා බලන්න මේ විශ්වය අයිති අපට පමණක් නොවෙයි. සෑම දෙනාටම පොදුවේ මේක අයිතියි.

යම්කිසි කෙනෙක් යම් සතෙකුගේ ජීවත්වීමේ අයිතිය. උදුරාගන්නවා නම්, පැහැර ගන්නවා නම් පින්වතුනි ඒක මනුෂ්‍යකමට ගැළපෙනවාද? කිසිසේත් ගැළපෙන්නේ නැහැ.

  • අද මානව හිමිකම් කියලා තියෙනවා. වෙන වෙනත් සංවිධාන තියෙනවා. මනුෂ්‍යයා විසින් මනුෂ්‍යයෙකුට එරෙහිව කරන යම් යම් කටයුතුවලට නීති රීති දාගෙන කථා කරනවා. නමුත් තිරිසන් සතුන් ගැන හිතන්නේ බොහොම අඩුවෙන් ඉතින් ඔය වනගතව ඉන්න අලි ඇතුන් වැනි සතුන් පිළිබඳව තරමක් සොයා බලනවා. නමුත් කුඩා ගණයේ තිරිසන් සතුන් පිළිබඳව තැකීමක් ඇත්තේම නැහැ
"https://si.wikipedia.org/w/index.php?title=අනන_සූත්‍රය&oldid=537719" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි