අධ්‍යාපන මනෝ විද්‍යාව

විකිපීඩියා වෙතින්
  1. විද්යාව,කලා,සංස්කෘතික,කටයුතු පිළිබද ක්ෂේත්ර වල මහත්වු ජයග්රාහන කරා යොමුවෙමින් මිනිස් වර්ගයා ගමන් කරන නොනවතින ගමනෙහි වඩාත්ම කැපී පෙනෙන වාහකය වී ඇත්තේ අධ්යාසපනයයි.විධිමත් විෂය ක්ෂේත්රකයක් ලෙස අධයාපනයෙහි ප්ර්භවය ඇතිවූයේ මෑතකදීය.තොරතුරු සන්නිවේදනයෙහි නියලුනු බොහෝ කලාවන්ගේ හා විද්යායවන්ගේ සංයෝගවිමක ස්වරූපයක් ඉන් ප්ර කාශිත වේ.ඒ හා සම්බන්ධයෙන් මනෝ විද්යාි විෂය ක්ෂේත්රවය ඉමහත් වැදගත්කමකින් යුක්තයි. අධ්යාවපන මනෝ විද්යා්වේ හර කොටස වන්නේ මනෝ විද්යාය ක්ෂේත්රියේ පර්යේෂණ, පාසල් හා වෙනත් ශාස්ත්රීනය ආයතනයන්හි ඉගැන්වීමෙන් ලැබූ අත්දැකීම්ය.සියලුම ඉගැන්වීම් හා ඉගනුම් ක්රිමයාවලින්ට ව්ය්වහාර කරනු ලබන සංකීර්ණ බහු වෛෂයිකවුත් දැනුම හා මුලධර්ම ස්කන්ධයක් ලෙස අධ්යාපන මනෝ විද්යාව සංකල්පනය කල හැක.

විද්යාධගාර පංති කාමර අතර අනොන්යප සමථය ශත වර්ශයක් පැරණි වූ මනෝ විද්යාා ඉතිහාසයේ කැපී පෙනෙන හා පැතිරී පවතින ලක්ෂැණයකි. බොහෝ සෙයින් අවිනිශ්චිත ප්රහශ්න මතු කිරීමෙහි නිරතවු අවධියක සිට වේගවත් ඉදිරි ගමනක යෙදෙමින් බුද්ධිය පිලිබඳ විවිධතා යොදා ගැනීම,ඉගනුම් නීති යොදා ගැනීම,පරිගණක තාක්ෂබණය භාවිතය, හා නවීන කලමණාකරණ ශිල්ප ක්රාම භාවිතය දක්වා වු ප්ර ගතියක් මනෝ විද්යා ක්ෂේත්රිය දක්වයි. එහෙත් අධ්යාගපන මනෝ විද්යා ව මගින් අන් කවර කලකටත් වඩා අවධානයක් අද ශිෂ්යගයා කෙරෙහි යොමුවේ.ඔවුනගේ ඉගනුම් මූලධර්ම,ක්ර මෝපාය,අභිප්රේතරණය ගුරු හා සංවිධාන අංශ සහ අධ්යාොපන අවස්ථා‍ව හා බැදුනු වෙනත් බෙහෝ ලක්ෂ ණද අවධාරණය කෙරේ.මේ අනුව ඉගනුම සිදුවන පංති කාමර අවස්ථාවේ විවිධ මාන පිලිබදව අධ්යා පන මනෝ විද්යා ව යොමු වන්නේ යයි අව‍බෝධ කරගත හැකිය.සම්ප්රැදායිකව,අධ්යාමපන මනෝ විද්යාුව යොමු වුයේ ඉගනීමෙහි‍ යෙදෙන්නා,පාඩම හා පුහුනුකරු කෙරෙහි ඍඡු හෝ වක්රව ලෙස බලපාන පංති කාමර අවස්ථාව හා බැදුනු සියලුම අංශ පිලිබදවයි.

පංතියේ හා පාසලේ සංවිධාන රටාව,භෞතික වා සමාජ වාතාවරණය,ඉගැන්වීමේ ක්ර ම ඉගනුම් දව්යව පිලිබදව ප්රගමාණාත්මක හා ගුණත්මක මාණ,පංති කාමරයේ අභිප්රේඉරණය හා ඇගයීම් පිලිබද ප්රැමිති ආදිය මෙය‍ට අයත්විය හැක.මෙලෙස අධ්යාමපන මනෝ විද්යාිවේ අරමුණ වන්නේ විශේෂයෙන් අධ්යායපනය සංවර්ධනයටත් පොදුවේ පූර්ණ සංවර්ධනයටත් දායක වීම හා එම සංවර්ධනය පිලිබඳ මෙහෙයවීමයි. ඒ සදහා මනෝ විද්යාකවේ වෙනත් ක්ෂ්ර් එ යන් ගෙන් ලබාගත් දැනුම හා ප්ර තිවේස උපයෝගී කරගනු ලැබේ.නිදසුන් වශයෙන් පර්යේෂණ මනෝ විද්යාෙව ,සංවර්ධන මනෝ විද්යා ව ,සමාජ මනෝ විද්යා ව ,අවප්රාමාණ/සායනික/උප‍දේශන මනෝ විද්යාෝව දැක්විය හැක.ගුරුවරයා මනෝ ‍විද්යා නීති හා මූලධර්ම භාවිතා කරයි.ඒ අතරම පංති කාමර අත්දැකීම් තුලින් නව මූලධර්ම සොයා ගනු ලබයි. සම්පත් ලබා ගත යැකි ප්රිමාණය අනුව දියුණු හා විදග්ධ තාක්ෂ ණය යොදා ගැනිමෙන්ද දේශීය හා සරල දව්ය් උපයෝගී කර ගැනීමෙන්ද ගුරුවරයාට නවීකරණය සදහා ඉඩ ප්රදස්ථ ලැබේ.

පංති කාමරය සමාජ කණඩායම් අවස්ථාවක් හෙයින් එය වඩාත්ම ‍හොදින් තේරුම් ගත හැකි වන්නේ සංකීර්ණ වුත් ගතික වුත් නිරන්තරයෙන් වෙනස් ‍‍වෙමින් පවතින්නා වූ විචල්යව එකතුවක් ලෙසයි.ළමයකු කණ්ඩායම තුල පිළිගනු ලබන ආකාරය,කණ්ඩායම ශාස්ත්රීිය ඉලක්ක සාධනය කර ගැනීම සඳහා කටයුතු කරන ආකාරය,ගුරුවරයා හා ශිෂ්යවයන් ඔවු‍නොවුන් සමග අන්යෙඩයව ක්රිතයා කරන ආකාරය පාසල එහි රැදී සිටීමට ප්රියය උපදවන ස්ථානයක් බවට පත්වන්නේ කුමන සාධක හේතු කොට ගෙනද ආදිය අධ්යාටපන මනෝ විද්යාවව මගින් සලකා බලනු ප්රහශ්න කීපයකි. ශිෂ්යමයින් අතර ඇති පුද්ගල විවිධතා පිලිබද යථා අවබෝධයක් ලබා ගැනීමට මනෝ විද්යාීව සහාය වේ.ප්රදතිජානාත්මක වාතාවරණයක් තුල ඉගනුම් ක්රනමෝපාය සඵල අයුරින් යොදා ගැනීමෙන් ලගා කරගත හැකි විශ්මය දනවන සුලු සංවර්ධනාත්මක ‍වෙනස්කම් ගැනද අධ්යාරපන මනෝ විද්යා වෙන් කියවේ.පෞද්ගලිකව සිසුන් මුහුණ දෙන මානසික ගැටලු පිලිබදවත් පාසල් අවස්ථාවෙන් පරිභාහිරව උත්පාදනය වියහැකි ප්රිතිෂේධනාත්මක බලවේගවල අන්තර් ක්රිැයා සීමා කර ගැනීම සදහා අවශ්යම සැකසීම පිලිබදවත් අවබෝධයක් ලැබිය හැක.

මේ අනුව සමාජීය වටිනාකමකින් යුක්ත තොරතුරු හා කුසලතා තම උපරිම හැකියා මට්ටමකික් සිසුන්ට ලබා දීමෙහි නිරතව සිටින ගුරුවරයකු අතට පත්වන ප්රියෝජනවත් අතිරේක මෙවලමකි අධ්යාතපන මනෝ විද්යා ව. අධ්යා පන මනෝ විද්යාකවේ සංවර්ධනය කෙරෙහි විලියම් ජේමිස්, ජෝන් ඩුවි, ඊ.එල්.තෝන් ඩයික්, ජේ.බී.වොට්සන්,ජීන් පියාජේ,සිග්මන් ප්රො.යිඩ්,බී.එ‍ුබෆ්. ස්කිනර්,බී.බ්ලුම්, සී.එල්. හල්, ඊ.පීග ටොරනස්,සී.පී. ඔසුබෙල්,හා වෙනත් බොහෝ අය දායක වී ඇත.

අධ්‍යාපන මනෝ විද්‍යාව[සංස්කරණය]

මනෝ විද්යා විෂයේ ආරම්භය හා විකාශනය[සංස්කරණය]

ඈත අතීතයේ මනෝ විද්යාිව ආත්මය පිළිබද හැදෑරීමක් ලෙස අර්ථ දැක්වීම කර තිබුණි. මනෝ විද්යාතව (PYSCHCHOLOGY) යනුවෙන් ඉංග්රී සියේ හදුන්වයි. *Psyche - සයිකි - ආත්මය *Logo - ලොගෝ - විද්යා්ව ග්රීක භාෂාවෙන් ආත්ම විද්යාව යැයි හැදින්වූ වචන දෙක භාවිත කර ආත්මය පිළිබද විද්යාාවක් ලෙස ප්රයචලිත විය. ආත්මය විවිධ ආකාරයට විග්රහ කරන නිසා මතුවූ ගැටළුකාරී තත්වය පදනම් කරගෙන මනෝ විද්යාවවේ අර්ථ දැක්වීම් වෙනස් විය. එහිදී ම. විද්යාවව මනස පිළිබද විද්යාරවක් ලෙස නිර්වචනය කිරීමට යොමු වුවත් ශාරීරික සාධක සැලකිල්ලට නොගැනීම ගැටළුවක් බව විවේචකයින්ගේ අදහස් අතර මතු වූවකි. ඊලග අවස්ථාවේ මනෝ විද්යාවව විඥානය පදනම් කරගත් විද්යාිවක් ලෙස නිර්වචනය කිරීමට යොමු වූ අතර විඥානය යනු කුමක්දැයි අර්ථ දැක්වීමේ දී ගැටළු මතු විය. එහිදී එක් අංශයකට නැඹුරු වීමක් ඇතැයි සමහර විවේචකයන් කියන විට අවිඥානය හා උප විඥානය ද මෙයට සම්බන්ධ යැයි ඇතමුන් විවේචන එල්ල කිරීමට පෙලඹිණ. මනෝ විද්යාේව නූතන මනුෂ්යා පිළිබද අධ්යායපනයක් ඊලග නිර්වචනය ඉදිරිපත් විය. එහිදී මනුෂ්‍යයාගේ චර්යා වෙනස් වීම්, චිත්ත වේග, බුද්ධිය, පෞර්ෂය ආදී ගති ලක්ෂණ සැලකිල්ලට ගත්ත ද ඒවාට ශරීර ව්යුඑහයේ ලක්ෂණ අයත් නොවන නිසා නැවත විවේචන එල්ල විය. පසුව ඉදිරිපත් වූ නිර්වචනය චර්යාවාදී ගුරුකුලයයේ දියණුවත් සමග ඉදිරිපත් වූවකි. එය සජීවීන්ගේ චරියා අධ්යනනය කරන විද්‍යාවක් ලෙස වෙනස් විය. එහෙත් ප්ර්ජානනවාදී ගුරුකුලයේ මනෝ විද්යාවයින්ගේ මත අනුව මෙය සංස්කරණයට ලක් විය. විවිධ විවේචන ඔස්සේ වර්තමානයේදී මනෝ විද්යාටව නිර්වචනය කර ඇත්තේ ‘චර්යා සහ මානසික ක්රිනයාවලි පිළිබද විද්යාදත්මක අධ්ය්නයක්‘ ලෙසය.

මනෝ විද්‍යාව විෂයේ ප්‍රභේද.

  1. සංවර්ධන මනෝ විද්‍යාව
  2. සමාජ මනෝ විද්‍යාව
  3. ළමා මනෝ විද්‍යාව
  4. ඉංජිනේරු මනෝ විද්‍යාව
  5. යුධ මනෝ විද්‍යාව
  6. වෛද්‍ය මනෝ විද්‍යාව
  7. සත්ත්ව මනෝ විද්‍යාව
  8. නීතිය පිළිබද මනෝ විද්‍යාව
  • ව්යකවහාරික මනෝ විද්‍යාව

මනෝ විද්යාතව තුලින් මතුකොට ගන්නා දැනුම් සම්භාරය ප්රායයෝගික ගැටළු විසදාගැනීම සදහා යොදා ගැනීම ව්යපහාරික මනෝ විද්යානව යි.

  • අධ්යාමපන මනෝ විද්‍යාව විෂය හැදින්වීම.

අධ්යාධපන මනෝ විද්යාදව යනු මනෝ විද්යා් විෂය කේෂ්ත්රෙ‘යන් ව්යිවහාරික අංශයට ගැනෙන ප්රාායෝගිකව බාවිත වන විෂය කේෂ්ත්රියකි. ඒ අනුව මනෝ විද්යා ත්මක සංකල්ප හා ක්රනම යොදා ගනිමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්රිෂයාවලියෙහි ගැටළු විමසා බලා අධ්යුයනය කරන විද්යා්ව අධ්යාධපන මනෝ විද්යාීව වේ

  • අධ්යාිපන මනෝ විද්යාකවේ ස්වභාවය.

1. අධ්යාාපන මනෝ විද්යා ව ව්යාෙවහාරික විද්යායවකි. සාමාන්යය මනෝ විද්යා ව අධ්යා්පන ගැටළු සදහා බාවිතා කරන නිසා එමගින් ගැටළු විසදාගැනීමට උත්සාහ කෙරේ. ඒ සදහා මනෝ විද්යාාත්මක මූලධර්ම ප්රානයෝගිකව බාවිතයට ගැනේ. 2. අධ්යාතපන මනෝ විද්යා ව නිශ්චිත විද්යාැවකි. අධ්යායපනය හා සම්බන්ධ කරුණු ඒ ආකාරයෙන් ම අධ්යවයනය කෙරෙන අතර විනිශ්චය කිරීමක් නොකෙරේ. 3. අධ්යාේපන මනෝ විද්යාඒව සමාජ විද්යා්වකි. අධ්යාකපනික දෘෂ්ටි කෝණයෙන් පුද්ගලයා හා සම්බන්ධ ව අධ්යයයනය කෙරෙන අතර ඒ වායේ ප්ර‍තිපල මිනිසා සමාජශීලී කිරීම සදහා ප්රා යෝගික ව බාවිත කළ හැකිය. 4. අධ්යාාපන මනෝ විද්යාලව ප්රා යෝගික විෂයකි. ලැබෙන ප්රධයෝජන ගැන සලකා බාවිත කරයි. වඩාත් කාර්යක්ෂම හා ඵලදායි ලෙස ඉගෙණුම් අවස්ථා නිර්මාණය කිරීම අධ්යාරපන මනෝ විද්යාාව විසින් සිදු කරනු ලබයි. 5. අධ්යාසපන මනෝ විද්යා්ව ශ්රා ස්ත්රීයය විෂයකි. මෙම විෂය මිනිසාගේ මිනිසාගේ ඉගෙනුමට අදාල චර්යා කෙරෙහි අවධානය යොමු කරමින් කරන අධ්යගනයක් හෙයින් ශ්රාරස්ත්රීාය විෂයක් වන අතර ලැබෙන ප්රවතිඵල සාරාංශ කළ හැකිය.

  • අධ්යානපන මනෝ විද්යා්වේ විෂයකේෂ්ත්ර‍යේ සීමාව.
  1. මිනිස් හැසිරීම.
  2. දරුවාගේ වර්ධනය හා සංවර්ධනය.
  3. කාලය හා පරිසරය.
  4. ඉගෙනීමේ ක්රිරයාවලිය.
  5. පෞර්ෂත්ව සංවර්ධනය.
  6. පෞද්ගලික විවධත්වය.
  7. බුද්ධිය හා බුද්ධිය මැනීම.
  8. මාර්ගෝපදේශනය හා උපදේශනය.

මනෝ විද්‍යාත්මක අධ්‍යන ක්‍රම ශිල්ප=[සංස්කරණය]

මනෝ විද්‍යාව සජීවීන්ගේ චර්යා අධ්‍යනය සදහා බාවිත කරන විශේෂ උපක්‍රම මනෝ විද්‍යා අධ්‍යන ක්‍රම ශිල්ප යනුවෙන් හැදින්වේ. මේවා අත්දැකීම් විස්තර කිරීමේ සිට ක්‍රමාණුකූල නිරීක්ෂණය දක්වා විවිධ වේ. විවිධ මනෝ විද්‍යා ක්‍රම ශිල්ප.....

  1. අන්තරාවලෝකනය. (අන්තරීක්ෂණය/ආත්මාවලෝකනය)
  2. නිරීක්ෂණය.
  3. ප්‍රශ්නාවලිය.
  4. සම්පරීක්ෂණ ක්‍රමය.
  5. ප්රපත්යේවක අධ්‍යන ක්‍රමය.
  6. සායන ක්‍රමය.
  7. ප්‍රනක්ශේපිත ක්‍රමය.
  8. සහසම්බන්ධතා අධ්‍යනය.

අන්තරාවලෝකනය[සංස්කරණය]

මනෝ විද්‍යාවට විශේෂ වූ ඉතා පැරණි අධ්‍යන ක්‍රමයකි. තම සිත ක්‍රියා කරන ආකාරය දෙසට හොදින් අවධානය යොමු කොට ඒ ගැන වාර්ථා කිරීම මෙහිදී සිදුවේ. තමා විසින් ම තොරතුරු වාර්තා කරවන්නා නිසා පුද්ගල බද්ධ වීම බලපාන බව මේ ක්‍රමයට එල්ල වූ ප්‍රධාන චෝදනාවකි. අනෙක් අඩුපාඩුව වන්නේ විද්‍යානුකූල වලංගුතාවයෙන් තොර වීමයි.මෙය බුදු දහම සක්කාය දිඨ්ඨි යනුවෙන් විවරනය කර ඇත.

නිරීක්ෂණය[සංස්කරණය]

මෙහිදී සිදුවන්නේ කෙනෙකුගේ චර්යාව වෙනත් කෙනෙකු විසින් නිරීක්ෂණය කොට වාර්තා තබා ගැනීමයි. මෙහි ප්‍රභේද කීපයකි. I. ඍජු නිරීක්ෂණය II. වක්‍රී නිරීක්ෂණය III. සහභාගිත්ව නිරීක්ෂණය IV. අන්වායාම අධ්‍යන (සිරස් නිරීක්ෂණය) V. හරස්කඩ අධ්‍යනය (තිරස් නිරීක්ෂණය) සෘජු නිරීක්ෂණය. කෙනෙකුගේ චර්යාව නිරීක්ෂණයේ දී නිරීක්ෂිතයා සමග නිරීකෂකවරයා දැනුවත් ව කටයුතු කරයි. තමගේ චර්යා අධ්‍යනයට ලක් කෙරෙන බව දැනගෙන සිටියි. මේ නිසා සැබෑ චර්යා වසන් කිරීමට ඇති ඉඩකඩ වැඩිය. වක්‍ර නිරීක්ෂණය මෙහිදී තමා නිරීක්ෂණයට ලක්වන බව නිරීක්ෂිතයා නොදනී. මේ නිසා නිරීක්ෂකවරයාට සැබෑ චර්යා නිරීක්ෂණයට ඇති ඉඩකඩ වැඩිය. සහභාගිතා නිරීක්ෂණය නිරීක්ෂකවරයා නිරීක්ෂිතයා සමග එකට හිද තමාට අවශ්‍ය තොරතුරු වාර්ථා කර ගනියි. මෙහිදී ද තොරතුරු ලබා ගැනීමට ඇති ඉඩකඩ වැඩිය. අන්වායාම අධ්‍යනය. එක් ළමයෙකු හෝ කණ්ඩායමක් දිගු කලක් තුළ නිරීක්ෂණය කර වාර්තා තබා ගැනීම අන්වායාම අධ්‍යනය යි. මෙහිදී ඇතිවිය හැකි විශේෂ ගැටලුවක් වන්නේ එකම කණ්ඩායමක් දිගුකලක් අධ්‍යනයට ලක් කිරීමේ දී නියැදිය ගිලිහීමට ඇති ඉඩකඩ අසීමිත බවය. හරස්කඩ අධ්‍යනය. හරස්කඩ අධ්‍යනයේ දී අධ්‍යනයට භාජනය වන පිරිස දිගුකලක් නිරීක්ෂණය කළ යුතු නැත. තෝරා ගන්නා පිරිස අදාල ජනගහනයේ හරස් කැපුමකි. මේ ක්‍රමයේ ඇති කැපී පෙනෙන දෝශය වන්නේ තෝරා ගන්නා නියැදි අතර ඇති වෙනස ප්‍රතිඵල වලට බලපෑමට ඇති ඉඩ වැඩි වීමයි. නිරීක්ෂණ ක්‍රමයේ ඇති වාසි සහ අවාසි.. 1. පහසුවෙන් යොදාගත හැක. (කිරීමට හැකි වීම) සෘජු හා වක්‍ර නිරීක්ෂණ 2. සැබෑ තොරතුරු ලබා ගත හැකි අවස්ථා වැඩිය. (වක්‍ර) හා සහභාගිත්ව නිරීක්ෂණ) 3. කෙටි කලකින් නිම කළ හැකිය. (සෘජු, වක්‍ර, හරස්කඩ නිරීක්ෂණ) 4. මුදල්, කාලය හා ශ්‍රමය ඉතුරු කළ හැකිය. (සෘජු, වක්‍ර, අන්වායාම, හරස්කඩ නිරීක්ෂණ) අවාසි 1. සැබෑ තොරතුරු වසන් කළ හැකිය. (සෘජු නි.) 2. වැරදි තොරතුරු වාර්ථා කළ හැකිය. (සෘසු/වක්‍ර/සහභාගිත්ව/අන්වායාම/හරස්කඩ නි.) 3. කාලය, මුදල්, ශ්‍රමය නාස්ති විය හැක. (අන්වායාම නි.) 4. නියැදිය ගිලිහීම. (අන්වායාම නි) නිරීක්ෂණ ක්‍රමයේ අවාසි මගහරවා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රම. 1. පුහුණු, පලපුරුදු පරීක්ෂකවරු යොදා ගැනීම. 2. එක්මන්තිර භාවිතා කිරීම. 3. නිරීක්ෂණ සැලැස්මක් භාවිතා කිරීම.

ප්‍රශ්නාවලිය[සංස්කරණය]

පුද්ගලයින් විශාල සංඛ්‍යාවකින් කාලයක් වැය කොට එකවර තොරතුරු විශාල ප්‍රමාණයක් ලබා ගැනීමට බාවිතා කළ හැකි ශිල්පීය ක්‍රමය ප්‍රශ්නාවලී වේ. එහි සාර්ථකත්වය සදහා දෙනු ලබන උපදෙස් පැහැදිලි විය යුතුය. පහසුවෙන් පිලිතුරු සොයා ගත හැකි ලෙස සකස් කළ යුතුය. • මෙහි අඩංගු ප්‍රශ්න ව්‍යූහගත හෝ නොවන ආකාරයට සකස් කළ හැක. • භාෂාව සරළ විය යුතුය. • වඩා දීර්ඝ නොවිය යුතුය. • අවශ්‍ය ප්‍රශ්න පමණක් කිසියම් අනුපිළිවෙලකට ඉදිරිපත් කළ යුතුය.

සම්පරීක්ෂණ[සංස්කරණය]

1. යොදා ගන්නේ හේතුඵල සම්බන්ධතා අනාවරණය කර ගැනීම සදහාය. 2. පවතින තත්වයන් නිරීක්ෂණය කරනු වෙනුවට පර්යේෂකයන් විසින් යම් වෙනස්වීමක් සිදුකර ඉන් ලැබෙන ප්‍රතිඵලය විමසීමට භාජනය කරයි. 3. ඒ සදහා කල්පිත ගොඩනැගිය යුතුය. 4. පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය තුළින් කල්පිතය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු කරයි. සම්පරීක්ෂණ වලදී බාවිතයට ගැනෙන ප්‍රධාන කරණු. 1. අහඹු නියැදි. 2. විචල්‍ය • අහඹු නියැදියක් යනු පුද්ගලයා තෝරා ගැනීමේ දී වරණයකින් තොරව අහඹු ලෙස තෝරා ගන්නා කණ්ඩායමකි. • විචල්‍ය යනු විවිධ පුද්ගලයන් හෝ ද්‍රව්‍යයක් තුළ පැවතිය හැකි එහෙත් එකිනෙකා තුළ විවිධ මට්ටමින් බලපවත්නා අගයයන් හෝ වෙනස්කම් ය. සම්පරීක්ෂණ වලදී භාවිතා වන විචල්‍ය දෙකකි. • ස්වායත්ත විචල්‍ය. • පරායත්ත විචල්‍ය. ස්වායත්ත විචල්‍ය යනු මෙහිදී වෙනසකට භාජනය නොවන විචල්‍ය යි. නිද - ගණිත විෂය සාධනය කෙරෙහි උගන්වන කාලය බල නොපායි යන කල්පිතයේ ස්වායත්ත විචල්‍ය වන්නේ උගන්වන වෙලාවයි. පරායත්ත විචල්‍ය යනු කරනු ලබන පර්යේෂණය තුළ වෙනසකට භාජනය කරන විචල්‍ය පරායත්ත විචල්‍ය වේ. නිද - ඉහත කල්පිතයේ ගණිත විෂය සාධනය වේ. 78789989890909090090--90898787889

====පුද්ගල සංවර්ධනයට බලපාන සාධක====
  1. ආරය
  2. පරිසරය
  3. පරිණතිය
  4. ඉගෙනුම
ආරය[සංස්කරණය]

පුද්ගලයෙකුගේ ශරීර ලක්ෂණ හා ගති ලක්ෂණ ජාන මගින් එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට ලබා දීමේ ක්‍රියාවලිය ආරය යි.මේ සදහා වෙනත් කිසිවෙකුටත් බලපෑමක් කළ නොහැක. ශරීරයේ සෑම ශෛලයකම න්‍යෂ්ටිය තුළ යුගල 23 ලෙස සකස් වූ වර්ණ දේහ 46 ක් අඩංගුය. වර්ණ දේහ තුළ ඇති ජාන සියළුම ප්‍රවේණික ගැලපුම් වල පවතින විවිධත්වය නිසා දරුවන් අතර බොහෝ වෙනස්කම් ඇත. මෙහිදී එක් සංසේචිත ඩිම්බයන් සමහර අවස්ථාවල සමාන කොටස් දෙකකට බෙදීමෙන් අන්න්‍යොන්‍ය දරුවන් බිහි වේ. (සර්වසම දරුවන්) රූප ලක්ෂණ, ගති ලක්ෂණ බොහෝ දුරට සමාන වේ. වෙන් වෙන් ව සංසේචනය වූ ඩිම්බ වලින් නිවුන් දරුවන් ලැබිය හැකි අතර ඒ අය සහෝදර නිවුන් දරුවන් ලෙස හැදින්වේ. මේ අය එකිනෙකට වෙනස් වේ. ලක්ෂණ- (ශරීරය)  හිසකෙස් වල වර්ණය  රුධිර ගණය  ඇස්වල වර්ණය  ශරීර අවයව වල හැඩය වැනි විවිධ කායික ලක්ෂණ  වර්ණ දේහ විකෘති නිසා ඇතිවන ආබාධිත දරුවන්  සමහර ලෙඩ රෝග උරුම වේ. (උදා- වර්ණ අන්ධභාවය)

පරිසරය[සංස්කරණය]

පරිසරය යන්න නිර්වචනය කර ඇත්තේ පුද්ගලයාගේ සංවර්ධනයට බලපෑම් ඇති කරන භෞතික සමාජීය හා මානසික යන සංකල්පිත ලෝක වල සමස්ථ එකතුවයි. පුද්ගලයාට ජීවිතයේ මුලින් ම හමු වන ඉපරිසරය මවු කුසයි. පුද්ගල සංවර්ධනයට පරිසර සාධක බලපාන ආකාර අනුව ප්‍රධාන අංශ 02 ක් යටතේ සලකා බැලේ. I. අභ්‍යන්තර පරිසරය. II. බාහිර පරිසරය.

1. අභ්‍යන්තර පරිසරය අඅභ්‍යන්තර පරිසරය යනු මවු කුසයි. මේ අනුව පුද්ගල සංවර්ධනයට මවුකුස ඉතා වැදගත් ය.

  • මවගේ වයස
  • මවගේ පෝෂණය.
  • මව ගන්නා බෙහෙත්
  • මවගේ අයහපත් පුරුදු
  • මව විකිරණ වලට භාජනය වීම
  • මවට වැළදෙන රෝග
  • මව මුහුන දෙන කම්පන හා ක්ලමත තත්වයන්

2. බාහිර පරිසරය බාහිර පරිසරය ක්ෂේත්‍ර 03කට වර්ගීකරණය කළ හැකිය.

1. භෞතික පරිසරය

  • ආහාර
  • ජලය
  • දේශගුණය
  • ජීවත්වන ස්ථාන වැනි දෑ

2. සමාජ පරිසරය

  • පවුල
  • සමවයස්
  • පාසල
  • වෙනත් සමාජ කණ්ඩායම්
  • අන්තර් පුද්ගල සම්බන්ධතා
  • ජීවත්වන විවිධ පිරිස් හා ආයතන

3. මානසික පරිසරය පුද්ගලයා තුල ඇතිවන විවිධ මානසික තත්වයන් සදහා සෑම විටම ඔහු මුහුණ දෙන උත්තේජනයන් බලපායි. එම නිසා බාහිර උත්තේජන වල ස්වභාවය පිලිබද විශේෂ අවධානයෙන් සිටීම මානසික පරිසරය යහපත් කිරීමට බෙහෙවින් බලපායි. පුද්ගල සංවර්ධනය කෙරේ ආරයේ සහ පරිසරයේ බලපෑම ප්‍රමාණාත්මකව තීරණය කිරීම අසීරුය. දැනට පිලිගෙන ඇති මතය වන්නේ ආරය සහ පරිසරය අතර අන්තර් ක්‍රියා හේතු කොටගෙන පුද්ගල සංවර්ධනයට බලපෑම් ඇති කරන බවයි.

(3) පරිණතිය - ස්වභාවිකව සිදුවන ජාන විසින් සැලසුම් කරන ලද ශරීරයේ අඅභ්‍යන්තරව සිදුවන මේරීම ‘පරිණතිය‘ යි. මෙය වයසත් සමග සිදුවන්නකි. නියමිත පරිණතියට ලගා වන තුරු යම් යම් ක්‍රියාකාරකම් කිරීමට පුද්ගලයාට නොහැකිය. සෑම දරුවෙක් ම අනුපිළිවෙලක් ඔස්සේ පරිණතිය සිදුවෙයි. එය ඉගෙණුමෙන් නිදහස් ය.

(4) ඉගෙණුම - ඉගෙණුම යනු අත්දැකීමක් හේතු කොටගෙන චරියාවේ ඇතිවන දිගුකාලීන වූත් ස්ථාවර වූත් වෙනසකි. හැකියාව ඇතිවන්නේ පරිණතිය සමග ය.

සූදානම පුද්ගලයෙකුට නව ඉගෙණුම් අත්දැකීමක් ලබා ගැනීම සදහා ඊට අවශ්ය ශාරීරික හා මානසික සූදානම ඔහු තුළ තිබිය යුතුය. සූදානමක් නොමැතිව ඊට පෙර උගැන්වීමට යාම අයහපත් ප්‍රතිඵල ගෙන දේ. සූදානම සදහා පරිණතිය හා පරිසරය යන සාදක දෙකම අවශ්‍යය.

නිසි සූදානමකට පෙර ඉගෙණුමට යොමු කිරීමේ විපාක

  1. ඉගෙණීම පිළිබද අයහපත් ආකල්ප වර්ධනය වේ.
  2. ළමයා නොගැලපෙන චර්‍යා රටා පෙන්නුම් කරයි.
  3. ළමයා අධික වෙහෙසට පත්වෙයි.
  4. අවධානය ලබා ගැනීම අපහසු වෙයි.
  5. අයහපත් චිත්තවේගී තත්වයන් පෙන්නුම් කරයි.

මොළයේ ව්‍යූහය ඉගෙණුම් ක්‍රියාවලියට බලපාන ආකාරය

ඉගෙණුම් ක්‍රියාවලිය සදහා මොළයේ තිබෙන කොටස් වලින් විශේෂයෙන් ම වැදගත් වන ඒවා නම්,

  1. බාහිකය.
  2. මස්තිස්කය.
  3. අනුමස්තිස්කය
  4. ලිම්බික් පද්ධතිය වේ.

1. බාහිකය. මොළයේ බාහිරින් ම රැලි සහිත වූ රෝස පැහැයට හුරු ස්ථරය බාහිකය යි. පුද්ගලයාට බලපාන සියළුම සංවේදන ප්‍රදේශ බාහිකයේ අඩංගු වී ඇත. දෘෂ්ටිය, ශ්‍රවණය, රස, ආග්‍රහණය සහ ස්පර්ශය පාලනය කරන්නා වූ සංවේදන ප්‍රදේශ පිහිටා ඇත්තේ බාහිකයේ ය. මෙම සංවේදන ප්‍රදේශ වලට හානි සිදුවුවහොත් ඉන්ද්‍රීයන්ගේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති වේ. එවිට ඉගෙණුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නිසි පරිදි කිරීමට බාධා ඇතිවේ. බාහිකයේ රැලි සහිත ස්වභාවය වැඩි වන විට බුද්ධිමත් භාවය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති වේ. කුඩා දරුවන්ගේ වයස අවු 01 දක්වා මොළය වර්ධනය වේගයෙන් සිදුවන බැවින් සිහින් සංගීත රාවය, වර්ණවත් දෑ දකින්නට සැලැස්වීම, සිත සමාධි ගත කෙරෙන සියුම් නාද ඇසීමට සැලැස්වීම ඉතා වැදගත් ය.

2. මස්තිස්කය. මොළයේ විශාලම කොටස වේ. එය වම් හා දකුණු අර්ධගෝල දෙකකින් යුක්තය. එහි වම් කොටසින් භාෂා හැකියාව, ලිවීම, කථාව, ගණිතඥානය, විශ්ලේෂණ හැකියාව, නර්තනය වැනි සුවිශේෂී කාර්යන් රාශියක් ඉටුකිරීමේ හැකියාව ඇත. දකුණු අර්ධ ගෝලයෙන් රස වින්දනය, සිතීමේ ක්‍රියාවලිය, විදීම, සංකල්ප අවබෝධ කරගැනීම සදහා දායකත්ව ලබා දෙයි.

3. අනුමස්තිස්කය (කුඩාමොළය) ශරීරයේ සමතුලිතතාවය රකින අනුමස්තිස්කය අධ්‍යන කාර්‍යේදීත් ඉතා වැදගත් කොටසකි. ශරීරයේ විවිධ කොටස් වල චලන සමායෝජනය සදහා උදව් කරයි. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී ශරීරයේ සමතුලිතතාව මෙන් ම සමායෝජනය ද පුද්ගලයෙකුට වැදගත් වන බැවින් මෙහි ක්‍රියාකාරීත්වය පිලිබදව දැනගැනීම ගුරුවරයාට වැදගත් ය.

4. ලිම්බික් පද්ධතිය i. තැලමස ii. හයිනොතැලමස iii.හිපොකැම්පය iv. පිටියුටරිය

 තැලමස. පංචේන්ද්‍රියන්ගෙන් ග්‍රහණය කරගන්නා වූ සංවේදන පිළිබද පණිවිඩ ලබා දෙන්නේ තැලමස වෙතය. තැලමස මගින් මේ පණිවිඩ අදාල තැන්වලට බෙදා හැරේ.

 හයිපෝතැලමස. බොහෝ කායික ක්‍රියාවලියන් හා සම්බන්ධ කේන්ද්‍රස්ථානය ලෙස කටයුතු කරන අතර ස්වයං සාධක ස්නායු පද්ධතිය සමායෝජනය කෙරෙන මධ්‍යස්ථානය ලෙස ද ක්‍රියා කරයි. මතක තබා ගැනීමේ ක්‍රියාකාරීත්වය කෙරෙහි දැඩිව බලපායි. කුසගින්න, පිපාසය, ලිංගික ක්‍රියාකාරකම්, ආක්‍රමණශීලී බව පාලනය කරයි.

 හිපෝකැම්පය. ඉගෙනීමේ දී සුවිශේෂී කාර්යයක් ඉටු කරන්නේ හිපෝකැම්පසය යි. ඉගෙනගත් දේ මතක තබා ගැනීමටත් අවශ්යි අවස්ථාවලදී මතකයට නගා ගැනීමත් සදහා හිපෝකැම්පසය උදව් වෙයි.

 පිටියුටරිය පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය වන හෝමෝන ශරීරයේ වර්ධනයට බලපායි. උස් මිටි බව තීරණය වීමටත් අස්ථි සහ පේශි වර්ධනය වීමටත් බලපායි.

"https://si.wikipedia.org/w/index.php?title=අධ්‍යාපන_මනෝ_විද්‍යාව&oldid=624626" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි