අද්මිරාල්ති නීතිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සමුද්‍රීය ප‍්‍රශ්ණ සහ වැරදි පාලනය කරන නීතියේ අංගය අද්මිරාල්ති නීතිය (සමුද්‍රීය නීතිය ලෙසින්ද හැඳින්වේ) වෙයි. සාගරයේ කි‍්‍රයාත්මක වන්නාවූ යාත‍්‍රාවන් මෙහෙයවනු ලබන පුද්ගලික ආස්ථිත්‍යයන් අතර සම්බන්ධතාවන් පාලනය කරන පුද්ගලික ජාත්‍යන්තර නීතියේ කොටසකි. ජලතරණ අයිතීන්, ඛනිජ අයිතීන්, වෙරළාසන්න ජල තීරයන්හි අධිකරණ බලය සහ ජාතීන් අතර සම්බන්ධතාවන් පාලනය කරන ජාත්‍යන්තර නීතිය සම්බන්ධයෙන් බලපවත්වන්නාවූ පුද්ගලික ජාත්‍යන්තර නීතියේ අංගය වන මුහුදු නීතියෙන් එය වෙනස් වේ.

පසුබිම[සංස්කරණය කරන්න]

මුහුදින් භාණ්ඩ ප‍්‍රවාහනය ආදිතම වාණිජ මධ්‍යයකි. මෙකී සමුද්‍රීය වෙළඳාමේදී ඇතිවන ආරවුල් විසඳීම සම්බන්ධයෙන් වන රීති ඉතා ඈත ඉතිහාසයෙන් පවා වාර්තා වී ඇත. මෙම නීතිය පිලිබඳ චිරන්තන මූලාශ‍්‍රයන් අතර රෝඩියානු නීතිය (මෙහි කිසිදු ලිඛිත නිදර්ශකයක් ඉතිරිව නැතත් රෝමානු හා බයිසැන්ටියානු නීති සංග‍්‍රහයන් තුල මෙහි සංකල්පයන් දැකගත හැක) මෙන්ම පසුකාලීනව බිහිවූ හන්සියාතික ලීගයේ සම්ප‍්‍රදායන්ද වැදගත් තැනක් ගනී.

රෝමානු හා බයිසැන්ටියානු සමුදී‍්‍රය නීතිය හැරුනුවිට ඉස්ලාමීය නීතියද ජාත්‍යන්තර අද්මිරාල්ති නීතියට විශාල දායකත්වයක් සපයා ඇත. යම්හෙයකින් විනාශයකට හෝ අයුතු කි‍්‍රයාවකට මුහුණදීමට සිදුවුවහොත් ඉස්ලාම් නීතියට අනුව ඔවුන්ට ණයගැතියන් බවට පත්වීමට සිදුවන බව තේරුම්ගෙන මුස්ලිම් නාවිකයනට පෙරගෙවීමක් ලෙස ස්ථිර වැටුපක් ගෙවනු ලැබිණි. මීට ප‍්‍රතිපක්‍ෂ ලෙස රෝමානු සහ බයිසැන්ටියානු නාවිකයෝ සමුදී‍්‍රය ව්‍යාපාරයේ පරදුතබන්නන් ලෙස සැලකුනු අතර සාර්ථක මුහුදු ගමනක් අවසානයේ වෙළඳාමෙන් ලද ලාභයෙන් කොටස් සිය තනතුර මත පදනම්ව ඔවුන්ට ගෙවනු ලැබිණි. වෙරළාශි‍්‍රත ගමනාගමනය සහ ගැඹුරු මුහුදේ සංචාරයන් සම්බන්ධයෙන් මුස්ලිම් නීතිවේදීහු වෙනස් ක‍්‍රමවේදයන් අනුගමනය කළහ. එමෙන්ම නැව සහ නැව්බඩු යන දෙකම අත්කරගත් අවස්ථාවන්හි හැරුනුවිට ඔවුහු භාණ්ඩ ප‍්‍රවාහනය සම්බන්ධයෙන්ද නාවිකයන් වගකීම දැරිය යුතුය යන මතය දැරූහ. සමුදී‍්‍රය කටයුතු සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර නීතියේ වර්ධනය සඳහා ඉස්ලාමීය නීතියේ බලපෑම සලකා බැලීමේදී රෝමානු බලපෑමට සමාන වැදගත්කමක් ඉස්ලාමීය නීතියේ බලපෑමටද ලබාදිය යුතු බව පෙනීයයි.

අද්මිරාල්ති නීතිය එංගලන්තයට හඳුන්වාදෙනු ලැබූයේ සිය පුත‍්‍රයා වන සිංහ හදවතක් ඇති රිචඞ් රජුගේ ප‍්‍රතිරාජයා වශයෙන් කටයුතු කළ ඇක්විටේන්හි එළිනෝර් විසිනි. ඇය ඊට පෙර සිය නිජබිම වූ ඔලරන් හි අද්මිරාල්ති නීතිය ස්ථාපිටකොට තිබුණි. ඇගේ පළවන සැමියා වූ ප‍්‍රංශයේ හත්වන ලූවී රජු සමඟ කුරුස යුද්ධයට සහභාගිවූ ඇය නැගෙනහිර මධ්‍යධරණී ප‍්‍රදේශයේදී අද්මිරාල්ති නීතිය පිලිබඳ දැනකියාගෙන තිබිණ. එංගලන්තයේදී විශේෂිත අද්මිරාල්ති අධිකරණ විසින් සියළුම අද්මිරාල්ති නඩු විභාග කරන ලදී. මෙම අධිකරණ එංගලන්ත පොදු නීතිය භාවිතා නොකළ නමුත් ජස්ටීනියන්ගේ කෝපුස් ජූරිස් සිවිලිස් සංකල්පය මත විශාල වශයෙන් පදනම්ව කටයුතු කරන ලදී.

ඇමරිකානු විප්ලවයට හේතුසාධක වූ එක් ප‍්‍රධාන කරුණක් වූයේ අද්මිරාල්ති අධිකරණයන්ය. උදාහරණයක් ලෙස ස්වාධීනත්වය පිලිබඳ ප‍්‍රකාශයේ විවිධ අවස්ථාවන්හිදී ජූරියේ නඩු විභාග සම්බන්ධයෙන් අපව රැවටීමට ලක්කිරීම වෙනුවෙන් ලෙස සඳහන් කරන්නේ මුද්දර නීතිය ඇමරිකානු යටත්විජිතයන්හි කි‍්‍රයාත්මක කිරීමට අද්මිරාල්ති අධිකරණයන්ට පාර්ලිමේන්තුව විසින් බලය ලබාදීමේ පරිචය පිලිබඳවය. මෙයට හේතුවූයේ මුද්දර නීතිය ජනතාවගේ විරෝධයට බඳුන්වූවක් වන බැවින් යටත්විජිත ජූරිය එය කඩකිරීම සම්බන්ධයෙන් යටත්විජිත වැසියන්ට දඩුවම් කිරීමට ඇති ඉඩ අවමවීමයි. අද්මිරාල්ති අධිකරණයන්හි ජූරිය විසින් නඩු විභාග නොකරන බැවින් මුද්දර නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන යටත්විජිත වැසියන්ට එරෙහිව ජූරියකින් තොරව අද්මිරාල්ති අධිකරණ විනිසුරුවරයකු ඉදිරියේ නඩු විභාග කළහැකි විය.

1789 එක්සත් ජනපද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමෙන් අනතුරුව අද්මිරාල්ති නඩු තීරණ ඔස්සේ ක‍්‍රමක‍්‍රමයෙන් එක්සත් ජනපද නීතිය තුලට අද්මිරාල්ති නීතිය පිවිසියේය. ඇමරිකානු විප්ලවයයේ කැපී පෙනෙන චරිත බවට පත්වූ ඇමරිකානු නීතීඥයින්ගෙන් වැඩි දෙනකු සිය පුද්ගලික වෘත්තීය ජිවිතයේදී සමුදී‍්‍රය නීතිය පිලිබඳ නීතීඥවරු වූහ. නිව්යෝර්ක්හි ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් සහ මැසචුසෙට්ස්හි රෝන් ඇඩම්ස් ඒ අත්රින් කැපී පෙනෙන චරිත විය.

1787 දී එවකට ප‍්‍රංශයේ තානාපතිවරයාව සිටි තෝමස් ජෙපර්සන් ජේම්ස් මැඩිසන් වෙත ලිපියක් යවමින් ඒ වනවිට ජනපදයන්හි අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත්කොට තිබූ එක්සත් ජනපද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට භූමියේ නීතිය විසින් (අද්මිරාල්ති නීතීන්ට පටහැනි) නඩු විභාග කළහැකි සියලූම කාරණාවන්හිදී ජාතීන්ගේ නීතිය (එනම් අද්මිරාල්ති නීතිය) අනුව නොව ජූරිය විසින් නඩු විභාග කිරීම කළයුතුය’ යන ප‍්‍රතිපාදනය ඇතුලත් කරමින් සංශෝධනයක් කළ යුතු බව යෝජනාකර සිටින ලදී. එහි ප‍්‍රතිඵලය වූයේ එක්සත් ජනපද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සිදුකළ හත්වන සංශෝධනයයි.

මුහුණුවර[සංස්කරණය කරන්න]

නඩත්තුව සහ ප‍්‍රතිකාර[සංස්කරණය කරන්න]

නඩත්තුව සහ ප‍්‍රතිකාර පිලිබඳ මූලධර්මයේ ඉතිහාසය කි‍්‍ර. ව. 1160 දී පමණ පනවනු ලැබූ ඔලරන් නීතිවල හය වන වගන්තිය දක්වා දිවයයි. ප‍්‍රතිකාර ලබාදීම සඳහා ඇති වගකීම යනුවෙන් හඳුන්වනු ලබන්නේ නැව් ගමනාගමනයේදී තුවාල ලබන නාවිකයින්ට ඔවුන් උපරිම වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගත හැකි ස්ථානයක් කරා ළගාවන තුරු නැව් හිමියා විසින් නොමිළයේ වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදිය යුතු බවයි. උපරිම වෛද්‍ය ප‍්‍රතිකාර යනු වෙනම සංකල්පයකට වඩා උපරිම වෛද්‍ය වැඩිදියුණුව නම් සංකල්පයේ දිගුවකි. ප‍්‍රතිකාර සඳහා ඇති වගකීම යන්නට ෙඖෂධ මෙන්ම ෙඖෂධ මඟින් නාවිකයාගේ තත්වය යහපත් අතට හැරීම සිදුනොවන්නේ නම් ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමද ඇතුලත් වේ. ඊට දීඝකාලීන ප‍්‍රතිකාරයන්ද ඇතුලත් වියහැක. ශරීරාබාධ ප‍්‍රකෘතිමත් කිරීම රෝදපුටු ලබාදීම සහ දීඝකාලීනව ඖෂධ ලබාදීම ආදිය මෙයට උදාහරණයන්ය.

නඩත්තුව පිලිබඳ වගකීම යන්නට නැව්හිමියා විසින් රෝගී වූ නාවිකයකු සුව වන තුරු ඔහුගේ මූලික ජීවත්වීමේ වියදම් ලබාදීම ඇතුලත් වේ. නාවිකයා නැවත වැඩකළහැකි තත්වයට පත්වූ පසු ඔහු සිය වියදම් තමන් විසින්ම දරාගනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. ප‍්‍රතිකාර කිරීමේ වගකීම කි‍්‍රයාත්මක වන්නාවූ අවස්ථාවකදී නාවිකයකුට සිය නඩත්තුව ලැබීමේ අයිතිවාසිකම අහිමි වී යා හැක. මඟීන්ට සිදුවන පුද්ගලික පීඩාවන්

නැව් හිමියන් සිය මඟීන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සාධාරණ වගකීමක් දැරිය යුතුය. නැවක ගමන් කරන මඟියකු ගොඩබිමදී තුන්වන පාර්ශ්වයක නොසැලකිල්ල හේතුවෙන් සිදුවන තුවාලයක් සම්බන්ධයෙන් නඩු පවරන පරිදි නැව් හිමියාට එරෙහිව නඩු පැවරිය හැකිය. නැව් හිමියාගේ නොසැලකිල්ල ඔප්පුකිරීමේ භාරය පැවරෙන්නේ මඟියා වෙතය. මෙහිදී අණපනත්වල දැක්වෙන කාලසීමාව වසර තුනක් වුවද මඟී ටිකට්පත්වල සීමාකාරී කොන්දේසි අන්තර්ගත වන බැවින් වසරක කාළයක් ඇතුලත නඩු පැවරීම කළයුතු වෙයි. තවත් සමහර මඟී ටිකට්පත්වල එකී නඩු මියාමි ෆ්ලොරීඩා සියැටල් හෝ වොෂින්ටන්හි පැවරිය යුතු බවට වන කොන්දේසියක්ද ඇතුලත් වනු ඇත. සමුදී‍්‍රය ලියම සහ උකස නැව් මිළදීගැනීම සඳහා ණය ලබාදෙන බැංකු ඉන්ධන හා ගබඩා වැනි නැව්වලට අත්‍යාවශ්‍ය සේවාවන් සැපයීම සඳහා පඩි ලැබීමට නියමිත නාවිකයින් සඳහා සහ වෙනත් බොහොමයක් දෙනා අදාල මුදල් ගෙවීම් සිදුකිරනුවස් නැවට එරෙහිව ලියම අරන්නෝ වෙති මෙකී ලියම බලාත්මක කිරීම සඳහා නැව අත්අඩංගුවට ගැනීම හෝ අත්පත් කරගැනීම කළයුතු වෙයි මෙම ප‍්‍රතිකර්මය පෙඩරල් අධිකරණයක් විසින් මිස රාජ්‍ය අධිකරණය විසින් කළ නොහැක්කකි ත‍්‍රානනය සහ වස්තුව ත‍්‍රානනය මුහුදේදී දේපල නැතිවූ විට සහ එය වෙනත් අයෙකු විසින් බේරාගත් විට එය බේරාගත් තැනැත්තාට තමන් බේරාගත් භාණ්ඩ වෙනුවෙන් ත‍්‍රානන ප‍්‍රදානයක් ඉල්ලා සිටිය හැක. කෙසේවෙතත් ජීවිත ත‍්‍රානනය යනුවෙන් සංකල්පයක් නොමැත්තේය.ත‍්‍රානන නීතිය අදාල වන්නේ භාණ්ඩ වලට පමණකි. ප‍්‍රදානයක් පිලිබඳ අපේක්‍ෂාවකින් තොරව උපද්‍රවයකට ලක්ව සිටින කවරකුගේවුව දිවි ගලවාගැනීම සෑම නාවිකයකුගේම වගකීමකි.

ත‍්‍රානන ආකාර දෙකක් පවතී. එනම් ගිවිසුම්ගත ත‍්‍රානනය සහ ශුද්ධ ත‍්‍රානනය යි. ශුද්ධ ත‍්‍රානනය සමහර අවස්ථාවන්හිදී පුණ්‍ය ත‍්‍රානනය යනුවෙන්ද හඳුන්වනු ලබයි. ගිවිසුම්ගත ත‍්‍රානනයේදී දේපළේ හිමිකරු සහ ත‍්‍රානකයා ත‍්‍රානන මෙහෙයුම සිදුවීමට පෙර ත‍්‍රානන ගිවිසුමකට එළඹෙයි. ත‍්‍රානකයා වෙත ගෙවනු ලබන මුදල පිලිබඳව මෙම ගිවිසුමින් එකඟත්වයකට පැමිණෙයි. ඉතාමත්ම සුලභ ත‍්‍රානන ගිවිසුම වන්නේ ලොයිඞ්ස් විවෘත පෝරම ත‍්‍රානන ගිවිසුම යි.

ශුද්ධ ත‍්‍රානනයේදී භාණ්ඩ හිමිකරු සහ ත‍්‍රානකයා අතර ගිවිසුමක් නොපවතී. සම්බන්ධතාවය වන්නේ නීතිය විසින් පනවා ඇති විධිවිධාන පමණකි. ශුද්ධ ත‍්‍රානනයේදී ගලවාගනු ලැබූ භාණ්ඩ ත‍්‍රානකයා විසින් පෙඩරල් අධිකරණයක් වෙත ගෙන ආ යුතු වන අතර සපයන ලද සේවාව සහ ගලවාගත් භාණ්ඩයන්ගේ වටිනාකම මත පදනම්ව ත‍්‍රානන ප‍්‍රදානය තීරණය කරනු ලබයි.

ශුද්ධ ත‍්‍රානන ඉල්ලීම් උපරි ගණය සහ අවරගණය යනුවෙන් කොටස් දෙකකට බෙදනු ලබයි. උපරි ගණයේදී’ ත‍්‍රානකයා අලාභහානිවූ නැව ගලවාගැනීම සඳහා තමන්ගේ සහ සිය කාර්ය මණ්ඩලයේ ජීවිත හා ආරක්‍ෂාව සහ සිය නැවේ උපකරණයන්හි ආරක්‍ෂාව පරදුවට තබමින් කටයුතු කරයි. අධික වැසි සහිත කාළගුණයකදී ගිලෙමින් පවත්නා නැවකට ගොඩවීම, වෙරළින් ඈතට රළ පහරට ගසාගෙන ගිය නැවක් ඇදගෙන ඒම, දැනටමත් ගිලී ඇති නැවක් හෝ බෝට්ටුවක් ගොඩ ගැනීම, ගිනිගෙන දැවෙන් නැවක තට්ටුවට ගොඩවීම ආදිය මීට උදාහරණන්ය. ත‍්‍රානකයා ඉතා සුළු අවදානමකට මුහුණ දෙන එසේත් නැතිනම් කිසිසේත්ම අවදානමකට මුහුණ නොදෙන අවස්ථාවන් අවර ගණය ලෙසින් හැඳින්වේ. නිසල මුහුදක වෙනත් නැවක් හෝ බෝට්ටුවක් ඇදගෙන ඒම, යාත‍්‍රාවයකට ඉන්ධන සැපයීම, වැලි පරයක එරී ඇති යාත‍්‍රාවක් ගොඩට ඇදීම ආදිය මීට උදාහරණයන්ය. අවර ගණයේ ත‍්‍රානනයේ යෙදෙන්නන්ට වඩා වැඩි ත‍්‍රානන ප‍්‍රදානයක් උපරි ගණය ත‍්‍රානනයේ යෙදෙන්නන්ට හිමිවේ.

උපරි ගණයේ සහ අවර ගණයේ ත‍්‍රානනයේ යෙදෙන දෙපාර්ශ්වයටම ප‍්‍රදානය කරන ත‍්‍රානන ද්‍රදානය තීරණය කරනු ලබන්නේ ගලවාගත් භාණ්ඩවල වටිනාකම මත පදනම්වය. කිසිවක් ගලවාගත නොහැකි වුවහොත් හෝ තවත් අතිරේක හානියක් සිදුකළහොත් කිසිදු දීමනාවක් ප‍්‍රදානය කරනු නොලැබේ. ප‍්‍රදානය සම්බන්ධයෙන් සලකා බැලෙන අනෙකුත් සාධකයන් වනුයේ ත‍්‍රානකයාගේ හැකියාවන්, ගලවාගත් භාණ්ඩ මුහුණදී තිබූ උපද්‍රවය, ත‍්‍රානනයේදී අවදාමට ලක්කළ භාණ්ඩවල වටිනාකම, ත‍්‍රානන මෙහෙයුම සඳහා ගතවූ කාළය සහ වැයවූ මුදල යනාදියයි.

ශුද්ධ හෝ පුණ්‍ය ත‍්‍රානන ප‍්‍රදාන මුදල ගලවාගනු ලැබූ භාණ්ඩවල වටිනාකමින් සියයට පනහ ඉක්මවන්නේ කලාතුරකිනි. මීට ඇති ව්‍යතිරේඛය වන්නේ වස්තුව ත‍්‍රානනයයි. මෙහිදී දියෙහි ගිලූනු වස්තුව වසර සිය ගණනාවක් තිස්සේ නැතිවී තිබී ඇති බැවින් ත‍්‍රානකයා හෝ එය සොයාගත් තැනැත්තා සාමාන්‍යයෙන් සොයාගත් භාණ්ඩයන්ගේ වටිනාකමින් වැඩි ප‍්‍රමාණයක් ලබාගනු ඇත. වස්තුව ත‍්‍රානනය පිලිබඳ කථාකිරීමේදී මුලින්ම සිහියට නැගෙන්නේ දියෙහි ගිලූනු ස්පාඥ්ඥ නැව් වන අතර ඊළගට වැදගත් තැනක් ලබාගන්නේ දෙවන ලෝක යුද්ධයේදී මුහුදේදී විනාශවූ ජර්මානු සබ්මැරීනයන්ය. මෙම සබ්මැරීනයන්හි වටිනා ඵෙතිහාසික කලානිර්මාණයන් ප‍්‍රවාහනය කළ බව සැලකේ. සිවිල් යුධ සමයේ ඇමරිකානු යුධ නැව් මෙන්ම ගිලූණු වානිජ නැව්ද වස්තුව තත‍්‍රානනයෙන් ප‍්‍රදානයන් ලබාගැනීමේ සංවාදයේදී වැදගත් වෙයි. නවීන තාක්‍ෂණයේ උදව්වෙන් මීට පෙර අතුරුදන්ව තිබූ බොහොමයක් නෞකාවන් ඇති ස්ථානයන් මේ වනවිට සොයාගනු ලැබ ඇති අතර ඒවා ගවේෂණය කිරීම අතීතයේදී තරම් අනතුරුදායක නොවේ. නමුත් මෙය තවමත් මනා සැලකිල්කින් යුතුව සිදුකළ යුතු කාර්යයකි.

ජාත්‍යන්තර සම්මුතීන්[සංස්කරණය කරන්න]

1970 ගණන්වලට පෙර සමුද්‍රීය වෙළඳාම සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර සම්මුතීන් වැඩි ගණනක් සම්භවය ලැබූයේ සමුද්‍රීය නීති පිලිබඳ නීතීඥයින් විසින් පුද්ගලිකව පිහිටුවාගත් සංවිධානයක් වූ ජාත්‍යන්තර සමුද්‍රීය කමිටුව වෙතිනි. 1897 දී ආරම්භ කෙරුනු මෙය විසින් හේග් රීති (නෞභාරපත් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතිය) විස්බි සංශෝධනය (හේග් රීති සංශෝධනය) ගලවාගැනීම් පිලිබඳ සම්මුතිය වැනි ජාත්‍යන්තර සම්මුතීන් ගණනාවක්ම කෙටුම්පත් කිරීම සිදුකරනු ලැබිණි. වර්තමානය වනවිට ජාත්‍යන්තර සමුද්‍රීය කමිටුව උපදේශනාත්මක මට්ටමින් ක්‍රියාත්මක වන අතරම එහි ක්‍රියාකාරීත්වයන් බොහොමයක් මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිහිටුවන ලද ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය විසින් පවරාගනු ලැබ ඇත. මෙය 1958 දී ස්ථාපිත කෙරුනද පූර්ණ වශයෙන් එහි ක්‍රියාකාරිත්වය ආරම්භවූයේ 1974 දීය. ජාත්‍යන්තර සමුද්‍රීයය සංවිධානය සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් බලපවත්වන්නාවූ සම්මුතීන් ගණනාවක්ම සකස්කොට ඇත. මුහුදේදී ජීවිතාරක්ෂාව පිලිබඳ සම්මුතිය, ගැටුම් නියාමන, සමුද්‍රීය ¥ෂණ නියාමන, ජාත්‍යන්තර ගගනගාමී සහ සමුද්‍රීය විමර්ෂණ සහ ගලවාගැනීමේ සම්මුතිය මේ අතර වැදගත් වෙයි. එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය පිලිබඳ සම්මුතිය විසින් සමුද්‍රීය පරිසරය සහ විවිධ සමුද්‍ර සීමාවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුමක් නිර්මාණයකොට ඇත. එය සම්මත කරගත් පසු එයට අත්සන් තබන රටවල් සිය දේශසීමා ආරක්ෂකයින් හෝ සිය අධිකරණයන් මඟින් ජාත්‍යන්තර සම්මුතීන් බලාත්මක කිරීමට පියවරගත යුතු වෙයි.

පොදු නීති සම්ප‍්‍රදායේ රටවල සමුද්‍රීය නීතිය[සංස්කරණය කරන්න]

බොහොමයක් පොදු නීති සම්ප‍්‍රදායේ රටවල් (පකිස්තානය, සිංගප්පූරුව, ඉන්දියාව, කැනඩාව වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්) විසින් ඉංගී‍්‍රසි ව්‍යවස්ථාපිත ප‍්‍රතිපාදනයන් හා නඩු තීන්දු අනුගමනය කරනු ලැබේ. ඉන්දියාව තවමත් පැරණි වික්ටෝරියානු නීතිය වන 1861 අද්මිරාල්ති අධිකරණ පනත අනුගමනය කරයි. පාකිස්ථානය සතුව තමන්ගේම වූ නීතියක් එනම් 1980 මහාධිකරණ අද්මිරාල්ති අධිකරණ බලය පිලිබඳ ආඥා පනත ඇතත් එරට තවමත් ඉංගී‍්‍රසි නඩු තීන්දු අනුගමනය කරයි. පාකිස්ථාන නීතිය පැරණි ඉංගී‍්‍රසි අද්මිරාල්ති නීතියේ අනුරුවක් වීමට හේතුවී ඇත්තේ එය 1956 අධිකරණ සංවිධාන පනත අනුගමනය කරමින් නිර්මාණ කරන ලද්දක් වීමයි. එංගලන්තයේ හා වේල්සයේ මහාධිකරණයන්හි අද්මිරාල්ති අධිකරණ බලය සම්බන්ධයෙන් වර්තමානයේ බලපවත්වන ව්‍යවස්ථාපිත විධිවිධානය වන්නේ 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පනතයි. මෙම පනත 1952 ජාත්‍යන්තර අත්අඩංගුවට ගැනීමේ සම්මුතිය මත පදනම්ව ඇත. ඉංගී‍්‍රසි ව්‍යවස්ථාපිත ප‍්‍රතිපාදනයන් හා නඩු තීන්දු අනුගමනය නොකරන පැනමාව වැනි අනෙකුත් රටවල්ද ඉතා ප‍්‍රසිද්ධ සමුදී‍්‍රය අධිකරණයන් පිහිටුවා ඇති අතර ඒවායේද ජත්‍යන්තර නඩු නිතර විභාග කරනු ලබයි. අද්මිරාල්ති අධිකරණ අධිකරණ බලය තීරණය කරනු ලබන්නේ එය රටකට අයිතිද නැතිද, එය ලියාපදිංචි කොට ඇති නොමැතිද හෝ එහි හිමිකරුගේ නිත්‍ය වාසය කවර රටකද යන්න සලකා නොව, එය එම අධිකරණයේ අධිකරණ බලසීමාව තුල පවත්න්නේද නැතිද යන්න මත පිහිටාය. නඩු විභාගවන කාළය තුල අධිකරණ බලය නොවෙනස්ව පවත්වාගැනීම පිණිස සාමාන්‍යයෙන් නෞකාවක් අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලබයි. රාජ්‍යයන්ට අයත් නෞකාවන් සාමාන්‍යයෙන් අත්අඩංගුවට ගැනීමෙන් වැලකීමේ මුක්තිය ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=අද්මිරාල්ති_නීතිය&oldid=375520" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි